මම බාරදුන්නේ පකෂයෙන් මට දුන් නාම යෝජනා පත්‍රය බව මොණරාගල දිස්ත්‍රික් එජාප නායක රංජිත් මද්දුම බණ්ඩාර මහතා zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසීය.ඔහු එසේ පැවැසුවේ මොණරාගල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පෙරමුණෙන් බාරදුන් නාම යෝජනා ලැයිස්තුවේ තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම zටිපෙක්ස්Z වලින් මකා වෙනත් නමක් ඇතුලත් කර තිබීම ගැන zලංකා ඊ නිව්ස්Z කළ විමසුමකට පිළිතුරු දෙමිනි.මොණරාගල දිස්ත්‍රික් ලැයිස්තුවේ අපේකෂකයකු ලෙස තිස්ස කුට්ටිආරච්චි මහතා නාම යෝජනා පත්‍රයට පකෂයේ මහලේකම්වරයා ඉදිරිපිට අත්සන් කළ බව ඔහු ප්‍රකාශ කරන අතර, එසේ නම් ඔහුගේ නම zටිපෙක්ස්Z වලින් මකා වෙනත් නමක් ඇතුල් කොට දිස්ත්‍රික් එජාප නායකයා ලෙස ඔබ විසින් නාමයෝජනා පත්‍රය බාර දීම ගැන කියන්නේ කුමක්දැයි විමසූ විට කීවේ ලියුම්කවරයක දමා තමාට දුන් නාමයෝජනා පත්‍රය බාරදුන් බවත්, තමා ඇතුළු පිරිස නාම යෝජනා පත්‍රයට අත්සන් කළේ සිරිකොතදී ලිපිකාර මහත්මියක් ඉදිරිපිට බවත්ය.මේ පිළිබඳව zලංකා ඊ නිව්ස්Z ඇසූ ප්‍රශ්න හා ඒවාට මද්දුම බණ්ඩාර මහතා දුන් පිළිතුරු මෙසේයි.
ප්‍රශ්නය: පකෂයේ මහලේකම්ට තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඉවත් කිරීම ගැන ඔහු වාචිකව පැමිණිලි කර තිඛෙනවා. එසේ කළ බව එජාප මහ ලේකම්වරයා zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසුවා. එසේ නම්, නම ඉවත් නොකළ බව ඔබ කියන්නේ කොහොමද?පිළිතුර: මා ඒක දන්නේ නෑ. මම බාරදුන්නේ මට පකෂයෙන් බාරදුන් නාම යෝජනා ලැයිස්තුවයි. කවුරු හරි මා එසේ කළා යැයි කියනවා නම් ඒ අයට විරුද්ධව මා අධිකරණයට යනවා.
ප්‍රශ්නය: තිස්ස කුට්ටිආරච්චි මහතා අධිකරණයට යන්න සූදානම් බව කියනවා.
පිළිතුර: ඒක හොඳයි. අධිකරණය තීරණයක් දේවි.
ප්‍රශ්නය: කණ්ඩායම් නායකයා ලෙස තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඉවත් කිරීම ගැන ඔබ කියන්නේ කුමක්ද?
පිළිතුර: කාගේවත් නමක් කපා දමන්න මට අවශ්‍යතාවක් නෑ. එසේම ඔය කියන පුද්ගලයා නාම යෝජනා පත්‍රයට අත්සන් කිරීම අපි දැක්කෙත් නෑ.
ප්‍රශ්නය: එහෙනම්, මේ නම නාම යෝජනා ලැයිස්තුවෙන් ඉවත් වුණේ කොහොමද?
පිළිතුර: 1994 මහා මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ එජාප ලැයිස්තුවට අපේකෂකයකු ලෙස හේමා ප්‍රේමදාස මහත්මියගේ නම ඇතුලත් කර, ඇය අත්සන් ද කර තිබුණා. නමුත් නාම යෝජනා පත්‍රයට බාර දෙන කොට ඇගේ නම කැපිලා රත්නසිරි රාජපකෂ මහතාගේ නම ඇතුල් වී තිබුණා. කොළඹ මහ නගර සභාවට එජාපය දුන් නාමයෝජනා පත්‍රයේ ටී.එම්. සංඝදාස මහතාගේ නම ඇතුලත්ව, ඔහුද නාම යෝජනා පත්‍රය අත්සන් කර තිබුණා. නමුත් නාම යෝජනා පත්‍රය බාරදෙන විට ඔහුගේ නම zටිපෙක්ස්Z වලින් මකා වෙනත් නමක් දා තිබුණා.
ප්‍රශ්නය: නාම යෝජනා පත්‍රය වෙනස් කිරීම බරපතල වරදක් බව පවසා ඇති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා, එජාප මොණරාගල දිස්ත්‍රික් නායකත්වයෙන් ඔබ වහා ඉවත් කරන ලෙසත්, ඔබට විරුද්ධව මේ කාරණය සම්බන්ධව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන ලෙසත් පකෂ මහලේකම්වරයාට දැනුම් දුන් බවක් වාර්තා වෙනවා. ඒ ගැන මොකද කියන්නේ?
පිළිතුර: නාම යෝජනා දෙන්න කලින් දිස්ත්‍රික්කයේ එජාප නායකයාගෙනුත් විමසන්න එපායැ. එවැන්නක් සිදුවූයේ නෑ. මාව එජාප දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් කළොත් මම ඊට විරුද්ධව අධිකරණයට යනවා. එපමණක් නොවෙයි. මාව ඉවත් කළත් දිස්ත්‍රික් එජාප කමිටු හා ශාඛා රැස්වී මාව දිස්ත්‍රික් නායකයා ලෙස පත්කර ගනීවි.lankae
Saturday, February 27, 2010
ලංකාවේ ජනගහනයෙන් 15.2%කට කන්නවත් නැහැ.

ශ‍්‍රි ලංකාවේ එක් පුද්ගයෙකු සදහා මූලික ආහාර ලබා ගැනිම සදහා වන මසකට වියදම ජනවාරි මාසයේදි රුපියල් 3079ක් වන බව ජන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තුමේන්තුව සදහන් කරයි. මේ තත්ත්වය සලකා බැලීමේදී ජනගහනයෙන් 15.2%ක ප‍්‍රමාණයක් දරිද්‍රතා රේඛාවේ පහලම මට්ටමෙහි සිටී. කොළඹ දී මෙම තත්වය ඉකුත් ජනවාරි මාසයේදි රුපියල් 3430ක් වූ අතර ගම්පහදී රු.3262ක්ද, ගාල්ලේදී 3155ක්ද, හම්බන්තොටදී 2968ක්ද වන බව අදාළ තොරතුරු වැඩිදුරටත් අනාවරණය කරයි.truth
ශී‍්‍ර ලංකන් එයාර්ලයින් සේවකයින්ට ගූගල් හා ජීමේල් තහනමක්

ශී‍්‍ර ලංකන් එයාර්ලයින් ගුවන් සේවයේ සේවකයින් සඳහා කාර්යාලයීය පරිගනකවලින් තමන්ගේ පෞද්ගලික ජී මේල් විද්‍යුත් ලිපින සඳහා පිවිසීම හා ගූගල් එන්ජිම වෙත පිවිසීම සම්පූර්ණයෙන් තහනම්කර ඇතැයි ලංකා නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.
එම වෙබ් අඩවිය වාර්තාකරන ආකාරයට ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ කටුනායක කාර්යාලයේ සියලූම පිවිසුම් දොරටු හා පිවිසුම් මන්තීරු සඳහා ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවිකර තිබේ. ශ්‍රී ලංකන් එයාර්ලයින් බලධාරීන් විසින් මෙම පියවරයන් ගෙන ඇත්තේ එහි සේවකයන් අතුරින් 50% ක පමණ ප‍්‍රතිශතයක් ආණ්ඩුවේ දේශපාලන මතයට විරුද්ධව කටයුතු කරන බවට ලැබුණු තොරතුරක් මත බව එම වෙබ් අඩවිය සදහන් කරයි.truth
පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් මියයයි

ලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.
මාතලේ නගරයේ දී පොලිසිය මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව මාතලේ දිස්ත්‍රික්ක භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලක් අබේසිරිවර්ධන මහතා සඳහන් කළේය. වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත් වී ඇත්තේ මෝටර් රථයේ ගමන් ගත් 36 හැවිරිදි පුද්ගලයෙකි. මොටර් රථයේ රෝද වලට තැබූ වෙඩි ප්‍රහාරයක් වැදීමෙන් මෙම මරණය සිදු ව ඇති බව පොලිසිය සඳහන් කළේය. මෝටර් රථයේ ගමන් ගත් අය අධික ලෙස මත්පැන් පානය කර සිටි බව මාතලේ දිස්ත්‍රික්කය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප්‍රකාශ කරයි. මරණයට පත් වූ පුද්ගලයා රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය. ada
බිම් බෝම්බ ඉවත් කිරීම අරඹයි

ඒ 9 මාර්ගයේ පරන්තන් සිට අලිමංකඩ හා මුහමාලේ දක්වා ප්‍රදේශ වල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි යුද හමුදාව පවසයි. ඒ සඳහා හමුදාවේ දහසක පමණ පිරිසක් යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් කළේය. බෝම්බ ඉවත් කිරීමේ යන්‍ත්‍ර 29 ක් ද ඔවුන්ට ලබා දී ඇති බව ඒ මහතා පැවසීය. තුනුක්කායි, මාන්තිව්, ඔඩ්ඩුසුඩාන් සහ කොකාවිල් යන ප්‍රදේශ වලද බිම් බෝම්බ මේ යටතේ ඉවත් කෙරෙනු ඇත.ada
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇරඹේ

මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය නිමල් පියතිස්ස මහතාගේ කාර්යාලයට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිදෙනෙකු වලපනේ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මෙසේ ප්‍රහාර එල්ල වී ඇත්තේ නිමල් පියතිස්ස මහතාගේ වලපනේ පිහිටි කාර්යාලයටය. ප්‍රහාරයෙන් කාර්යාලයේ දේපල රැසකට හානී සිදු ව ඇත.
අමාත්‍ය නිමල් පියතිස්ස මහතා වලපනේ පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ අමාත්‍ය සී.බී රත්නායක මහතාගේ සහෝදරයෙකු ඇතුළු පිරිසක් මෙම මැර ප්‍රහාරය එල්ල කර ඇති බවය. ඊයේ රාත්‍රී සිදු වූ මෙම මැර ප්‍රහාරය සම්බන්ධයෙන් වලපනේ පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි. අමාත්‍ය නිමල් පියතිස්ස මහතා මෙන්ම අමාත්‍ය සී.බී රත්නායක මහතා ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින අපේක්ෂකයින්ය. ada
ප්‍රතිඵල වෙනස්කළ හැකි නම් මැතිවරණයට එන්නෙ නෑ

පරිගණක තාක්ෂණයෙන් මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමේ හැකියාවක් ඇත්නම් තමන් මහ මැතිවරණ වලට ඉදිරිපත් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. පසුගිය ජනාධිපතිවරණයේ පරාජය පිළිගත නොහැකි පිරිස් ඡන්ද ප්‍රතිඵලය පරිගණක තාක්ෂණයෙන් විකෘති කළ බවට ව්‍යාජ ප්‍රකාශ නිකුත් කළ බව ඔහු පෙන්වාදෙයි. එම පිරිස් පක්ෂ කිහිපයකට කැඩී පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරමින් සිටින බව වීරවංශ මහතා සඳහන් කරයි. රට සෞභාග්‍යය කරා ගෙන යන ගමන සාර්ථක කර ගැනීම සඳහා තුනෙන් දෙකක ජනවරමක් අත්‍යාවශ්‍ය බව විමල් වීරවංශ මහතා කොළඹ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් ප්‍රකාශ කළේය.ada
හයිකෝප් දත්ත රහස් පොලීසිය භාරයට

ශ්‍රී ලංකා යුද හමුදාවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මුදල් වංචා කළ බව කියන හයිකෝප් සමාගමේ පරිඝනක පද්ධතියේ දත්ත රහස් පොලීසිය භාරයට ගෙන තිබේ. මෙම දත්ත ලබා ගැනීම සිදුව ඇත්තේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මතය. දැනට රිමාන්ඩ් භාරයේ පසුවන හයිකෝප් සමාගමේ අධ්‍යක්ෂවරයෙකුට අයත් නුගේගොඩ නිවසක තිබි මෙම දත්ත පරිඝනක දත්ත සොයා ගත් බව සඳහන්ය. එසේ ලබා ගත් දත්ත සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවක් සිදු කිරීමට ද රහස් පොලීසිය තීරණය කර ඇත. මේ පිළිබඳව රිමාන්ඩ් භාරයේ පසුවන අදාළ සමාගමේ අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ද අධිකරණය අවසර ලබා දුන් බව සඳහන් වේ. මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා වන ධනුන තිලකරත්න අත්අඩංගුවට ගැනීමට අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබේ.ada
ජනපති බෙලිඅත්ත හා මුල්කිරිගල සංචාරයක

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බෙලිඅත්ත හා මුල්කිරිගල ඡන්ද කොට්ඨාස වල සංචාරයක නිරත වී තිබේ. එහි දී ලේ දන් දීමේ කඳවුරකට ද ජනාධිපතිවරයා සහභාගි විය. සීනීමෝදර, මල්ගම සුනාමි ගම්මානයට ගිය ජනාධිපතිවරයා එහි ජනතාව මුහුණ පා සිටින ජල ප්‍රශ්නයට වහාම විසඳුම් ලබා දීමට පියවර ගත් බව සඳහන්ය. ඉන් අනතුරුව තංගල්ල, නිහිලුව මහා විද්‍යාලයේ පරිඝනක විද්‍යාගාරයද ජනාධිපතිවරයාගේ නීරීක්ෂණයට ලක්විය. නාම යෝජනා භාර දීමෙන් අනතුරුව පැවැත්වෙන සාම්ප්‍රදායික රථ පෙළපාලි වෙනුවට සංවිධානය කර තිබූ කිරිබත් දන්සලට ද ජනාධිපතිවරයා සහභාගි විය. ada
සාමකාමී මැතිවරණයකට ප්‍රතිඥා

සාමකාමී මැතිවරණයක් පවත්වන බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයින් ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රතිඥා දී තිබේ.
අද අනුරාධපුර ජනාධිපති මන්දිරයේ ෙමම ප්‍රතිඥා ලබා දුන් බව රජයේ නිල පුවත් වෙබ් අඩිවිය සඳහන් කළේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මෙම ප්‍රතිඥාව ලබා දීමට පෙර අනුරාධපුර දී බෞද්ධ, කතෝලික, හින්දු සහ ඉස්ලාමීය ආගමික වතාවත් වල නිරත විය.අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසළ දී බෞද්ධ ආගමික වතාවත් සිදු කෙරුණු බව ද සඳහන්ය. ශාන්ත ජෝන් ආසන දෙව් මැඳුරේ දී කතෝලික ආගමික වතාවත් සිදු වුණු අතර කදිරේශ්වරම් කෝවිලේ දී හින්දු ආගමික වතාවත් සිදුවිය. අනුරාධපුර මොහිදීන් ජුම්මා පල්ලියේ දී ඉස්ලාමීය ආගමික වතාවත් සිදු වුණු බවද වාර්තා වේ.ada
එජාපෙ රත්නපුර දිස්ත්‍රික් සමුළුව අද

එක්සත් ජාතික පෙරමුණේ දිස්ත්‍රික් සමුළුව අද රත්නපුරයේ දී පැවැත්වේ. ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. රටේ පවතින තත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම දිස්ත්‍රික් සමුළුව කැඳවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා කියා සිටියේය. අද සිට මාර්තු මස 15 වන දින දක්වා දිස්‍ත්‍රික් ගණනාවක මෙවැනි සමුළු සංවිධානය කර ඇති බව ඔහු පැවසුවේය. ada
රජය දිනවීමේ වගකීම ජනතාව සතුයි

එළඹෙන මහ මැතිවරණයෙන් ආණ්ඩුව ජයග්‍රහණය නොකළහොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලැබූ ජයග්‍රහණයේ ප්‍රතිඵල සාර්ථකව භුක්ති විඳිය නොහැකි වන බව මහින්ද යාපා අබේවර්ධන අමාත්‍යවරයා පවසයි. එහෙයින් මහ මැතිවරණයේ දී ආණ්ඩුව ජයග්‍රහණය කර රටට ස්ථිරසාර සංවර්ධනයක් ඇතිකරදීමේ වගකීම ජනතාව සතුවන බව හෙතෙම සඳහන් කරයි. දැනටමත් යෝධ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් ආරම්භ කර ඇති බව මහින්ද යාපා අබේවර්ධන මහතා පෙන්වාදෙයි. මහ මැතිවරණයෙන් කැපී පෙනෙන බලයක් ආණ්ඩුවට නොලැබුණහොත් එම සංවර්ධන ව්‍යාපෘති ඇණ හිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ada
මූල්‍ය වංචා කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය අධිකරණයක් මගින් වසර 5 ක සිරදඬුවමක් නියම කර තිබේ. මෙම පුද්ගලයා අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් මෙම දඩුවම නියම කර ඇති බව සඳහන්ය. ව්‍යාජ මූල්‍ය වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් මොහු විසින් මෙම මුල්‍ය වංචාව සිදුකර ඇති බව ද වාර්තා වේ. රේණුකාන්ත් සුබ්‍රමනියම් නැමැති 33 හැවිරිදි මෙම පුද්ගලයා 2002 වසරේ දී බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගෙන ඇත. ada
ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කහටගස්දිගිලිය ප්‍රදේශයේ දී ගංජා කිලෝග්‍රෑම් 12ක් සහ ග්‍රෑම් 665 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ පස්වරුවේ කහටගස්දිගිලිය පොලිසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය, අක්කරවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ada
මන්නාරමේ තෙල් ගවේෂණ ලබන මස සිට

මන්නාරම් මුහුදු තීරයේ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු ලබන මාසයේ සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඉන්දීය සමාගමක් මගින් මෙම ගවේෂණ කටයුතු සිදුකිරීමට නියමිතය. එහි මූලික අදියර යටතේ භූමි ලක්ෂණ හා මුහුදු රළ පිළිබඳ අධ්‍යයනයකද යෙදෙනු ඇත.
ලබන වසරේ ඔක්තෝබර් මාසයට පෙර පර්යේෂණාත්මක ළිං 3 ක් හෑරීමට අදාළ සමාගම බලාපොරොත්තු වෙයි. වර්ග කිලෝමීටර් 3000 ක මුහුදු වපසරියක අදාළ ඛනිජ තෙල් ගවේෂණයේ මූලික පර්යේෂණ කටයුතු සිදුකිරීමට නියමිතව ඇත. ada
ලාංකික ධීවරයින් 22ක් නිදහස්

ඉන්දීය අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 22 දෙනෙකු නිදහස් කර තිබේ.
මෙම පිරිස ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දී ඇති බව සඳහන්ය. මෙම ධීවරයින් පිරිස ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී නාවික හමුදා"වික්‍රම 2"නෞකාවට නංවා ගත් බව නාවික හමුදාව පවසයි. ධීවරයින් පිරිස වරායට රැගෙන විත් ඇති අතර ඔවුන් මේ වන විට නාවික හමුදා භාරයේ පසුවෙයි. මොවුන් කඩුවෙල, මොරටුව, කෝට්ටේගොඩ සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ධීවරයින් සමග ඉන්දීය ආරක්ෂක අංශ භාරෙය් තිබූ ධීවරය යාත්‍රා 4 ක් ද මුදා හැර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
වේදිකාවල කෑ ගහල වැඩක් නෑ

රටේ දුෂණ පවතින බවට දේශපාලන වේදිකාවල ප්‍රකාශ කිරීමෙන් ප්‍රතිඵලයක් අත් නොවන බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා පවසයි. රටේ දුෂණ වංචා නැති කිරීමට විනිවිද භාවයකින් යුත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ඔහු සඳහන් කරයි. කිරුළපණ ප්‍රදේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිත පිරිසක් අමතමින් මිලින්ද මොරගොඩ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ජනතාවට රජයේ තොරතුරු දැන ගැනීමට අයිතියක් ඇති අතර එය නීතියෙන් තහවුරු විය යුතු බව එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හෙතෙම කියා සිටියේය. සිවිල් සමාජය හා ජනතාව රජය කටයුතු කරන ආකාරය පිළිබඳ අවධානයෙන් සිටියහොත් දුෂණ වංචා අවම කර ගත හැකි බව මිලින්ද මොරගොඩ අමාත්‍යවරයා පවසයි. ada
Friday, February 26, 2010
එජාප zටිපෙක්ස්Z දේශපාලනය මංගලගේ ආරච්චිට කෙළ
එජාප zටිපෙක්ස්්මොණරාගල ආසනයට එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ කරන අපේකෂක ලැයිස්තුවේ තුන්වැන්නා ලෙස සිටි මංගල ගේ අපේකෂකයෙකු වූ තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම කපා ඒ වෙනුවට වෙනත් අයකුගේ නමක් ඇතුලත් කොට නාම යෝජනා පත්‍රය බාරදී තිබේ.
තිස්ස කුට්ටිආරච්චි මහතා මොණරාගල ලැයිස්තුවට ඇතුලත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පකෂයේ මහජන පාර්ශවයේ අපේකෂකයා ලෙසයි.
ඊයේ (25) රාත්‍රී 11 වන විට මෙම නාම යෝජනා පත්‍රයට අදාල අපේකෂකයින් අත්සන් කොට තිබූ අතර, මොණරාගල කණ්ඩායම් නායක රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම ලැයිස්තුව රැගෙන ගිය බව එජාප ආරංචි මාර්ග කියයි.
තිස්ස කුට්ටිආරච්චි මහතා මොණරාගල ලැයිස්තුව ඇතුලත් කිරීම ගැන රංජිත් මද්දුම බණ්ඩාර මහතා දැඩි ලෙස විරෝධය දැක්වූ බවත්, ඔහු අපේකෂකයකු ලෙස ඉදිරිපත් කරනවා නම්, තමා නාම යෝජනාවලට අත්සන් නොකරන බව මද්දුමබණ්ඩාර මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පැවැසු බවත්, ඔහු අත්සන් නොකරනවා නම්, තිස්සකුට්ටිආරච්චි මහතාගේ නායකත්වයෙන් වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කරන්නැයි වික්‍රමසිංහ මහතා දැනුම් දුන් බවත් එජාප ආරංචි මාර්ග කියයි.
අවසානයේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා සියලූ අපේකෂකයින්ගේ අත්සන් ලබාගෙන නාම යෝජනා පත්‍රය ඊයේ රාත්‍රී ගෙන ගොස් තිබේ. අද දහවල් නාමයෝජනා පත්‍රය බාර දෙන විට තිස්සකුට්ටිආරච්චි මහතාගේ නම zටිපෙක්ස්Z වලින් මකා ඒ වෙනුවට වෙනත් නමක් යොදා තිබී ඇත.
පකෂ ලේකම්වරයාගේ අත්සනින් සහතික කළ නාමයෝජනා පත්‍රයේ නමක් ඉවත් කොට වෙනත් නමක් ඇතුල් කිරීම සිදුවූයේ කෙසේදැයි මද්දුමබණ්ඩාර මහතාගෙන් විමසීමට පකෂයේ මහලේකම්වරයා උත්සාහ ගෙන ඇතත්, ඔහු දුරකථනයට සම්බන්ධ කරගැනීමට හැකිවී නැත. එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතාගෙන් මේ පිළිබඳ විමසූ විට කීවේ තමාගේ අත්සනින් සහතික කළ නාම යෝජනා පත්‍රයේ ඡායා පිටපතක් තමා සතුව තිඛෙන බවත් තිස්ස කුට්ටි ආරච්චි මහතාගේ නම ටිපෙක්ස් ගා මකා වෙනත් නමක් ඇතුලත් කර එහි ව්‍යාජ ලෙස තමාගේ කෙටි අත්සන යොදා තිඛෙන බව දැනගන්නට ඇති බවත් මෙය බරපතල වරදක් ලෙස තමා සලකන බවත්ය. අද සවස පකෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ පිළිබඳව ගතයුතු කි්‍රයාමාර්ග ගැන සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කළේය.
මෙවැනිම zටිපෙක්ස්Z දේශපාලනයක් නිසා එජාපයට තමන් අතේ තිබූ කොළඹ නගර සභාවේ බලය අහිමි වී ගිය අතර ඉතා පැරණි සහ දකෂ දේශපාලනඥයින් රැසක්ද අහිමි වී ගියේය. එජාපය එA සිදුවීම සම්බන්ධයෙන්ද මෙතෙක් කිසිදු කි්‍රයා මාර්ගයක් ගෙන නැත.
Z දේශපාලනය මංගලගේ ආරච්චිට කෙළ
තිස්ස කුට්ටිආරච්චි මහතා මොණරාගල ලැයිස්තුවට ඇතුලත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පකෂයේ මහජන පාර්ශවයේ අපේකෂකයා ලෙසයි.
ඊයේ (25) රාත්‍රී 11 වන විට මෙම නාම යෝජනා පත්‍රයට අදාල අපේකෂකයින් අත්සන් කොට තිබූ අතර, මොණරාගල කණ්ඩායම් නායක රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම ලැයිස්තුව රැගෙන ගිය බව එජාප ආරංචි මාර්ග කියයි.
තිස්ස කුට්ටිආරච්චි මහතා මොණරාගල ලැයිස්තුව ඇතුලත් කිරීම ගැන රංජිත් මද්දුම බණ්ඩාර මහතා දැඩි ලෙස විරෝධය දැක්වූ බවත්, ඔහු අපේකෂකයකු ලෙස ඉදිරිපත් කරනවා නම්, තමා නාම යෝජනාවලට අත්සන් නොකරන බව මද්දුමබණ්ඩාර මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පැවැසු බවත්, ඔහු අත්සන් නොකරනවා නම්, තිස්සකුට්ටිආරච්චි මහතාගේ නායකත්වයෙන් වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කරන්නැයි වික්‍රමසිංහ මහතා දැනුම් දුන් බවත් එජාප ආරංචි මාර්ග කියයි.
අවසානයේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා සියලූ අපේකෂකයින්ගේ අත්සන් ලබාගෙන නාම යෝජනා පත්‍රය ඊයේ රාත්‍රී ගෙන ගොස් තිබේ. අද දහවල් නාමයෝජනා පත්‍රය බාර දෙන විට තිස්සකුට්ටිආරච්චි මහතාගේ නම zටිපෙක්ස්Z වලින් මකා ඒ වෙනුවට වෙනත් නමක් යොදා තිබී ඇත.
පකෂ ලේකම්වරයාගේ අත්සනින් සහතික කළ නාමයෝජනා පත්‍රයේ නමක් ඉවත් කොට වෙනත් නමක් ඇතුල් කිරීම සිදුවූයේ කෙසේදැයි මද්දුමබණ්ඩාර මහතාගෙන් විමසීමට පකෂයේ මහලේකම්වරයා උත්සාහ ගෙන ඇතත්, ඔහු දුරකථනයට සම්බන්ධ කරගැනීමට හැකිවී නැත. එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතාගෙන් මේ පිළිබඳ විමසූ විට කීවේ තමාගේ අත්සනින් සහතික කළ නාම යෝජනා පත්‍රයේ ඡායා පිටපතක් තමා සතුව තිඛෙන බවත් තිස්ස කුට්ටි ආරච්චි මහතාගේ නම ටිපෙක්ස් ගා මකා වෙනත් නමක් ඇතුලත් කර එහි ව්‍යාජ ලෙස තමාගේ කෙටි අත්සන යොදා තිඛෙන බව දැනගන්නට ඇති බවත් මෙය බරපතල වරදක් ලෙස තමා සලකන බවත්ය. අද සවස පකෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ පිළිබඳව ගතයුතු කි්‍රයාමාර්ග ගැන සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කළේය.
මෙවැනිම zටිපෙක්ස්Z දේශපාලනයක් නිසා එජාපයට තමන් අතේ තිබූ කොළඹ නගර සභාවේ බලය අහිමි වී ගිය අතර ඉතා පැරණි සහ දකෂ දේශපාලනඥයින් රැසක්ද අහිමි වී ගියේය. එජාපය එA සිදුවීම සම්බන්ධයෙන්ද මෙතෙක් කිසිදු කි්‍රයා මාර්ගයක් ගෙන නැත.
Z දේශපාලනය මංගලගේ ආරච්චිට කෙළ
නාමයෝජනා අවසන්: විරෝධතා පරාදයි
මහා මැතිවරණය සඳහා දේශපාලන පකෂ හා ස්වාධීන කණ්ඩායම් බාර දුන් නාම යෝජනා ලැයිස්තු කිහිපයක් නාම යෝජනා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විරෝධතා සලකා බැලීමේ කාලයේදී අද (26) ප්‍රතිෙකෂ්ප වූ නමුත් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ප්‍රධාන විපකෂ සන්ධාන දෙක වන එක්සත් ජාතික පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ඉදිරිපත් කළ කිසිම නාම යෝජනා ලැයිස්තුවක් නිෂ්ප්‍රභ කෙරුණේ නැත.මෙම ප්‍රධාන සන්ධාන තුනම දිවයිනේ දිස්ත්‍රික්ක 22 කටම තරඟ කරයි.
මෙවර වැඩිම පිළිගත් නාම යෝජනා ලැයිස්තු සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිඛෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙනි. පිළිගත් දේශපාලන පකෂ 17 ක් සහ ස්වාධීන කණ්ඩායම් 49 ක් එම දිස්ත්‍රික්කයට තරඟ වදී. සමානුපාතික මැතිවරණ ක්‍රමය තුළ වැඩිම අපේකෂක කණ්ඩායම් තරඟ වැදුණු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි. එම ලැයිස්තු 66 ක මුළු අපේකෂක සංඛ්‍යාව 660 කි.වැඩිම අපේකෂකයන් සංඛ්‍යාව වන 836 ක් තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ පිළිගත් දේශපාලන පකෂ 22 කින් සහ ස්වාධීන කණ්ඩායම් 16 කිනි. enews
මෙවර වැඩිම පිළිගත් නාම යෝජනා ලැයිස්තු සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිඛෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙනි. පිළිගත් දේශපාලන පකෂ 17 ක් සහ ස්වාධීන කණ්ඩායම් 49 ක් එම දිස්ත්‍රික්කයට තරඟ වදී. සමානුපාතික මැතිවරණ ක්‍රමය තුළ වැඩිම අපේකෂක කණ්ඩායම් තරඟ වැදුණු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි. එම ලැයිස්තු 66 ක මුළු අපේකෂක සංඛ්‍යාව 660 කි.වැඩිම අපේකෂකයන් සංඛ්‍යාව වන 836 ක් තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ පිළිගත් දේශපාලන පකෂ 22 කින් සහ ස්වාධීන කණ්ඩායම් 16 කිනි. enews
මොණරාගල එ.ජා.පෙ. ලයිස්තුවේ මංගලගේ අපේක්ෂකයා මැකේ

එක්සත් ජාතික පෙරමුණෙන් මොණරාගල දිස්ත්‍රික්කයට තරඟ කරන අපේක්ෂක ලයිස්තුවේ මංගල සමරවීර මහතාගේ අපේක්ෂකයකයා ලෙස ඉදිරිපත්වූ තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඉවත් කර ඒ වෙනුවට වෙනත් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුගේ නම යොදා නාමයෝජනා පත්‍රය බාරදී තිබේ.
එක්සත් ජාතික පක්ෂ ආරංචි මර්ග සදහන් කරන ආකාරයට ඊයේ රාත්‍රිවන විට මෙම යෝජනා පත්‍රයට තිස්ස කුට්ටි මහතා ඇතුලු අපේක්ෂකයින් සියලු දෙනා අත්සන් තබා තිබිණි. අනතුරුව එම ලයිස්තුව එක්සත් ජාතික පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක රංජිත් මද්දුම බණ්ඩාර මහතා බාරයේ තිබී ඇත.
කෙසේ වෙතත් අද දහවල් නාමයෝජනා පත්‍රය භාර දෙන අවස්ථාවේ එහි තිස්ස කුට්ටි ආරච්චි මහතාගේ නම ටිපෙක්ස්වලින් මකා ඒ වෙනුවට වෙනත් අයෙකුගේ නමක් ඇතුළත් කර තිබිණි.truth
ජනතා ද්‍රවිඩ කොන්ග‍්‍රස් පක්‍ෂය කුසලානයෙන් තරඟ බිමේ..

එල්.බී. ශන්මුගනාදන් මහතාගේ මහලේකම් ධුරයෙන් යුතු ජනතා ද්‍රවිඪ කොන්ග‍්‍රස් පක්‍ෂය මෙවර මහ මැතිවරණයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධානයට සහය දැක්වීම සදහා ඉදිරිපත්ව ඇත. ඒ අනුව එම පක්‍ෂයේ අපේක්‍ෂකයින් 04 දෙනෙකු මෙවර මැතිවරණය සදහා තරඟ කරන අතර ඔවුන් දිස්ත‍්‍රික් තුනක් සදහා නාමයෝජනා භාරදී ඇත
කොළඹ දිස්ත‍්‍රික්කය සදහා එහි මහලේකම් එල්.පී.සම්මුගනාදන් මහතාත්, නුවරඑළිය දිස්ත‍්‍රික්කය සදහා ඇන්ටන් අප්පුසාමි මහතා හා රාමසාමි ක‍්‍රිෂ්ණසාමි මහතාද, බදුල්ල දිස්ත‍්‍රික්කය සදහා සුබ‍්‍රමනියම් මහතා යන අපේක්‍ෂකයින් නාමයෝජනා භාරදී ඇත.truth
අනෝමා පෙරටුව කුසලානය ඡන්ද සටනේ...

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජතික සන්ධානයේ නායක හමුදා අත්අඩංගුවේ රදවා සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නාමයෝජනා භාරදීම අද (26) දින අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සිදුවූ අතර, මෙම සන්ධානයේ ප‍්‍රචාරක කටයුතු ලබන මාර්තු මස 01 දින ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර කොළඹදී මෙහි මංගල රැළිය පවත්වන බවත් රට පුරා ජනහමු කුඩා කණ්ඩායම් ජනහමු හා ගෙන්ගෙට යාම ආදි මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදුවන බවත් එහි ප‍්‍රධාන ලේකම් විජිත හේරත් මහතා පවසූ අතර ඒ සදහා සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ජනතාව ඇමතීමට අනෝමා ෆොන්සේකා මහත්මිය සූදානම් බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය.truth
ඡන්ද ප්‍රතිඵල අවලංගු කරන්නැයි පෙත්සමක්

පසුගිය ජනාධිපතිවරණයේ දිස්ත්‍රික්ක 4ක ඡන්ද ප්‍රතිඵල අවලංගු කර ඒවා නැවත ගණන් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් කෙරුණි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ලේකම් ශාමිලා පෙරේරා මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයා ඇතුලු පිරිසකි. පසුගිය ජනාධිපතිවරණයේදී මාතලේ, පුත්තලම, අනුරාධපුර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල මැතිවරණ දූෂණ සහ අක්‍රමිකතා සිදුවු බව පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් ප්‍රකාශ කර තිබේ.
හොර ඡන්ද දැමීම්, බිය වැද්දීම්, ඡන්ද පොළ නියෝජිතයින් පළවා හැරීම් ආදි සිද්ධීන් එම දිස්ත්‍රික්ක වලින් වාර්තා වු බැවින් එම ඡන්ද ප්‍රතිඵල අවලංගු කර නැවත ගණන් කර ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරන ලෙස පෙත්සම්කාරිය ඉල්ලා සිටියි. ada
නාමයෝජනා 2ක් ප්‍රතික්ෂේපයි

ඉදිරි මහ මැතිවරණය සදහා මාතර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වු නාමයෝජනා අතරින් දෙකක් ප්‍රතික්ෂේප වී තිබේ.
"ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු" සහ "එක්සත් ලංකා මහ සභාව" යන දේශපාලන පක්ෂවල නාමයෝජනා ප්‍රතික්ෂේප වු බව වාර්තා වේ. මැතිවරණ පනතේ 19 වන පරිච්ඡේදයට අනුකූලව අදාළ ඉල්ලුම් පත් සම්පුර්ණ කර නොතිබීම හේතුවෙන් එම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරිමට සිදුවු බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීණි ඩබ්ලිව්.කේ.කේ.අතුකෝරළ මහත්මිය පැවසීය.
මේ අතර ගාල්ල දිස්ත්‍රික්කය සදහා ඉදිරිපත් වු නාමයෝජනා පත්‍ර අතරින් පහක් ප්‍රතික්ෂේප වී ඇත. පිළිගත් දේශපාලන පක්ෂ 4 ක සහ එක් ස්වාධින කණ්ඩායමක නාමයෝජනා මෙසේ ප්‍රතික්ෂේප වු බව සඳහන්ය.ada
එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි

එක්සත් ජාතික පක්ෂය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රිධූර නාමලේඛනය ප්‍රකාශයට පත් කර තිබේ. පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක, විපක්ෂයේ හිටපු සංවිධායක ජෝෂප් මයිකල් පෙරේරා, එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති රුක්මන් සේනානායක, කේ.එන්.චොක්සි, ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ නම් ඊට ඇතුළත් වී ඇත. තිලක් මාරපන, හර්ෂද සිල්වා, ටි.එම්.ස්වාමිනාදන්, ආර්.යෝගරාජන් යන මහත්වරුන් ඇතුළු තවත් 19 දෙනෙකුගේ නම් ද එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවට ඇතුළත්ය. මෙම නාමලේඛනය මැතිවරණ කොමසාරිස්වරයා වෙත අද භාරදුන් බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ada
ආදර්ශවත්ව ප්‍රචාරක කටයුතු සිදුකරනවා

ඉදිරි මහ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ශ්‍රි ලාංකේය ජනතාවට ආදර්ශවත් ලෙස ප්‍රචාරක කටයුතු සිදුකරන බවට අපදා කලමණාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රතිඥාවක් ලබාදී තිබේ. නාම යෝජනා භාරදීමෙන් අනතුරුව තම අධාරකරුවන් සමඟ කළුතර බෝ සමිඳුන් අබියසට පැමිණි අමාත්‍යවරයා මෙම ප්‍රතිඥාව ලබාදීම සිදුකෙරුණි. සියලු දුසිරිත් වලින් තොරව මැතිවරණ නීති සුරකිමින් මෛත්‍රිය සහ දයාව පෙරටු කොට ගෙන තම මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වන බව පළමුව ආගමික වතාවත් වලට සහභාගි වු මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ප්‍රතිඥාව ලබාදෙමින් සඳහන් කළේය. ada
මැතිවරණ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ආරක්ෂාව

නාම යෝජනා භාර දීමේ අවසන් දිනය වන අද රාජගිරිය මැතිවරණ මහ කාර්යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.රථවාහන තදබදයක් ඇති වුවහොත් ඒ පිළිබඳ කටයුතු කිරීම සඳහා ද අමතර පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
සැකකරු නිදහස්

රජයට එරෙහිව කුමන්ත්‍රණ කළ බවට වු චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවෙකු නිදහස් කර තිබේ.අදාළ සැකකරු ත්‍රස්ත විමර්ශන කාර්යාංශය විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. සැකකරුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සදහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව එහිදි ඔවුන් අධිකරණයට දැන්වීය. එබැවින් සැකකරු නිදහස් කරන ලෙස ත්‍රස්ත විමර්ශන කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ සැකකරු නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ සිටියදී අත්අඩංගුවට ගත් එම සැකකරු ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් රඳවා සිටියේ රැඳවුම් නියෝග මතය.ada
රඹුක්කන් ඔය ව්‍යාපෘතියට මිලියන 2500 ක්

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය තුළ ඉදිකෙරෙන රඹුක්කන් ඔය ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2500 ක් ඇස්තමේන්තු කර ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශය පවසයි. මෙම ව්‍යාපෘතිය මුන්දෙනිආරු ගංඟා නිම්නය අශ්‍රිතව ඉදිකිරීමට නියමිතය. රඹුක්කන් ඔය හරස් කොට අක්කර අඩි 45,000 ක ධාරිතාවයකින් යුත් ජලාශයක් ඉදි කරන බව සඳහන්ය.
මේ යටතේ කුඹුරු අක්කර 3600 ක් අලුතින් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන අතර ගොවි පවුල් 3000 කට පමණ ඉන් සෘජු ප්‍රතිලාභ ලැබෙන බව අමාත්‍යංශය ප්‍රකාශ කරයි. අදාළ ව්‍යාපෘතිය 2011 දී සම්පූර්ණ කිරීමට නියමිතය.ada