Thursday, March 11, 2010

පක්ෂ මාරුව රජය පෙරළීමටත් වඩා අපහසුයි


පක්ෂ මාරුකිරීම රජයක්‍ පෙරළීමටත් වඩා අපහසු කාර්යයක් බව එස්.බී. දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරක් දරමින් සිටියදී තමන්ට ඉවත් වීමට සිදුවූයේ පක්ෂ නායකත්වයේ තිබූ අඩුපාඩු නිසා බව ඔහු සඳහන් කරයි.
කුණ්ඩසාලේ මැණික්හින්න ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරීන් පිරිසක් අමතමින් එස්.බී. දිසානායක මහතා මේ අදහස් පළ කළේය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ද පක්ෂ සාමාජිකයින්ට ඇහුම්කන් නොදී බෙදුම්වාදීන්ට සහය ලබාදීම නිසා නැවත වරක් පක්ෂය මාරුකිරීමට තමාට සිදුවූ බව එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ada

දඹුල්ල, මහ නගර සභාවක් ලෙස සංවර්ධනයට පියවර


දඹුල්ල ප්‍රාදේශීය සභාව මහ නගර සභාවක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ යෝජනාවකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව සඳහන්ය. දඹුල්ල නගරය දිවයිනේ අනෙකුත් නගරවලට වඩා ශීඝ්‍රයෙන් දියුණුවීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය. දඹුල්ල නගර සභා බල ප්‍රදේශය නියෝජිත කොට්ඨාශ 12 කින් සමන්විතය. ada

ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ජලය නෑMarch 11, 2010 09:10 am


ඊයේ(10) දිනයේ සිට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ජලය නොමැතිකම නිසා රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලය ද දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය නිසා නියමිතව තිබූ සැත්කම් කිහිපයක්ම අවලංගු කිරීමට ද සිදුව තිබේ. මේ පිළිබඳව අද දෙරණ කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ සඳහන් කළේ ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ පිරිපහදු කිරීමේ කටයුතු සඳහා මෙසේ ජල සැපයුම නවතා දමා ඇති බවය. නමුත් හෘද රෝග ඒකකයේ කටයුතු සඳහා කිසියම් තාවකාලික විසඳුමක් හෝ ලබාදී නොමැති අතර මේ පිළිබඳව දැඩි අවධානය යොමුකරන ලෙස ජාතික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී. ada

මඩකලපුවේ බස් රියදුරන් උද්ඝෝෂණයක


තම ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා මඩකලපුව, කාන්තන්කුඩි පෞද්ගලික බස්රථ රියදුරන් ඊයේ උද්ඝෝෂණයක නිතර විය.
පසුගිය දා රාත්‍රියේ සමන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක රියදුරෙකුට පහරදී ඝාතනය කළ අය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස උද‍්ඝෝෂකයින් ඉල්ලා සිටියේය. උද‍්ඝෝෂණය හේතුවෙන් කාත්තන්කුඩි ප්‍රදේශයේ පෞද්ගලික බස්රථ ධාවනය ඇණ හිට තිබුණි. කෙසෙ‍්වෙතත් පෞද්ගලික බස්රථ රියදුරු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සමන්තුරේ පොලිසිය ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ada

Wednesday, March 10, 2010

Cricket

ආණ්ඩුවේ චණ්ඩි පාට්වල හුළං බහී: යුරෝපා කොමිසම zෂේප්Z කරගන්න ලේකම්වරු බ්‍රසල්ස් යති

ජාත්‍යන්තරය හා පැන නැගී ඇති ගැටළු යුරෝපා කොමිසම හා සාකච්ඡා කර ඔවුන් හා සුහද වීම සඳහා ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ ලේකම්වරුන් සිව් දෙනෙක් ලබන සඳුදා බ්‍රසල්ස් නුවර බලා පිටත්ව යති.
මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්යය පී.බී. ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රොමේෂ් ජයසිංහ, අධිකරණ අමාත්‍යංශ ලේකම්, සුහද ගම්ලත් හා නීතිපති මොහාන් පීරිස් යන මහත්වරු එම විශේෂ දූත පිරිතට අයත් වෙති.
අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මේ බව හෙළි කරමින් පැවැසුවේ තමන් සද්භාවයෙන් ජාත්‍යන්තර ප්‍රජාව හා සුහද වීමට උත්සාහ කිරීමේදී එවැනිම ප්‍රතිචාරයක් ඔවුන්ගෙන්ද බලාපොරොත්තු වන බවයි.
ජාත්‍යන්තර බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව ද්වේශ සහගතව සිදුකරන මෙම කි්‍රයාවන් සඳහා අවශ්‍ය උපකාර රාජ්‍ය නොවන සංවිධාන හරහා සිදු කෙරෙන බවත්, එම රාජ්‍ය නොවන සංවිධාන සඳහා ලැඛෙන විශාල මුදල් ප්‍රමාණයන් කුමන කරුණක් සඳහා ලැඛෙනවාද, එවාහි වියදම් කවරේද? යන්න ගැන විනිවිද භාවයක් තිබිය යුතු යැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසුවේය. එම සංවිධාන සඳහා ලැඛෙන එවැනි අතිවිශාල මුදල් වෙනත් දේශපාලන අරමුණු සඳහා උපයෝගී කර ගනු ලබනවාද යන්න වැඩි දුරටත් සොයා බැලිය යුතු යැයිද ඇමැතිවරයා පැවැසීය.lankae

සීමා මායිම් සන්නද්ධ කණ්ඩායමක් සමඟ නාවලපිටියේ zමැර ගමගේZ යකා නටයි


ආණ්ඩුවේ කටකාර ඇමැතිවරයකු වන මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඔහු නියෝජනය කරන නාවලපිටිය ආසනයට විපක‍ෂයේ පමණක් නොව ආණ්ඩු පක‍ෂයේ අපේක‍ෂකයිනට ද මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීමට ඉඩ නොදෙමින් මැර දේශපාලනයක යෙදී සිටින බවට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා චෝදනාවක් කරයි.
ඔහු පවසන්නේ මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා ශ්‍රී ලංකාව තුළ zzමායිම් ආණ්ඩුවක්ZZ මැර බලයෙන් පවත්වා ගෙන යන බවයි.
මේ රටේ ඛෙදුම්වාදය අවසන් කළ බව ආණ්ඩුව ප්‍රකාශ කළත් වෙනත් ආකාරයකට ඛෙදුම්වාදය නිර්මාණය වී නාවලපිටියේ වෙනම රාජ්‍යයක් ලෙස මැරබලය යොදාගනිමින් මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා ගෙනයන ක්‍රියාකලාපය හෙළා දුටු මනෝ ගනේෂන් මහතා හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති විවාදයට සහභාගි වෙමින් මේ පිළිබඳ කරුණු දැක්වීමක්ද කළේය.
මනෝ ගනේෂන් මහතා zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි දෙමළ ඡන්ද 90,000 ක් තිඛෙන බවයි. මෙයින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් එනම් 16,000 ක් ලියාපදිංචි වී තිඛෙන්නේ නාවලපිටිය ආසනයේයි. එම ආසනයට යාබද ගම්පොල ආසනයේ ලියාපදිංචි ඡන්ද 14,000 ක් පමණ ඇත. මෙය මහනුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි සමස්ත දෙමළ ඡන්ද සංඛ්‍යාවෙන් තුනෙන් එකකි.

මනෝගනේෂන් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මේ ඡන්ද වතුකම්කරු ඡන්ද බවත් ඔවුනට වෙනත් අපේක‍ෂකයිනට ඡන්දය නොදෙන ලෙසට තර්ජනය කරමින් ඡන්ද ප්‍රචාරක කටයුතු හා වතුකරයේ ද්‍රවිඩ ඡන්ද ජනතාව හමුවීමට එම දිස්ත්‍රික්කයෙන් තරඟ කරන දෙමළ අපේක‍ෂකයිනට නාවලපිටියට ඇතුල්වීමට අලූත්ගමගේ මහතාගේ මැරයන් ඉඩ නොදෙන බවත් එසේම එජාපෙ අපේක‍ෂකයිනටත් ආණ්ඩු පක‍ෂයේ සරත් අමුණුගම, කෙහෙළිය රඹුක්වැල්ල සහ එස්.බී. දිසානායක මහත්වරුනටත් නාවලපිටියේ ඡන්ද කටයුතු සඳහා ඇතුල්වීමට ඉඩ නොදෙන බවත්ය.
ගම්පොළ, නුවරඑළිය පාරේ නාවලපිටියට ඇතුළුවන ස්ථානයේ රටවල් දෙකක සීමා මායිම් ආරක‍ෂාවට සන්නද්ධ හමුදා යොදා ඇති ආකාරයට වාහන 2 ක් සමඟ සන්නද්ධ මැර කණ්ඩායමක් නතර කොට තිඛෙන බවත් කිසියම් හෝ අපේක‍ෂකයකු එම මායිම පසු කර ගියහොත් පහරදී පන්නා දමන බවත් මනෝගනේෂන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ප්‍රචණ්ඩත්වයකින් තොරව සාමකාමී සාධාරණ මැතිවරණයක් පවත්වන්නට ආණ්ඩු පක‍ෂයේ අපේක‍ෂකයින් පොරොන්දු කරවා ගන්නට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය සිහිපත් කළ එA මහතා අගමැතිවරයා නියෝජනය කරන කළුතර දිස්ත්‍රික්කයත් එජනිස මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා තරඟ කරන කොළඹ දිස්ත්‍රික්කයේත් ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා තරඟ කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ බැසිල් රාජපක‍ෂ මහතා කණ්ඩායම් නායකයා ලෙස තරඟ කරන ගම්පහ දිස්ත්‍රික්කයේත් විපක‍ෂයට තහනම් කලාප ක්‍රියාත්මක නොවන බවත් එහෙත් ඉතා සැලැසුම් සහගතව විපක‍ෂයට තහනම් කලාපයක් මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවත්වා ගෙන යන බවත් පැවැසුවේය.
තමා ලබන සතියේ තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා නාවලපිටිය යන බව පාර්ලිමේන්තුවට දැනුම්දුන් එA මහතා යම් හෙයකින් තමාට හෝ තමා ආධාර කරුවනට හෝ ජීවිත අනතුරක් සිදුවුවහොත් එහි වගකීම මහින්දානන්ද අලූත්ගමගේ මහතා බාරගත යුතු බව කීවේය.

හදිසිනීතිය සම්මත කරගැනීම සඳහා ඡන්ද විමසන අවස්ථාවේ සිය අසුනින් නැගිට පාර්ලිමේන්තු සභා ගර්භය මැදට පැමිණි මනෝගනේෂන් මහතා පහත සඳහන් පාඨය ඇතුලත් පුවරුවක් ප්‍රදර්ශනය කළේය.
zzගරු අගමැති තුමනි, මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ආසනයේ සිදුවන මැර ගමගේ දේශපාලනය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය තහවුරු කරන්නZZ. lanake

ජනාධිපතිගේ නියෝජිතයා නම් කරයි


පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමේ ප්‍රධාන වගඋත්තකරු ලෙස නම් කර ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයා නම් කර ති‍බේ.
ඒ අනුව ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින ‍නීතීඥයින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ නීතීඥ අතුල පෙරේරා මහතා ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයා ලෙස නම් කරන බවයි.
මේ බව තහවුරු කෙරෙන මෝසමක් එම නීතීඥවරු පිරිස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ.
ජනාධිපතිවරණයේ දී දූෂණ සහ අක්‍රමිකතා සිදුවූ බැවින් එහි ප්‍රතිඵලය අවලංගු කරන ලෙස ඉල්ලා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අදාළ පෙත්සම ගොනු කර තිබුණි. ada

ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් ඕනෑ


මෙරටට අවශ්‍ය වන්නේ පෞද්ගලික දේශපාලනයක් නොව ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට ගැටලු රැසකට හේතුව දේශපාලඥයින් ප්‍රතිපත්තිගරුක දේශපාලනයෙන් ඈත්වීම බවයි.
ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලනය ලෝක ප්‍රවණතාව බව ද බත්තරමුල්ල, සිංහපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මොරගොඩ මහතා සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා ඉල්ලා සිටියේ පටු අරමුණුවලින් ඉවත් වී ප්‍රතිපත්තිගරුක දේශපාලනයේ නිරත වීමට කටයුතු කරන ලෙසයි. ada

රැඳවුම් කඳවුරු වලට එරෙහි වූ පෙත්සම ඉවතට


ආරක්ෂක අමාත්‍යාංශය විසින් රැඳවුම් කඳවුරු 6 ක් ප්‍රකාශයට පත්කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ‍ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් අද ප්‍රතික්ෂේප කෙරුණි.
ඒ පැමිණිලි පාර්ශවය අදාළ පෙත්සම ඉල්ලා අස්කරගැනීමට එකඟවීම හේතුවෙනි. පයාගල ප්‍රදේශයේ කාන්තාවක විසින් පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වගඋත්තකරුවන් ලෙස නම් කර තිබුණේ පොලිස්පතිවරයා ඇතුළු පිරිසකි.
පොලිස් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හමුදාව විසින් පාලනය කරනු ලබන යෝජිත කඳවුරුවල රඳවා තබා ගැනීම මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව පෙත්සමෙන් පෙන්වා දී තිබුණි.
පෙත්සම කැඳවූ අවස්ථාවේ දී රජයේ නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ කඳවුරු හමුදාවට අයත් වුව ද ඒවායේ රඳවා තබන සැකකරුවන් පාලනය සම්පූර්ණයෙන්ම පොලිස්පතිවරයා යටතේ සිදුවන බවයි. එය පිළිගත් පැමිණිලි පාර්ශවය පෙත්සම ඉල්ලා අස්කරගැනීමට එකඟ වී තිබේ. ada

රාජ්‍ය මාධ්‍යයේ අසීරුව කොමසාරිස්ට දන්වයි


ඉදිරි මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවලදී රාජ්‍ය මාධ්‍ය ආයතන වෙන්කරන ගුවන් කාලය ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක් මතු වී තිබේ.
මැතිවරණ පනතට අනුව මැතිවරණය සඳහා තරග කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට රාජ්‍ය මාධ්‍ය ආයතන මගින් නිශ්චිත ගුවන්කාලයක් හිමිවේ.
නමුත් රූපවාහිනී සංස්ථා සහ ගුවන් විදුලි සංස්ථා පාලන අධිකාරීන් මගින් මැතිවරණ ‍කොමසාරිස්වරයාට දැනුම් දී ඇත්තේ මෙවර එම කර්තව්‍යය ඉටුකිරීම ප්‍රායෝගිකව දුෂ්කර වී ඇති බවයි. පනතට අනුව එක් කණ්ඩායමකට හිමිවන ගුවන් කාලය විනාඩි 15 කි.
මෙවර මැතිවරණය සඳහා ‍පිළිගත් දේශපාලන පක්ෂ 36 ක් සහ ස්වාධීන කණ්ඩායම් 301 ක් තරග වදින බැවින් එම කණ්ඩායම් සඳහා ගුවන් කාලය වෙන් කිරීම තුළින් අදාළ ආයතනවල සාමාන්‍ය වැඩසටහන් පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බව එම ආයතන මගින් දැනුම් දී තිබේ.
මේ හේතුවෙන් ඒ සඳහා විසඳුමක් ලබාදෙන ලෙස රාජ්‍ය මාධ්‍ය ආයතන මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත. ada

විපක්ෂයක් නැති මැතිවරණයක් ඇවිත්


විපක්ෂයක් නැතිව පවත්වන මහ මැතිවරණයක් එළඹ ඇති බවත් ආණ්ඩු පක්ෂය මේ වන විටත් ජයග්‍රහණය ලබා ඇති බවත් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහලේකම් ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඉතිහාසයේ නොවූ විරූ අයුරින් එක්සත් ජාතික පක්ෂය දැවැන්ත සෝදාපාළුවට ලක්ව ඇතැයිද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
එ.ජා.ප මහ ලේකම්වරයාට පවා අද මැතිවරණයට තරඟ කරන්නට තරම්වත් ශක්තියක් නොමැති බවත් ඔහු කියා සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් තමන් මහ මැතිවරණයෙන් පරාජයට පත්ව ඇති බව පිළිගෙන ඇති බව ඔහු කරන ප්‍රකාශ වලින්ම පැහැදිලි වන බව පෙන්වා දුන් ඇමතිවරයා මේ වන විට ඔහු ජනතාවගෙන් ඉල්ලන්නේ 2/3 ක් දෙන්න එපා කියන කාරණය පමණක් බව ද පැවසීය. ada

හකීම්ගේ ආරක්ෂාවට නිලධාරීන් 5 ක් ඕනෑ


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ලබාදීමට කටයුතු කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදුකළේ, තම ආරක්ෂාව ඉවත් කළ බවට‍ චෝදනා කරමින් රවුෆ් හකීම් මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේ දීය.
මෙහිදී රජයේ නීතීඥවරිය කියා සිටියේ හකීම් මහතාගේ ආරක්ෂාවට උපපොලිස් පරීක්ෂකවරයෙකු, ‍පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ලබාදීමට කටයුතු කර ඇති බවයි.
එහෙත් තම සේවාදායකයාගේ ආරක්ෂාව සඳහා අවම වශයෙන් නිලධාරීන් පස්දෙනෙකුවත් අවශ්‍ය බව පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරු එහිදී කියා සිටියහ.ඒ අනුව පෙත්සම ලබන 25 වැනිදා යළි කැඳවීමට නියම කළ අධිකරණය, නිලධාරීන් පස්දෙනෙකු ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් එදිනට වාර්තා කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලදී. ada

හිටපු එල්.ටී.ටී.ඊ සැකකරුවන්ට ස්වයං රැකියා


එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයින් පිරිසකට ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා උපකරණ තොගයක් බෙදා දී තිබේ.
නැඟෙනහිර පළාතේ ක්‍රියාකාරීව සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 550 දෙනෙකුට අමෙරිකානු ආධාර මත ‍මෙම උපකරණ බෙදා දී ඇති බව සඳහන් වේ.
කෘෂිකර්මාන්තය සහ ධීවර කටයුතු සඳහා අවශ්‍ය ආම්පන්න තොගයක් මේ යටතේ බෙදා දී ඇත. එල්.ටී.ටී.ඊ සාමාජිකයින් යළි සමාජගත කිරීමේ වැඩපිළිවෙළෙහි පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.
එල්.ටී.ටී.ඊ ය සහ ටී.එම්.වී.පී යට අනුබද්ධව කටයුතු කළ සන්නද්ධ සාමාජිකයින් දහසක් නැවත සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ද සංක්‍රමණිකයින් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ දායකත්වය ඇතිව ක්‍රියාත්මක කෙරේ. ada

සුළං විදුලි බලාගාර දෙකක්


මෙගා වොට් 30 ක ධාරිතාවකින් යුත් සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපිත කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවරගෙන තිබේ.
එම අමාත්‍යාංශය පවසන පරිදි මාම්පුරි හා කල්පිටිය ප්‍රදේශවල මෙම බලාගාර ස්ථාපිත කෙරේ. දැනටමත් කල්පිටිය ප්‍රදේශයේ ස්ථාපති සුළං විදුලි බලාගාරයේ ඉදිරිකිරීම් කටයුතු අවසන් වෙමින් පවතින අතර එමගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 10 ක විදුලි ධාරිතාවක් සැපයීමට නියමිතය.
මාම්පුරි බලාගාරයේ ඉදිකිරීම් ඉදිරි මාස 6 ක කාලය තුළ නිම කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. එමගින් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙන විදුලි ධාරිතාව මෙගා වොට් 20 කි. ada

කුඩුත් එක්ක බඩු මාට්ටු


හෙරොයින් තොගයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු කඳාන පොලිසිය මගින් අත්අඩංගුව‍ට ගෙන තිබේ..
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසන පරිදි අත්අඩංගුවට පත්වන අවස්ථාවේ මොහු ළඟ තිබී හොරොයින් ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් 330 ක් බැගින් වු පැකට් 103 ක් සොයාගෙන ඇත.
කඳාන කුඩුවත්ත ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
අදාල සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. ada

මැතිවරණ කාර්යාල බහුතරයක් නීති විරෝධියි


ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් දැනට පිහිටුවා ඇති දේශපාලන පක්ෂ කාර්යාල බහුතරයක් ලියාපදිංචි නොවු ඒවා බව පැෆ්රල් සංවිධානය පවසයි.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන පරිදි පසුගිය දින දෙක තුළ සිදුකළ විශේෂ නීරීක්ෂණයකදී මේ පිළිබඳ අනාවරණය වී ඇත.
ගාල්ල , මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්වල මෙම විශේෂ නීරීක්ෂණය සිදුකළ බව හෙට්ටිආරච්චි මහතා පවසයි. ඒ අනුව පොලිසියේ සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ගේ අවසරය සහිත වු මැතිවරණ මෙහෙයුම් කාර්යාල 15 ක් පමණක් එම දිස්ත්‍රික් තුනෙන් වාර්තා වු බව හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ඔහු පවසන්නේ නගරවල නීති විරෝධි ලෙස පක්ෂ කාර්යාල කිහිපය බැගින් පිහිටුවා ගැනීමට ඇතැම් අපේක්ෂකයින් කටයුතු කර ඇති බවයි. ada

Tuesday, March 9, 2010

හාල් ගැන පුළුවන්-බිත්තර ගැන බෑ


යාපනයේ වැවෙන කැරට්වල අල වගේම කොළ ත් ආහාරයට ගත හැකි බව වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
යාපනයේ වැවෙන කැරට් එතරම් ගුණදායක වුණත් තමන්ට තාමත් කිසිවෙක් යාපනයේ කැරට් කැවීමට උත්සාහ නොකළ බවද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
වන විට සහල් අවශ්‍ය ප්‍රමාණයෙන් වෙළෙඳපොළේ පවතින බවත්,සහල් ආනයනය මේ වන විට නතර කර ඇති බවත්, එසේ කරනු ලැබුවේ දේශීය සහල් ගොවියා ආරක්ෂා කිරීමට බවත් ඇමතිවරයා කියා සිටියේය.
2012 වන තෙක් සහල් සම්බන්ධයෙන් තමා වග කියන වගද ඔහු පැවසීය. ‍වෙළෙඳපොළේ සහල් මිල අත්තනෝමතික ලෙස වැඩි කරන අයට හෙට සිට නීතිය ක්‍රියාත්මක කරන බවත්,පාරිභෝගික ආරක්ෂක අධිකාරිය විසින් ඔවුන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා බවත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
කුකුල් මස් කිලෝවක උපරිම මිල රු.350 ක් විය යුතු බවත්,බිත්තර සම්බන්ධයෙන් තමන්ට වග කිව නොහැකි බවත් ඇමතිවරයා පැවසීය. බිත්තර මිල පිළිබඳ වගකීම දරනු ඇත්තේ පශු සම්පත් අමාත්‍යංශය බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ada

ත්‍රස්තවාදය නැතත් ආරක්ෂාව ඕනෑ


ත්‍රස්තවාදය නැති නිසා හදිසි නීතියේ අවශ්‍යතාවයක් නැතැයි එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
‍ හදිසි නීතියේ මුවාවෙන් ආණ්ඩුව සිය පටු දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට කටයුතු කරන නිසාම අද හදිසි නීතියට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට පියවර ගත් බව ද හෙතෙම අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
ත්‍රස්තවාදය තුරන් වී ඇත්නම් හා හදිසි නීතියේ අවශ්‍යතාවයක් නැත්නම් ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පැන නඟින්නේ නැතිනම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ගයක් ගත්තේ ඇත්දැයි මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ ලේකම්වරයා කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දෙන්නේනම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ආරක්ෂාව ලබා දිය යුතු බවය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය ත්‍රස්තවාදය තුරන් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවද හෙතෙම පැවසීය. 19 දින සිට මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන බවත්,ප්‍රථම රැළිය යාපනයේ පවත්වන බවත් මහ ලේකම්වරයා පැවසීය.ada

ෆොන්සේකාට වරප්‍රසාද දෙන්න බැඳී නෑ


අත්අඩංගුවේ පසු වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විවිධ පහසුකම් ඉල්ලා සිටියද එකී පහසුකම් ලබා දෙන්නට රජය හෝ හමුදාව හෝ බැඳී නැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.
හමුදා අත්අඩංගුවේ සිටින පුද්ගලයින්ට පහසුකම් ඉල්ලීමේ වරප්‍රසාදය හිමි නොවන බව හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකින් පසු අද දෙරණට විශේෂ ප්‍රකාශයක් කරමිනි.සරත් ෆොන්සේකා මහතා යම් සැකයක් මත අත්අඩංගුවට ගෙන මූලික පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව යුද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත සැකකරුවෙකු බවත්,එවැනි සැකකරුවෙකු සම්බන්ධයෙන් වරප්‍රසාද ලබා දිය නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.
ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයාව සිටියදී යුද අධිකරණයට පමුණුවන ලද හමුදා නිලධාරීන් මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් තමන්ට කෙතරම් අකටයුතු කම්වලට ලක්වීමට සිදුවූවාද යන්න පිළිබඳ ප්‍රකාශ කර ඇති වග හුළුගල්ල මහතා පෙන්වා දුන්නේය. ada

හදිසිය"හදිසියේ සම්මතයි


අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 93 ක්ද විපක්ෂව ඡන්ද 24 ක්ද ලැබීමෙන් වැඩි ඡන්ද 69 න් සම්මත විය.
ජනතා විමුක්ති පෙරමුණ,එක්සත් ජාතික පක්ෂය,මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ,ද්‍රවිඩ ජාතික සන්ධානය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත..
පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී යළි කැඳවීමට ජනාධිපතිවරයාට හිමි බලතල උපයෝගී කර ගනිමින් හදිසි නීතිය යළි මසකින් දීර්ඝ කිරීමට අවස්ථාව සලසා ගැනීම සඳහා අද දින පාර්ලිමේන්තුව යළි රැස් කෙරිණි.
එසේම අප්‍රේල් මස 06 වන දින හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී මේ අයුරින් පාර්ලිමේන්තුව හදිසි නීතිය සම්මත කර ගැනීම සඳහා හදිසියේ කැඳවූ දෙවන අවස්ථාව මෙය බව වාර්තා වේ.
2001 සැප්තැම්බර් මස 14 වන දින එවකට ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ සමයේදීද මේ අයුරින්ම පාර්ලිමේන්තුව හදිසයේ කැඳවා තිබේ. ada

පාතාල සාමාජිකයින් දෙදෙනෙක් මරුට


කුරුණෑගල බඩගමුව රක්ෂිතයේදී සිදුවු වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජිකයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරන පරිදි පොලිසිය ‍විසින් එල්ල කළ වෙඩි ප්‍රහාර වලින් මෙම පාතාල සාමාජිකයන් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව ඇත. මීනිමැරුම් 28 කට සහ කොල්ලකෑම් 15 කට සම්බන්ධ බවට මෙම සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වි තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.br>
පසුගියදා පන්නල පොලිසිය මගින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඊයේ රාත්‍රියේදී පොලිස් අත්අඩංගුවෙන් පැන ගොස් තිබේ.
මෙම පාතාල සාමාජිකයන් දෙදෙ‍නා බඩගමුව රක්ෂිතයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරින්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදි පොලිසියද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් ඔවුන් ජිවිතක්ෂයට පත්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
පාතාල සාමාජිකයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල මහේස්ත්‍රාත් නිමල් රණවක මහතා විසින් අද‍ පෙරවරුවේ සිදුකරන ලදී.

අප්‍රේල් වනවිට රනිල්ව අගමැති කරනවා


ලබන අප්‍රේල් මාසය වන විට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර ජයලත් ජයවර්ධන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසයේ දී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය පරාජය කිරීමෙන් අනතුරුව විපක්ෂය බලය තහවුරු කරගන්නා බවය. වත්තල පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ජයලත් ජයවර්ධන මහතා මේ අදහස් පළ කළේය. ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂයද මෙවර පරාජය කරන බව මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා සඳහන් කළේය. ada

නොරොච්චෝලේ හදිසි ගින්නක්


කල්පිටිය, නොරොච්චෝලේ තාප විදුලි බලාගාර‍යේ පිහිටි බඩු ගබඩාංගනයක හදිසි ගින්නක් ඇති වී තිබේ.
අද අළුයම මෙම ගින්න හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය. ගින්න හේතුවෙන් කිසිදු ජිවිත හානියක් වාර්තා නොමැති අතර එහි තිබූ බට සහ නල තොගයකට අලාභ හානී සිදුවී ඇති බව සඳහන්ය. පලාවිය ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ වැඩ බිමෙහි කම්කරුවන් විසින් ගින්න මැඩපවත්වා ඇති අතර ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත. ada

මත්පැන්හල් සඳහා අවසර නොදිය යුතුයි


මත්පැන්හල් විවෘත කිරීම සදහා අවසර ලබානොදෙන බවට සියලුම අපේක්ෂකයින්ගෙන් ප්‍රතිඥාවක් ලබාගත යුතු බව මහජන එක්සත් පෙරමුණ පවසයි.
තම පාලන කාලය තුළ මත්පැන්හල් ආරම්භ කිරීම සඳහා අවසරයක් හෝ අනුබලයක් ලබාදී නොමැති බව එහි නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. එබැවින් මෙවැනි ඉල්ලීමක් කිරීමට සදාචාරාත්මක අයිතියක් තමාට ඇති බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
හරගම, පන්නිපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. අප රට ත්‍රස්තවාදීන්‍ට ගොදුරු කිරීමට උත්සාහ දැරූ විදේශීය බලවේග, ඉදිරියේදී ද විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කළ හැකි බව දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේය. ada

බලය බෙදීමේ ක්‍රමයක් අවශ්‍යයි


සියලු ජනකොටස් වල ගැටලු වලට විසඳුම් ලබාදීම සඳහා බලය බෙදා හැරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා පවසයි.
යුද්ධය නිමා වීමෙන් පසුව රජය මේ සම්බන්ධයෙන් මනා අවබෝධයකින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කරයි. මුස්ලිම් නියෝජිත පිරිසක් සමග කොළඹ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මිලින්ද මො‍රගොඩ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. උතුරු නැගෙනහිර මෙන්ම කොළඹ වාසය කරන මුස්ලිම් ජනතාවට පවතින ප්‍රශ්න ඉදිරි කාලසීමාව තුළ විසඳීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය. ada

Monday, March 8, 2010

ජෙනරාල්ගේ අරගලය ජය ගනී


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුවීමට යන අවස්ථාවේ ජංගම දුරකථනය රැගෙන යාම සදහා අනෝමා ෆොන්සේකා මහත්මියට යුද හමුදාපතිවරයා යළි අවසරදුන් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රසාද් සමරසිංහ මහතා "ඒක වරප්‍රසාදයක් විතරයි, උසාවි නියෝගයක් නොවෙයි. ඒ වරප්‍රසාදය අපි එයාට කලින් ලබාදීපු එකක්. යුද හමුදාපතිවරයා අද තීරණය කර තිබෙනවා එතුමාට ඒ වරප්‍රසාදය නැවත ලබා දෙන්න. හැබැයි ඒ ඔහුගේ දියණියන් දෙදෙනාට කතා කිරීමට පමණයි." යැයි පැවසීය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට දුරකථන පහසුකම් ඇතුළු තවත් පහසුකම් කිහිපයක්ම ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද නියෝගකර ති‍බියදී පසුගිය සෙනසුරාදා රාත්‍රියේ සිට ඔහුට දුරකථන පහසුකම් ලබාදීම නවතා තිබිණි. ඒ අනුව ඊට විරෝධය පළ කරමින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ පෙරවරුවේ සිට නිරාහාරව සිටිමින් උපවාසයක නිරතවූ අතර අද දහවල්වන විට එයට පැය 24ක්ද ඉක්මවා තිබිණි.
මේ අතර යුද හමුදාපතිවරයා ලබා දුන්නා යැයි කියන නියෝගය මේවන තෙක් තමන් වෙත ලැබී නොමැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. truth

කාන්තා දායකත්වය වැඩියෙන් ලබා ගන්නවා


ශ්‍රී ලාංකේය කාන්තා පරපුර වෙනුවෙන් වත්මන් රජය ලබාදුන් ඉහළම ත්‍යාගය ත්‍රස්තවාදය මාතෘ භූමියෙන් මුලිනුපුටා දැමීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දශක තුනක් පුරා මෙරට කාන්තාව පීඩාවට පත් කළ ත්‍රස්තවාදය කෙටි කලක් තුළ පරාජය කිරීමට රජයට හැකි වූ බවයි.
මත් උවදුරට ද තිත තබමින් කාන්තාව වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටුකිරීමට පසුගිය සිව් වසර තුළ තම රජයට හැකි වු බව ජනාධිපතිවරයා කියා සිටියි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කරනු ලැබුවේ ජගත් කාන්තා දිනය නිමිත්තෙන් හම්බන්තොට සිරිබෝපුර පැවති උත්සවයට සහභාගි වෙමිනි.
පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ඉහළ නංවමින් රට සංවර්ධනයටත් , සදාචාරවත් රටක් ගොඩනැගීමේ කාර්යයටත් කාන්තා දායකත්වය වැඩි වශයෙන් ලබාගන්නා බව ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කළේය.ada

රට දියුණු කරන්නට දුර්වල විපක්ෂයක් ඕනෑ


රට දියුණු කරන්න නම් ප්‍රබල ආණ්ඩු පක්ෂයක් මෙන්ම දුර්වල විපක්ෂයක් අත්‍යවශ්‍ය බව ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට ප්‍රබල විපක්ෂයක් පැවතිය යුතු බවට මතයක් ඇතිකරමින් තිබුණත් එහි කිසිදු සත්‍යතාවයක් නැති බවත්,තුන්වෙනි ලෝකයේ කිසිදු රටක එවැනි ප්‍රබල විපක්ෂයක් දැකිය නොහැකි බවත් හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එබැවින් රටේ දුර්වල විපක්ෂයක් තහවුරු කරන්නට ඉතා සුදුසු දුර්වල විපක්ෂ නායකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා වඩා සුදුසු බව ද හෙතෙම අවධාරණය කළේය. ada

පැමිණිලිවලට ප්‍රතිචාර නැති නිසා පොලීසියට එරෙහිවමංගල අධිකරණයට


ජනාධිපතිවරණ සමයේ තම දේශපාලන කාර්යාල වලට සහ නිවසට අවස්ථා ගණනාවකදී එල්ලවූ පහරදීම් හා වෙඩි තැබීම් සම්බන්ධයෙන් කළ පැමිණිලිවලට එරෙහිව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතා පොලිසියට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී තමන්ටත් තම පාර්ශවකරුවන්ටත් සිදුවු හිරි හැර සහ ප්‍රචණ්ඩ ක්‍රියා වලදී පොලිසිය ක්‍රියා කළ ආකාර‍ය හේතුවෙන් තමාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට චෝදනා කරමින් මංගල සමරවීර මහතා මෙම පෙත්සම ගොනු කර ඇත.
මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමින් පොලිස්පතිවරයා , දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
පොලීසියේ ක්‍රියාකලාපය හේතුවෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසටත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසටත් පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියි.truth