Wednesday, May 5, 2010

ආචාර්ය මර්වින් ජනමාධ්‍යයෙන් එළියට ඇද මහපාරට දමයි


මෙවර ඇමැති ධූර ලබාදීමේදී ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධූරය ලබා ගත් ආචාර්ය මර්වින් සිල්වා මහතා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති අතර, ඔහුට මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ධූරය ලබා දී ඇත. මහාමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ආචාර්ය මර්වින් සිල්වා මහතා අද (05)පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මහාමාර්ග ඇමැතිවරයා වන්නේ ජනාධිපතිවරයායි. මේ අනුව මහා මාර්ග අමාත්‍යංශයේ ඇමැති ධූරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් හෙබවනු ලබන අතර, එහි නියෝජ්‍ය ඇමැති ධූරය හොබවන්නේ ආචාර්ය මර්වින් සිල්වා මහතායි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය මර්වින් සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන් මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ලෙස වැඩ භාර ගත්තේ ජනමාධය නියෝජ්‍ය ඇමැති ධූරයට අමතරව බවයි. නමුත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ ආචාර්ය මර්වින් සිල්වා මහතා අද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි. නමුත් මර්වින් සිල්වා මහතා ජනමාධය නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත් ජාතික රූපවාහිනීයට කඩාවැදී ඇරඹූ මාධ්‍ය මර්දනය හා අවස්ථා ගණනකදී සිරස ඇතුළු මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් රැසකට පහරදීම හා තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ආචාර්ය මර්වින් සිල්වා මහතාට ජනමාධය නියෝජ්‍ය අමාත්‍ය ධූරය ලබාදීම සම්බන්ධයෙන් විවිධ අංශවලින් රජයට නොයෙක් චෝදනා එල්ල විය. කෙසේ වෙතත් අවසානයේ ආචාර්ය මර්වින් සිල්වා මහතාට ජනමාධ්‍යයෙන් ඉවත්ව මහාමාර්ගයට ගොඩවීමට සිදු වී ඇත.

ජනපති ආරක්ෂකයින් පහරදී ඩේලි මිරර් මාධ්‍යවේදියා රෝහලේ


ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහරගම පිළිකා රෝහලේ අද පැවැති උත්සවයක් වාර්තා කිරීමට ගිය ඩේලි මිරර් පුවත්පතේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු වන සදුන් ජයසේකර මහතාට ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් පහරදීම හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇති බව වාර්තාවේ.
සදුන් ජයසේකර මහතා මේවන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ‍ඔහු ඩේලි මිරර් පුවත් පතේ ජනාධිපතිවරයාගේ කටයුතු ආවරණය කිරීම සදහා වෙන්කර ඇති මාධ්‍යවේදියාය. ඔහු අද පැවැති උත්සවය වාර්තා කිරීමට ගිය මොහොතේ ජනාධිපති ආරක්ෂක අංශය විසින් ඔහුට උත්සව භූමියට ඇතුළුවීමට ඉඩදී නොමැති අතර එහිදී සිදුවූ බහින් බස්වීමකින් අනතුරුව ඔහුට ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් පහරදී තිබේ.
එම පහරදීම හේතුවේන ඒ මහතාගේ බෙල්ල ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර අනතුරුව ඔහු රෝහල්ගත කිරීමට සහෝදර මාධ්‍යවේදීන් පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් ලෝක ජනමාධ්‍ය දිනය පසුවී දින දෙකක් ඉක්ම යන්නට මත්තෙන් ජනාධිපති ආරක්ෂකයින් විසින්ම මේ ආකාරයෙන් මාධ්‍යවේදීන්ට පහරදීම කණගාටුවට කරුණකි.lanka truth

ජනරාල්ට එරෙහිවීමේ ප්‍රතිපල ලෙස කෝන්ගහගේ රූපවාහිනී මහ පුටුවට


ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ධූරයට සරත් කෝන්ගහගේ මහතා පත් කිරීමට ජනමාධ්‍ය ඇමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත. නව සභාපතිවරයා ලෙස සරත් කෝන්ගහගේ මහතා හෙට (06) නව සභාපතිවරයා ලෙස වැඩභාරගැනීමට නියමිතය.
පසුගිය ජනාධිපතිවරණයේදි ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ සරත් කෝන්ගහගේ මහතා නාම යෝජනා භාරදීමේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට විරෝධය පළ කළේය. ඒ ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඇමරිකානු පුරවැසියෙකු බවට චෝදනා කරමිනි. නමුත් මැතිවරණ කොමසාරිස්වරයා විසින් එම විරෝධය ප්‍රතික්ෂේප කළ අතර, ජනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙ පිළිගත්තේය.
මෙයින් නොනැවතුණු සරත් කෝන්ගහගේ මහතා "මම සරත් වෙමි" යනුවෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට අපහාස වන අන්දමේ විවිධ දැන්වීම් පළ කළ අතර, මෙයින් ඔහු සිය ජනාධිපතිවරණ ප්‍රචාරයක් සිදු නොකළ අතර, දිගින් දිගටම ජනරාල් සරත් ෆොන්සේකා මහතාට අපහාස කරමින් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීය.
මෙම විරෝධයේ ප්‍රතිපල ලෙස ජනමාධ්‍ය ඇමැති ලෙස ජනාධිපතිවරයා විසින් රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සරත් කෝන්ගහගේ මහතා පත් කෙරිණි. පසුගිය කාලයේදී රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ ආරියරත්න ඇතුගල මහතා රජයට පක්ෂව හා විපක්ෂය නිර්දය ලෙස විවේදනය කරමින් කටයුකු කළ බවට චෝදනා එල්ල වූ අතර, ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ සහයෝගය දැක්වූ සරත් කෝන්ගහගේ මහතාගෙන් මීට වඩා යහපත් තත්ත්වයක් අපේක්ෂා කළ ‍නොහැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රූපවාහිනී සංස්ථා සේවකයේ පැවසූහ. lanka truth

හමුදාව කතානායකගේ නියෝග කඩයි - ජනරාල් උපවාසයේ


ඉදිරියේදී පාර්ලිමේන්තුව කැදවන දිනවල යුද අධිකරණ නොපවත්වන ලෙස දන්වා හමුදාපතිවරයාට ලිපියක් යොමුකරන බව කතානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද අද දින පාර්ලිමේන්තුවට සහභාගී‍වේ අවස්ථාව අහිමි කරමින් හා කතානායක ඉල්ලීම නොසලකාහරිමින් යුධ අධිකරණය කැඳවීමට යුධ හමුදාව තීරණය කර ඇත. මේ අනුව ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩකර ඇති හමුදාව, කතානායකවරයාගේ නියෝගයට පිටින්ද කටයුතු කර ඇත.
ඊයේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනරාල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්ත්වේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පවසා සිටියේ පාර්ලිමේන්තුව රැස්වන දිනයේදී යුධ අධිකරණය කැඳවීම හේතුවෙන් තම මන්ත්‍රී වරප්‍රසාද කඩවන බවයි. මෙහිදී කතානායකවරයා පාපැවසුවේ මින් ඉදිරියට කතානායකවරයා පැවසුවේ මෙම වරප්‍රසාද ප්‍රශ්නය පිළිගන්නා අතර, මින් ඉදිරියට පාර්ලිමේන්තුව රැස්වන දිනයන්හි යුද අධිකරණය කැදවීමෙන් වළකින ලෙස හමුදාපතිවරයාට දැනුම්දීමට තමා කටයුතු කරන බවයි.
තත්ත්වය මෙසේ තිබියදී අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට සහභාගීවීමට ඉඩ ලබානොදී යුධ හමුදාව විසින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා යුධ අධිකරණයට කැඳවාගෙන යාමට හමුදාව කටයුතු කර ඇති අතර, මෙම තත්ත්වයට විරෝධය දක්වමින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා මේ වන විට උපවාසයක නිරතව ඇත. lanka truth

ඖෂධ සංස්‌ථාවේ රුපියල් කෝටි 13 ක මුදල් වංචාවක්


රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්‌ථාව විසින් එම සංස්‌ථාවේ නිෂ්පාදිත බෙහෙත් වර්ග දහතුනක්‌ වෛද්‍ය සැපැයීම් අංශය වෙත නියමිත මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීමෙන් රුපියල් දහතුන් කෝටි තිස්‌හය ලක්‍ෂ පනස්‌ එක්‌දහස්‌ හැට අටයි ශත විසි හතරක විශාල මුදල් වංචාවක්‌ සිදු කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සංස්‌ථා ආරංචි මාර්ග පවසයි. මෙම වර්ෂය සඳහා රජයේ රෝහල්වලට සැපැයීමට මෙම බෙහෙත් වර්ග වෛද්‍ය සැපැයීම් අංශය විසින් ඖෂධ නිෂ්පාදනය සංස්‌ථාවෙන් මිලදී ගෙන තිබේ. මෙසේ නියමිත මිලට වඩා වැඩි මිලකට රජයේ ආයතනයක්‌ වන වෛද්‍ය සැපැයීමේ අංශය වෙත බෙහෙත් වර්ග අලෙවි කිරීමෙන් දේශීය සැපැයුම්කරුවෙකු වන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්‌ථා පාලන අධිකාරිය විසින් රජයට විශාල මුදල් වංචාවක්‌ සිදු කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති මීට පෙරද පෙන්වා දී තිබිණි.
මෙසේ නියමිත මිලට වඩා වැඩි මිලකට අළෙවි කරන ලද බෙහෙත් වර්ග වනුයේ ඇමොක්‌සිසිලින් කරල් මිලිග්‍රෑම් 250, ක්‌ලොක්‌ස්‌සිලිනිල කරල්, එරිත්‍රොමයිසීන් පෙති, පැරසිටමෝල් පෙති, මෙට්‌ෆෝමින් පෙති, ප්‍රෙඩ්නිසලොන් පෙති, ඩිල්ටියසම් පෙති, වේරපමිල් පෙති, ඩයික්‌ලොෆෙනක්‌ පෙති, කාබමෙසෆින් පෙති, බෙන්ස්‌හෙක්‌සෝල් පෙති, සැලිබියුටමෝල් පෙති) (මිලි ග්‍රෑම් 2 හා4) යනාදියයි.
මෙසේ වැඩි මිලකට බෙහෙත් වර්ග වෛද්‍ය සැපැයීම් අංශය වෙත සපයමින් ඖෂධ නිෂ්පාදන සංස්‌ථාව අධික ලාභයක්‌ ඉපයීමට සමත් වූ බව පෙන්වමින් ඒ හරහා පාලන අධිකාරියේ වරප්‍රසාද වැඩි කර ගැනීමටත්, අධික සේවක පිරිස්‌ බඳවා ගනිමින් දේශපාලන පත්වීම් රැසක්‌ ලබා දීමටත් ක්‍රියා කර ඇතැයි වෘත්තීය සමිති පවසයි.lankatruth

ගෑස් මිලේ තීරණය අද


ගෑස් මිල සංශෝධනය පිළිබද තීරණය පාරිභෝගික අධිකාරිය විසින් අද (05) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. වෙළද අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මෙවර ෂෙල් සහ ලාෆ්ස් ගෑස් මිල වැඩිවීමක් සිදුවීමට නියමිතය.
මෙවර ෂෙල් සමාගම රුපියල් 215කින් සහ ලාෆ්ස් ගෑස් සමාගම රුපියල් 350 කින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩිකරන ලෙස පාරිභෝගික අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ.
මිල සූත්‍රයට අනුව මාස දෙකකට වරක් සිදුවන මෙවර මිල සංශෝධනය පිළිබද තීරනය පසුගිය මැයි 1 වනදා සිට ක්‍රියාත්මක විය යුතුව තිබුණද ‍වෙළද අමාත්‍යංශය සහ පාරිභෝගික අධිකාරිය එම මිල තීරණය කිරීම දින කිහිපයකට කල් දැමීය. ඒ අනුව එම තීරණය අද දිනයේ නිකුත් කිරීමට නියමිතය. lanka truth

ජෙනරාල් පාර්ලිමේන්තුවේ සිටියදී යුද අධිකරණයට ගෙනයාමේ තැත වරදී


අද පස්වරු 1.00ට පමණ පැවැත්වීමට නියමිතව තිබූ යුද අධිකරණය වෙත තමා රැගෙන යාමට යුද හමුදා නිලධාරීන් කටයුතු කිරීමෙන් තම මන්ත්‍රී වරප්‍රසාද කඩවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්ණයක් මතු කළේය.
හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදය සඳහා පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ වරප‍්‍රසාද ප‍්‍රශ්නය කතානායකවරයා වෙත යොමු කළ මන්ත‍්‍රීවරයා පැවසුවේ තමන් අද දින විශේෂ ප‍්‍රකාශයක් කරන බැවින් පාර්ලිමේන්තු කටයුතු අවසාන වන තෙක් පාර්ලිමේන්තුවේ රැදී සිටීමට ඉඩකඩ සලසා දෙන ලෙසයි.
එහිදී කතානායකවරයා ප්‍රකාශ කළේ මේ පිළිබදව සොයා බැලීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් ජෙනරාල් සරත් ෆොන‍්සේකා මහතා මේවන විටත් පාර්ලිමේන්තුව තුළ රැදී සිටී.lankatruth

එක්නැලි‍ගොඩ අතුරුදහන්කර දින 100යි, විමර්ශණ ප්‍රතිඵල කෝ? - මාධ්‍යවේදීන් උද්ඝෝෂණයේ


මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කර අදට දින 100ක් පිරීම නිමිති කොට ගෙන මර්ධනයට එරෙහි මාධ්‍යවේදියෝ සංවිධානය විසින් අද විරෝධතාවයක නිරත විය. අද දහවල් කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්විණි. ප්‍රදීප් එක්නැලිගොඩ මහතා අතුරුදහන්වී දින 100ක් ගතව ඇතත් ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ දිනෙන් දින ප්‍රමාද කිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

ඒ සදහා මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය සහ ඔහුගේ දරුවන් දෙදෙනා ද උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ.
එහිදී අදහස් දැක්වූ මර්දනයට එරෙහි මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ කැඳවුම්කරු චන්දන සිරිමල්වත්ත මහතා "මාධ්‍යවේදී එක්නැළිගොඩ මහතා අතුරුදහන් කර අදට දින 100 යක් ගත වෙනවා. නමුත් ආණ්ඩුවට මේ වන තෙක් ඔහු පිළිබද කිසිදු කිසිදු තොරතුරක් රටට ඉදිරිපත් කර නැහැ. පරික්‍ෂණ කටයුතු දවසින් දවස මග හරිමින් විමර්ශන කටයුතු ප‍්‍රමාද කරනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එක්නැළිගොඩ මහතා සම්බන්ධයෙන් ගෙන යන විමර්ශන කටයුතු ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විශාල වගකීමක් තිබෙනවා. නමුත් කිසිදෙයක් වෙලා නැහැ. එක්නැළිගොඩගේ අතුරුදහන් වීමයි ජනාධිපතිවරණයයි අතර සම්බන්ධයක් තියෙනවා." යැයි ප්‍රකාශ කළේය.
මෙම උද්ඝෝෂණයේදී එක්නැලිගොඩ මහතාගේ වැඩිමල් පුත් සංජය එක්නැලිගොඩ සිසුවාද අදහස් දැක්වූයේය. " මගේ තාත්තා පැහැරගෙන ගිහිල්ලා අතුරුදහන් කර තිබෙනවා. එසේ කළේ ආණ්ඩුව නොවේ නම් ඒ ගැන සොයා බලා අපට කියන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා. නමුත් ආණ්ඩුව අද ඒ වගකීම පැහැර හැරලා.
ආණ්ඩුව අපට කළේ ලොකු අසාධාරණයක්. මම ආණඩුවෙන් ඉල්ලා සිටිනවා මගේ තාත්තා මට මුණ ගස්වන්න කියා. අපට කළ දේ මේ රටේ අනෙක් දරුවන්ට නම් කරන්න එපා. " යැයි සංජය සිසුවා එහිදී පැවසීය. lankatruth

පාර්ලිමේන්තු දිනවල යුද අධිකරණ එපා - කතානායක හමුදාපතිට දන්වයි


ඉදිරියේදී පාර්ලිමේන්තුව කැදවන දිනවල යුද අධිකරණ නොකැදවන ලෙස දන්වා හමුදාපතිවරයාට ලිපියක් යොමුකරන බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කතානායක චමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී මතු කළ වරප්‍රසාද ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
ජෙනරාල්වරයා පෙන්වාදුන්නේ පාර්ලිමේන්තුව රැස්වන දිනවල යුද අධිකරණය කැදවීම හේතුවෙන් තම මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් සිදුවන බවයි.
එහිදී වරප්‍රසාද ප්‍රශ්නය පිළිගත් කතානායකවරයා පැවසුවේ මින් ඉදිරියට පාර්ලිමේන්තුව රුස්වන දිනයන්හි යුද අධිකරණය කැදවීමෙන් වළකින ලෙස හමුදාපතිවරයාට දැනුම්දීමට තමා කටයුතු කරන බවයි.lanka truth

කුරුණෑගල පිපිරීමට හේතුව පොළව අභ්‍යන්තරයේ පිපුරුමක් නොවෙයි


පසුගිය දිනවල කුරුණෑගල මහව ප්‍රදේශයේ ගල් තලාවක සිදුවූ පිපිරීම් පොළව අභ්‍යන්තරයේ සිදුවූ පිපුරුම් හේතුවෙන් සිදුවූවක් නොවන බව භූ විද්‍යාඥයින් ප්‍රකාශ කරයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ එය ගල් තලාව රත්වීම හේතුවෙන් මතුපිට ස්ථරය ප්‍රසාරණය වීමත් එයට සාපේක්ෂව පාෂාණයේ පහල කොටස්වල උෂ්ණත්වය අඩු වීමත් නිසා සිදුවන ප්‍රසාරණය හේතුවෙන් සිදුව ඇති බවයි.
ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් පාෂාණයේ ස්ථර ගැලවීමත්, කුඩා පැලුම් ඇතිවීමත් දැකිය හැකිය. පාෂාණයේ පැලුම් ඇතිවීමේදී කුඩා පිපුරුම් හඩවල් ඇතිවිය හැකි බවත් ඔවුන් පවසයි. තවද ඇතැම් විට පරිසරයේ සිදුවන සිසිල්වීම නිසා පාෂාණයේ මතුපිට ස්ථරයේ සිදුවන සංකෝචනය නිසාද මේ ආකාරයටම පැලුම් සහ පාෂාණ කුට්ටි ගැලවීමක් සිදුවිය හැකි බව භූ විද්‍යාඥයින් වැඩිදුරටත් පවසයි.lanka truth

Monday, May 3, 2010

අලියා නැඟිටුවන්න දයාසිරිගෙන් තල්ලුවක්


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අදාළ යෝජනාවලියක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර තිබේ..
අද පස්වරුවේ දී රනිල් වික්‍රමසිංහ මහතා‍ හමුවීමෙන් අනතුරුව දයාසිරි ජයසේකර මහතා විසින් අදාළ ‍යෝජනාවලිය ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අදාළව යෝජනා 5 ක් මීට ඇතුළත් බව දයාසිරි ජයසේකර මහතා අද දෙරණ කළ විමසුමකදී සඳහන් කළේය.
කෙසේවෙතත් මීට පෙර සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ද පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අදාළව යෝජනා රැසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරනු ලැබිණි.
මෙම යෝජනාවලිය පසුව එ.ජා.ප කෘත්‍යධිකාරි මණ්ඩල රැස්වීමකදී සාකච්ඡාවකට බඳුන් කරනු ඇතැයි කියැවේ. adderana

සජිත්ට යූ.ඇන්.පියේ උප නායකත්වය..?


දැනට එක්සත් ජාතික පක්ෂයේ ලේකම් ධූරයක් දරන හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ උප නායකධූරයට පත් කීරීමට පක්ෂ නායකත්වය හා කෘත්‍යධිකාරී මණ්ඩලය තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව මැයි මස 05 වන දින අදාළ පත්වීම සිදුකරනු ලැබීමට නියමිත බව සඳහන් වේ. මෙතෙක් පක්ෂයේ උප නායක ධූරය දැරූ රුක්මන් සේනානායක මහතා පක්ෂයේ දැරූ තනතුරු වලින් අස්වීමත් සමග උප නායක ධුරය පුරප්පාඩුව පැවතිණි.
එසේ වුවද එක්සත් ජාතික පක්ෂයේ හිටපු උප නායක රුක්මන් සේනානායක මහතා පසුගිය දා සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියේ තමාගේ තනතුර සජිත්ට ලබා දෙන්නට ක්‍රියා කරමින් සිටියද සැබවින්ම සජිත්ට ලබාදිය යුත්තේ පක්ෂ නායකත්වය බවයි. adaderana

පළමු යුද අධිකරණය අත්හිටුවන්න නියෝගයක්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව චෝදනා විභාග කිරීමට පත්කළ පළමු යුද අධිකරණයේ පරීක්ෂණ කටයුතු ඉදිරියට පවත්වාගෙන නොයන ලෙස අභියාචනාධිකරණයේ බහුතර විනිසුරුවරුන් යුද හමුදාපතිවරයාට නියෝග කර තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති සත්‍යා හෙට්ටිගේ, රංජිත් සිල්වා සහ අනිල් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත. එහිදී රංජිත් සිල්වා සහ අනිල් ගුණරත්න යන විනිසුරුවරුන් ප්‍රකාශ කළේ එම යුද අධික‍ර‍ණයේ ඉදිරි කටයුතු මැයි මස 21 වැනිදා දක්වා ඉදිරියට පවත්වාගෙන යාමෙන් වළකින ලෙසයි.
නමුත් සභාපති විනිසුරු සත්‍යා හෙට්ටිගේ මහතා වෙනම තීන්දුවක් ලබාදෙමින් එවැනි අතුරු නියෝගයක් නිකුත් නොකරන බව ප්‍රකාශ කර තිබේ.
අදාළ යුද අධිකරණයට පත්කර තිබෙන විනිසුරුවරුන් පක්ෂග්‍රාහී බවත් තමන්ට සාධාරණ විනිශ්චයක් ලබාගැනීම අපහසු බවත් පවසමින් සරත් ෆොන්සේකා මහතා මෙම පෙත්සම ගොනු කර තිබුණි..
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කරන සමයේ දේශපාලන කටයුතුවල නියැලුණු බවට සරත් ෆොන්සේකා මහතාට වන චෝදනා විභාග කිරීම සඳහා පළමු යුද අධිකරණය ක්‍රියාත්මක විය. adaderana

වැඩකරන ජනතාවට සෙනසුරු ලබලා- ගයන්ත


වැඩකරන ජනතාවට සෙනසුරු දසාව ලබා ඇති බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
මැයි මාසයේ දී වැටුප් වැඩිවීමක් බලාපොරොත්තුවෙන් සිටි ජනතාවගේ අපේක්ෂාවන් බිඳවැටී ඇති බව ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය. ජනාධිපතිවරණ කාලය තුළ ලබාදුන් පොරොන්දු වත්මන් ආණ්ඩුව කඩකරමින් සිටින බව ගයන්ත කරුණාතිලක මහතා පෙන්වා දුන්නේය. adaderana

වසර 03කින් මෙරට ලොව දියුණු රාජ්‍යයක් කරනවා -අගමැති


ලොව දියුණු රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා ඉදිරි වසර තුන තුළ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි. අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා අද බුද්ධශාසන අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.
රට තුළ සිටින ප්‍රධාන ආගම් 5කට අයත් ජනතාවගේ මනස සකස් කිරීම ද මෙහිදී වැදගත් කාර්යයක් වන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙයි. එවිට මෙරට ජනතාවට ලොව වැදගත් ජාතියක් වශයෙන් නැගී සිටිය හැකි බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.adaderana

තිස්සනායගම්ට ජනපති සමාවක්


ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජේ.එස් තිස්සනායගම් මහතාට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ජනාධිපති සමාව ලබා දීමට තීරණය කළ බව විදෙස් කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිට පසුව ඇප මත නිදහස් කර සිටින ජේ.එස් තිස්සනායගම් මාධ්‍යවේදියාට මේ අයුරින් විශේෂ ජනාධිපති සමාවක් දෙන්නට තීරණය කර ඇති වග අමාත්‍යවරයා පවසා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
"අවුට් රිච්"වෙබ් අඩවියේ කතුවරයාව සිටි තිස්සනායගම් මහතා ත්‍රස්තවාදයට උඩගෙඩිදුන්නේ යයි චෝදනා කොට 2008 වසරේ මාර්තු මස 07 වන දින ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
බරපතල වැඩ සහිත වසර විස්සක සිරදඬුවම් නියම වී සිටි ඔහු පසුගිය ජනවාරි මස 11 වන දින කොළඹ මහාධිකරණය විසින් ඇප පිට නිදහස් කරනු ලැබූවේ ඔහුගේ නීතිඥයින් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවය.
එසේම ලෝක පුවත්පත් නිදහස් යෙදී ඇති අද දිනයේ මෙම ජනාධිපති සමාව ලබාදුන් බව ප්‍රකාශයට පත්කිරීම adaerana

විපක්ෂයේ සංවිධායක පුටුව ජෝන්ට


විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට ජෝන් අමරතුංග මහතා පත් කර ඇති වග එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජෝන් අමරතුංග මහතා මෙම ධූරයට යෝජනා කළ බවත්,එකී යෝජනාව ඒකමතිකව සම්මත වූ බවත් සඳහන් වේ.
තමන්ට අදාළ පත්වීම් ලිපිය පසුගිය සතියේ ලැබුණු බවත්,හෙට සිට නව තනතුරේ කටයුතු ආරම්භ කරන බවත් ඒ පිළිබඳ කළ විමසීමකදී ජෝන් අමරතුංග මහතා අද දෙරණට කියා සිටියේය. adarena

රක්වාන රෝහල් සේවකයින් උද්ඝෝෂණයක


රක්වාන රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට පහරදුන් පිරිස් වහා අත්අඩංගුවට ‍ගන්නා ලෙස බලකරමින් එම රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ. අද පෙර‍වරු 9 .00 සිට පැවැත්වෙන එම උද්ඝෝෂණයට සියලු රෝහල් කාර්යය මණ්ඩලය සහභාගි වන බව සමස්ත ලංකා සුව සේවා සංගමය සඳහන් කළේය.
පසුගියදා ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ ආධාරකරුවන් බව කියන පිරිසක් විසින් අදාළ වෛද්‍යවරයාට පහරදී ඇති අතර ඔහු මේ වන විට රත්නපුර ‍රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. රෝහලේ පරිපාලන කටයුතු සඳහා අදාළ දේශපාලනඥයාගෙන් එල්ල වන බලපෑම් වලට විරෝධය පළ කිරීම මෙම පහරදීමට හේතුව බව සමස්ත ලංකා සුව සේවා සංගමය ප්‍රකාශ කරයි. adaderana

හදිසි නීති විවාදය දෙදිනක් පුරා


හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදය දෙදිනක් පුරා පැවැත්වීමට ආණ්ඩු පක්ෂය තීරණය කර තිබේ. මේ මාසය සඳහා හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස්වන අතර ඒ අනුව හෙට සහ අනිද්දා හදිසි නීති විවාදය සිදුකිරීමට නියමිතය. අලුතින් තේරී පත්වු මන්ත්‍රීවරුන්ට ද හදිසි නීති විවාදයේදී අදහස් දැක්වීමට අවස්ථාව ලබාදෙනු ඇති බව වාර්තා වේ.
ඊයේ රැස්වු ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම විසින් මෙම තීරණය ගෙන ඇත. මේ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් සෘජු බලපෑමක් නොමැති හදිසි නීති මාලාවේ ඇතැම් වගන්ති ඉවත් කිරීම කෙරෙහිද ආණ්ඩු පක්ෂයේ අවධානය යොමු වී ඇති බව සඳහන්ය. adaderana

මාධ්‍ය නිදහසට නව වැඩපිළිවෙළක් අවශ්‍යයි


යුද්ධය නිමා කිරීමෙන් පසු පවතින තත්ත්වය, මෙරට තුළ නව මාධ්‍ය සදාචාරයක් ඇති කිරීමට උපයෝගි කර ගත හැකි බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති නියෝජ්‍ය අමාත්‍ය අචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.
ජනමාධ්‍ය නිදහස තවදුරටත් තහවුරු කිරීමට සහ ඔවුන්ගේ සුබ සාධනය සඳහා පහසුකම් සැලසීමට වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බව ඔහු සඳහන් කරයි. අදට යෙදී ඇති ලෝක පුවත්පත් නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන අමාත්‍යවරයා මේ බව අවධාරණය කරයි. යුද්ධය අවසන් වීමෙන් පසු මෙරට තුළ ප්‍රථම වරට සමරන ලෝක පුවත්පත් නිදහස් දිනය ශ්‍රි ලංකාවේ නව මාධ්‍ය සංස්කෘතියක ආරම්භය සනි‍ටුහන් කිරීම සඳහා යොදා ගන්නා ලෙස මාධ්‍යට සම්බන්ධ සියලු අංශ වෙතින් ඉල්ලා සිටින බව ද නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය මර්වින් සිල්වා මහතා/adaderana

හොර ලිපි තැනූ ස්ථානයක් වටලයි


ව්‍යාජ සහතික පත්‍ර සහ ලිපි ලේඛන සකස් කිරීම සඳහා හලාවත, පුත්තලම පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ස්ථානයක් වැටලීමට පොලිසිය සමත්වී තිබේ. හලාවත පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ සිදුකළ මෙහෙ‍යුමකදී 34 හැවිරිදි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
එම ස්ථානයේ තිබී ව්‍යාජ සහතික පත්‍ර, ග්‍රාම සේවා සහතික, උප්පැන්න සහතික, ග්‍රාම නිලධාරීන්, රෙජිස්ටාර්වරුන්, විදුහල්පතිවරුන් ඇතුළු පුද්ගලයන් භාවිත කරන ව්‍යාජ රබර් මුද්‍රා 48ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්ය. අදාළ වංචාව සිදුකිරීම සඳහා යොදාගත් පරිගණක යන්ත්‍රයක් සහ සංයුක්ත තැටි කිහිපයක් ද පොලිස් භාරයට ගත් බව හලාවත පොලිසිය පැවසුවේය. adaderana

තවත් සිසු ගැටුමක්


දෙහිවල පිහිටි උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙදෙනෙකුට එම ආයතනයේම සිසුන් පිරිසක් විසින් පහරදී තිබේ. ඊයේ පස්වරුවේ සිදුවු මෙම පහරදීමෙන් තුවාල ලැබු සිසුන් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.
සිසුන් 40 දෙනෙකු පමණ පොලු සහ මුගුරු වලින් අදාළ සිසුන් දෙදෙනාට පහරදී ඇති අතර සැකපිට සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana

Sunday, May 2, 2010

කිරිඇල්ල එජාපයෙන් ඉවත්වන්න යයි


(ලංකා ඊ නිව්ස් 2010 මැයි 01, ප.ව.4.55) මහනුවර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී ලක‍ෂ්මන් කිරිඇල්ල මහතා එජාපයෙන් ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස ඉදිරියේ කටයුතු කිරීමට සූදානම් වෙයි.
විපක‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය කිරිඇල්ල මහතාට ලබාදෙන බවට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වූ පොරොන්දුව කඩකිරීම නිසා දේශපාලන වශයෙන් කිරිඇල්ල මහතා කලකිරී සිටින බව වාර්තා වේ.
එජාප පාර්ලිමේන්තු කණ්ඩායම කිරිඇල්ල මහතා විපක‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්කිරීමට නිර්දේශ කිරීමට සූදානමින් සිටි අතර එම නිර්දේශයට පෙර ජෝන් අමරතුංග මහතා එම ධුරයට පත් කිරීමට එජාප නායකත්වය ගත් තීරණයට පාර්ලිමේන්තු කණ්ඩායමේ වැඩිදෙනකුට නොසතුට පළකොට තිබේ.
ජෝන් අමරතුංග මහතාට එම ධුරය ලබාදුන්නේ කතෝලිකයකුට තනතුරක් දිය යුතු නිසා බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට තිබේ. එජාපයේ සමහර මන්ත්‍රීවරුන් පවසන්නේ අමරතුංග මහතා පිල් මාරු කරන්නට සිටි සූදානම වළක්වා ගන්නට මේ තනතුර ඔහුට දුන් බවයි.

ජය වේ සොයුරනි...!


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ නගරසභා පිටියේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැළියට සහභාගී වෙමින් ජනතාවට ආචාර කළ අයුරු.රජයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය. adaderana

විය පැහැදම් විධිවිධාන වලට අනුවයි


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් රජය ක්‍රියා කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව සෑම ක්‍රියාවලියක්ම සිදුකරන බව ඔහු සඳහන් කරයි.
මේ වසරේ මුල් මාස හතර අතුරු සම්මත ගිණුමක් මගින් ද , තවත් මාස තුනක් ජනාධිපතිවරයාගේ නියෝග පරිදි මුදල් වෙන්කිරීමක් මගින් ද , සෙසු මාස පහ සඳහා කෙටි කාලීන අය වැය ලේඛනයක් ඉදිරිපත් කිරීම මගින් ද , රජයේ කටයුතු සැළසුම් කර ඇතැයි කබ්රාල් මහතා සඳහන් කළේය.
විපක්ෂය එල්ල කරන පරිදි රජය මුල්‍ය අර්බුදයකට මුහුණ දී නොමැති බව මහ බැංකු අධිපතිවරයා"අද දෙරණ"කළ විමසීමකදී ප්‍රකාශ කළේය. adaderana

තනිව තරග කළේ ගැටුම් වළකන්නයි


පසුගිය මැතිවරණයේදී ටී.එම්.වී.පීය තනිව තරග කරනු ලැබුවේ නැඟෙනහිර පළාතේ යළි ද්‍රවිඩ-මුස්ලිම් අරගලයක් මතුවන්නට ඉඩ දිය යුතු නැති නිසා බව නැඟෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පවසයි.
මඩකළපුව බස් නැවතුම්පළේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් මුල්ගල තැබීමේ උත්සවයටකට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. ටී.එම්.වී.පී ය හැටියට තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තනිව තරග කළ නිසා එක් ආසනයක් දිනා ගැනීමට හැකි වූ බවත්,අනෙක් පක්ෂ සමග එක්ව තරග කළා නම් ආසන තුනක් දිනා ගැනීමට හැකියාව තිබූ බවත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේය.
ඒ අයුරින් තමන්ට ආසන තුනක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේනම් එය ද්‍රවිඩ-මුස්ලිම් මතභේදයකට තුඩුදිය හැකිව තිබුණු බව ඔහු පැහැදිලි කළේය.
එක්ව තරග කළානම් පළාත් අමාත්‍ය හිස්බුල්ලා මහතාත්,හිටපු අමාත්‍ය අමීර් අලී සහ අලි සහීර් මව්ලානා යන තිදෙනාටම ජය ගැනීමට හැකියාව තිබූ බවත්,එසේ වන විට එක්සත් ජාතික පක්ෂයෙනුත් මුස්ලිම් ජාතිකයෙක් තරග වදින නිසාවෙන් මඩකළපුව දිස්ත්‍රීක්කයෙන් මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් හතරදෙනෙකුට පාර්ලිමේන්තුවට තේරි පත්වන්නට අවස්ථාව සැලසෙන බවත් චන්ද්‍රකාන්තන් මහතා පෙන්වා දෙයි.
ඒසේ වූයේ නම් මඩකළපු දිස්ත්‍රීක්කයේ ජනගහනයෙන් 25% ක් පමණ වන මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් මුස්ලිම්වරුන් හතර දෙනෙකු පාර්ලිමේන්තුවට තේරීපත්වෙද්දී මඩකළපු දිස්ත්‍රීක්කයේ 75% ක් වන බහුතර ද්‍රවිඩ ජනයා නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වීමට නියමිතව සිටියේ එක් නියෝජිතයෙක් පමණක් බවත්,එය අනිවාර්යයෙන්ම ද්‍රවිඩ-මුස්ලිම් ගැටුමක් ඇතිවීමට තුඩුදෙන කරුණක්වීම වැළැක්විය නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.
එබැවින් දුරදිග බලා තනිව තරග කිරීමට කටයුතු කළ බව නැඟෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.adaderana

සජිත්ට නායකත්වය දිය යුතුයි


සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් කළ යුතු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ‍ජෝන් අමරතුංග මහතා පවසයි.
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කළ වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා මෙම තීරණය ගත යුතු බව මන්ත්‍රීවරයා සඳහන් ක‍රයි.
රණසිංහ ප්‍රේමදාස මහතාගේ 17 වැනි ගුණසමරුව වෙනුවෙන් රද්දොළුගම ප්‍රදේශයේ පැවැති සමරු උත්සවයකට එක්වෙමින් ජෝන් අමරතුංග මහතා මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ වත්මන් රජය නව යෝජනා ක්‍රම කිසිවක් ආරම්භ කිරීමට අපොහොසත් වී ඇති බවයි.adaderana

අයවැයක් නොගෙනාවොත් ව්‍යවස්ථාවට පටහැණියි


රට තුළ බරපතල මූල්‍ය අර්බුදයක් පවතින බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී.
මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ රජය අයවැයක් ඉදිරිපත් නොකර අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කළහොත් එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවයි.
අයවැයක් ගෙන ඒමට තරම් සැලැස්මක් නොතිබීම තුළින් ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුම් කර ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

නාවලපිටිය වාර්තාව සූදානම්


මහනුවර, නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශ‍යේ සිදුවූ දූෂණ හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන විනය කමිටු වාර්තාව හෙට දිනය තුළ සකස් කර අවසන් කරන බව එම කමිටුවේ ප්‍රධානී ඩබ්ලිව්.ජේ. කරුණාජීව මහතා පවසයි.
මේ වන විට ඒ සඳහා වූ සියලු පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව කරුණාජීව මහතා අද දෙරණට සඳහන් කළේය.
පසුගිය අප්‍රේල් 8 වනදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ සිදු වූ ඡන්ද අක්‍රමිකතා හේතුවෙන් එම ඡන්ද කොට්ඨාසයේ ඡන්දය ශුන්‍ය කරනු ලැබිණි.
එම ඡන්ද අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ කණ්ඩායමක් පත් කළ අතර ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව වාර්තා වේ.
ඒ වාර්තාව හෙට දිනය තුළ සකස් කර අවසන් කරන බවත් ජනාධිපතිවරයා දැනුම් දෙන දිනක එය භාර දීමට සූදානම් බවත් කරණාජීව මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. adaderana

නිමල් සිරිපාලට දිනේෂ්ට තනතුරු


පාර්ලිමේන්තු සභානායක ධුරය සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබේ.. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පෙරවරුවේ මෙම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මේ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත්කර තිබෙන අතර ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම් පිරිනමා ඇති බව සඳහන් වේ.adaderana