![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrwIGDEFPlMoHgLYxHGNVKKRAzQCtAyiLMlFfCXos2vLuDIKIo8Gx7b79LKR6uCdhWhkG4YzPrIAtHAkYghKqyRHNNMoItxvAkTe-gle9YB7LwZxXbL_hVDs_wcuBsaVgAVeRzMbNHvdhF/s320/wil.jpg)
විල්පත්තු ජාතික වනෝද්‍යානය මෙම මස අග දී සංචාරකයින් සඳහා යළි විවෘත කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
හෙක්ටයාර එක් ලක්ෂ 31,667 ක භූමි භාගයකින් යුත් මෙම වනෝද්‍යානයේ මේ දිනවල වැඩිදියුණු කිරීමේ කටයුතු සිදුකරමින් පවතියි. මෙරට දී දිවියන් පහසුවෙන්ම දැක බලාගැනීමට හැකි එකම වනෝද්‍යානය වන්නේ ද විල්පත්තු වනෝද්‍යානයය.
මීට අමතරව අලි ඇතුන් ඇතුළු දුර්ලභ ගණයේ සතුන් විශාල සංඛ්‍යාවක් මෙම වනෝද්‍යානයේ දී දැකබලා ගත හැකි බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මෙරට පැරණිතම ජාතික වනෝද්‍යානය වන විල්පත්තු ජාතික වනෝද්‍යානය 1905 දී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර 1938 දී ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබීය. adaderana
0 comments:
Post a Comment