
කළු ගඟේ පා වෙමින් සිටිය දී බේරා ගත් කුඩා දරුවා ජීවිතක්ෂයට පත් ව තිබේ.
අද පෙරවරුවේ දී දරුවා මිය ගිය බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. වයස අවරුදු තුනක් පමණ වන අමිල සඳරුවන් නැමති මෙම කුඩා දරුවා පසුගිය දා සිය මව විසින් කළු ගඟට විසි කළ අවස්ථාවේදී ලොරි රථ රියදුරෙකු විසින් බේරා ගනු ලැබීය. පසුව එම දරුවාගේ මව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඇය මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම කුඩා දරුවාගේ අනෙක් සහෝදරයින් සිව් දෙනා ළමා නිවාසයකට භාර දීමට පසුගිය දා පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. අත්අඩංගුවේ පසුවන මව සඳහන් කළේ දරුවන් ජීවත් කිරීමට නොහැකි වීම හේතුවෙන් තමන් මෙම ක්‍රියාව සිදු කළ බවය. adaderana
0 comments:
Post a Comment