
අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද(28) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ කොමිසමේ 16 වන සැසිවාරය ඇමතීමට නියමිතය.
එම සැසිවාරය මේ දිනවල ජිනිවාහිදි පැවැත්වෙයි.
මෙම සැසිවාරය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් නියෝජිත පිරිසක් පසුගියදා පිටත්ව ගියේය.
නීතිපති මොහාන් පීරිස් මහතා ඇතුළු නියෝජිත පිරිසක් මීට සහභාගී වී සිටින අතර එක්සත් ජාතීන්ගේ ජිනිවා කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ෂෙනුකා සෙනවිරත්න මහත්මිය ද සමුළුවට එක්ව සිටියි.
ශ්‍රී ලංකා දූත පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලෙයි සමඟ මෙරට වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද සඳහන්ය
0 comments:
Post a Comment