
බෙලිඅත්ත , විතාරන්දෙණිය ප්‍රදේශයේ කාන්තාවක් තියුණු අයුධයකින් පහර දී ඝාතනය කර තිබේ..
එම කාන්තාව සිය නිවසේ සිටිය දී අද අලුයම නාඳුනන පිරිසක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 35 ක් පමණ වයසැති විතාරන්දෙණිය ප්‍රදේශයේ ම කාන්තාවකි.
බෙලිඅත්ත පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.. adaderana
0 comments:
Post a Comment