![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgv0mHTJfoKU0bLjOXIOxnmxJ6kDcg6ZJzWs8bNI9s8E2VEKSEkeR83bFokvlKd6ZdEuwWumiFrgIjL9HgrhwjyHXs85YMgkxciziSDwXC4eq_4gBRy4rtwaoLvcnTNCjyPLawLceP7nlFL/s320/thaa.jpg)
නැගෙනහිර පළාත සඳහා ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය තනිව තරගකර ජයග්‍රහණය කළහොත් දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බව එම පළාත් මහ ඇමති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පවසයි.
මඩකළපුව නගරයේ රුපියල් කෝටි 07 .5 ක වියමින් ඉදිකරන ලද නව බස් නැවතුම්පළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මධ්‍යම රජය සමග එක්ව කටයුතු කරන එකම පක්ෂය සිය පක්ෂය පමණක් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නැගෙනහිර පළාතට සංවර්ධනය සහ බලය ලබාගත හැක්කේ මධ්‍යම රජය සමග එක්ව කටයුතු කළහොත් පමණක් බව ද චන්ද්‍රකාන්තන් මහතා අවධාරණය කර සිටියේය.
ජනතාව තුළ ආවේගයක් ඇතිකරන දේශපාලනයක නිරතවුවහොත් ජනතා මතය වෙනස්විය හැකි බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
0 comments:
Post a Comment