
කැලණිය, වරාගොඩ ප්‍රදේශයේ මවක විසින් සිය දරුවන් තිදෙනාට විෂ වර්ගයක් ශරීර ගත කිරීම හේතුවෙන් ඔවුන් රෝහල් ගත කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ දරු තිදෙනාට විෂ පානය කරවූ අදාළ මව ද පසුව එම විෂ වර්ගය පානය කර ඇති බවයි.
මේ හේතුවෙන් ඇය ද මේ වන විට රෝහල් ගතකර තිබේ. දරුවන් තිදෙනා වයස අවුරුදු 6ත් 15 ත් අතර වයස්වල පසුවන්නන් බව සඳහන් වේ.
අදාළ මව මෙසේ ක්‍රියාකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පෑලියගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
0 comments:
Post a Comment