
දෙමළ ජාතික සන්ධානය සහ රජය අතර තවත් සාකච්ඡාවක් හෙට(01) පැවැත්වීමට නියමිතය.
රජය සමග පවත්වන මෙම සාකච්ඡාව සඳහා ප්ලොට් සංවිධානයට ද ආරාධනා කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.
ප්ලොට් සංවිධානයට මෙම සාකච්ඡා සඳහා ආරාධනා කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඊ.පී.ඩී.පී. සංවිධානයට ද මෙම සාකච්ඡා සඳහා ආරාධනා කිරීමට තීරණය කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ වව්නියාව දිස්ත්‍රික් ප්‍රධානියෙකු අද දෙරණට සඳහන් කළේය.
උතුරේ වැසියන් නැවත පදිංචි කිරීම, ඉඩම් අහිමි වූ වැසියන් සහ යාපනයේ ධීවරයින් මුහුණ දෙන ගැටලු පිළිබඳ මෙහිදි දීර්ඝ වශයෙන් රජය සමග සාකච්ඡා කරන බව ඔහු ප්‍රකාශ කළේය.
0 comments:
Post a Comment