
ආරාධනාවක් ලැබුණහොත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ රජය සමග එක්වීම පිළිබඳව සලකා බලන බව එම පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පවසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පසුගිය සෙනසුරාදා සාකච්ඡාවක් පැවැත්වූ බව ද ඒ මහතා සඳහන් කරයි. මනෝ ගනේෂන් මහතා පවසන පරිදි ඔහු මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්නොවීම පිළිබඳව ජනාධිපතිවරයා මවිතයට පත්වී ඇත.
මනෝ ගනේෂන් මහතා මෙවර මහ මැතිවරණයට තරග කළේ මධ්‍යම පළාතෙනි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේය. නමුත් ඔහුට පාර්ලිමේන්තුවට පිවිසීමේ වරම් ලබාගත නොහැකි විය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ ජාතික ලැයිස්තුවෙන් ද ගනේෂන් මහතා පාර්ලිමේන්තුවට තේරී පත්නොවීය. ඔහු දමිළ ජනතාවකගේ මානව හිමිකම් පිළිබඳව ගෙනයන ක්‍රියා මාර්ගයන් වෙනුවෙන් ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින පුද්ගලයෙකි. adaderana
0 comments:
Post a Comment