Thursday, December 2, 2010

උදුල්ගේ ඇප ඉල්ලීම 7 වනදා සලකාබැලෙයි

දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්නගේ ඇප ඉල්ලීම මේ මස 7 වනදා සලකාබැලීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.

අදාළ ඇප ඉල්ලීම ජනවාරි මස 24 වනදා සලකාබැලීමට, එම ඇප ඉල්ලීම පසුගියදා කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය තීරණය කළාය.

එහෙත් එම ඇප ඉල්ලීම හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා ළඟ දිනයක සලකා බැලීමට ඉඩදෙන මෙන් උදුල් ප්‍රේමරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම සලකාබැලූ අධිකරණ විනිසුරුවරිය අදාළ ඇප ඉල්ලීම මේ මස 07 වනදා සලකාබැලීමට තීරණය කළාය.

පසුගියදා උසස් අධ්‍යාපන ගොඩනැගිල්ලට අයුතු ලෙස ඇතුළු වී රජයේ දේපළ වලට හානි කිරීමේ චෝදනාව මත සැකකාර උදුල් ප්‍රේමරත්න කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

ඔහුට ඇප ලබාදීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුගේ නීතිඥවරු මෙම ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර ඇත.adaderana.lk

0 comments:

Post a Comment