
බදුල්ල - පස්සර මාර්ගයේ දෙකේ කණුව ප්‍රදේශයේ පවත්නා නාය යෑම් අවදානම් තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නාය යාමට ලක්වන ප්‍රදේශයේ පස් මහමාර්ගයට වැටීමේ ඉඩකඩක් පවතින බැවින් රිය පදවන්නන් ප්‍රවේශම් විය යුතු බව එම සංවිධානය පෙන්වා දෙයි.
මේ වන විට නාය යෑම් අවදානමට ලක්ව ඇති නිවාස හයක පදිංචිකරුවන් ඉන් ඉවත් කිරීමට ද කටයුතු යොදා ඇත.
අදාළ ප්‍රදේශයේ තිබු වතු රෝහලක්, දේවස්ථානයක්, ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් ඇතුළු ගොඩනැගිලි කිහිපයක් මෙම නාය යෑම් අවදානමට ලක්ව ඇති බව සඳහන්ය.
0 comments:
Post a Comment