Tuesday, April 6, 2010

කපා කොටා මරා දමයි


බෙලිඅත්ත , විතාරන්දෙණිය ප්‍රදේශයේ කාන්තාවක් තියුණු අයුධයකින් පහර දී ඝාතනය කර තිබේ..
එම කාන්තාව සිය නිවසේ සිටිය දී අද අලුයම නාඳුනන පිරිසක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 35 ක් පමණ වයසැති විතාරන්දෙණිය ප්‍රදේශයේ ම කාන්තාවකි.
බෙලිඅත්ත පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.. adaderana

එකම පවුලේ තිදෙනෙක් මරුදකියි


උඩවලව , කොළඹගේආර ප්‍රදේශයේ එකම නිවසක පුද්ගලයින් තිදෙනකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනෙකු මෙසේ මිය ගොස් ඇති බව උඩවලව පොලිසිය පවසයි.
පියා නිවස තුළ ගෙළ වැළලා ගෙන සිටි අතර දියණියන් දෙදෙ‍නා නිවස තුළ තුවාල සහිතව සිටිය දී රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වී තිබේ..
මෙය ඝාතනයක් ද යන්න සැක පළ වී ඇති බව පොලිසිය පවසන අතර උඩවලව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි. adaderana

යුද අධිකරණය යළිත් කැඳවෙයි


හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද අධිකරණ නැවත කැඳවීම අද දිනයට යෙදී තිබේ.
අද පෙරවරුවේ පළමු යුද අධිකරණය රැස් වීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශ මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
එසේම දෙවන යුද අධිකරණය පස්වරුවේ රැස් වීමට නියමිත බවත්,දෙවන යුද අධිකරණයට නව විනිසුරු මඩුල්ලක් පත් කිරීමෙන් අනතුරුව රැස් වන පළමු අවස්ථාව මෙය බවත් සඳහන් වේ.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පසුගිය 16 වන දින පැවති පළමු යුද අධිකරණයට සිය නීතිඥයින් මාර්ගයෙන් ඉදිරිපත් වූ අතර එහිදී පැවති නඩු විභාගයෙන් පසු මීළඟ නඩු වාරය අප්‍රේල් මස 06 වන දින යළි කැඳවීමට යුද අධිකරණය විසින් තීරණය කෙරිණි.
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රධාන චෝදනා 05 ක් ‍යටතේ එදින යුධ අධිකරණයට ඉදිරිපත් කෙරුණි. -- ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ක්‍රියාත්මක දෙවන යුද අධිකරණය පැවැත්වුණේ පසුගිය 17 වනදාය.
යුද හමුදා සක්‍රිය සේවයේ සිටියදී හමුදා පනත උල්ලංඝණය කරමින් සිදුකළ බව කියන යුද හමුදා මිලදී ගැනීම් සම්බන්ධ චෝදනා වෙනුවෙන් දෙවන යුද අධිකරණය ක්‍රියාත්මක කෙරිණි.
පළමු යුදාධිකරණයේ කටයුතු කළ මේජර් ජෙනරාල්වරුන් තිදෙනාම දෙවන යුධ අධිකරණයේ සාමාජිකයින් ලෙස කටයුතු කර තිබිණි. --- එහෙත් අද දින පස්වරුවේ මෙම දෙවන යුධ අධිකරණය කැඳවීමට නියමිතව ඇති අතර එය විභාග කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් තිදෙනෙකු නම් කර ඇති බව යුද හමුදා මූලස්ථාන‍ය පවසා තිබිණි.
ඒ අනුව මේජර් ජෙනරාල් එම්.පී. පීරිස් එම යුද අධිකරණයේ සභාපතිවරයා ලෙස ද මේජර් ජෙනරාල් එස්.ඩබ්ලිව්.එල්. දවුලගල සහ මේජර් ජෙනරාල් එම්.හතුරුසිංහ අනෙකුත් විනිසුරුවරුන් දෙදෙනා ලෙස ද නම් කර තිබේ.
දෙවන යුධ අධිකර‍ණයේ අධිනීතීඥවරයා වශයෙන් රියාර් අද්මිරාල් ඩබ්ලිව්.ඩබ්ලිව්.ජේ.එස්. ප්‍රනාන්දු මහතා කටයුතු කරනු ලබයි.
සරත් ෆොන්සේකා මහතා, යුද හමුදා මිලදී ගැනීම් පටිපාටියට පටහැනි ලෙස සිදුකළ මිලදී ගැනීම් සම්බන්ධයෙන් විභාග කිරීම මෙම දෙවන යුද අධිකරණය මගින් සිදුකිරීමට නියමිතව ඇත. adaderana

ෆොන්සේකාගේ සෞඛ්‍ය තත්ත්වයෙහි වෙනසක් නෑ


අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆෝන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට කොළඹ ජාතික රෝහලේ උරස් රෝග අංශයේ විශේෂඥ වෛද්‍යවරයෙකු යෙදවූ බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බවට අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ප්‍රසිද්ධියේ කරනු ලබන ප්‍රකාශ සැලකිල්ලට ගනිමින් මෙසේ විශේෂඥ වෛද්‍යවරයෙකු යෙදවීමට තීරණය කර ඇත.
ඒ අනුව අද උදෑසන මෙම විශේෂඥ වෛද්‍යවරයා සමග ෆොන්සේකා මහතාට දෛනිකව ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරුන්ද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළ බව යුද හමුදා මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ෆොන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්ත්වයෙහි කිසිදු වෙනසක් සිදුවී නොමැති බව මෙම විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් දැනුම් දුන් බව ද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ෆොන්සේකා මහතා විසින් සාමාන්‍ය පරිදි භාවිතා කරනු ලබන ඖෂධ අඛණ්ඩව භාවිතා කළ හැකි බවට ද මෙහිදී උපදෙස් ලබා දී ඇතැයි සඳහන් වේ.
විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පරීක්ෂා කරවිය යුතු බවට අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ඉකුත් දා යුද හමුදාපතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා තිබිණි. adaderana

ද්විත්ව පහරේ තහංචිය ඉවතට


2011 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දිවිත්ව පහර ත්‍රී රෝද රථ අමතර කොටස් ගෙන්වීමට අදාළ තහනම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
කැබනට් අනුමැතිය ද සහිතව මෙම තීරණය පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ගත් බව පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය සඳහන් කරයි.
ඒකාබද්ධ ත්‍රීරෝධ රථ රියදුරන්ගේ සංවිධානය විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මේ අනුව අදාළ අමතර කොටස් 2013 ජනවාරි මස දක්වා ගෙන්වීමට හැකියාව ලැබෙන බවත්,එමගින් ත්‍රී රෝද රථ මගින් යැපෙන ලක්ෂ 30 ක් පමණ ජනතාවකට සහනය සැලසෙන බව සඳහන් වේ. adaderana

Monday, April 5, 2010

ආගමද..?නීතියද..?එහෙමත් නැත්නම්...?



අත්අඩංගුවේ පසු වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය මස 03 වන දින කොටුව දුම්රිය ස්ථානයේ භික්ෂූන් පිරිසක් විසින් ආරම්භ කරන ලද උපවාසය අද (05)විසුරුවා හරින්නට පොලීසිය කටයුතු කළ අයුරු.

හිමිවරුන්ගේ උපවාසයට පොලිස් පොල්ල හරස්වෙයි


කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උපවාසයක නිරතවූ භික්ෂූන් වහන්සේලා පිරිස ඉවත් කිරීමට පොලිසිය මේ වන විට පියවර ගෙන තිබේ.
අධිකරණයෙන් ලබාගත් අවසරයකට අනුව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව පොලිසිය සඳහන් කරන ලදී. ඒල්ල වූ දැඩි විරෝධය නොතකා මේ වන විට භික්ෂූන් වහන්සේලා එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගත් බව එහි සිටි අද දෙරණ විශේෂ වාර්තාකරු පැවසුවේය.
කෙසේ වෙතත් භික්ෂූන් වහන්සේලා මීට විරෝධය පළකිරීමත් සමග දැඩි උණුසුම්කාරී වාතාවරණයක් එම ස්ථාන‍යේ නිර්මාණය වූ බව ද අප වාර්තාකරු සඳහන් කළේය.
සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් විසින්‍ උපවාසයේ නිරත වූ භික්ෂූන් බලහත්කාරයෙන් ඉවත් කරන අයුරු කොටුව සීමාවේ රැඳී සිටි ජනයාට දැක ගන්නට ලැබී තිබේ.
අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර‍න ලෙස ඉල්ලමින් මෙම භික්ෂූන් වහන්සේලා පසුගියදා උපවාසයක් ආරම්භ කළෝය. adaderana

පැන්සල වෙනුවට පෑන


මෙවර මහ මැතිවරණ‍යේ දී ඡන්දය සලකුණු කිරීම සඳහා පැන්සල වෙනුවට පෑන භාවිතා කිරීමට මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා තීරණය කර තිබේ.
මෙලෙස මැතිවරණයකදී ඡන්දය සලකුණු කිරීම සඳහා පැන්සල වෙනුවට පෑන භාවිතා කරන්නේ ඉතිහාසයේ ප්‍රථම වරටය. දේශපාලන පක්ෂවලින්, මැතිවරණ නිරීක්ෂකයින්ගෙන් සහ වෙනත් සංවිධානවලින් ඉදිරිපත් වූ යෝජනා සලකා බැලීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය. මැතිවරණය විනිවිදභාවයකින් පැවැත්වීම මෙන්ම මැතිවරණ කාර්යාලයට ඉදිරිපත් වන දූෂිත චෝදනා වැළැක්වීම මෙමගින් අපේක්ෂා කරයි. adaderana

ලාංකික සිසුවෙක් අතුරුදහන්


වීසා අවලංගු වී වැඩිදුර රැඳී සිටීමේ හේතුව මත පිටුවහල් කරනු ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු අතුරුදන් වී ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
ඔහු සෙවීමේ කටයුතු සඳහා සහයවීමට නොහැකි බව ඔස්ට්‍රේලියානු ආගමන දෙපාර්ත‍මේන්තුව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. මීට මාස දෙකකට පෙර ශ්‍රී ලංකාව බලා පිටත්ව එන ගුවන්යානයකට ආගමන දෙපාර්තමේන්තු බලධාරීන් විසින් ඔහු නංවා තිබුණ ද ඔහු ශ්‍රී ලංකාව බලා පැමිණි බවට වාර්තා වී නැත. කෙසේවෙතත් අදාළ ශිෂ්‍යයාගේ දෙමව්පියන් චෝදනා කරන්නේ ඔහු නංවන ලද ගුවන්යානයේ තොරතුරු පවා ඔස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුව තමන් වෙත ලබාදී නොමැති බවය. adaderana

සාම සාධක හමුදාව 5000 දක්වා වැඩිකිරීමට උපදෙස්


එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු වෙනුවෙන් මෙරටින් යොමු කරන භට පිරිස් ඉහළ නැංවීම සඳහා සැළසුම් සකස් කරන ලෙස ජනාධිපතිවරයා තමන් වෙත උපදෙස් දී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසුරිය මහතා පවසයි.
වරකට සෙබලුන් 5,000 ක් යැවීමට ඇති හැකියාව පිළිබඳ මේ වන විට සැළසුම් සකස් කරමින් පවතින බව ජයසුරිය මහතා සඳහන් කරයි. දැනට එක් වාරයක් සඳහා සෙබලුන් 950ක පිරිසක් සාම සාධක කාර්යය සඳහා යොමු කෙරෙන අතර ඒ අනුව එක් වසරකට මෙරටින් යැවෙන සෙබලුන් සංඛ්‍යාව 2,000කට ආසන්න වේ. නව සැලසුම් යටතේ එය එක් වාරයක් සඳහා සෙබලුන් 5,000 දක්වා ඉහළ නැංවීමට අවධානය යොමු වී ඇති බව මාන්කුලම්හි තුන් වන කාර්ය සාධක බලකායේ සෙබලුන් අමතමින් ජගත් ජයසුරිය මහතා අවධාරණය කළේය. adaderana

එල්.ටි.ටි.ඊ.ය සැඟවූ උපකරණ තොගයක් හමුවේ


ඉරණපලෙයි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් එල්.ටි.ටි.ඊ. සංවිධානය විසින් සඟවා තිබු උපකරණ තොගයක් සොයා ගැනීම පොලිසිය සමත් වී තිබේ.
මාන්කුලම් කොට්ඨාශ‍යේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ සිදුකළ මෙම මෙහෙයුමෙන් කිලෝග්‍රෑම් 5 බැගින් වූ වෙල්ඩින් කූරු 38ක් ඇතුලු උපකරණ කිහිපයක් සොයාගත් බව‍ පොලිසිය පැවසීය. මේ අතර වෙල්ලාවේලි මණ්ඩූර් ප්‍රදේශ‍යේ ලඳු කැළෑවක සඟවා තිබු ස්වයංක්‍රීය පිස්තෝලයක්, ජීව උණ්ඩ 14ක් සහ මැගසින් තුනක් පොලිසිය භාරයට ගෙන ඇත. එසේම කරුවලගස්වැව හතේ කණුව ප්‍රදේශයේදී ගිනි අවියක් සහ ජීව අත්බෝම්බයක් සමග සැකකරු‍වෙකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය සඳහන් කළේය.adaderana

සන්ධානයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යයිApril 5, 2010 11:00 am


ගතවු පැය 48 ඇතුළත සන්ධාන අපේක්ෂකයින් අතර ඇති වු ගැටුම් ඉහළ ගොස් ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නීරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
සමන්තුරේ ප්‍රදේශයේ දී ගැටුම් රැසක් ඇති වී තිබෙන බව එම මධ්‍යස්ථානයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. තුවාල සිදුකිරීමක් හා දේපල හානි සිදුකිරීම් 4ක් වාර්තා වී ඇති බව එම ‍නිවේදනයේ සඳහන්ය. එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන් වන ඒ. එම්. නෞෂාඩ් සහ අබ්දුල් අමීර් යන අය අතර මෙලෙස ගැටුම් ඇති වී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නීරීක්ෂණ මධ්‍යස්ථානය අවධාරණය කරයි.adaderana

2009 සංවර්ධන වේගය 3 .5%ක්

2009 වර්ෂයේ ශ්‍රි ලංකාවේ සංවර්ධන වේගය 3 .5%ක් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. එමෙන්ම රුපියල් දහයේ වටිනාකමින් යුත් නව කාසියක් අද සිට හඳුන්වා දෙන බව ද ශ්‍රි ලංකා මහ බැංකුව සඳහන් කරයි.
එය රුපියල් දහයේ නෝට්ටුව වෙනුවට ඉදිරියේදී භාවිත කරන බවයි මහ බැංකුව ප්‍රකාශ කළේය. පැරණි ශත දහයේ හැඩයට නිර්මාණය කර ඇති මෙහි මුල්ම කාසිය මහ බැංකු අධිපති අජිත් නි‍වාඩ් කබ්රාල් මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිලිගැන්වීමට නියමිතය. මේ අතර මහ බැංකු වාර්ෂික වාර්තාව නිකුත් කිරීම ද අද සිදුකෙරෙන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.adaderana

අතුරුදන්වූවන් සෙවීමට ස්වාධීන කණ්ඩායමක්


පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් සහ රජයට භාර වු පුද්ගලයන් පුනරුත්තාපනය කොට ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදීම තම වගකීම බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
මේ සඳහා දැනටමත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බව ඔහු සඳහන් කරයි. අතුරුදන්වූවන් සොයා ගැනීම සඳහා ‍ස්වාධීන කණ්ඩායමක් පත් කිරීමට ද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව දේවනන්දා මහතා ප්‍රකාශ කරයි. විනාශකාරී යුද්ධයේදී සිදුවු ජිවිත හානි දේශපාලන වාසියට යොදා ගනිමින් ඇතැම් බලවේග ජනතාවගේ ඡන්දය කොල්ලකෑමට සුදානම් වන බව ද අමාත්‍යවරයා පෙන්වාදෙයි. adaderana

සන්ධාන ආධාරකරුවෙකු ඝාතනය කරයි


එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඊයේ රාත්‍රී 11.30 ට පමණ මාවතගම කැප්පැටිපොල මාර්ගයේ බරන්දල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව මාවතගම පොලිසිය පැවසුවේය. එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකුට අයත් වාහනයකින් ගමන් කරමින් සිටියදී මග හරස් කොට සන්නද්ධ පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්ය.
සිද්ධියෙන් මියගොස් ඇති පුද්ගලයා රීදිගම ප්‍රදේශයේ පදිංචි 22හැවිරිදි තරුණයෙකු බව පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ. adeana

මැතිවරණ ප්‍රචාරණය අදින් අවසන්


2010 මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
එම කාලයෙන් පසුව කිසිදු ආකාරයක මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නිරත වීම නීති විරෝධි බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය. ඒ අනුව මැතිවරණයට තරග කරන සියලු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වල අපේක්ෂකයන්ගේ ඡායාරූප, බැනර් සහ කටවුට් ද අද මධ්‍යම රාත්‍රීයට පෙර ඉවත් කළ යුතුය. ඔවුන්ට පිහිටුවීමට අවසර ලබා දී තිබු කොට්ඨාශ මට්ටමේ පක්ෂ කාර්යාල හෙට මධ්‍යම රාත්‍රියට පෙර ඉවත් කළ යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළේය. ඒ අනුව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අද සිය අවසන් ප්‍රචාරක රැලි පැවැත්වීමට නියමිතය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් ප්‍රචාරක රැලිය හම්බන්තොට‍ මිද්දෙනිය ප්‍රදේශයේ පැවැත්වේ. එක්සත් ජාතික පක්ෂ අවසන් ප්‍රචාරක රැලි කොළඹ කොස්ගස්හන්දිය, කළුතර සහ ගාල්ල ප්‍රදේශ වලදී පැවැත්වෙන්නේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්ව‍යෙනි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ද සිය අවසන් ප්‍රචාරක රැලිය එහි නායකයන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අලුත් කඩේ ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතය. මෙවර මහ මැතිවරණය පැවැත්වෙන්නේ අප්‍රේල් 8 වැනි දිනය. adaderana

දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට


මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය සහ දැඩි සත්කාර කාන්දු කරන ඒකකය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතා අයිතියට පත් කර තිබේ.
ඒ ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය ඊයේ පස්වරුවේදී පැවැත්වුණි. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 50කි. මෙහි විශේෂත්වය වන්නේ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ඕනෑම රෝහලක සිටින රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් මෙහි සපයා තිබීමය. adaderana

හදිසි නියෝගය ජනතාව දුෂ්කරතාවට පත්කරනවා


අවතැන් කඳවුරු වල වෙසෙන ඡන්ද දායකයන්ට ආකෘති පත්‍රයක් සම්පුර්ණ කර නැවත භාරදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා හදිසියේ කර ඇති නියෝගය ‍හේතුවෙන් එම ඡන්ද දායකයන් දුෂ්කරතාවට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දන්වා තිබේ. දින තුනක් ඇතුළත 26,000කට ආසන්න පිරිසකට ආකෘති පත්‍ර සඳහා ග්‍රාම නිලධාරීන්ගෙන් සහ කඳවුර භාර නිලධාරීන්ගෙන් අනුමැතිය ලබා ගැනීම ප්‍රායෝගික නොවන බව එම ලිපිය මගින් පෙන්වා දී ඇත.
මේ‍ හේතුවෙන් විශාල පිරිසකට ඡන්දය අහිමි වීමේ අවධානමක් පවතින බව තිස්ස අත්තනායක මහතා පෙන්වාදෙයි. එසේම කඳවුරු භාර නිලධාරීන් සියලු දෙනා ‍දේශපාලන පත්වීම් ලැබු අය බැවින් අනුමැතිය ලබාදීම සම්බන්ධ ගැටලු මතුවන බව මහ‍ලේකම්වරයා සඳහන් කරයි. එබැවින් මෙම හදිසි තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස තිස්ස අත්තනායක මහතා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි. adaderana

සැමවිට නීතියට ගරු කරනවා


සැමවිටම තමන් නීතියට ගරු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නීතියට මැදිහත් වීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බව ජනාධිපතිවරයා සඳහන් කරයි. වැරදි කළ පුද්ගලයන් නිදහස් කිරීමට මැදිහත් නොවන බව පවසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එ‍සේ කිරීමෙන් සිදුවන්නේ නීතියට විරුද්ධව කටයුතු කිරීමක් බව පෙන්වා දෙයි. ගම්පහ කිරිල්ලවල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

තරගයේ වීරයා සම්මානය මහේලට


ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම අතර තරගයෙන් කඩුළු 8 ක ජයක් ලබාගැනීමට ‍කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත්වූ අතර එහිදී ලකුණු 110 ක් ලබාගත් මහේල ජයවර්ධන තරගයේ වීරයා සම්මානය හිමිකරගැනීමට සමත්විය. adaderana

මාරාන්තික පොරයක් වුණේ ප්‍රබල විපක්ෂයක් නැති නිසයි


ප්‍රබල විපක්ෂයක් නොමැති වීම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ මනාප සටන මරාගෙන මැරෙන පොරයක් බවට පත්වී ඇති බව එස්.බී.දිසානායක මහතා පවසයි.
සුළුවෙන් ආරම්භ වු මනාප සටන මේ වන විට ඉතා උත්සන්න මට්ටමකට පත්වී ඇති බව ඔහු සඳහන් කරයි.
උඩුනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කළේ කුල භේදය යළි මතු කරන නූගතුන් පිරිසක් ද මැතිවරණයට ඉදිරිපත්ව ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂය 20 වැනි පරාජයට ද සුදානම් වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

කිඳෙල්පිටිය අත්අඩංගුවට ගැනීම සැකයි


ආණ්ඩුව විසින් සිය දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන අතකොළුවක් බවට පොලිසිය පත්කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පවසන්නේ සුසිල් කිඳෙල්පිටිය මහතා අත්අඩංගුවට ගැනීම සහ ඔහුට එරෙහිව පොලිසිය කටයුතු කරන ආකාරය පිළිබඳ බරපතල සැකයක් මතුවී ඇති බවයි.
කිඳෙල්පිටිය මහතා පිළිබඳව පොලිසියට පැමිණිලි ලැබී ඇති බව ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර රජයේ ඇතැම් මාධ්‍ය මගින් ප්‍රකාශ වූයේ කෙසේදැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කර සිටියි.
අදාළ තොරතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් බාහිරව මාධ්‍ය‍ වෙත නිකුත් කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග හෙළි කරන ලෙස ද එම පක්ෂය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ.
එබැවින් මෙම ක්‍රියාදාමය කිඳෙල්පිටිය මහතාට එරෙහිව දේශපාලනමය වශයෙන් පහරගැසීම සඳහා අනුගමනය කරන්නක් බවට සැක මතුවී ඇති බව ද එම නිවේදනයේ දැක්වේ. adaderana

Saturday, April 3, 2010

Paba - Mervin & Rosy at Mega Star


පසුගිය සෙනසුරාදා ස්වර්ණවාහිනියේ මෙගා ස්ටාර් වැඩසටහනේ උපේක‍ෂා(පබා) Zසිංහලේ කැලෑ තුළ සිංහ පැටව්Z ගීය ගැයුවාය.විනිසුරු මඩුල්ලේ සිටි අය අතර රෝසි සහ මර්වින්ද විය.පබා සහ රෝසි අලියාගෙන්ද මර්වින් බුලත් කොළයෙන්ද මෙවර මැතිවරණයට තරගවදින්නන්ය.පබා ගැයූ ගීතයේ විනිශ්චයන්ද එම පක‍ෂපාතීත්වය අනුවම සිදු විය.
රෝසිගේ අදහස
උපේක‍ෂා පුංචි කුමාරිහාමි කෙනෙක් වගේ.වෙනදා වගේ නෙමේ ඉතාම ශක්තිමත් ගැහැණියක්.මේ දේශයට පණිවිඩයක් දෙන්න ඔබ මේ ගීය තෝරගත්ත කියලයි මං විශ්වාස කරන්නේ.මේ ගීය ගායනා කිරීමෙන් ඔබේ අභිමානයත් කාන්තාවක් ලෙස නායකත්වය ගත හැකි බවට ඔබේ පෞර්ෂ්‍යය විදහා පෑමටත් හැකි වුණා. ගායනයටත් සාධාරණයක් වුණා. එය විශිෂ්ටයි.
මර්වින්ගේ අදහස
උපේක‍ෂා මේ ගීතය සිංහ පැටව් ගැන ගායනා කළාට වඩා හොඳයි පූස් පැටව් ගැන ගායනා කළා නම්. ඇත්ත වශයෙන්ම මේ ගීය ගායනා කරන කොට මගේ අභිමානය පෞර්ෂ්‍යත්වය ජවය අනේ මං දන් නෑ කොහෙ ගියාද කියලා. ඔයිට වැඩිය හොඳයි පරවියෙක් ගැන සිංදුවක් කිව්ව නම්,මම කියන් නෑ උපේක‍ෂාට ගීත ගයන්න බෑ කියල මීට ඉස්සර හොඳට ගායනා කළා.නමුත් ගීතයට ඔබින විදිහට එය ගායනා කරන්න ඕන.gossip

ජෙනරාල් මියගොස් ඇති බවට එස්.එම්.එස් පණිවිඩයක්


ජෙනරාල් සරත් ෆොන්සේකා අද (01) හිමිදිරියේ මිය ගිය බව දැනුම් දෙමින් බොහෝ පිරිසකට අද පෙරවරුවේ එස්.එම්.එස් පණිවිඩ ලැබී ඇතැයි වාර්තා වේ. එම ප්‍රවෘත්තියෙන් කලබලයට පත් විශාල පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ප්‍රධාන කාර්්‍යාලයට දුරකථනයෙන් කතා කොට ඒ පිළිබදව විමසා සිටි බව එම කාර්යාලයෙන් වාර්තාවේ.
රෝගී තත්ත්වයෙන් පසුවන ජෙනරාල් ෆොන්සේකා කිසියම් හෙයකින් හදිසියේ මියගිය හොත් රටේ උද්ගත විය හැකි තත්ත්වය පිළිබදව අවබෝධයක් ලබාගැනීම සඳහා, අප්‍රේල් පළමුවනදා zමෝඩයාගේ දිනයZ පදනම් කරගනිමින් රජයට සම්බන්ධ දෙපාර්තමේන්තුවක පිරිසක් විසින් මෙම එස්.එම්.එස් පණිවිඩය යවා ඇති බවට වාර්තාවේ.gossip

ෆොන්සේකා සිර කිරීමත් ජී.එස්.පී ප්ලස් නැතිවෙන්න හේතුවක්


ජෙනරාල් සරත් ‍ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම ජී.එස්.පී ප්ල්ස් බදු සහනය නැති වීමට ප්‍රධානතම හේතුවක් බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පවසයි.
කළුතර පැවති විද්වත් කතිකාවට එක් වෙමින් සරත් එන් සිල්වා මහතා මෙම අදහස් පළ කර තිබේ.
රට තුළ එක් නායකයෙකු නිදහසේ මැතිවරණ කටයුතු වල නිරත වන අතර සරත් ෆොන්සේකා මහතාට ද සිදුව ඇත්තේ සිරගතව සිට මැතිවරණයක් මෙහෙයවීමට බව හිටපු අගවිසිනිසුරුවරයා පෙන්වා දෙයි.
ඔහු සඳහන් කළේ සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවේ තබා ගැනීම ජාත්‍යන්තර වශයෙන් කිසිඳු රාජ්‍යයක් නොපිළිගන්නා බවයි. adaderana

කප්පම්කරුවන් තිදෙනා 16 තෙක් රිමාන්ඩ්


හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි 4 ක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සහ කළ සැකකරුවන් තිදෙනා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හැටන් මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.
පසුගිය දා හැටන් පොලිසියට ව්‍යාපාරිකයන් තිදෙනෙකු පැමිණිලි කර තිබුණේ තමන්ට දුරකථන ඇමතුමක් ලබා දී මෙලෙස කප්පම් මුදල් ඉල්ලූ බවයි.
අදාළ කප්පම් මුදල ලබා නොදුනහොත් තම දරුවන් සහ දේපළ විනාශ කර දමන බවට කප්පම්කරුවන් අනතුරු අඟවා ඇති බව ද ව්‍යාපාරිකයන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ඒ අනුව පරීක්ෂණ සිදු කළ හැටන් පොලිසිය අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.. adaderana

වී මෙට්‍රික් ටොන් 6500 ක් ගත්තා


වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ යටතේ රජය මේ වන විට මෙට්‍රික් ‍ටොන් 6500 ක වී ප්‍රමාණයක් මිල දී ගෙන තිබේ.
වී මිල දී ගැනීමේ කටයුතු විධිමත් කිරීම සඳහා පොළොන්නරු දිස්ත්‍රික්කය කලාප 5කට වෙන් කර එම කටයුතු සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ අතර ඊයේ හිඟුරක්ගොඩ පැවති ජනරැළියකට එක් වෙමින් ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා පැවසුවේ ගොවීන්ගේ වී මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය සතු සෑම සතයක්ම වියදම් කරන බවයි.
බත සපයන ගොවියා රැක ගැනීම රටේ නායකයා ලෙස තම වගකීම බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබිණි.adaderana

සුසිල් කිඳෙල්පිටිය 16 දක්වා රිමාන්ඩ්


එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක සුසිල් කිඳෙල්පිටිය මහතා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.
මිරිහාන පොලිසිය විසින් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කර ඇතැයි සඳහන් වේ.
මිරිහාන පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ කාන්තාවක් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිර‍කරගෙන තබා ගැනීම , නීතී විරෝධී ලෙස ගිනි අවියක් භාවිතා කිරීම , නාවික හමුදාවෙන් පළා ගිය සෙබළෙකුට නවාතැන් පහසුකම් ලබා දීම ඇතුළු චෝදනා රැසක් සැකකරුට එරෙහිව ඉදිරිපත් වී ඇති බවයි.
එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජී.පී.එස් රණසිංහ මහත්මිය විසින් සුසිල් කිදෙල්පිටිය , ඔහුගේ රියදුරු සහ නාවික හමුදාවෙන් පළා ගිය සෙබළා ද රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නි‍යෝග කරනු ලැබ තිබේ..
කි‍ඳෙල්පිටිය මහතා වාහනයකින් ගමන් කරමින් සිටිය දී වැලිකඩ පොලිස් වසමේ දී ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කර තිබිණි.adaderana

එම අවස්ථාවේ දී අදාළ වාහනය තුළ අවිවාහක තරුණියක්, නාවික හමුදාවෙන් පළා ගිය සෙබළෙකු සහ රථයේ රියදුරා ද සිටි බව ජයකොඩි මහතා පවසා තිබිණි.

ඉදිරි පස් අවුරුද්ද මට අභියෝගයක්


ඉදිරි වසර 5 තුළ දී තමාට අභියෝග රැසකට මුහුණදීමට සිදුව ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වික්‍රමසිංහ මහතා පවසන්නේ එම අභියෝග ජයගත‍ ‍නොහැකි වුවහොත් තමා දේශපාලන දිවියෙන් සමුගන්නා බවයි.
කුරුණෑගල ඊයේ පැවති ජනරැළියකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කරන ලදී.
තමන් ජනතාව හමුවේ තබන පොරොන්දු ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ප්‍රකාශයට පත්කර තිබෙන බවත්, එම පොරොන්දු ඉටු කිරීමට තමන් බැඳී සිටින බව ත් ඔහු සඳහන් කළේය.. adaderana

උත්සව සමයට මාළු ලාබයි


එළඹෙන උත්සව සමයේ දී මාළු සාධාරණ මිලකට ලබාදීමට පියවර ගෙන ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයේ ලේකම් ජී.පියසේන මහතා පවසන පරිදි උත්සව සමය වෙනුවෙන් උසස් ප්‍රමිතියෙන් යුතු මසුන් වෙළඳපොළට නිකුත් කිරීමට ‍පියවර ගෙන ඇත.
ඒ 9 මාර්ගය විවෘත කිරීමත් සමග හිඟයකින් ‍තොරව වෙළඳපොළට මසුන් ලැබෙන බව හෙතෙම කියා සිටියි.
ධීවර සංස්ථාව, ලක් සතොස සහ කෝප් සිටිවලදී ප්‍රමිතියෙන් යුතු මසුන් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා ඇති බව ද ධීවර අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.adaderana