![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhH4fS9GMAHuzdwPIxoQHqOs_0Ytd8m_DrRK6OWa2D2vQc017nnWkmLe31zPxaohuwz8UKZIj4Mz8Zvuy8o_LnenDBo9TVuFAFJEhxfglddkhILaYvMrM9N4_rxgx4Cvu2O2ndiuTNH-gJy/s320/dgg.jpg)
මේ වසරේ ගත වූ මාස 4 තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 75 දක්වා ඉහළ ගොස් තිබේ. අප්‍රේල් මස 23 දින වන විට දිවයින පුරා ඩෙංගු රෝගය වැළඳුනු පුද්ගලයින් 12 , 473 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා පෙන්වා දෙයි.
ඉන් වැඩිම පිරිසක් කොළඹ, ගම්පහ සහ යාපනය යන ප්‍රදේශ වලින් වාර්තා වී ඇත. මේ වසරේ ඩෙංගු රෝගය වැළඳීමෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් ජනවාරි මාසය තුළ වාර්තා වී ඇති අතර එය 47 කි. අප්‍රේල් මාසය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පහළ අගයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. adaderana
0 comments:
Post a Comment