Wednesday, February 10, 2010

හොඳම සාක්ෂිය ටිල්වින්ගෙන්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා හොඳම සාක්ෂිය ලබා දුන්නේ ජ.වි.පෙ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා බව ජාතික නිදහස් පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ සේවය කරන කාලය තුළ දී ඇමරිකා එක්සත් ජනපදයේ කළ සංචාරයේදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙද්දී කළ යුත්තේ කුමක්දැයි ෆොන්සේකා විසින් විමසන ලද්දේ තමාගෙන් බව ටිල්වින් සිල්වා ප්‍රසිද්ධියේ පවසා තිබූ බව ඔහු සිහිපත් කළේය.
‍ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට යම් උපදෙසක් ලබා ගත යුතුව තිබුණේ නම් ඔහු කතා කළ යුත්තේ ආරක්ෂක අමාත්‍යංශයට බවත්,එසේ නොමැතිව හමුදා නීතියට පිටින් යමින් දේශපාලන පක්ෂයක ලේකම්වරයෙකුගෙන් ඒ පිළිබඳ උපදෙස් පැතීමෙන්ම ඔහු හමුදා නීති උල්ලංඝණය කරමින් ක්‍රියා කළ පුද්ගලයෙකු බවට තහවුරු වන බව මන්ත්‍රීවරයා කියා සිටියේය.
රාජ්‍ය බලය අත්පත් කර ගැනීමෙන් පසු පැය 24 ක් තුළ මරණයට පත් කළ යුතු අය කවුද,පැය 72 ක් තුළ මරණයට පත් කළ යුතු අය කවුද,හා නිවාස අඩස්සියේ තැබිය යුත්තේ කවුද යන්න පිළිබඳ ජෙනරාල් සරත් ෆොන්සේකා සහ ඔහුගේ ගෝලබාලයින් නම් ලැයිස්තු සාදා තිබුණු බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය

0 comments:

Post a Comment