![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3nWJ04U8cKDEgCLRbvkqhft2catu6kPB1O6gqohqG_R0Oi2qV6laDL3lMv_S_Hp6SdXDqpv6XOruyjfca94A-z_JXha68LIN80qJfubgUNRR9UF9eiUYU_gsRKUBR4ju-76nxptENIy0v/s320/cre.jpg)
ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කළ ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියානු පොලීසියේ මධ්‍යම අපරාධ අංශය විසින් පසුගිය බදාදා දින අත්අඩංගුවට ගෙන තිබේ.
සංජීව් කාන්ත් නම් මෙම ශ්‍රී ලාංකිකයා එම ක්‍රෙඩිට් පත් භාවිත කර ලැප්ටොප් යන්ත්‍රයක් හා පරිගණක උපාංග කිහිපයක් මිලදී ගැනීමට උත්සාහ කළ අවස්ථාවක ලද හෝඩුවාවක් අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. මධ්‍යම අපරාධ අංශයේ විශේෂ කණ්ඩායමක් විසින් සංජීව් කාන්ත්ව අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේ ඔහු සතුව ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් තුනක් තිබී ඇත.
අලපක්කම්හි පිහිටි සංජීව් කාන්ත්ගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ඩෙබිට් කාඩ්පත් 107ක් හා ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් 07ක් පමණ හමුවී ඇත. විවිධ රටවල පුද්ගලයින්ගේ නම් ඇතුළත් ක්‍රෙඩිට් කාඩ් මේ අතර තිබී ඇති බව ද අනාවරණය වී තිබේ. adaderana
0 comments:
Post a Comment