
එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා සුළු මොහොතකට පෙර 13 වන නව ගුවන් හමුදාපතිවරයා ලෙස නිල වශයෙන් සිය ධුරයේ වැඩ බාර ගනු ලැබීය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 13 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා පසුගිය දා පත්කරනු ලැබීය.
විශ්‍රාම ලබන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතාට සුබ පැතීම සඳහා කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ දී ඊයේ(07) උත්සවයක් පැවැත්වුණි.
එහිදි ගුවන් හමුදාපතිවරයාට අයත් නිල යෂ්ටිය නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාට පිරිනැමීම සිදුවිය.
ගුවන් හමුදාපතිධුරයෙන් විශ්‍රාම ලැබීමෙන් අනතුරුව එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා මෙතෙක් වැඩ බැලූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ පිහිටුවීමට රජය තීරණය කර තිබේ.
0 comments:
Post a Comment