Monday, April 5, 2010

පැන්සල වෙනුවට පෑන


මෙවර මහ මැතිවරණ‍යේ දී ඡන්දය සලකුණු කිරීම සඳහා පැන්සල වෙනුවට පෑන භාවිතා කිරීමට මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා තීරණය කර තිබේ.
මෙලෙස මැතිවරණයකදී ඡන්දය සලකුණු කිරීම සඳහා පැන්සල වෙනුවට පෑන භාවිතා කරන්නේ ඉතිහාසයේ ප්‍රථම වරටය. දේශපාලන පක්ෂවලින්, මැතිවරණ නිරීක්ෂකයින්ගෙන් සහ වෙනත් සංවිධානවලින් ඉදිරිපත් වූ යෝජනා සලකා බැලීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය. මැතිවරණය විනිවිදභාවයකින් පැවැත්වීම මෙන්ම මැතිවරණ කාර්යාලයට ඉදිරිපත් වන දූෂිත චෝදනා වැළැක්වීම මෙමගින් අපේක්ෂා කරයි. adaderana

0 comments:

Post a Comment