
පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීමේ බලය සම්පූර්ණයෙන්ම විදුහල්පතිවරයා වෙත පවරන බව අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පවසයි.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පත්වන එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් යටතේ මෙය ක්‍රියාත්මක වන බව ඒ මහතා පෙන්වා දෙයි. හොරණ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල්වලට පරිගණක තාක්ෂණය ලබාදීමේ වැඩපිළිවෙළ හඳුන්වා දීම වෙනුවෙන් හන්ඳුපැල්පොල කණිෂ්ඨ විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. adaderana
0 comments:
Post a Comment