
හෙරොයින් කිලෝග්‍රෑම් 28 ක් සමග පුද්ගලයෙකු කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කල්පිටිය පොලිසියට ලැබුණු තොරතුරක් මත මුන්දලම, කිරියන්කල්ලිය, අක්කරවෙල්ලිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. නවීන පන්නයේ බෑගයක් තුළ මෙම හෙරොයින් තොගය අසුරා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බව ද කල්පිටිය පොලිසිය සඳහන් කරයි.
මෙතෙක් මෙරටින් සොයාගනු ලැබූ විශාලතම හෙරොයින් තොගය මෙය වන බව පොලිසිය ප්‍රකාශ කරයි. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මේ අතර හෙරොයින් ග්‍රෑම්ස් 938 ක් සමග දෝහාකටාර් සිට පැමිණි විදේශීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් අදාළ සැකකරු පාකිස්තාන ජාතිකයෙකු බව පොලිසිය පවසයි. adaderana
0 comments:
Post a Comment