
ඊසාන දිග මෝසමේ අවසන් කාලය ගෙවී යන මේ දිනවල ඇතිවන අකුණු සහ තද සුළඟින් ප්‍රවේසම් වන ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඉදිරි දින වල නැගෙනහිර හා ඌව පළාත් සඳහා අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ සමඟම තද සුළං තත්ත්වයක් හට ගැනීමට ඉඩ කඩ ඇති බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. මීට අමතරව ගාල්ල සහ මාතර ප්‍රදේශ වලට ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.adaderana
0 comments:
Post a Comment