Sunday, March 21, 2010

අනෝමා ෆොන්සේකාගෙන් පැය තුනක් තිස්සේ ප්‍රශ්න කරයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිද වන අනෝමා ෆොන්සේකා මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පස්වරුවේ පැය 3කට වඩා වැඩි කාලයක් ප්‍රශ්න කර තිබේ.
අද පස්වරු 4.00ට පමණ ශාන් අබේසේකරගේ ප්‍රධානත්වයෙන් යුතු නිලධාරීන් පිරිසක් පැමිණ පස්වරු 7.10 පමණ වන තෙක් අනෝමා ෆොන්සේකා මහත්මියගෙන් ප්‍රශ්න කළ අතර එම නිලධාරීන් ප්‍රශ්න කිරීම නතර කර ඇත්තේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට රාත්‍රී ආහාරය රැගෙන යායුතු බව අනෝමා ෆොන්සේකා මහත්මිය දැන්වීමෙන් අනතුරුවය.
එහිදී අනෝමා ෆොන්සේකා මහත්මියගෙන් තවදුරටත් ප්‍රශ්න කළයුතු බව එම නිලධාරීන් පිරිස පවසා ඇති අතර රාත්‍රී ආහාරය රැගෙන යාමෙන් අනතුරුව යළි පැමිණෙන බව දන්වා එම නිලධාරීන් පිරිස පිටත්ව ගොස් තිබේ.lankatruth

රාජ්‍ය රහස් හෙළි කරමින් ජනාධිපතිවරයා මේ රට පාවාදුන්නා - විජිත හේරත්


වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා සිංගපුපූරුවේදී මාධය ආයතනයකට ලංකාවේ ආරක්ෂක මණ්ඩලය ගත් තීරණ පිළිබඳ කරුණු හෙළි කළ බවත්, මේ අනුව ජනාධිපතිවරයා රජයේ රහස් හෙළි කරමින් මහා පාවාදීමක් කර ඇති බවත්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මහලේකම් විජිත හේරත් මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද (21) කොළඹ රාජකීය මාවතේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ විජිත හේරත් මහතා මෙසේ ද පැවසීය.
"ජනාධිපතිවරයා පසුගියදා, සිංගප්පූරු ස්ටී‍්‍රට් මාධ්‍ය ආයතනයට ආරක්‍ෂක මණ්ඩලයේ ගත් තීරණ ගැන දැනුම් දී තිබෙනවා. ලංකාවේ ආරක්‍ෂක මණ්ඩලයට සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ කරුණු විකෘති කොට පවසා තිබෙනවා. ආරක්‍ෂක මණ්ඩලයේ රහස් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ලබා දෙන්න, ජනාධිපතිවරයාට හෝ කිසිවකුට අයිතියක් නැහැ. ඒක මහා පාවාදීමක්.
රටේ ජාතික ආරක්‍ෂාවට අදාළ රහස් ජාත්‍යන්තර මාධ්‍යවලට දෙන්නේ ආණ්ඩුවමයි. එම මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා සරත් ෆොන්සේකා මහතා හැඳින්වීමට ඉතා පහත් වචන භාවිත කර තිබෙනවා. අපේ රටේ නායකයා, හිටපු හමුදාපතිවරයා හැඳින්වීමට එවැනි වචන භාවිත කිරීම ගැන අපි ලජ්ජා විය යුතුයි. ඒ වගේම එය පිළිකුළෙන් හෙළා දකිනවා.

ආණ්ඩුව අද දේශපාලන පක්‍ෂවලට අත තියලා තිබෙනවා. නමුත් අපි ආණ්ඩුවට අවධාරණය කරනවා, බොරු චෝදනා නැගීම්වලින්, මර්දනය කිරීම්වලින් අපව නතර කරන්න බැහැ. ආණ්ඩුව ඉදිරිපිට දණ ගහන්න අපි සූදානම් නැහැ. අපි ජනතාව හමුවට යනවා. මේ බොරු කුමන්ත‍්‍රණ පරාජය කර ජනතාව සමග ජයග‍්‍රහණය තෙක් යනවා.
අනෝමා ෆොන්සේකා මැතිණියට CIDයෙන් කතා කොට ප‍්‍රකාශයක් සටහන් කර ගන්න තිබෙනවා කියා තිබෙනවා. ඒ සඳහා අද සවස පැමිණෙන ලෙස CIDයට දැනුම් දී තිබෙනවා. අනෝමා ෆොන්සේකා මැතිණිය තමයි, සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් මේ ගමන යන්නේ. ඒක නතර කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක සහෝදරයාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිපි දෙකක් එවා තිබෙනවා. එහි තිබෙන්නේ රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ ගැන ප‍්‍රශ්න කරන්න ලබන 23 හා 24 දිනවලදී එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන්න කියා. අනුර දිසානායක සහෝදරයා විශාල වැඩකොටසක් කරමින්, නායකත්වයදෙමින් කටයුතු කළා. ඔහු මර්දනය කරන්න, ඔහුගේ ක‍්‍රියාකාරීත්වය අඩපන කරන්නයි මේ හදන්නේ. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා, මේ ක‍්‍රියාමාර්ගවලින් අපව නතර කරන්න බැහැ.
ජනාධිපතිවරණය නිම වූ පසුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ආධාර කළ සියලූ දෙනාගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කළා. මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගත්තා. විශ‍්‍රාමික හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළා. රඳවා ගත්තා. ප‍්‍රධාන කාර්යලයේ තේ හැදූවයසක තාත්තාත් අල්ලාගෙන ගොස් ප‍්‍රශ්න කර නිදහස් කළා. හිටපු මේජර් ජනරාල් සුනිල් සිල්වා මහතාට අධිකරණයෙන් අපේක්‍ෂිත ඇප ලබා දී තිබුණා. ඒ නිසා ඔහු අත්අඩංගුවට ගන්න බැහැ. නමුත් ඔහු පවා අත්අඩංගුවට ගත්තා. උසාවි නියෝගයක්වත් පිළිනොගෙනයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ.
අනෝමා ෆොන්සේකා මහත්මිය,
"ඇමතිවරයෙක් කියා තිබෙනවා, වායු සමීකරණයක් හා උණු වතුර ඉල්ලූ පළමු සිරකරුවා මගේ සැමියා කියා. ඒ ඇමතිවරයා එහෙම කියන්න ඇත්තේ ජෙනරාල්තුමා ගැන තිබෙන වෛරය නිසා වෙන්න ඇති. ඔබ දන්නවා ඔහු රට වෙනුවෙන් යුද්ධයට ගිය කෙනෙක්. ඔහු නොමැරී බේරුනේ අනූ නවයෙන්. තවමත් ඔහුගේ පෙනහලූවල යකඩ කෑලි තිබෙනවා. ඒ නිසා වෛද්‍යවරුන් කියා තිබෙනවා, ඔහුට පිරිසිදු වාතය අවශ්‍ය බව. නැත්නම් පෙනහලූවල සෙම පිරෙනවා. ඒක ඉතාම අවදානම්. ඒ නිසා තමයි වායුසමීකරණයක් ඉල්ලූවේ. ඔහු ආසාවට තුවාල වූ කෙනෙක් නොවෙයි. වායුසමීකරණයක් ඉල්ලූ පළමු සිරකරුවා ඔහු වෙන්න පුළුවන්. නමුත් රට වෙනුවෙන් යුද්ධයට ගොස් තුවාල ලබා පෙනහලූවල යකඩ කෑලි සහිත පළමු සිරකරුවා ඔහුයි.
අනෙක් කරුණ, අපි උණු වතුර ඉල්ලූවේ නැහැ. වෛද්‍යවරුන් තමයි කිව්වේ ඔහුට උණුවතුර දිය යුතුයි කියා. පුංචි සෙම්ප‍්‍රතිශ්‍යාවක්, කැස්සක්වත් හැදෙන්න හොඳ නැහැ. ඒක ඉතාම අවදානම්.
ජයන්ත කැටගොඩ මහතා,
"අපි ආණ්ඩුවට කියනවා, රහස් පොලිසියේ නිලධාරීන් ජනතාව අතරට යවන්න. එතකොට ජනතාව විඳින ආර්ථික පීඩාව, දුක දැනගන්න පුළුවන්. එවිට මීට වඩා හොඳ ගමනක් යන්න ආණ්ඩුවට පුළුවන්. ත‍්‍රස්තවාදය නැති කළ නායකයාටත් දැන් කොටි ඇඳුම අන්දන්න හදනවා. නමුත් මීට විරුද්ධව ජනතාව ලබන අට වැනිදා තීන්දුවක් ගන්නවා. ආණ්ඩුව යහපාලනයක නිරත වෙනවා නම් ජනතාව මර්දනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ."
සරත් මනමේන්ද්‍ර මහතා,
"ආණ්ඩුව රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ ගැන කතා කරනවා. රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ කළ කරුණා, පිල්ලෙයාන්, කේ පී කාගේ ළඟද ඉන්නේ. ඔවුන් ඉන්නේ ආණ්ඩුවේ.කෝ ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරන්නේ නැද්ද? අද සරත් වීරසේකර සන්ධානයෙන් ඡන්දය ඉල්ලනවා. ඔහු අප සමග එක් වී සිටියා නම්, ඔහුටත් රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ එල්ල කරනවා."Lankatruth

මහින්දානන්දට විරුද්ධව කෙහෙලිය ‍ජනපතිට කේළම් කියයි


පසුගිය 19 වැනිදා මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ පැවැති රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මහනුවර කණ්ඩායම් නායක සරත් අමුණුගමගේ නම පමණක් සිය කතාවේදී ප්‍රකාශ කිරීමට විරෝධය දක්වමින් ඇමැති මහින්දානන්ද අලුත්ග‍මගේගේ ආධාරකරුවන් විසින් "හූ" කීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ජනාධිපතිවරයාට තොරතුරු වාර්තා කර ඇති බවත්, මේ අනුව මහින්දානන්ද හා කෙහෙළිය රඹුක්වැල්ල අතර මේ වන විට සීතල යුද්ධයක් හට ගෙන ඇති බවත් වාර්තා වේ.
ගැටඹේ ක්‍රීඩාංගනයේදී පැවැති මෙම රැලියට පැමිණි ජනාධිපතිවරයා සිය කතාවේදී සරත් අමුණුගමගේ නම පමණක් ප්‍රකාශ කර ඇත. මේ අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේගේ ආධාරකරුවන් විසින් ඔහුගේ මනාප අංකය ප්‍රදර්ශනය කරමින් මහ හඬින් "හූ" කියා ඇත. මේ අවස්ථාවේදී සිය කතාව නතර කර ඇති ජනාධිපතිවරයා "මට ද හූ කිව්වෙ" යනුවෙන් විමසා ඇත. මේ අවස්ථාවේදී නැවතත් පිරිස අතරින් හූ හඬක් ඇසී ඇති අතර, මේ අවස්ථාවේදී කෝප වී ඇති ජනාධිපතිවරයා‍ "මේක නාවලපිටිය කියලද හිතන් ඉන්නෙ. පස්සෙ බලාගමුකො" යනුවෙන් පවසා සිය කතාව අතරමග නතර කොට පිටත්ව ගොස් ඇත.
මේ අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේගේ ආධාරකරුවන් විසින් හූ කීමේ සිදුවීම කෙහෙළිය රඹුක්වැල්ලගේ ආධාරකරුවන් විසින් වීඩියෝ ගත කර ඇති අතර, මෙම වීඩියෝ ඇතුළත් සීඩී පටයක් කෙහෙළිය රඹුක්වැල්ල විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇත. මෙම වීඩියෝ පටයේ මහින්දානන්ද අලුත්ගමගේගේ ආධාරකරුවන් හූ කියන ආකාරයත්, එම හූ කියන පිරිස මහින්දානන්දගේ මනාප අංකය ප්‍රදර්ශනය කරමින් සිටින ආකාරයත් දක්වා ඇත.
මෙම සිදුවීමෙන් මේ වන විට මහින්දානන්ද අලුත්ගමගේ හා කෙහෙළිය රඹුක්වැල්ල අතර සීතල යුද්ධයක් ආරම්භව ඇති අතර, මහින්දානන්ද අලුත්ගමගේ විසින් සිය මැතිවරණ වේදිකාවලදී "යූඇන්පියෙන් පැනපු උන්ට මනාප දෙන්න එපා" යනුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.lankatruth

ෆොන්සේකාගේ හඬ චැනල්-4 ට ගෙන ගියේ විපක්ෂයයි


අද රටේ ඕනෑම තැනකින් ස්වයංක්‍රීය ගිනි අවියක් සොයා ගත හැකි බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ත්‍රස්තවාදය තුරන් කළද ත්‍රස්තවාදය නිසා හිස එසවූ අතුරුඵල බොහොමයක් පවතින බවත්,පාතාලය මෙන්ම රට තුළ සිදුවන නොයෙක් අක්‍රමිකතා වලට හේතුව එය බවත් හෙතෙම කියා සිටියි.
ත්‍රස්තවාදය තුරන් කළ පරිද්දෙන්ම එහි අතුරුඵල ද තුරන් කළ යුතු බව ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ අද සවස රාගම-බටුවත්ත ප්‍රදේශයේ පැවති විශේෂ ජන හමුවක් අමතමිනි.
රටට ආදරය යයි කියා ගනිමින් මහා පරිමාණ පෝස්ටර්,කටවුට් හා පුවත්පත් වල දැන්වීම් පළ කර ගන්නා විපක්ෂයේ උදවිය චැනල්-4 වැනි විදෙස් මාධ්‍යයන් හරහා ජාත්‍යන්තරයට රට පාවා දෙමින් සිටින වග ඔහු පෙන්වා දුන්නේය.
හමුදා අත්අඩංගුවේ පසුවන සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශ චැනල්-4 මාධ්‍ය ආයතනයට ලැබෙන්නට සලස්වා ඇත්තේ විපක්ෂයේ රටට ආදරයේයැයි කියා ගන්නා උදවිය විසින්ම බව ආරක්ෂක ලේකම් වරයා පැවසීය.
යුද්ධය තීරණාත්මකව පැවති අවධියේ ජාත්‍යන්තර"කොටි හඬ"ලෙස ක්‍රියා කළ චැනල්-4 ආයතනය රජයේ හමුදා විසින් දෙමළ ජනයා ඝාතනය කරන බවට බොරු ප්‍රවෘත්ති මවා පාමින් රට අපකීර්තියට පත් කළ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සිහිපත් කළේය. adaderana

ඉන්දික සහ ජොනී වෙනුවට අභිනව මන්ත්‍රීවරුන් දෙදෙනෙක්


හිටපු එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් වෙනුවට ඩී.එම් බණ්ඩාරනායක සහ අනුර ගොපල්ලව යන මහත්වරුන් නම් කර ඇති බව කුරුණෑගල දිස්ත්‍රීක් මැතිවරණ ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩී.එම් බණ්ඩාරනායක සහ අනුර ගොපල්ලව යන මහත්වරුන්ගේ නම් මේ වන විට දිස්ත්‍රීක් මැතිවරණ ලේකම් කාර්යාලයෙන් මැතිවරණ මහ ලේකම් කාර්යාලයට ලැබී තිබේ.
ඒ අනුව එකී නම් වලට මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය ලැබුණු වහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ලෙස නම් කෙරුණු ඩී.එම් බණ්ඩාරනායක සහ අනුර ගොපල්ලව යන මහත්වරුන් නීත්‍යනුකූල ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික බණ්ඩාරනායක සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය වෙනුවට කිසිවෙකුත් අභිනව මන්ත්‍රීවරුන් ලෙස නම් නොකළ බවත්,කුරුණෑගල දිස්ත්‍රීක් එ.ජා.ප ලැයිස්තුවේ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනාට පහළින් මීළඟට පිළිවෙළට ඇති දෙදෙනා නිරායාසයෙන් ම මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වීම සිදුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අප කළ විමසීමකදී කියා සිටියේය.
එබැවින් මැතිවරණ ආඥා පනතට අනුව ඩී.එම් බණ්ඩාරනායක සහ අනුර ගොපල්ලව යන මහත්වරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීම කිසිසේත්ම නොවැළැක්විය හැක්කක් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය..
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියා කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූහ..
ඉන්පසු එ.ජා.පයෙන් නෙරපා හැරීමෙන් පසු පක්ෂ නායකත්වයේ හා මහ ලේකම්වරයාගේ ක්‍රියා කලාපය අභියෝගයට ලක් කරමින් ඔවුන් දෙදෙනා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හැරුණු අතර ඒසේ වූ හෙයින් මොවුන් දෙදෙනා සිය පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලදී..
හදිසි නීතිය මසකින් දීර්ඝ කර ගැනීමට යළි අවස්ථාව උදා කර ගත යුතු හෙයින් ජනාධිපතිවරයාට පැවරුණු බලතල ප්‍රයෝජනයට ගෙන යළි පාර්ලිමේන්තුයව කැඳවන ලද නමුත් එය නියෝජනය කිරීමට මොවුන් දෙදෙනාටම හැකියාවක් නොවුණේ ඒ වන විටත් පක්ෂ මහ ලේකම් වෙත පැවරුණු බලය ප්‍රයෝජනයට ගෙන මොවුන් පක්ෂයෙන් නෙරපා හැර සිටීමත්,එකී තීරණය අභියෝගයට ලක් කරමින් නීතිමය තීන්දුයක් ප්‍රකාශයට පත් නොවී තිබීමත් නිසාය..
ඒ අනුව නුදුරු දින අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ලෙස ප්‍රකාශයට පත් වන ඩී.එම් බණ්ඩාරනායක සහ අනුර ගොපල්ලව යන මහත්වරුන් එළඹෙන මහ මැතිවරණයෙන් අභිනව පාර්ලිමේන්තු සැසි වාරය අප්‍රේල් මස 22 වන දින පැවැත්වෙන තෙක් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියා කරනු ඇත.adaderana

විපක්ෂ නායකවරයා මහනුවරට සතුරුකම් කරනවා


අප්‍රේල් අග හෝ මැයි මස මුල් සතියේ නව අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එස්.බී.දිසානායක මහතා පවසයි.
පසුගිය කාලය තුළ යෙදවු මුදල් මෙන් හය ගුණයක මුදලක් ග්‍රාමීය සංවර්ධනය සඳහා ඉදිරි අය වැය මගින් වෙන් කරන බව ඔහු සඳහන් කරයි.
මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කරන ලදී. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට විපක්ෂ නායකවරයා විසින් කළ හැකි දරුණුතම සතුරුකම් සිදුකරමින් සිටින බවයි.
ලැබෙන්නට නියමිත මන්ත්‍රීධූර විකුණා දමමින් විපක්ෂ නායකවරයා මෙම ද්‍රෝහීකම් කරන බව හෙතෙම කියා සිටියේය. adadera

ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කොල්ලකරුවන් එක්ක සාකච්ඡා


සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකිකයන් 13 දෙනා නිදහස් කර ගැනීමට අදාළ නෞකාව අයත් සමාගම සහ කොල්ලකරුවන් අතර සාකච්ඡා ආරම්භ කර තිබේ.
අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයන් පිරිස නිදහස් කිරීමට ඩොලර් මිලියන 20ක කප්පම් මුදලක් ගෙවිය යුතු බව කොල්ලකරුවන් විසින් පසුගියදා ප්‍රකාශ කර තිබුණි.
මේ සම්බන්ධයෙන් කොල්ල‍කරුවන් සහ නෞකාව අයත් සමාගමේ නිලධාරීන් සාකච්ඡා කරනු ඇති බව සඳහන් වේ. ශ්‍රී ලාංකිකයන් පිරිස කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව දැනට සති තුනකට ආසන්න කාලයක් ගතවී තිබේ.
කෙසේ වුවද ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වාර්තා වන අතර ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සාමාජිකයන්ට ද නෞකාවට ඇතුළු වීමට කොල්ලකරුවන් අවසර දී තිබුණු බව වාර්තා විය. adaderana

ළමා සොල්දාදුවන්ට ක්‍රිකට්


එල්.ටි.ටි.ඊ. සංවිධානයට බැඳී ක්‍රියා කළ ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා"යුනිසෙෆ්"සංවිධානයේ සහය ලැබී තිබේ. රජය සමග එක්ව මේ සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් වේ.
මොවුන් විවිධ ක්‍රීඩාවන් මෙන්ම වෘත්තීය පුහුණු සඳහා යොමු කිරීම එහි එක් පියවරකි. ඒ අනුව කොළඹ එස්.එස්.සී.ක්‍රීඩාංගණයේ එල්.ටි.ටි.ඊ ළමා සොල්දාදුවන් ඉලක්ක කරගෙන ක්‍රිකට් පුහුණු කඳවුරක් ස්ථාපිත කිරීමට ද නියමිතය.
දින 5 ක කාලයක් මෙම පුහුණු කඳවුර පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ද අනුග්‍රහය ලැබෙන බව සඳහන් වේ. adaderana

අනෝමාගෙන්,අනුර‍ගෙන් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව දන්වා ඇතැයි අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.
ඒ අනුව අද සවස එකී ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා කටයුතු යොදන බව තමන්ට ඊයේ දැනුම් දුන් බව අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අනෝමා ෆොන්සේකා මහත්මිය කියා සිටියාය.
ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතාගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බව දන්වා ඇතැයි ප්‍රචාරක ලේකම් විජිත ෙහ්රත් මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් විජිත හේරත් මහතා කියා සිටියේ 23-24 යන දෙදින තුළ එකී ප්‍රකාශය සටහන් කර ගැනීමට නියමිත බව දැනුම් දී ඇති බවයි.
රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කළ බවට බොරු චෝදනා නඟා අත්අඩංගුවට ගනු ලැබූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ගොනු කළ චෝදනා ඔප්පු කර ගැනීමට නොහැකිව යුද අධිකරණය අසරණ වී ඇතැයි ද විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේය. ඒ හේතුවෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කළ දේශපාලන නායකයින්ගෙන් පවා ප්‍රශ්න කරන තැනකට ආණ්ඩුව තල්ලු වී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය/adaderana

ආණ්ඩුව දුප්පතුන්ගේ ගැටලු හඳුනන්නේ නෑ


දුප්පතුන්ගේ සිතුම් පැතුම් වලට අනුකූලව ක්‍රියාත්මක වන ආණ්ඩුවක් අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වත්මන් ආණ්ඩුවෙන් ධීවරයින්ගේ , කම්කරුවන්ගේ , ගොවීන්ගේ අවශ්‍යතාවන් ඉටු නොවන බව හෙතෙම කියා සිටියි.
එළඹෙන මහමැතිවරණයෙන් දුප්පතුන්ගේ ගැටලු හඳුනන එක්සත් ජාතික පක්ෂයට බලය හිමි වන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එහෙත් ආණ්ඩුවේ ඇතැම් පිරිස් පවසන පරිදි එය ජනතාව අතර ජනප්‍රිය නොවන බව හෙතෙම පෙන්වා දෙයි.
ඔහු පවසන්නේ ජනතාව අතර ආණ්ඩුව ජනප්‍රිය නම් විපක්ෂයේ ක්‍රියාකාරීන් මර්දනය කිරීම නතර කළ යුතු බවයි.adaderana

ලෝක බැංකුවෙන් මිලියන 300 ක්


උතුරු පළාතේ පාසල් සංවර්ධන කටයුතු සඳහා ලෝක බැංකුව මූල්‍යාධාර සැපයීමට පියවර ගෙන තිබේ.
ඒ යටතේ ලබා දීමට නියමිත මුදල රුපියල් මිලියන 300 ක් වන අතර දැනටමත් එයින් රුපියල් මිලියන 33 ක මුදලක් ලැබී ඇති බව සඳහන් වේ.
එම මුදල පාසල් දහසක බෙදා හැරීමට පියවර ගෙන තිබේ. යුද ගැටුම් හේතුවෙන් හානියට පත් පාසල් ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීමටත් අලුතින් ගොඩනැඟිලි ඉදි කිරීමටත් මෙම මුදලින් කොටසක් යෙදවීමට නියමිතය.
ඊට අමතරව පරිගණක , විද්‍යාගාර ආදී පහසුකම් සැපයීමට ද මෙමඟින් අපේක්ෂා කෙරෙයි.adaderana

විදුලි සේවකයින් දෙදෙනෙකු මරුට


අම්බලන්තොට , සූරිය වැව ප්‍රදේශයේ සිදු වූ හදිසි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
සූරිය වැව ගල් වැව මංසන්ධියේ විදුලි කණුවක නඩත්තු කාර්යයක නිරතව සිටි සේවකයින් දෙදෙනෙකු මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන් වේ.
සේවකයින් අතින් විදුලි කම්බියක් මාර්ගයට වැටී ඇති අතර එම අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක එම විදුලි කම්බිය පැටලී අඩි 60 ක් පමණ ඈතට ඇදී ගොස් ඇති බව පොලිසිය පවසයි.
මේ නිසා විදුලි කණුවේ නැඟ කිසියම් කාර්යයක නිරත වී සිටි සේවකයින් දෙදෙනා එයින් ඇද වැටී ඇති අතර බරපතල තුවාල ලැබූ ඔවුන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව සඳහන් වේ.
අනතුරින් තවත් සේවකයෙකුද තුවාල ලබා තිබේ.adaderana

අශීලාචාර මැතිවරණ ක්‍රමයට වෙනසක්


පවතින අශීලාචාර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ආණ්ඩුව පියවර ගන්නා බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා පවසයි.
පවතින මැතිවරණ ක්‍රමය නිසා ප්‍රදේශයේ ජනතාවට සෘජුව වග කියන මන්ත්‍රීවරයෙකු පත් නොවන බව ඔහු පෙන්වා දෙයි. මැතිවරණ කොට්ඨාස මට්ටමින් ඊ‍ට වගකිව හැකි මන්ත්‍රීවරයෙකු පත් කර ගන්නා මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම යු‍ගයේ අවශ්‍යතාවක් වී ඇති බව ලක්ෂමන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා කියා සිටියි.
නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බව හෙතෙම පෙන්වා දෙයි.
ඔහු තවදුරටත් පවසන්නේ මෙම මැතිවරණය ස්ථාවර පාර්ලිමේන්තුවක් පිහිටුවීම මඟින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි වසර 6 ක කාලය තුළ දී රට තිරසාර සංවර්ධනයක් සඳහා යොමු කිරීමට හැකියාව ලැබෙන බවයි. adaderana

වෙඩි තැබීමෙන් අයෙකුට තුවාලයි


කාත්තන්කුඩි , කල්මුණේ ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
ඊයේ රාත්‍රී 9.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව සඳහන් වේ. වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශ‍යේ පදිංචි 48 හැවිරිදි ෂරීඩ් නගර් නැමැත්තෙකි.
ඔහු නිවස බලා යමින් සිටිය දී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
කාත්තන්කුඩි පොලිසියේ නිලධාරීන් සිදු කළ පරීක්ෂණයක දී වෙඩි තැබීම සිදු වූ ස්ථානය අසළ තිබී පිස්තෝල උණ්ඩ 7 ක් ද සොයා ගෙන ඇති බව සඳහන් වේ. adaderana

එක්සත් ජාතීන් එක්ක සබඳතා පළුදු නෑ


ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සබඳතා පළුදු වී නොමැති බව එම සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.
ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ විවිධ කේෂ්ත්‍ර පිළිබඳව එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවයි. මෙවැනි අවස්ථා බොහෝමයක් ඉතිහාසය තුළ දක්නට තිබූ බව හෙතෙම පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් ලියන් පැස්කෝ මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇත්තේ රජය කළ ආරාධනාවකට අනුව බව පාලිත කොහොන මහතා පවසයි.
ආචාර්ය පාලිත ‍කොහොන මහතා මේ බව පවසා ඇත්තේ විදෙස් මාධ්‍යයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ශ්‍රී ලංකාව පිළිබඳව තමාට උපදෙස් ලබා දීම සඳහා කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් කළ විමසීමක දී ආචාර්ය පාලිත කොහොන මහතා පවසා ඇත්තේ මේ පිළිබඳව ශ්‍රී ලංකා ‍රජයේ ස්ථාවරය දැනටමත් පළ කර ඇති බවයි.
රටක අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීමේ අයිතිය එම රට සතුව තිබිය යුතු බව පාලිත කො‍හොන මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.adaderana

Saturday, March 20, 2010

ඇමති දුමින්දගේ බල මහිමයෙන් වූ පොලිස් පරීක්ෂකගේ ස්ථාන මාරුව අත්හිටුවන්නැයි මැ.කො. ට ඉල්ලීමක්


අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් අනුරාධ පුර ගල්කුලම ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුට පහරදී අනතුරුව ඇමතිවරයා මැදිහත්වී එම නිලධාරියාට ලබාදී ඇති ස්ථාන මාරුව වහා අවලංගුකරන ලෙස මානව හිමිකම් පිළිබද විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.
පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ ජාලය මැතිවරණ කොමසාරිස්වරයාට යොමුකළ ලිපියයි.
අනුරාධපුර මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්‍ෂක සුමිත් මුණසිංහ මහතාට 2010.03.16 වන දින අනුරාධපුර ගල්කුලම හන්දිය ප‍්‍රදේශයේදී අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් විසින් දේශපාලන හේතූන් මත ඇතිවූ බහින්බස් වීමකදී පහරදීමක් සිදුවී ඇති බවටත් ඒ හේතුවෙන් සුමිත් මුණසිංහ මහතා තුවාල ලබා අනුරාධපුර රෝහලේ වාට්ටු අංක 20 හි ප‍්‍රතිකාර ලබන බවටත් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය වෙත වාර්තා වී ඇත.
පසුව අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාගේ බලපෑම් මත පොලිස් පරීක්‍ෂක සුමිත් මුණසිංහ මහතාට ස්ථාන මාරුවක් ලබා දී ඇත. මැතිවරණ නීති-රීති නිසි පරිදි ක‍්‍රියාවේ යොදවන පොලිස් නිළධාරීන්ට දේශපාලනයඥයන් විසින් සිදුකරනු ලබන බලපෑම් මත ස්ථාන මාරු ලබා දීම මැතිවරණ නීති-රීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි.
එබැවින් වහා ම අදාල ස්ථාන මාරුව අවලංගු කිරීමට පොලිස්පතිතුමාට උපදෙස් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තුතියි.
මෙයට,

ආචාර්ය උදිත ගුණසේකර,
ප‍්‍රධාන විධායක - NEM IHR - lankatruth

කළු ගඟට දැමූ දරුවා මියයයි


කළුතර පාළම අසල කළු ගගේ පාවෙමින් තිබියදී පසුගිය 11වනදා බේරාගත් පිරිමි දරුවා මීට ස්වල්ප මොහොතකට පෙර මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සෙල්ලගේ අමිලසඳරුවන්ප්‍රනාන්දු වන මෙම දරුවා අවු 2 මාස 8ක් වයසේ පසුවිය.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව දරුවාගේ ශ්වසනය අක්‍රියවීමෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට ඔක්සිජන් සැපයීමඇනහිටීමහේතුවෙන් එම ඉන්ද්‍රියයන් ක්‍රියාකිරීම ඉතා අවම මට්ටමක පැවැතියේය.
මෙම දරුවා ආර්ථික අපහසුතා හේතුවෙන් ඔහුගේ මව විසින් ම කළුගඟට විසිකරන ලද බව මේවන විට හෙළි වී තිබේ.lankatruth

අනෝමා ෆොන්සේකාත් රහස් පොලීසියට කැදවීමට සැරසේ


ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක, හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිදවන අනෝමා ෆොන්සේකා මහත්මියගෙන් කටඋත්තරයක් ලබා ගැනීම සදහා ඇය රහස් පොලීසියට කැදවා ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ප්‍රකාශකයකු පැවසීය.
ඔහු පවසන ආකාරයට ‍මෙලෙස කටඋත්තරය ලබා ගැනීමට අවශ්‍ය බව රහස් පොලිස් නිලධාරීන් විසින් අනෝමා ෆොන්සේකා මහත්මියට ඊයේ දැනුම්දී තිබේ. කෙසේ වෙතත් කටඋත්තරය ලබා ගන්නේ කුමක් සම්බන්ධයෙන්ද යන්න ෆොන්සේකා මහත්මියට දැනුම්දී නොමැති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.lankatruth

රූපවාහිනියට එරෙහිව ජෙනරාල්ගෙන් පෙත්සමක්‌


ඉකුත් ජනාධිපති මැතිවරණ කාලසීමාව තුළ වැඩසටහන් විකාශනය කිරීමට අදාළව විද්‍යුත් මාධ්‍යවලට මැතිවරණ කොමසාරිස්‌ දුන් උපදෙස්‌ පැහැර හැරීමෙන් උසාවියට අපහාසයක්‌ සිදුකර ඇති බැවින් එම වරදට දඬුවම් නොකිරීමට හේතු දැක්‌වීමට ශ්‍රී ලංකා රුපවාහිනියේ සභාපති ඇතුළු බලධාරීන් උසාවියට කැඳවන්නැයි ඉල්ලා ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු කළේය. මෙම පෙත්සම මගින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, එහි සභාපති මහාචාර්ය ආරියරත්න ඇතුගල, එහි අධ්‍යක්ෂ මණ්ඩලය, මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු 12 දෙනකු වග උත්තරකරුවන් කරනු ලැබ සිටිති. ජනරාල් ෆොන්සේකා මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ ඉකුත් ජනාධිපති මැතිවරණයට පෙර එනම් 2010.01.15 දින තමාගේ නීතිඥවරු කළ ඉල්ලීමක්‌ අනුව බවයි.
සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී ඊට අදාළව මැතිවරණ කොමසාරිස්‌ නිකුත් කර ඇති උපදෙස්‌ පිළිපැදිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක්‌ කළත්, ඊට පසුව ජනාධිපති මැතිවරණ දිනය දක්‌වා ශ්‍රී ලංකා රුපවාහිනි ආයතනය ඇතුළු රජයේ ජනමාධ්‍ය එම උපදෙස්‌ එළිපිටම උල්ලංඝනය කරමින් එක්‌ අපේක්‍ෂකයකුට පමණක්‌ වාසි වන අන්දමට වැඩසටහන් විකාශනය කිරීම දිගටම කළ බවත් ජෙනරාල් ෆොන්සේකා මහතා මෙම පෙත්සමෙන් පැමිණිලි කර ඇත.
එසේ පක්‍ෂග්‍රාහීව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අපේක්‍ෂකත්වය පමණක්‌ පිම්බෙන ආකාරයට විකාශනය කළ වැඩසටහන් කීපය දින වකවානු ඇතුළු විස්‌තර පෙත්සමෙහි සඳහන් කර ඇත. ජනරාල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා රූපවාහිනියේ බලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවා උසාවියට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවන් කර සුදුසු දඬුවමක්‌ ලබාදෙන ලෙසය.lankatruth

මාළිගා නැහැ, ව්‍යාපාර නැහැ, ගම්පහ ජනතාව අපිට ආදරේ ඒකයි - විජිත හේරත්


මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරග වදින එහි මහ ලේකම් විජිත හේරත් මහතා සමඟ දිවයින පුවත්පත කළ සාකච්ඡාවකි මේ.


ප්‍රශ්නය - ගියවර ඔබ මහ මැතිවරණයට ඉදිරිපත් වුණේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන්. නමුත් මෙවර තරග කරන්නේ වෙනත් සන්ධානයකින්. එම අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේද?

පිළිතුර - අද රටේ දේශපාලන තත්ත්වය වෙනස්‌. එදා අප රටට අවශ්‍ය කාර්ය භාරය ඉටු කළා. අප ලබාගත් ජය රටේ ජයක්‌. අද රට ඒකාධිපති පාලනයක්‌ කරා ගමන් කරමින් තිබෙන්නේ. ඒ තත්ත්වයට මුහුණ දෙන්න ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් අලුත් සන්ධානයක්‌ ගොඩනැඟුවා කුසලානය ලාංඡනය යටතේ. රටේ සාධාරණය, ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවගේ සහායෙන් මෙවර මැතිවරණයේ අභියෝගවලට අප මුහුණ දෙනවා.

ප්‍රශ්නය -ජනාධිපතිවරණයේදී ජවිපෙ එජාපය සමඟ එකතු වෙලා තමයි ඉදිරිපත් වුණේ. නමුත් අද එජාපය තනිවම මහ මැතිවරණයට ඉදිරිපත් වෙලා. එජාපය ගත් එම තීරණය පිළිබඳ ඔබේ අදහස?

පිළිතුර- ජනාධිපතිවරණයේදී එජාපය සමඟ අප සන්ධානගත වුණේ නැහැ. විධායක බලතල අහෝසි කරන්න අප විවිධ පක්‍ෂ එකතු කරගෙන නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂකයෙක්‌ ඉදිරිපත් කළේ. මේ මැතිවරණයේදී එජාපය තනිවම ඉල්ලනවා. ඒක ඔවුන්ගේ අයිතියක්‌.

ප්‍රශ්නය-ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ජනතාව ඔබ කෙරෙහි තිබෙන විශ්වාසය කෙබඳුද?

පිළිතුර -පැහැදිලි විශ්වාසයක්‌ තිබෙනවා. 2000 වසරේ මහ මැතිවරණයේදී ගම්පහින් මා මන්ත්‍රීවරයකු ලෙස පත් වුණා. ඒ ලබා ගත් ජනවරමින් රට බෙදන පැකේජය, 2002 දී අන්තර් පාලනය, 2004 දී සුනාමි සහන මණ්‌ඩලය පරාජය කළා. මේ රටේ දූෂණය, වංචාව, නාස්‌තිය නැති කරන්න ප්‍රබල හඬක්‌ නැඟුවා. මන්ත්‍රී ධුරය ජනතාවට ද්‍රෝහී වන ආකාරයට වැඩ කළේ නැහැ. බඩගෝස්‌තරවාදයට ගිහින් මාළිගා හැදුවේ නැහැ. සල්ලි හෙව්වෙ නැහැ. ව්‍යාපාර කළේ නැහැ. ලබා ගත් වැටුප ජනතා සේවයට යොදවලා තිබෙනවා. එදා වගේම අදත් අල්පේච්ඡ ජීවිතයක්‌ ගත කරන්නේ. ගම්පහ ජනතාවට සංවර්ධන වැඩ රැසක්‌ ඉටු කොට අවසන්. ඒ සඳහා මැදිහත් වුණා. ජනතා ප්‍රශ්නවලට මැදිහත් වුණා. ගම්පහ ජනතාව අපට ආදරෙයි. පිළිගැනීමක්‌ තිබෙනවා. ඉදිරියටත් ඒ විශ්වාසය අපට තිබෙනවා.

ප්‍රශ්නය -ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවේ තබා ගැනීම සම්බන්ධයෙන් ඔබ දරන අදහස?

පිළිතුර -හමුදාවට බැහැ පණත අනුව ඔහුව අත්අඩංගුවට ගන්න. හමුදාපතිවරයා හමුදා නීතියට අදාළ නැහැ. සාමාන්‍යයෙන් පොලිස්‌ නිලධාරියකුට පමණයි අත්අඩංගුවට ගත හැක්‌කේ. ඔහුට එරෙහිව චෝදනා තිබෙනවා නම් සිවිල් නීතිය අනුව කටයුතු කරන්න පුළුවන්. මේක වැරදි ක්‍රියාවක්‌. රජය මුලදී මහා ඝෝෂාවක්‌ කළා. ජෙනරාල් ආණ්‌ඩු පෙරළන්න, ජනාධිපතිවරයා ඝාතනය කරන්න, හමුදා කුමන්ත්‍රණයක්‌ කරන්න යනවාය කියලා. රටේ බොරු ප්‍රචාර කොට ජනතාව රැවැට්‌ටුවා. නමුත් අද අධිකරණයේ තිබෙන චෝදනාවන් එදා රජය කළ චෝදනා එකක්‌වත් නැහැ. පැහැදිලිවම පෙනෙනවා දේශපාලන පළිගැනීමක්‌ තිබෙනව බව. රටේ යුක්‌තිය අගයන කිසිවෙක්‌ මේ ක්‍රියාව අනුමත කරන්නේ නැහැ.

ප්‍රශ්නය -ගම්පහ අසීමිත ලෙස සංවර්ධනය කරන බව රජය විවිධ ප්‍රකාශ කරනවා. ඔබ එය දකින්නේ කෙසේද?

පිළිතුර -හිස්‌ වචන විතරයි. මෙතරම් කාලයක්‌ නොකළ දෙයක්‌ ගැන දැන් කතා කරනවා. කොළඹට දෙවැනි නගරය ගම්පහග රෑ නවයෙන් පස්‌සේ යන්න බස්‌ එකක්‌ නැහැ. තියෙන මාර්ග අබලන්. ඇතැම් ගම්වලට විදුලියල ජලය නැහැ. ජාඇල, මීගමුව ජනතාව බොන්නේ මළකඩ වතුර. ගම්පහ ජනතාවගේ දැවෙන මූලික ප්‍රශ්න ටිකවත් විසඳන්න රජයට බැරි වෙලා තිබෙනවා. ආණ්‌ඩුව ඡන්ද කාලේ පෙන්වන සංදර්ශනවලින් ගම්පහ ජනතාවට වැඩක්‌ වෙන්නේ නැහැ.

ගම්පහ බහුතරයක්‌ ඉන්නේ පෞද්ගලික සහ රජයේ අංශවල රැකියා කරන අය. ඔවුන්ගේ වැටුප දහදාහකින් වැඩි කරනවා. දූෂණය, වංචාව නැති කළාම ඒක කරන්න පුළුවන්. තවම ගම්පහ බොහෝ ප්‍රදේශවල කෘෂිකාර්මිකව සංවර්ධනය කරන්න පුළුවන්. ප්‍රයෝජනයට නොගෙන තියෙන කුඹුරු ගොඩ කරනවා. ඒවා අස්‌වද්දන්න රජයට වැඩපිළිවෙලක්‌ නැහැ. ගම්පහ ජීවත් වන කිරි, බුලත් ගොවියාට, සුළු කාර්මිකයාට රැකියා අනාරක්‍ෂිතයි. ආර්ථික දරිද්‍රතාවෙන් පෙළෙනවා. අපේ සන්ධානය ගම්පහ ජනතාවගේ ආර්ථිකය උසස්‌ කරන්න වැඩි අවධානයක්‌ යොමු කරනවා. අපේ ප්‍රතිපත්තිවල ඒවා ඇතුළත්.lankatruth

වව්නියාව අධිකරණයෙන් ගෝඨාභයට නොතීසි


කොටි සංවිධානය විසින් බලෙහත්කාරයෙන් පැහැරගෙන ගිය සිය පුත්‍රයා ආරක්ෂක හමුදා භාරයට පත් කළ බවත්, චෝදනා නොමැති නම් ඔහු නිදහස් කරන ලෙසත් ඉල්ලා වව්නියාවේ ද්‍රවිඩ ජාතික පියෙකු විසින් හෙබයාස් කෝපුස් පෙත්සමක් විභාග කළ වව්නියාව අධිකරණයට ආරක්සඛ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සිවු දෙනෙකුට ලබන මැයි මස 07 දා අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර ඇත.
වව්නියාව, පොම්පෙමඩු කඳවුරේ වෙසෙන සත්කුනම් ගජන්ගේ පියා විසින් වව්නියාව අධිකරණයට ගොනු කළ පෙත්සම සලකා බැලූ වව්නියාව මහාධිකරණ විනිසුරු ජේ.විශ්වනාදන් මහතා මෙළෙස ආරක්ෂක ලේකම්වරයාට නොතීසි නිකුත් කර ඇත.
යුධ සමයේදී සිය පුත්‍රයා වන සත්කුනම් ගජන් කොටි සංවිධානය විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් කොටි සාමාජිකයෙකු ලෙස රඳවා ගත් බවත්, පසුව තමා විසින්ම සිය පුත්‍රයාව පුදුමාතලන්හිදී රජයේ ආරක්ෂක හමුදාවන්ට භාර දුන් බවත් එම පෙත්සමෙන් මෙම පියා කරුණූ දක්වා ඇත. එසේව ආරක්ෂක හමුදාවන් විසින් මේ වන විට සිය පුත්‍රයා රඳවා සිටින බවත්, තමන්ට ඔහු බැලීමට හෝ අවස්ථාව ලබා දී නොමැති බවත් එම පෙත්සමෙන් පවසා ඇති මෙම පියා ඉල්ලා ඇත්තේ චෝදනා නැතිනම් සිය පුත්‍රයා වහාම නිදහස් කරන ලෙස නියෝග කරන ලෙසයි.lankatruth

පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේදී පොලිස්පති බබා වෙයි


ඊයේ රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී පැවැති පක්ෂ ලේකම්රවරු හා මැතිවරණ කොමසාරිස්වරයා අතර සාකච්ඡාවේදී නීති විරෝධී ප්‍රචාරක පුවරු ඉවත්කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා පවසා ඇත්තේ එම පුවරු ගැලවීමට යන අවස්ථා වලදී යම් යම් පුද්ගලයන් පොලීසියට ඔරවන බැවින් එය සිදුකිරීමේ හැකියාවක් නොමැති බවයි.

එහිදී එසේ පොලීසියට තර්ජන කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පොලීසිය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි පක්ෂ ලේකම්වරු ප්‍රශ්න කල අවස්ථාවේදී පොලිස්පතිවරයා පවසා ඇත්තේ එලෙස තර්ජනයට ලක්වූ කිසිම නිලධාරියකු ඒ පිළිබදව පැමිණිලි කොට නැති නිසා පොලීසියට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකිවී ඇති බවයි.

පොලිස්පතිවරයා මේ පවසන්නේ පොලීසියේ නොහැකියාවද නොඑසේනම් පොලීසියේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයද යන්න ගැටළුවකි. මක්නිසාද යත් මේවන විට නීතිවිරෝධී කටවුට් වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ පොලීසි ඉදිරි පිටය. මාතර පොලීසිය මීට හොදම උදාහරණයකි.

කෙසේ වෙතත් පොලිස්පතිවරයා පවසන ආකාරයට අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වන්නේ ඔවුන් ආයුධ සන්නද්ධව සිටි බැවින් යැයිද, ස්ත්‍රී දූෂකයන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවූයේ ඔවුන් ඔරවා බැලූ නිසා යැයිද, මිනීමරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවූයේ ඔවුන් තමන්ද ඝාතනය කරනු ඇතැයි සිතුණු නිසාද යැයි පොලීසිය යම් දිනක පැවසීම අරුමයක් නොවනු ඇත. lankatruth

පිළියන්දලට ආර්ථික මධ්‍යස්ථානයක්


කොළඹ දිස්ත්‍රික්කයේ පාරිභෝගික ජනතාව වෙනුවෙන් ඉදි වූ තවත් ආර්ථික මධ්‍යස්ථානයක් අද පිළියන්දලදී විවෘත වන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය සඳහා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන 4 ක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මීගොඩ, නාරාහේන්පිට සහ රත්මලාන යන නගර වල අනිකුත් ආර්ථික මධ්‍යස්ථාන ඉතා හොඳින් ක්‍රියාත්මක වන බව ආමාත්‍යවරයා අද කොළඹ පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය. එළඹෙන උත්සව සමය තුළ භාණ්ඩ මිල ස්ථාවර මිලක පවත්වා ගෙන යාමට රජයට හැකියාව ඇති බව ද අමාත්‍යවරයා‍ මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

මැතිවරණ ප්‍රචාරණයට අණ බෙරකරුවන්


මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්ක වල දී අණ බෙර යොදා ගනිමින් අපේක්ෂකයින් සිය ප්‍රචාරක කටයුතු වල නිරතව තිබේ.
මහනුවර ‍මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිට දී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ආචාර්ය විජිත නානායක්කාර මහතා ප්‍රචාරක කටයුතු වල නිරත වූයේ පරිසරයට වඩාත් හිතකාමී ලෙසය. මේ සඳහා සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් ද යොදා ගැනීම විශේෂත්වයකි. දකුණු පළාත් විපක්ෂ නායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා ද ගාල්ල නාගොඩ ප්‍රදේශයේ අණ‍ බෙර යොදා ගනිමින් සාම්ප්‍රදායික ප්‍රචාරක කටයුතු වල නිරත විය.
විශාල ධනයක් වැය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරත වීමට තමාට හැකියාවක් නොමැති බව ඔහු සඳහන් කළේය. පරිසර හිතකාමී සහ ඉතා ආකර්ශණීය ලෙස ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ගම්මාන වල ක්‍රියාත්මක විය.adaderana

හිටපු නේපාල අගමැති මියයයි


නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය ගිරිජා ප්‍රසාද් කොයිරාළ මහතා ජීවිතක්ෂයට පත් වී තිබේ.
ඔහු අද උදෑසන කත්මණ්ඩු නුවර දී ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිය යන විට 87 වන වියෙහි පසු වූ කොයිරාළ මහතා මීට දින ගණනාවකට පෙර රෝගාතුරව රෝහල් ගත කර තිබුණි. කොයිරාළ මහතා නේපාලයේ කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් පස් වතාවක් නේපාලයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.
මාවෝවාදී කැරලිකරුවන් සමඟ එකඟතාවක් ඇති කර ගැනීම මෙන්ම රාජාණ්ඩුවක්ව තිබූ නේපාලය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය කරා ගෙන ඒමේ මූලිකයා ලෙස කටයුතු කලේ ද කොයිරාළ මහතාය. මේ වන විට මියගිය නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය ගිරිජා ප්‍රසාද් කොයිරාළ මහතාගේ දේහය කත්මණ්ඩු නුවර පිහිටි ඔහුගේ දියණියගේ නිවසේ තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.adaderana

අකුණු සහ තද සුළඟින් ප්‍රවේසම් වන්න


ඊසාන දිග මෝසමේ අවසන් කාලය ගෙවී යන මේ දිනවල ඇතිවන අකුණු සහ තද සුළඟින් ප්‍රවේසම් වන ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඉදිරි දින වල නැගෙනහිර හා ඌව පළාත් සඳහා අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ සමඟම තද සුළං තත්ත්වයක් හට ගැනීමට ඉඩ කඩ ඇති බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. මීට අමතරව ගාල්ල සහ මාතර ප්‍රදේශ වලට ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.adaderana

මැතිවරණ නිරීක්ෂණයට තවමත් අවසර දී නෑ


මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල නිරීක්ෂණ කටයුතු සඳහා මේ වන තෙක් තමන්ට මැතිවරණ කොමසාරිස්වරයා අවසර ලබා දී නොමැති බව පැ‍ෆ්රල් සංවිධානය පවසයි.
ඡන්ද ගණන් කිරී‍ෙම් මධ්‍යස්ථාන වල නිරීක්ෂණ කටයුතු සඳහා ඉල්ලීම් කර ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. එහෙත් මේ වනතෙක් ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයාගේ සෘජු පිළිතුරක් නොලැ‍බුණු බව ‍ඒ මහතා සඳහන් කළේය. ඉදිරි දින කිහිපය ඇතුළත ඒ සඳහා අවසරය ලැබෙතැයි බලාපොරොත්තු වන බව ද ඔහු අවධාරණය කළේය.
පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල අක්‍රමිකතා සිදු වූ බවට එල්ල වන චෝදනා හේතුවෙන් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන නිරීක්ෂණයට මෙසේ අවසර ඉල්ලා සිටින බව රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය. adaderana

ඛනිජ සම්පත් ගවේෂණය ගුවනේ සිට


මෙරට ඛනිජ සම්පත් ගවේෂණ කටයුතු ගුවනේ සිට සිදු කිරීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය විශේෂ වැඩපිළිවෙලක් සැලසුම් කොට තිබේ.
සම්පූර්ණ ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි ගුවනේ සිට මෙම ඛනිජ සම්පත් ගවේෂණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය. මේ සඳහා රුසියාවේ සහ කොරි‍යාවේ විශේෂඥ දැනුම යොදා ගැනීමට ද නියමිත බව භූ විද්‍යා හා පතල් කැනීමේ කාර්යංශයේ අධ්‍යක්ෂ කේ. දසනායක මහතා ප්‍රකාශ කළේය. මෙම වැඩපිළිවෙල සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 4 .7 ක් පමණ වැය වන බවට මේ වන විට ඇස්තමේන්තු කොට ඇති බව සඳහන්ය.adaderana

ඛනිජ සම්පත් ගවේෂණය ගුවනේ සිට

කළු ග‍ඟේ ගිලෙද්දී බේරාගත් දරුවා මියයයි


කළු ග‍ඟේ පා වෙමින් සිටිය දී බේරා ගත් කුඩා දරුවා ජීවිතක්ෂයට පත් ව තිබේ.
අද පෙරවරුවේ දී දරුවා මිය ගිය බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. වයස අවරුදු තුනක් පමණ වන අමිල සඳරුවන් නැමති මෙම කුඩා දරුවා පසුගිය දා සිය මව විසින් කළු ගඟට විසි කළ අවස්ථාවේදී ලොරි රථ රියදුරෙකු විසින් බේරා ගනු ලැබීය. පසුව එම දරුවාගේ මව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඇය මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම කුඩා දරුවාගේ අනෙක් සහෝදරයින් සිව් දෙනා ළමා නිවාසයකට භාර දීමට පසුගිය දා පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. අත්අඩංගුවේ පසුවන මව සඳහන් කළේ දරුවන් ජීවත් කිරීමට නොහැකි වීම හේතුවෙන් තමන් මෙම ක්‍රියාව සිදු කළ බවය. adaderana