Thursday, December 2, 2010

ඔක්ස්ෆර්ඩ් තීරණයට බ්‍රිතාන්‍ය රජයේ සම්බන්ධයක් නෑ

ඔක්ස්ෆර්ඩ් සංගමය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධව බ්‍රිතාන්‍යය රජයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

එමෙන්ම අදාළ වැඩසටහන ඔක්ස්ෆර්ඩ් සංගමය හා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබූ පෞද්ගලික අංගයක් වන බව ද එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(02) සිදුකිරීමට නියමිතව තිබු විශේෂ දේශනය ආරක්ෂක හේතුන් මත අවලංගු කිරීමට ඔක්ස්ෆර්ඩ් සංගමය තීරණය කර තිබිණි.

එල්. ටී. ටී. ඊ හිතවාදීන්ගේ ඇතැම් ක්‍රියා කලාපයන් හේතුවෙන් ඔක්ස්‍ෆර්ඩ් සංගමය විසින් මෙම ඒකමතික තීරණයට එළඹ ඇති බව ද සඳහන් විය.

අදාළ දේශනය අවලංගු කිරීමට සිදුවීම සම්බන්ධයෙන් තමා කනගාටුවට පත්වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනු ලැබීය.

0 comments:

Post a Comment