
ඉන්දීය මුහුදු සීමාවේ අතරමංව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු ඉන්දීය ධීවරයින් පිරිසක් විසින් බේරා ගෙන තිබේ.
ශ්‍රී ලාංකික ධීවරයින් පිරිස රැගත් ධීවර යාත්‍රාව ඉන්දීය මුහුදු සීමාවේ දී අනතුරට පත් ව තිබිය දී ඉන්දීය ධීවරයින් විසින් එම ධීවරයින් පිරිස නිරුපද්‍රිතව බේරා ගෙන ඇති බව වාර්තා වේ. ඉන්දීය නාගපට්ටනම් මුහුදු සීමාවේ දී මෙම ධීවරයින් රැගත් යාත්‍රාව අනතුරට පත් ව ඇත. ඉන්දීය ධීවරයින් විසින් බේරා ගනු ලැබූ මෙම ශ්‍රී ලාංකීක ධීවරයින් තිදෙනා පොලිසියට භාර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. adaderana
0 comments:
Post a Comment