Wednesday, December 1, 2010

වැඩ කරන දින ගණන් වැඩි කරන්නැයි රවීගෙන් ඉල්ලීම

රටේ වැඩ කරන දින ගණන වැඩි කරන ලෙස එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

අද පාර්ලිමේන්තුවේදී විවාදයකට එක්වෙමින් අඩුම වැඩ කරන දින ගණන ඇත්තේ ශ්‍රී ලංකාවේ බවත්,එය වැඩි කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත් රවී කරුණානායක මන්ත්‍රීවරයා විසින් පෙන්වා දුන් බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරයි.

වසරකට ලංකාවේ වැඩ කරන දින ගණන 277 ක් බවත්,ඉන්දියාවේ වසරකට වැඩ කරන දින ගණන 301 ක් බවත් පවසා ඇති කරුණානායක මහතා සති අන්ත නිවාඩු දින හැරුණු විට රජයේ නිවාඩු පමණක් 33 ක් ඇති බව පෙන්වා දී තිබේ.

ආයෝජකයින් සිය ආයෝජන අවස්ථාවන් පිළිබඳ තීරණය කරන විට වැඩ කරන දින ගණන් පිළිබඳ සැලකිලිමත් වන බවත්,අපේ රටට එන ආයෝජකයින් මේ සා නිවාඩු ප්‍රමාණයක් තිබෙනු දැක ආසියාවේ වෙනත් රටවලට ඇදීයනු ඇති බවත් රවී කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

0 comments:

Post a Comment