Monday, April 5, 2010

හිමිවරුන්ගේ උපවාසයට පොලිස් පොල්ල හරස්වෙයි


කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උපවාසයක නිරතවූ භික්ෂූන් වහන්සේලා පිරිස ඉවත් කිරීමට පොලිසිය මේ වන විට පියවර ගෙන තිබේ.
අධිකරණයෙන් ලබාගත් අවසරයකට අනුව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව පොලිසිය සඳහන් කරන ලදී. ඒල්ල වූ දැඩි විරෝධය නොතකා මේ වන විට භික්ෂූන් වහන්සේලා එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගත් බව එහි සිටි අද දෙරණ විශේෂ වාර්තාකරු පැවසුවේය.
කෙසේ වෙතත් භික්ෂූන් වහන්සේලා මීට විරෝධය පළකිරීමත් සමග දැඩි උණුසුම්කාරී වාතාවරණයක් එම ස්ථාන‍යේ නිර්මාණය වූ බව ද අප වාර්තාකරු සඳහන් කළේය.
සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් විසින්‍ උපවාසයේ නිරත වූ භික්ෂූන් බලහත්කාරයෙන් ඉවත් කරන අයුරු කොටුව සීමාවේ රැඳී සිටි ජනයාට දැක ගන්නට ලැබී තිබේ.
අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර‍න ලෙස ඉල්ලමින් මෙම භික්ෂූන් වහන්සේලා පසුගියදා උපවාසයක් ආරම්භ කළෝය. adaderana

0 comments:

Post a Comment