
කහටගස්දිගිලිය ප්‍රදේශයේ දී ගංජා කිලෝග්‍රෑම් 12ක් සහ ග්‍රෑම් 665 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ පස්වරුවේ කහටගස්දිගිලිය පොලිසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය, අක්කරවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ada
0 comments:
Post a Comment