Thursday, February 18, 2010

සංවේදී නායකයා ලක‍ෂ 18ක දිනුමක් ලැබුවත් රටේ ජනතාව තුළ ඒ සතුට නෑ -ගයන්ත


ශ්‍රී ලංකාවේ පැවැති ජනාධිපතිවරණයකින් පසු පළමු වතාවට ප්‍රතිවාදී අපේක‍ෂකයා පැහැරගෙන ගොස් හිරකර තිඛෙන බවත්, සංවේදී නායකයා නැවත බලයට පත්වුවත්, ලක‍ෂ 18 ක වැඩි ඡන්දයක් ලබා ගත්තත්, ඒ සතුට රටේ ජනතාව තුළ දක්නට නැති බවත් එජාප මාධ්‍ය ප්‍රකාශක ගාලූ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කීවේය.
ආණ්ඩුව උද්ධාමයට පත්ව ජනාධිපතිවරණ ජයග්‍රහණය ගැන කටයුතු කළත් ලක‍ස 18 ජයග්‍රහණය ගැන ජනතාව තුළ පවතින්නේ කුතුහලයක් බව අද (18) විපක‍ෂ නායක නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවේදී කරුණාතිලක මහතා පැවැසීය.
ජනාධිපතිවරණයෙන් පසු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අවහිර වෙලා. සුබ අනාගතයක් ජනතාවට කෙසේ වෙතත් මැති ඇමැතිවරුන්ට හා ඔවුන්ගේ පවුල්වල අයට නම් ලැබිලා. රාජ්‍ය ආයතනවල සේවකයින් මහා පරිමාණයෙන් දේශපාලන පළිගැනීම්වලට ලක්වෙලා. දේශපාලනය මත පොලිස් නිලධාරීන් මාරු කරනවා. සුබ අනාගතයක් කෙසේ වෙතත් වෛරී දේශපාලනය රට පුරාම ව්‍යාප්ත වෙලායි මන්ත්‍රීවරයා පැවැසීය.
කරුණාතිලක මහතා පැවැසුවේ සංවේදී නායකයා ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීමෙන් පසු, ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා උද්ඝෝෂණ කරන්නට සිදුව තිඛෙන බවයි.
ප්‍රභාකරන් මරා දමන විට රුපියල් 62 කට තිබූ සීනි කිලෝව දැන් රුපියල් 110 දක්වා ඉහළ ගොස් තිඛෙන බවත්, රජය පනවා තිඛෙන අධික බදු නිසා කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100 කින් වැඩි කරන්නට ඒවා මෙරටට ගෙන්වන සමාගම් අවසර ඉල්ලා තිඛෙන බවත්, රුපියල් 70 ක අවම මිලවූ සම්බා කිලෝව දැන් රුපියල් 90 ටත් එහාට ගොස් සිටින අතර, zඅපි වවමු - රට හදමුZ සටන් පාඨ රට පුරා කටවුට් ගසා තිබුණත්, වී රජවරු සිටින පොලොන්නරුවටත් පොන්නි සම්බා යවා තිඛෙන තත්ත්වය හමුවේ පරාක්‍රම බාහු පිළිරුව මේවා දැක කඳුළු සලන බවත් කරුණාතිලක මහතා පැවැසුවේය.
වසර 20 ක ඉතිහාසයේ පැවැති සෑම මැතිවරණයකදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් හිටපු මන්ත්‍රීවරුනට ඊළඟ මැතිවරණය් ප්‍රතිඵලය නිකුත් වන තුරු ආරක‍ෂාව ලබාදී තිබුණත්, රජය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ විපක‍ෂයේ මන්ත්‍රීවරුනට ලබාදී තිබූ ආරක‍ෂාව ඉවත් කිරීමෙන් ඒ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ මැරයන්ගේ ගොදුරු බවට පත් කර ඇතැයි චෝදනා කළ කරුණාතිලක මහතා, ආණ්ඩුව මේ කි්‍රයාවෙන් ද අපේක‍ෂා කරන්නේ විපක‍ෂයක් නැති ආණ්ඩුවක් පත් කර ගන්නට බව කීවේය.

0 comments:

Post a Comment