Friday, December 3, 2010

PROTEST BEGINS










නොනැවතී ඉදිරියට. .


බ්‍රිතාන්‍ය රජයට සහ එරට ක්‍රියා පිළිවෙතට එරෙහිව කොළඹ දී අද(03) උද්ඝෝෂණයක් පැවැත්වුණි. ජාතික නිදහස් පෙරමුණ විසින් එය සංවිධානය කර තිබුණි. කෙසේවෙතත් නිවාඩු දිනයක් සේ සලකා අද දිනයේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වසා තිබෙන බව එම කොමසාරිස් කාර්යාලය ඉදිරිපස ප්‍රදර්ශනය කර තිබූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය එම උද්ඝෝෂණ ව්‍යපාරයේ එක් අවස්ථාවක් මෙසේ ඡායාරූපයට නැගී තිබිණි. adaderana.lk

විමල්ගේ විරෝධතාව ඇරඹෙයි -මහ කොමසාරිස් කාර්යාලය වසා ඇත?

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ විරෝධතා ව්‍යාපාරය මේ වනවිට කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය දෙසට ගමන් කරමින් තිබෙන බව වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එහිදී සත්කාර කළ ආකාරය පිළිබඳව බ්‍රිතාන්‍ය රජයට විරෝධය පළකිරීම මෙම විරෝධතාවයේ අරමුණ බව ද සඳහන්ය.

කෙසේවෙතත් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ තානාපති කටයුතු පිළිබඳ අංශය සිකුරාදා දිනය(2010 දෙසැම්බර් 03)තුළ මහ ජනතාව සඳහා වසා ඇති බව සඳහන් වන පුවරුවක් තානාපති කාර්යාලය ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇති බව එහි ඉදිරිපිට රැඳී සිටින අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කළේය.adaderana.lk

ජයලත්ට එරෙහි සාක්ෂි ඇත්නම් තේරීම් කාරක සභාවක් පත්කරන්න -රනිල් කියයි


ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයාට එරෙහිව පැහැදිලි සාක්ෂි ඇත්නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(03) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.

ඒ පිළිබඳ කටයුතු කරමින් සිටින බව එහිදී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. අයවැය කාරක සභා අවස්ථා විවාදය අද සිව්වන දිනටත් පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.

අද දිනයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා විසින් පුද්ගලික පැහැදිලි කිරීමක් කළ බව ද අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේය.

ඊයේ(02) දිනයේ තමාට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සාපරාධී අයුරින් චෝදනා කරමින් වධ හිංසා කළ බව එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.
adaderana.lk

ෆොන්සේකාගේ පෙත්සමේ කරුණු තහවුරු කිරීමට මාර්තු 2 කැඳවයි




දෙවන යුදාධිකරණයේ පත්කිරීම් අභියෝගයට ලක්කරමින් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ විශේෂ අභියාචනා පෙත්සමක් මාර්තු මස 2 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

දෙවන යුදාධිකරණයේ විනිසුරු මඬුල්ලේ පත්කිරීම් අභියෝගයට ලක්කරමින් තමන් මුලින්ම අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ බව එම පෙත්සමින් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටියි.

එහෙත් එම පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළ බව ද ඉන් පැවසෙයි.

අභියාචනාධිකරණයේ එම තීරණය නිසා තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බව පවසන සරත් ෆොන්සේකා මහතා එම තීන්දුව ඉවත්කොට දෙවන යුදාධිකරණයේ විනිසුරු මඬුල්ලේ පත්කිරීම් නීති විරෝධී බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලමින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

දෙවන යුදාධිකරණයේ විනිසුරුවරු පක්ෂග්‍රාහී අන්දමින් කටයුතු කිරීම නිසා තමන්ට දැඩි අසාධාරණයක් සිදුවු බව සරත්ෆොන්සේකා මහතා සිය අභියාචනා පෙත්සමින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැතිවරුන්ට කතානායක තරයේ අවවාද කරයි





අද(03) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා විසින් කලහකාරී හැසිරීම් නිසා පාර්ලිමේන්තුවේ කටයුතු වලට බාධාවන බව පවසමින් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තරයේ අවවාද කර තිබේ.

එමෙන්ම ඒ. එච්. එම් අස්වර් මහතාට විශේෂයෙන් අවවාද කර ඇති අතර දිගින් දිගටම බාධාකළහොත් සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කරන බවට කතානායකවරයා විසින් අවවාද කර ඇති බව ද අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කියවන අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ බව ද අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කළේය.

Thursday, December 2, 2010

මහළු මඩම සඳහා රාජ්‍ය සේවා කොමිෂම බිලිවන අයුරු


රාජ්‍ය සේවා කොමිෂම පිහිටි කොල්ලුපිටිය කාල්වීල් පෙදෙසේ සිව් මහල් ගොඩනැගිල්ල මේ දිනවල ලහි ලහියේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ගේ නිවහන බවට පත් කෙරෙමින් පවතී.

ඒ අනුව පසුගියදා පැමිණි මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් රාජ්‍යසේවා කොමිෂමේ ‍සේවකයන් ලවා එම ගොඩනැගිල්ලේ පිහිටි බඩු බාහිරාදිය ඉවත්කිරීම ආරම්භ කර තිබේ. මේවන විට එහි තිබූ ලිපිලේඛන සහ බඩු බාහිරාදිය පහත මාලයට ඇද දමා තිබේ. එම ලිපි ලේඛන දුගද හමන බහාලුම්වල බහා කිසිදු ආරක්ෂාවකින් තොරව පාර්සල් කර ඇති බව සේවකයින් පවසයි.

රාජ්‍ය සේවා කොමිසම මෙම ස්ථානය කුලියට ගෙන තිබුණේ ලක්‍ෂ 24 ක මාසක කුලියට වුවද ජ්‍යෙෂ්ඨ ඇමති කාර්යාලය පිහිට වූ සැනින් එහි මසක කුලිය රුපියල් ලක්‍ෂ 40 දක්වා ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ. එය කෙසේ වී දැයි කොමිසමේ සේවකයෝ මවිතය පල කරති. මේ අතර ගොඩනැගිල්ල නවීඛරණය කිරීම සදහා වැයවන මුදල රුපියල් කෝටි 50 කට අධික බව ද ගණන් බලා තිබේ.

කෙසේ වෙතත් රාජ්‍ය සේවා කොමිෂම යළි ස්ථාපිත කරන ස්ථානය සම්බන්ධයෙන් මේවන තෙක් සදහනක් හෝ නොමැත. ඒ හේතුවෙන් 150 කට අධික කොමිෂමේ කාර්යමණ්ඩලයට ද යන එන මං නොමැති තත්වයකට පත්ව තිබේ.
lankatruth.com

ජනපතිගේ රන් පිළිරුව ගැන හෙළි කළාට ස්වර්ණාභරණ අධිකාරියේ සේවකයන්ට දඩුවම්

ඊයේ දිනයේදී අප වෙබ් අඩවිය විසින් රුපියල් ‍කෝටි දෙකක වියදමකින් ජනාධිපතිවරයාගේ පිළිරුවක් නිර්මාණය කිරීමේ පුවත හෙළිදරව් කිරීමත් සමග ජාතික ස්වර්ණාභරණ අධිකාරීයේ සේවකයන් රාශියකට දඩුවම් ස්ථාන මාරු ලබාදී ඇති බව වාර්තාවේ. ආයතනයේ රහස් මාධ්‍ය වෙත හෙළිදරව් කිරීමේ වරදට මෙම දඩුවම් ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
කෙසේ වෙතත් සේවකයින් පවසන්නේ ජනතාව දැවැන්ත ජීවන බරක් උසුලමින් රජයට ලබා දෙන බදුමුදල් වලින් මේ ආකාරයේ නිෂ්පළ ක්‍රියාවන් සිදුකිරීමට ඉඩ දිය නොහැකි බවයි.

අදාළ පුවත්


කෝටි 2ක් වියදම්කර ජනපතිට පිළිරුවක් හැදීමට ස්වර්ණාභරණ අධිකාරිය සැරසේ
http://www.lankatruth.com

ජනපති උපදේශයෙන් නගර සභාවේද අනුමැතියකින් තොරව “සහේළි ගමගේ” නමින් පාරක්

මහරගම නගර සභාවේ කිසිදු අනුමැතියකින් තොරව “සහේලි ගමගේ” නමින් මහරගම අඹගහපුරයේ පාරක් නම්කර ඇති බව වාර්තාවේ. එම මාර්ගය බස්නාහිර පළාත් සභා අරමුදලෙන් ලක්ෂ 14ක පමණ ප්‍රතිපාදන වෙන්කොට ඉදිකර තිබේ. මේවන විට ඊට සමරු ඵලකයක්ද යොදා තිබේ.

මේ සම්බන්ධයෙන් මහරගම නගර සභාවේ සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය පැවසුවේ මාර්ගයට මෙම නම දැමීම සදහා නගර සභා මන්ත්‍රී ඉසුර දේවප්‍රිය මහතා යෝජනාවක් ගෙනාවද ඊට මන්ත්‍රීවරුන් බහුතරයක් විරුද්ධවූ බවයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ඉසුර දේවප්‍රිය මහතාගේ ඉල්ලීම පරිදි බස්නාහිර පළාත් මහාමාර්ග අමාත්‍ය නිමල් ලන්සා මහතා විසින් එම මාර්ගය “සහේලි ගමගේ” මාවත ලෙස වීවෘත කළ බව සමරුඵලකයේ සදහන්වේ.
ඡායාරූප - දිවයින පුවත්පත

ඔක්ස්ෆර්ඩ් තීරණයට බ්‍රිතාන්‍ය රජයේ සම්බන්ධයක් නෑ

ඔක්ස්ෆර්ඩ් සංගමය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධව බ්‍රිතාන්‍යය රජයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

එමෙන්ම අදාළ වැඩසටහන ඔක්ස්ෆර්ඩ් සංගමය හා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබූ පෞද්ගලික අංගයක් වන බව ද එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(02) සිදුකිරීමට නියමිතව තිබු විශේෂ දේශනය ආරක්ෂක හේතුන් මත අවලංගු කිරීමට ඔක්ස්ෆර්ඩ් සංගමය තීරණය කර තිබිණි.

එල්. ටී. ටී. ඊ හිතවාදීන්ගේ ඇතැම් ක්‍රියා කලාපයන් හේතුවෙන් ඔක්ස්‍ෆර්ඩ් සංගමය විසින් මෙම ඒකමතික තීරණයට එළඹ ඇති බව ද සඳහන් විය.

අදාළ දේශනය අවලංගු කිරීමට සිදුවීම සම්බන්ධයෙන් තමා කනගාටුවට පත්වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනු ලැබීය.

බ්‍රිතාන්‍යයට එරෙහිව විමල් සටනට බසියි


සියලු දේශමාමක ජනතාවට බ්‍රිතාන්‍යයට එරෙහිව පෙළගැසීමට පැමිණෙන ලෙස ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අනුව හෙට(03) දිනයේදී කොළඹ, බෞද්ධාලෝක මාවතෙහි පිහිටි බ්‍රිතාන්‍යය තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත්, ඒ සඳහා එක්වන ලෙස සියලුම ජනතාව වෙත අමාත්‍යවරයා ආරාධනා කර සිටියි.

බ්‍රිතාන්‍යය යනු අසමත් රාජ්‍යයක් බවත් වීරවංශ මහතා පෙන්වාදෙයි. එමෙන්ම අසරණ, බෙලහීන රාජ්‍යයක් බවට බ්‍රිතාන්‍යය පත්ව ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.

එමෙන්ම එල්. ටී. ටී. ඊ හිතවාදීන් අත්අඩංගුවට ‍ගැනීම සඳහා කේ. පී‍. ගෙන් උදව් ලබා ගනිමින් සිටින බව දඔහු සඳහන් කළේය.

කේ. පී. ලවා ලබාගත හැකි සියලු දේ ලබාගැනීම රජයේ අරමුණ බව ඔහු සඳහන් කරයි.

අද(02) පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

කිසිලෙසකින්වත් කේ. පී. රජයට එක්වී නොමැති බව එහිදි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.adaderana.lk

විදුලි හොරු 115ක් මාට්ටුවෙයි-වැටලීම් මගින් ලක්ෂ 19 ට කිට්ටු ආදායමක්


පසුගිය සතිය තුළදී කිලිනොච්චිය ප‍්‍රාදේශීය විදුලි ඉංජිනේරු බල ප‍්‍රදේශයේ නීතිවිරෝධී ලෙස අයථා ක‍්‍රම මගින් විදුලිය පරිභෝජනය කළ පුද්ගලයින් එකසිය පහළොවක් නීතියේ රැහැනට කොටුකර ගනිමින් දඞුවමි පැමිණවීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකිවී තිබේ.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ වැටලීමි අංශය මගින් පසුගිය සතියේ දෙදිනක් තුළ සිදුකළ වැටලීමි මගින් අයථා ක‍්‍රම මගින් විදුලිය පරිභෝජනය කළ පුද්ගලයින් 115ක් නීතිය ඉදිරියට පැමිණවීමෙන් දහඅට ලක්ෂ අනූනව දහස් පන්සිය හතළිස් දෙකක මුදලක් (රු. 1,899,542.00) උපයා ගැනීමට සමත්වී ඇති බව විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.

මෙම මුදලින් එකොලොස් ලක්ෂ දසදහසක් (රු.1,110,000.00)උසාවි දඩ වශයෙන්ද, රු. හත්ලක්ෂ අසූනවදහස් පන්සිය හතලිස් දෙකක මුදලක් (රු.789,542.00) ලංකා විදුලිබල මණ්ඩලයේ අලාභය වශයෙන්ද ගණන් බලා ඇති බව සඳහන් වේ.

ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වකවානුවේ විශාල වශයෙන් පාඩු ලබන තත්ත්වයකට පත්ව තිබූ අතර, මේ වනවිට එම තත්ත්වය යමිතාක් දුරට පාලනය කිරීමට හැකිවී තිබේ. මෙවැනි අක‍්‍රමිකතා සහ දූෂණ නිසා මෙම පාඩු ලබන තත්ත්වයන් තවත් උග‍්‍රවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය මෙහෙයුමි අලාභ නොලබන ආයතනයක් බවට පත්කිරීමට නමි අවම මිල සහිත ජනන සැලැස්මක් ක‍්‍රියාත්මක වීමට අමතරව මෙවැනි දූෂණ,අක‍්‍රමිකතා වැළැක්විය යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පාඨලී චමිපික රණවක මහතා කියා සිටියි.

ආයතනය තුළ සහ ඉන් පරිබාහිරව සිදුවන සියලු අක‍්‍රමිකතා සහ දූෂණ මර්දනය කිරීමට වහාම පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ අංශ දැනුවත් කර ඇති අතර වැරදිකරුවන් ලෙස හඳුනාගන්නා පුද්ගලයින්ගේ විදුලි හිමිකමි අහෝසි කිරීමටද සැලසුමි කොට තිබේ.

මෙවැනි වංචාසහගත ක‍්‍රියාවන්හි නිරතවන්නන් එයින් මුදවාලීමට සහාය වීම තුළින් 2012 වසර වනවිට මුළු දිවයිනම ආවරණය වන පරිද්දෙන් විදුලියනය 100%ක් බවට පත්කිරීමේ උදාර මෙහෙවරේ සාඩමිබර කොටස්කරුවන් වීමට ශ‍්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේයැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.adaderana.lk

රටට කුමන්ත්‍රණ කරන අයට නීතිමය පියවර ගන්නවා


ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර් ජාතික වශයෙන් කුමන්ත්‍රණ සිදුකිරීමට පියවර ගත් විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින්ට එරෙහිව නිසි ලෙස කරුණු අනාවරණය වීමෙන් පසු නීතිමය පියවර ගන්නා බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

පසුගිය කාලයේ විදෙස් සංචාරයන්ට සහභාගී වූ විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් එහිදී කරන ලද ප්‍රකාශයන් හා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් නිසා යළි හිස ඔසවමින් සිටින එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස් පෝරාවට මහත් තල්ලුවක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා සඳහන් කරයි.

එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස් පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව යළි හිස ඔසවමින් සිටින බවත්,ඔවුන්ට විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් මෙන්ම ඇතැම් සංවිධාන හා කණ්ඩායම් වල සහයද ලැබෙමින් පවතින බව පෙනෙන්නට ඇතැයි හුළුගල්ල මහතා අද(02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අවධාරණය කළේය.

2009 මැයි මාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශයට පත්කරන ලද චැනල්-04 වීඩියෝව ව්‍යාජ එකක් බව සාක්ෂි සහිතව ඔප්පු කර තිබියදී එම වීඩියෝවම යළි දිගු වීඩියෝ පටයක් ලෙස ප්‍රසිද්ධ කිරීමට පියවර ගැනීමෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කරමින් සිටින කුමන්ත්‍රණ යළි යළිත් තහවුරු වෙමින් පවතින බවද හෙතෙම කියා සිටියේය.

මෙවර අයවැයෙන් ආරක්ෂක අමාත්‍යංශයට විශාල මුදලක් වෙන් කර ඇති බවත්,මේ වන විට යුද්ධයක් නොපවතින බැවින් මේ සා මුදලක් වෙන්කිරීම නොකළ යුත්තක් බවටත් විපක්ෂයේ ඇතැමුන් චෝදනා කරන බවත්,එමගින් මෙරට ජනතාව තුළ ආදරය දිනා සිටින ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් වැරදි ප්‍රතිරූපයක් මවන්නට උත්සාහ දරන බවත් හුළුගල්ල මහතා කියා සිටියේය.

යුද්ධය පැවති කාලයේ ආරක්ෂක අමාත්‍යංශය සතුව පැවතියේ ආයතන 16 පමණක් බවත්,මේ වන විට එකී ආයතන සංඛයාව 22 දක්වා ඉහළ ගොස් ඇති බවත්,පොදුවේ සියලු අමාත්‍යංශ වලට මුදල් වෙන් කරනා පරිදිම ආරක්ෂක අමාත්‍යංශයේ විෂය ක්ෂේත්‍රය සලකා මෙම මුදල් වෙන් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වාදුන්නේය. adaderana.lk

යුද අපරාධ වලට ඉහළම තිදෙනා වගකිව යුතුයි- තානාපතිනිය දන්වලා


ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ පිළිබඳ විමර්ශනයක් පැවැත්වීම සම්බන්ධයෙන් ඇමරිකාව විසින් සැකපළ කරනු ලබන්නේ එකී යුද අපරාධ වලට වගකිව යුත්තේ යුද්ධය මෙහෙයවූ රටේ ඉහළ පෙළේ වගකිව යුත්තන් නිසා බව ඇමරිකාව පිළිගෙන ඇතැයි විකිලික්ස් වෙබ් අඩවියේ අලුත්ම ප්‍රවෘත්ති කේබලය මගින් අනාවරණය කෙරෙයි.

ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ වලට වග කිවයුත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි පැට්‍රිෂියා බෘටෙන්ස් ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ට ලියා යැවූ සන්නිවේදන කේබලයක සඳහන් වන බව විකිලික්ස් පෙන්වාදෙයි.

යුද්ධය නිමාවීමෙන් පසු 2010 ජනවාරි මස 15 වන දින මෙම මෙම සන්නිවේදන කේබලය ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවා තිබේ.
adaderana.lk

උදුල්ගේ ඇප ඉල්ලීම 7 වනදා සලකාබැලෙයි

දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්නගේ ඇප ඉල්ලීම මේ මස 7 වනදා සලකාබැලීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.

අදාළ ඇප ඉල්ලීම ජනවාරි මස 24 වනදා සලකාබැලීමට, එම ඇප ඉල්ලීම පසුගියදා කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය තීරණය කළාය.

එහෙත් එම ඇප ඉල්ලීම හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා ළඟ දිනයක සලකා බැලීමට ඉඩදෙන මෙන් උදුල් ප්‍රේමරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම සලකාබැලූ අධිකරණ විනිසුරුවරිය අදාළ ඇප ඉල්ලීම මේ මස 07 වනදා සලකාබැලීමට තීරණය කළාය.

පසුගියදා උසස් අධ්‍යාපන ගොඩනැගිල්ලට අයුතු ලෙස ඇතුළු වී රජයේ දේපළ වලට හානි කිරීමේ චෝදනාව මත සැකකාර උදුල් ප්‍රේමරත්න කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

ඔහුට ඇප ලබාදීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුගේ නීතිඥවරු මෙම ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර ඇත.adaderana.lk

ජයලත්ට පහරදීමේ තැතක් -පාර්ලිමේන්තුව නොසන්සුන්


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පහරදීමට තැත්කිරීමේ සිද්ධියක් නිසා පාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

ඒ හේතුවෙන් අද(02) පාර්ලිමේන්තුව මිනිත්තු දහයකට කල් තැබීමට තීරණය කර ඇති බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරයි.

පසුගිය නොවැම්බර් 29 වන දින හීතෲ ගුවන් තොටුපළේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී එම උද්ඝෝෂණකරුවන් උසිගැන්වූ බවට චෝදනා කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, දිනේෂ් ගුණවර්ධන හා ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් විසින් මෙසේ ජයලත් ජයවර්ධන මහතාට පහරදීමට තැත්කර ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ අවට සිටි මන්ත්‍රීවරුන් විසින් පයවර්ධන මහතා එම පහරදීමෙන් වලක්වා ඇති අතර එහිදී කරුණු දැක්වූ ජයවර්ධන මහතා ජනාධිපතිවරයා ලන්ඩන් නගරයට පැමිණි අවස්ථාවේදී තමන් එහි නොසිටි බව සඳහන් කර ඇත.

තමන් ලන්ඩන් නගරය තුළ රැඳී සිටියේ නොවැම්බර් මස 25, 26 යන දෙදින තුළ බවත්, ඉන්පසුව ඉතාලිය බලා පිටත්ව ගිය බවත් සිය ගුවන් ගමන් බලපත්‍රය දක්වමින් ජයවර්ධන මහතා පාර්ලිමේන්තුව හමුවෙහි ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා ලන්ඩන් නගරය වෙත ළඟාවන විට තමන් රැඳීසිටියේ ඉතාලියේ බවත් ඔහු අවධාරණය කර තිබේ.
adaderana.lk

Wednesday, December 1, 2010

Brave Tamil's protest at Heathrow Airport

නුවරඑළිය පිපුරුමෙන් අයෙක් මරුට-16 ට තුවාලයි

නුවර‍එළිය පොලීසිය තුළ සිදුවූ බෝම්බ පිපුරුමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී 16 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

පොලීසිය තුළ අද පස්වරුවේ අත්බෝම්බයක් පුපුරා ගිය අතර තුවාල ලැබූ 16 දෙනා අතුරින් 14 දෙනෙකු පොලිස් නිලධාරීන් බවත්,දෙදෙනෙකු සිවිල් වැසියන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

කතරගම සිට හැටන් දක්වා බස් රියකින් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා සතුව තිබූ පාර්සලයක් දැක සැක සිතා නුවරඑළිය පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් මොහු ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට රැගෙනවිත් තිබේ.

එහිදී ඔහු සතුව තිබූ පාර්සලයේ කංසා ග්රෑම් 16 ක් තිබුණු බවත්,ඒවා සමග තමන් අත්අඩංගුවට ගන්නේනම් තමන්ගේ කලිසම් සාක්කුවේ ඇති අත්බෝම්බය පුපුරවා ගන්නා බවටත් පොලීසියට තර්ජනය කළ සැකකරු පොලිස් ස්ථානයෙන් ඉවතට පළාගොස් තිබේ.

එහිදී ගේට්ටුව අසල සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරු අල්ලා ගන්නට උත්සාහ දරද්දී ඔහු විසින් අත්බෝම්බය පුපුරවා ගෙන ඇති බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයි ජයකොඩි මහතා කියා සිටියි.

එසේ අත් බෝම්බය පුපුරවා ගැනීමෙන් අදාළ සැකකරු ජීවිතක්ෂයට පත් වූ බවත්,තුවාල ලැබූ පිරිස් රෝහල් ගත කළ බවත් වාර්තා වේ.

සැකකරු මාතලේ ප්‍රදේශයේ පදංචිකරුවෙකු බවත්,හමුදාවෙන් පළා ආ සෙබලෙකු බවට අනාවරණය වී ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කරයි

ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් විශ්‍රාමපායට-ජනතාව අපායට

මෙවර අයවැයෙන් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් විශ්‍රාමපායට යවා ඇති බවත්,ජනතාව අපායට යවා ඇති බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.‍

අද(01) පස්වරුවේ ජාතික සේවක සංගමයේ"ජාතික වෘත්තීය සමිති සමුළුව"අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

අයවැයෙන් දෙන බවට පොරොන්දු වූ සහන කිසිවක් නැති බවත්,පඩි වැඩිවීම් නොමැති බවත්,බඩුමිල අඩු කළේද නැති බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙරට බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් මුදාගත් රණ විරුවන්ට හෝ වැටුප් වැඩි කිරීමක් නොකරන්නට තරම් ආණ්ඩුව කටයුතු කිරීම කනගාටුවකට කරුණක් බව ද රු.600 ක් දී රණ විරුවන් පවා මුලා කරන්නට ආණ්ඩුව කටයුතු කළ බවද වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

සරත් ෆොන්සේකා මහතා සිය මැතිවරණ පොරොන්දු වලින් ජනතාවට රු.10,000 න් වැටුප් වැඩි කිරීමක් ලබා දෙන බව පවසන විට ජනාධිපතිවරයා තමන්ට වැඩි කිරීමට හැක්කේ 2,500 ක් පමණක් බව ප්‍රකාශ කළ බව මෙම අවස්ථාවට සහභාගී වූ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේ වුවද ජනතාවට රුපියල් 100 න් වැටුප් වැඩි කිරීමක් කිරීම සඳහා මිලියන 1500 ක් අවශ්‍ය බව දැන් ජනාධිපතිවරයා කියා සිටින බවත්,මෙම ගණන් ශාස්ත්‍රය එදා නොදැන සිටියේද යන්නත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා චෝදනා කළේය.
Viewer Comments

නුවරඑළිය-කංසා ගෙනා පුද්ගලයෙක් පොලීසියට අත්බෝම්බයක් ගහලා

කංසා තොගයක් ළඟ තබාගෙන ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙක් පොලීසියට රැගෙන ආ පසු එකී පුද්ගලයා විසින් දමා ගැසූ අත්බෝම්බයක් පුපුරා යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මෙම සිදුවීමෙන් තුවාල ලබා ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා සැකකරු පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියි.

එසේ වුවද නුවරඑළිය පොලීසිය තුළ සිදුවූ පිපුරුමෙන් පොලිස් නිලධාරීන් 10 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකාව ගැන තිබුණොත් වෙනම බලා ගන්නම්-ආණ්ඩුවෙන් නිවේදනයක්

ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රී ලංකාව විදෙස් රටක සන්නිවේදන අයිතීන් වලට ඇඟිලි නොගසන බව ශ්‍රී ලංකා විදෙස් කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

එසේ වුවද විකිලික්ස් වෙබ් අඩවිය තුළ ශ්‍රී ලංකාවට අදාළ යමක් ඇත්නම් ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වන බව විදෙස් කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එසේ යම් දෙයක් සඳහන්ව පැවතුනහොත් ඒ පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ක්‍රියා කරන බවත්,එසේ වුවද රාජ්‍ය තාන්ත්‍රික රහස් නීත්‍යනුකූල නොවන ආකාරයට ප්‍රසිද්ධියට පත් කිරීම අනුමත නොකරන බවත් එකී නිවේදනයේ දැක්වේ.

විකිලික්ස් වෙබ් අඩවිය මගින් ඇමරිකානු රජයේ රාජ්‍ය තාන්ත්‍රික රහස් ප්‍රසිද්ධ කිරිමත්,එහි අඩංගු ඇතැම් කරුණු වල ශ්‍රී ලංකාව පිළිබඳ වැදගත් තොරතුරු ද පවත්නා බවටත් පළවන පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වමින් විදෙස් කටයුතු අමාත්‍යංශය මේ බව නිවේදනය කර තිබේ.
Viewer Comments

වැඩ කරන දින ගණන් වැඩි කරන්නැයි රවීගෙන් ඉල්ලීම

රටේ වැඩ කරන දින ගණන වැඩි කරන ලෙස එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

අද පාර්ලිමේන්තුවේදී විවාදයකට එක්වෙමින් අඩුම වැඩ කරන දින ගණන ඇත්තේ ශ්‍රී ලංකාවේ බවත්,එය වැඩි කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත් රවී කරුණානායක මන්ත්‍රීවරයා විසින් පෙන්වා දුන් බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරයි.

වසරකට ලංකාවේ වැඩ කරන දින ගණන 277 ක් බවත්,ඉන්දියාවේ වසරකට වැඩ කරන දින ගණන 301 ක් බවත් පවසා ඇති කරුණානායක මහතා සති අන්ත නිවාඩු දින හැරුණු විට රජයේ නිවාඩු පමණක් 33 ක් ඇති බව පෙන්වා දී තිබේ.

ආයෝජකයින් සිය ආයෝජන අවස්ථාවන් පිළිබඳ තීරණය කරන විට වැඩ කරන දින ගණන් පිළිබඳ සැලකිලිමත් වන බවත්,අපේ රටට එන ආයෝජකයින් මේ සා නිවාඩු ප්‍රමාණයක් තිබෙනු දැක ආසියාවේ වෙනත් රටවලට ඇදීයනු ඇති බවත් රවී කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දඬුවම් මුදලාලිට සල්ලි දුන්නු අය තංගල්ල අධිකරණයට දැනුම්දිය යුතුයි


මහජන මුදල් වංචා කිරීමේ චෝදනා මත හුංගම, ගුරුපොකුණේ පියදාස රත්නායක හෙවත් දඬුවම් මුදලාලිට එරෙහි නඩු විභාගය තංගල්ල මහාධිකරණයේ දී අද යළි කැඳවා තිබේ.

මෙහිදි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 431 වන වගන්තිය යටතේ දේපළ බෙදාදීමේ දී ‍ඒ පිළිබද විමසීමක් කළ යුතු බව තංගල්ල මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මහත්මිය සඳහන් කළාය.

එම විමසීම සිදුකිරීම සඳහා පියදාස රත්නායක නොහොත් දඬුවම් මුදලාලි යන අයට මුදල් ලබාදුන් සියලු දෙනා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දිය යුතු බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ ක‍ර ඇත.

අදාළ නඩුව වැඩිදුර විභාගය ලබන වසරේ පෙබරවාරි මස 18 වැනි දිනට කල් තැබුණි.

Saturday, November 27, 2010

Dayasiri

Live In Concert Milano



Thursday, November 25, 2010

Hotel


Monday, November 22, 2010

New Cabinet Swearing In Ceremony





Sunday, November 21, 2010

MMM

ෆේස් බුක් වෙත එක්කරන්න

Tuesday, November 16, 2010

අහිංසක පබාගෙන් දෙරණට චණ්ඩි පාට්




ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලී මහත්මිය විසින් ඊයේ(16) රාත්‍රියේ ටීවී දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදී තර්ජනය කර තිබේ.

ඊයේ රාත්‍රියේ ස්වර්ණමාලි මහත්මිය සහභාගි වූ 360 දේශපාලනික වැඩසටහන ටීවි දෙරණ ඔස්සේ නැවත විකාශය කිරීමට විරෝධය පළකරමින් ඇය මෙසේ බරණගේ මහතාට තර්ජනය කර ඇත.

ඊයේ රාත්‍රි 11 .30 ට පමණ ස්වර්ණමාලි මහත්මිය බරණගේ මහතාට දුරකතන ඇමතුමක් ලබාදී මෙසේ අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති අතර කිහිපවතාවක්ම එසේ දුරකතන ඇමතුම් ලබා දී තර්ජනය කරමින් බැන වැදී තිබේ.

කාලීන දේශපාලන සංවාදාත්මක වැඩසටහනක් වන දෙරණ 360 වැඩසටහන සෑම සතියකම සඳුදා දින රාත්‍රි 9 .30 ට විකාශය කරනු ලබයි. පසුගිය දිනෙක පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය සහභාගි වූ එම වැඩසටහන කාගේත් කතාබහට ලක්වූ වැඩසටහනක් විය

Sunday, November 7, 2010

visa