Monday, April 5, 2010

සන්ධාන ආධාරකරුවෙකු ඝාතනය කරයි


එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඊයේ රාත්‍රී 11.30 ට පමණ මාවතගම කැප්පැටිපොල මාර්ගයේ බරන්දල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව මාවතගම පොලිසිය පැවසුවේය. එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකුට අයත් වාහනයකින් ගමන් කරමින් සිටියදී මග හරස් කොට සන්නද්ධ පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්ය.
සිද්ධියෙන් මියගොස් ඇති පුද්ගලයා රීදිගම ප්‍රදේශයේ පදිංචි 22හැවිරිදි තරුණයෙකු බව පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ. adeana

0 comments:

Post a Comment