Wednesday, December 1, 2010

ලංකාව ගැන තිබුණොත් වෙනම බලා ගන්නම්-ආණ්ඩුවෙන් නිවේදනයක්

ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රී ලංකාව විදෙස් රටක සන්නිවේදන අයිතීන් වලට ඇඟිලි නොගසන බව ශ්‍රී ලංකා විදෙස් කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

එසේ වුවද විකිලික්ස් වෙබ් අඩවිය තුළ ශ්‍රී ලංකාවට අදාළ යමක් ඇත්නම් ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වන බව විදෙස් කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එසේ යම් දෙයක් සඳහන්ව පැවතුනහොත් ඒ පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ක්‍රියා කරන බවත්,එසේ වුවද රාජ්‍ය තාන්ත්‍රික රහස් නීත්‍යනුකූල නොවන ආකාරයට ප්‍රසිද්ධියට පත් කිරීම අනුමත නොකරන බවත් එකී නිවේදනයේ දැක්වේ.

විකිලික්ස් වෙබ් අඩවිය මගින් ඇමරිකානු රජයේ රාජ්‍ය තාන්ත්‍රික රහස් ප්‍රසිද්ධ කිරිමත්,එහි අඩංගු ඇතැම් කරුණු වල ශ්‍රී ලංකාව පිළිබඳ වැදගත් තොරතුරු ද පවත්නා බවටත් පළවන පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වමින් විදෙස් කටයුතු අමාත්‍යංශය මේ බව නිවේදනය කර තිබේ.
Viewer Comments

0 comments:

Post a Comment