
ලිබියාවේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් එහි සේවයේ නියුක්තව සිටි ශ්‍රී ලාංකිකයින් 36 දෙනෙකු මේ වන විට දිවයිනට ගෙන්වා ගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඊයේ(27) දිනයේ පුද්ගලයින් නව දෙනෙකු සහ අද(28) අලුයම තවත් පුද්ගලයින් පිරිසක් දිවයිනට පැමිණි බව එම කාර්යාංශය සඳහන් කරනු ලැබීය.
ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගුවන් ටිකට් පත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදී තිබේ.
දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් මේ ආකාරයෙන් ලිබියාවේ සිරවී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු යොදා ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
0 comments:
Post a Comment