Monday, April 5, 2010

මැතිවරණ ප්‍රචාරණය අදින් අවසන්


2010 මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
එම කාලයෙන් පසුව කිසිදු ආකාරයක මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නිරත වීම නීති විරෝධි බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය. ඒ අනුව මැතිවරණයට තරග කරන සියලු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වල අපේක්ෂකයන්ගේ ඡායාරූප, බැනර් සහ කටවුට් ද අද මධ්‍යම රාත්‍රීයට පෙර ඉවත් කළ යුතුය. ඔවුන්ට පිහිටුවීමට අවසර ලබා දී තිබු කොට්ඨාශ මට්ටමේ පක්ෂ කාර්යාල හෙට මධ්‍යම රාත්‍රියට පෙර ඉවත් කළ යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළේය. ඒ අනුව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අද සිය අවසන් ප්‍රචාරක රැලි පැවැත්වීමට නියමිතය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් ප්‍රචාරක රැලිය හම්බන්තොට‍ මිද්දෙනිය ප්‍රදේශයේ පැවැත්වේ. එක්සත් ජාතික පක්ෂ අවසන් ප්‍රචාරක රැලි කොළඹ කොස්ගස්හන්දිය, කළුතර සහ ගාල්ල ප්‍රදේශ වලදී පැවැත්වෙන්නේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්ව‍යෙනි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ද සිය අවසන් ප්‍රචාරක රැලිය එහි නායකයන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අලුත් කඩේ ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතය. මෙවර මහ මැතිවරණය පැවැත්වෙන්නේ අප්‍රේල් 8 වැනි දිනය. adaderana

0 comments:

Post a Comment