
ත්‍රස්තවාදයෙන් මුදාගත් උතුරු පළාත තුළ විදේශ රැකියා ක්ෂේත්‍ර පිළිබඳ තරුණ තරුණියන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.
මේ යටතේ යාපනය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශාඛා දෙකක් ඉදිරි සතිය තුළ විවෘත කිරීමට නියමිතය. උතුරේ තරුණ තරුණියන්ට විදේශ රැකියා සඳහා යොමුවීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම, විදේශ රැකියා ක්ෂේත්‍රයේ සිදුවන ජාවාරම් වළක්වා ලීම මෙමගින් අපේක්ෂා කරන බව සභාපතිවරයා සඳහන් කළේය. මීට අමතරව විදේශ රැකියා ක්ෂේත්‍රය සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීමට ද තීරණය කර ඇත. adade
0 comments:
Post a Comment