Thursday, February 18, 2010

නිවාඩු ගැනීම් වහාම අත්හිටුවයි


ඉහළ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ලබා ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස්පති මහින්ද බාලසූරිය මහතා තීරණය කර තිබේ.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව ‍තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව දිසාභාර පොලිස් නිලධාරීන්, දිස්ත්‍රික් සහ කොට්ඨාශ භාර පොලිස් නිලධාරීන් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරුන්ගේ නිවාඩු අවලංගු කර ඇත.
අප්‍රේල් 8 වැනිද‍ා දක්වා මෙම නිවාඩු අවලංගු කිරීම ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. පොලිස් පරීක්ෂකවරුන් සහ අනෙකුත් පොලිස් කොස්තාපල්වරුන් නිවාඩු ලබාගැනීමේ දී දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අවසර ලබා‍ ගත යුතු බවට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණයට වඩා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි පොලිස් නිලධාරී පිරිසක් යෙදවීමට අපේක්ෂා කරන බවද පොලිස්පතිවරයා පවසයි. විශේෂයෙන්ම මනාප ගණන් කිරීමේ කාර්යයේ දී ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව වඩාත් හොදින් තහවුරු කරන බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

0 comments:

Post a Comment