Wednesday, December 1, 2010

ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් විශ්‍රාමපායට-ජනතාව අපායට

මෙවර අයවැයෙන් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් විශ්‍රාමපායට යවා ඇති බවත්,ජනතාව අපායට යවා ඇති බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.‍

අද(01) පස්වරුවේ ජාතික සේවක සංගමයේ"ජාතික වෘත්තීය සමිති සමුළුව"අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

අයවැයෙන් දෙන බවට පොරොන්දු වූ සහන කිසිවක් නැති බවත්,පඩි වැඩිවීම් නොමැති බවත්,බඩුමිල අඩු කළේද නැති බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙරට බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් මුදාගත් රණ විරුවන්ට හෝ වැටුප් වැඩි කිරීමක් නොකරන්නට තරම් ආණ්ඩුව කටයුතු කිරීම කනගාටුවකට කරුණක් බව ද රු.600 ක් දී රණ විරුවන් පවා මුලා කරන්නට ආණ්ඩුව කටයුතු කළ බවද වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

සරත් ෆොන්සේකා මහතා සිය මැතිවරණ පොරොන්දු වලින් ජනතාවට රු.10,000 න් වැටුප් වැඩි කිරීමක් ලබා දෙන බව පවසන විට ජනාධිපතිවරයා තමන්ට වැඩි කිරීමට හැක්කේ 2,500 ක් පමණක් බව ප්‍රකාශ කළ බව මෙම අවස්ථාවට සහභාගී වූ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේ වුවද ජනතාවට රුපියල් 100 න් වැටුප් වැඩි කිරීමක් කිරීම සඳහා මිලියන 1500 ක් අවශ්‍ය බව දැන් ජනාධිපතිවරයා කියා සිටින බවත්,මෙම ගණන් ශාස්ත්‍රය එදා නොදැන සිටියේද යන්නත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා චෝදනා කළේය.
Viewer Comments

0 comments:

Post a Comment