
මෙරට රියලිටි කරළිය තුළ විශාල පෙරළියක් සිදු කළ දෙරණ ඩ්‍රීම් ස්ටාර් දෙවන අදියරේ ජයග්‍රහණය හිමි කර ගැනීමට උපේඛා නිර්මාණි ඊයේ සමත් විය.
උපේකා නිර්මාණි, උදේශ් මනෝජ් සහ නිමේෂ් චාමික ඩ්‍රීම් ස්ටාර් සීසන් 2 අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ. ඒ අනුව ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී මෙම තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණි. එම තරගය නැරඹීම සඳහා අති විශාල ප්‍රේක්ෂක ජනතාවක් ද එක් වී සිටියහ.
එහි දී වැඩිම එස්.එම්.එස් මනාප ලබා ගනිමින් දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 02 කිරුළ හිමි කර ගැනීමට උපේඛා නිර්මාණි ට හැකි විය. දෙවන ස්ථානය උදේශ් මනෝජ් හිමි කර ගත් අතර තෙවන ස්ථානය නිමේෂ් චාමික හිමි කර ගත්තේය. ඩ්‍රීම් ස්ටාර් කිරුළ හිමි කර ගත් උපේඛා නිර්මාණි ට "අද දෙරණ " උණුසුම් සුභ පැතුම්. adaderana
0 comments:
Post a Comment