Friday, February 19, 2010

සන්ධානයේ ගම්පහ කණ්ඩායම් නායකයා බැසිල්


එක්සත් ජනතා නිදහස් සන්ධාන‍යේ මහ මැතිවරණයට ඉදිරිපත් වන ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග වදින එක්සත් ජනතා නිදහස් සන්ධාන‍යේ අපේක්ෂකයින් අද සිය නාම යෝජනා පත්‍රවලට අත්සන් තැබීය. ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අපේක්ෂකයින් 21 දෙනෙකු තරග වැදීමට නියමිතය.
කණ්ඩායම් උපනායකයා ලෙස ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා කටයුතු කරයි. ජාතික හෙළ උරුමය පක්ෂයේ පුජ්‍ය අතුරලියේ රතන හිමි සන්ධානය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වනු ඇත.
ඊට අමතරව පණ්ඩු බණ්ඩාරනායක, ලසන්ත අලගියවන්න, මර්වින් සිල්වා, හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ බිරිඳ වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන මහත්ම මහත්මීන් ගම්පහ දිස්‍ත්‍රික්කයෙන් සන්ධානය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වෙයි. ජාතික නිදහස් පෙරමුණේ පියසිරි විජයනායක අමාත්‍යවරයා ද මීට ඇතුළත්ය.

ජ.වි.පෙ. මූලස්ථානය සෝදිසි කිරීමට පොලීසිය සැරසේ


ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල සෝදිසි කිරීම සදහා මීට ස්වල්ප මොහොතකට පෙර පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණි බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය පවසයි.
මාධ්‍ය ඒකකය පවසන ආකාරයට එම නිලධාරීන් පැමිණ ජනතා විමුක්ති පෙරමුණේ ‍කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සමඟ සාකච්ඡාකර කාර්යාලය සෝදිසි කිරීමට අවශ්‍ය බව දැන්වා තිබේ. නමුත් එම නිලධාරීන් සතුව කිසිදු සෝදිසි වරෙන්තුවක් තිබී නොමැත. එබැවින් ඒ සදහා ඉඩ දිය නොහැකි බව හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සෝදිසි වරෙන්තුවක් රැගෙන ඒම සදහා එම නිලධාරීන් පිටව ගොස් තිබේ.adaderana

ලක්ෂ්මන් සෙනවිරත්න ජෙනරාල්ට එරෙහි වෙයි


එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව රහස් පොලීසියට කටඋත්තරයක් ලබාදී ඇති බව “ලංකාටෲත්” වෙත ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබී තිබේ.
වාර්තාවන ආකාරයට, සෙනවිරත්න මහතා ඊයේ (18) රහස් පොලීස් නිලධාරීන් පිරිසක් හමුවේ මෙම කටඋත්තරය ලබාදී තිබේ. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියදී තමන් සමග දේශපාලන සබඳතා පැවැත්වූ බවට සෙනවිරත්න මහතා මෙම කටඋත්තරය ලබාදී ඇත. එමෙන්ම දැනට ආණ්ඩුව හා එක්ව සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු ක්‍රියාකාරිකයකුවන ටැක්සි අබේ නොහොත් ගාමිණි අබේරත්න ද ජෙනරාල්වරයාට එරෙහිව මෙලෙස කටඋත්තර ලබාදී තිබේ.
මේ අතර පසුගිය ජනාධිපතිවරණ සමයේදී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා මහියංගනය නගරයේ සංවිධානය කළ ප්‍රධාන ජන රැළියට පවා සහභාගී නොවූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දින කිහිපය තුළම ලක්සෂ්මන් සෙනවිරත්න මහතාගේ මෙහෙයවීම යටතේ පැවැති බෝධි පූජා කිහිපයකටම සහභාගී වී තිබේ.

රනිල්ගෙන් රජයට චෝදනා


ආණ්ඩුව බුද්ධ ශාසනය විනාශ කිරීමට උත්සාහ දරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ව්‍යවස්ථාවට පටහැනිව යමින් ආණ්ඩුව එම කටයුත්තට එළඹ සිටින බව ඔහු සඳහන් කරයි. අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහෙත් කිසිවිටක සංඝයා භේද කිරීමට ආණ්ඩුව උත්සාහ නොකරන බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පවසයි. ජනාධිපතිවරණයට පෙර සිටම විවිධ ක්ෂේත්‍රයන්හි භේද ඇති කිරීමට උත්සාහ දැරුවේ විපක්ෂය බව ඔහු අවධාරණය කරයි.

26 දක්වා තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනේ


ඉදිරි මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබේ.
ලබන 26 වැනිදා දක්වා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම සිදුකරන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේය. තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මේ මස 22 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණි.
ඒ අනුව කාලය දීර්ඝ කිරීමත් සමග මැතිවරණ රාජකාරීවල නිරත වීමට අපේක්ෂා කරන රජයේ සේවකයින්ට තවදුරටත් තැපැල් ඡන්ද සදහා අයදුම් කිරීමේ අවස්ථාව හිමිවන බව ද මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය. adaderana

නව තානාපතිවරු හය දෙනෙක්


මෙරටට පත්වී සිටින නව තානාපතිවරුන් හය දෙනෙකු අද ජනාධිපතිවරයා වෙත සිය අක්ත පත්‍ර ‍භාරදී තිබේ.
අද පෙරවරුවේ දී එම පිරිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ජනාධිපති කාර්යා‍ලයේදී අක්ත පත්‍ර භාරදීම සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. නේපාලය, ප්‍රංශය, බල්ගේරියාව, සුඩානය, සර්බියාව සහ පින්ලන්තය යන රටවලින් නව තානාපතිවරුන් පත්වී සිටියි. adaderana

පොදු කරුණු වලදී ජවිපෙ සමඟ එකඟයි


ඉදිරි මැතිවරණයේ දී වෙන් වෙන්ව තරග කළ ද පොදු කරුණු සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ජනාධිපතිවරණයේ දී ද මේ අකාරයෙන් වෙන් වෙන් වශයෙන් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කළ බව ඔහු පෙන්වාදෙයි. එම මැතිවරණ‍යේ දී ද ජනතා විමුක්ති පෙරමුණ සහ තම පක්ෂය අතර සන්ධානයක් නොතිබූ බව තිස්ස අත්තනායක මහතා අවධාරණය කරයි.
කෙසේ වුවද තම නව සන්ධානය සමඟ එක් වීමට එක්සත් ජාතික පක්ෂයට තවදුරටත් අවස්ථාව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ ඊයේ ප්‍රකාශ කළේය. adaderana

හැඳුනුම්පත් නිකුත් කිරීම අඛණ්ඩව


හැඳුනුම්පත් නොමැති පුද්ගලයන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් කඩිනමින් හැඳුනුම්පත් නිකුත් කිරීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.ජී ධර්මදාස මහතා සඳහන් කරයි. ජනාධිපතිවරණයේ දී හැඳුනුම්පත් සඳහා ඉල්ලුම් කළ සියලු දෙනාටම පාහේ හැඳුනුම්පත් නිකුත් කිරීමට හැකි වූ බව කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
එම මැතිවර‍ණයේ දී ඉහළ ප්‍රතිශතයක් ඡන්දය භාවිත කිරීමෙන් ඡන්ද දායකයන් වැඩි පිරිසක් කුමන හෝ අන්‍යනතා සහතිකයක් ලබා ගෙන ඇති බව පැහැදිලි වන්නේ යැයි ද ඒ.ජී ධර්මදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.adaderana

Thursday, February 18, 2010

සංවේදී නායකයා ලක‍ෂ 18ක දිනුමක් ලැබුවත් රටේ ජනතාව තුළ ඒ සතුට නෑ -ගයන්ත


ශ්‍රී ලංකාවේ පැවැති ජනාධිපතිවරණයකින් පසු පළමු වතාවට ප්‍රතිවාදී අපේක‍ෂකයා පැහැරගෙන ගොස් හිරකර තිඛෙන බවත්, සංවේදී නායකයා නැවත බලයට පත්වුවත්, ලක‍ෂ 18 ක වැඩි ඡන්දයක් ලබා ගත්තත්, ඒ සතුට රටේ ජනතාව තුළ දක්නට නැති බවත් එජාප මාධ්‍ය ප්‍රකාශක ගාලූ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කීවේය.
ආණ්ඩුව උද්ධාමයට පත්ව ජනාධිපතිවරණ ජයග්‍රහණය ගැන කටයුතු කළත් ලක‍ස 18 ජයග්‍රහණය ගැන ජනතාව තුළ පවතින්නේ කුතුහලයක් බව අද (18) විපක‍ෂ නායක නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවේදී කරුණාතිලක මහතා පැවැසීය.
ජනාධිපතිවරණයෙන් පසු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අවහිර වෙලා. සුබ අනාගතයක් ජනතාවට කෙසේ වෙතත් මැති ඇමැතිවරුන්ට හා ඔවුන්ගේ පවුල්වල අයට නම් ලැබිලා. රාජ්‍ය ආයතනවල සේවකයින් මහා පරිමාණයෙන් දේශපාලන පළිගැනීම්වලට ලක්වෙලා. දේශපාලනය මත පොලිස් නිලධාරීන් මාරු කරනවා. සුබ අනාගතයක් කෙසේ වෙතත් වෛරී දේශපාලනය රට පුරාම ව්‍යාප්ත වෙලායි මන්ත්‍රීවරයා පැවැසීය.
කරුණාතිලක මහතා පැවැසුවේ සංවේදී නායකයා ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීමෙන් පසු, ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා උද්ඝෝෂණ කරන්නට සිදුව තිඛෙන බවයි.
ප්‍රභාකරන් මරා දමන විට රුපියල් 62 කට තිබූ සීනි කිලෝව දැන් රුපියල් 110 දක්වා ඉහළ ගොස් තිඛෙන බවත්, රජය පනවා තිඛෙන අධික බදු නිසා කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100 කින් වැඩි කරන්නට ඒවා මෙරටට ගෙන්වන සමාගම් අවසර ඉල්ලා තිඛෙන බවත්, රුපියල් 70 ක අවම මිලවූ සම්බා කිලෝව දැන් රුපියල් 90 ටත් එහාට ගොස් සිටින අතර, zඅපි වවමු - රට හදමුZ සටන් පාඨ රට පුරා කටවුට් ගසා තිබුණත්, වී රජවරු සිටින පොලොන්නරුවටත් පොන්නි සම්බා යවා තිඛෙන තත්ත්වය හමුවේ පරාක්‍රම බාහු පිළිරුව මේවා දැක කඳුළු සලන බවත් කරුණාතිලක මහතා පැවැසුවේය.
වසර 20 ක ඉතිහාසයේ පැවැති සෑම මැතිවරණයකදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් හිටපු මන්ත්‍රීවරුනට ඊළඟ මැතිවරණය් ප්‍රතිඵලය නිකුත් වන තුරු ආරක‍ෂාව ලබාදී තිබුණත්, රජය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ විපක‍ෂයේ මන්ත්‍රීවරුනට ලබාදී තිබූ ආරක‍ෂාව ඉවත් කිරීමෙන් ඒ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ මැරයන්ගේ ගොදුරු බවට පත් කර ඇතැයි චෝදනා කළ කරුණාතිලක මහතා, ආණ්ඩුව මේ කි්‍රයාවෙන් ද අපේක‍ෂා කරන්නේ විපක‍ෂයක් නැති ආණ්ඩුවක් පත් කර ගන්නට බව කීවේය.

මැතිවරණ නීතියට මුවාවී විපක්ෂ විරෝධතා මඩින්න ආණ්ඩුව සැරසේ


ආණ්ඩුවට එරෙහිව රට පුරා ඇවිලෙමින් තිබෙන විරෝධතාවයන් මර්ධනය කිරීම සදහා මැතිවරණ නීතිය යොදා ගැනීමට පොලීසියේ සූදානමක් පවතින බව වාර්තාවේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර බාරදෙන අද (19 වැනිදා) සිට අප්‍රේල් 15 දා දක්‌වා කිසිම ආකාරයක දේශපාලන පෙළපාලි යාම තහනම් කර තිබේ.
මේවන විට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම සහ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනයට එරෙහිව දැවැන්ත විරෝධයක් වර්ධනය වී ඇති අතර ඊට සමගාමීව දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද විරෝධතා රාශියක් පැවැත්වෙමින් තිබේ. පසුගිය දිනවල මෙරට පැවැති එවැනි විරෝධතා කිහිපයකටම ආණ්ඩුව පොලීසිය සහ මැරවරයින් යොදා පහර දුන්නද ඒවා මර්ධනය කිරීමට ආණ්ඩුව අසමත්විය.
එබැවින් ආණ්ඩුවට එරෙහිව බුර බුරා නැගෙමින් තිබෙන මෙම විරෝධය ඉදිරි මහ මැතිවරණයේදී ඉතා අවාසි සහගත විය හැකි බැවින් මෙලෙස එම විරෝධතා මර්ධනය කිරීමට පොලිස්පතිවරයා සැලසුම්කර තිබේ.

ගිය වසරේ රාජ්‍ය ණය බර 15% කින් ඉහළ ගිහින්


ගිය වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මස දක්වා රජය දේශීය හා විදේශීය වශයෙන් ලබාගෙන ඇති මුළු ණය ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 529 ක් බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. එය 2008 වසරේ එම කාලයට සාපේක්‍ෂව 15% ක වැඩිවීමකි.
මෙලෙස රටේ ණය බර ඉහළ යාම ආර්ථිකයට බලවත් බලපෑමක් එල්ල කරන අතර මේ නිසා ලබන අයවැයෙන් ජනතාවගෙන් අයකරනු ලබන බදු තවදුරටත් ඉහළ යා හැකි බවද පැවසේ. GSP + සහනය යුරෝපා කොමිසම විසින් අත්හිටුවීම නිසා විශාල ප‍්‍රමාණයකට රැකියා අහිමිවීමේ තර්ජනයක් එල්ල වී ඇති අතර මෙම පසුබිම යටතේ ලංකාවේ ආර්ථික තත්වය තවත් අයහපත් වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

මහින්ද සුසන්තිකාටත් කළගුණ සලකයි


කෙටිදුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව පෙරේදා (17 දා) සවස සුසන්තිකා ජයසිංහ මහත්මිය නාමයෝජනා පත්‍රයට අත්සන් තාබා තිබේ.
සුසන්තිකා ජයසිංහ පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය පළ කරමින් කටයුතු කළේය.truth

පක්ෂය තවම තීරණය කර නෑ


කුමන පක්ෂය යටතේ මෙවර මහ මැතිවරණයට තරග කරන්නේද යන කරුණ පිළිබඳව තමන් තවමත් තීරණ කර නොමැති බව අර්ජුන රණතුංග මහතා"අද දෙරණ"ට පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය ඒ සම්බන්ධව තමන් සමඟ සාකච්ඡා කළ බවද ඒ මහතා සඳහන් කළේය. ඉරිදා දිනය වනවිට තමන් තරග කරනු ලබන පක්ෂය පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹෙන බව ද අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියාසිටියේය. adaderana

සන්ධාන නාම යෝජනා 21ට පෙර


උතුරු සහ නැගෙනහිර පළාත් වල එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයන් ලබන 21 වන දිනට පෙර නාම යෝජනා වලට අත්සන් තැබීම සිදු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වල නාමයෝජනා සඳහා අත්සන් තැබීම් බෙහෝ දුරට අවසන් වී ඇති බව ඔහු සඳහන් කරයි. ගම්පහ සහ තවත් දිස්ත්‍රික්ක හතරක නාමයෝජනා වලට අත්සන් තැබීම අද සිදු කෙරන බව ද සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව හෙට දිනය වන විට උතුරු නැගෙනහිර හැර සෙසු දිස්ත්‍රික්ක වල සන්ධාන අපේක්ෂක නාම ලේඛන වලට අත්සන් තැබීම් අවසන් වනු ඇත.

එජාප නාම යෝජනා බාරදීම 24 සිට


එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා බාරදීම ලබන 24 සහ 27 දින වල සිදු කෙරෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. මේ වන විට තම පෙරමුණේ නාම යෝජනා සකස් වෙමින් පවතින බව ඔහු සඳහන් කරයි. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු මුල් පෙලේ නායකයන් තරග වදින දිස්ත්‍රික්ක මේ වන විටත් තීරණය කර අවසන් බව ද තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දිස්‍ත්‍රික්කයෙන් ද, කරු ජයසූරිය මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද තරග වැදීමට නියමිතය. තිස්ස අත්තනායක මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් ද, ගාමිණි ජයවික්‍රම පෙරේරා මහත‍ා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද තරග වදිනු ඇත. එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් මංගල සමරවීර මහතා මාතර දිස්ත්‍රික්කයෙන් ද, මනෝගනේෂන් මහතා කොළඹ දිස්ත්‍රික්‍කයෙන් ද තරග වදින බව ද තිස්ස අත්තනායක මහතා කියා සිටියේය.
එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ‍ සියලු දේශපාලන පක්ෂ අලියා ලකුණ යටතේ තරග කිරීමට එකඟ වීමෙන් පසු අපේක්ෂකයන් තෝරා ගැනීම සිදු කර ඇති බව සඳහන්ය. එහෙත් පසුගිය ජනාධිපතිවරණයේ දී හංසයා ලකුණින් තරග කළ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු තවත් කණ්ඩායමක් කුසලානය ලකුණ යටතේ තරග කිරීමට ඊයේ පස්වරුවේ තීරණය කළේය.

Gotabaya Rajapaksa

සදාකාලික සතුරෝත් මිතුරෝත් නෑ


දේශපාලනයේ සදාකාලික මිතුරෝ හෝ සතුරෝ නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනතාවාදී දේශපාලනයේ යුතුකම හා වගකීම වන්නේ යුගයේ අවශ්‍යතාව හඳුනාගැනීම බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
අද පෙරවරුවේ ජාතික සමගි පෙරමුණේ සාමාජිකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සහ සියලු ජාතීන්ට සමගියෙන් ජීවත්විය හැකි රටක් ගොඩ නැඟීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ බව මෙම අවස්ථාවේදී ජාතික සමගි පෙරමුණේ නායිකා ෆේරියල් අෂ් රොෆ් මහත්මිය ප්‍රකාශ කළාය. adaderana

මුරලිදරනුන් බුලතට ආවඩයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නෙකු මෙන්ම ක්‍රිකට් කණ්ඩායමේ උප නායක මුත්තතයියා මුරලිදරන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත‍්‍රික් අපේක්ෂකයකු ලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම ක්‍රියාවලිය පිටුපස පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ සිය ආණෟඩුවට එක්වූ එස්.බී.දිසානායක කටයුතු කරන බව වැඩිදුරටත් වාර්තා වේ.
මුරලිදරන්ට අමතරව සන්ධානයෙන් මාතර දිස්ත‍්‍රික්කය සඳහා තවත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වන සනත් ජයසූරිය ද තරඟ කරන අතර, මෙවර සන්ධාන ලැයිස්තුවට නළු නිළියන් ගණනාවක් එක්වී සිටීම හේතුවෙන් පැරණි හ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් බලවත් අපහසුතාවය පත්ව ඇත. truth

කුමන්ත්‍රණ භීතිය නිසා තෙල් සංස්ථා සභාපතිට තනතුර අහිමිවෙයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සමග එක්ව රජයට එරෙහි කුමන්ත්‍රණ සිදුකළායැයි ආණ්ඩුවේ සැකයට බදුන්වූ ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ සභාපති මේජර් ජෙනරාල් අශෝක තෝරදෙනිය මහතා එම තනතුරින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව වාර්තාවේ. ඒ අනුව ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය තෝරදෙණිය මහතාගෙන් පසුගිය 17 වනදා ජනාධිපතිවරයා ‍ලබාගෙන තිබේ.
මේවන විට මේජර් ජෙනරාල් අශෝක තෝරදෙනිය මහතා ලංකා ඛනිජ තෙල් සංස්‌ථා සභාපති ධුරයට ආයුබෝවන් කියමින් එම ආයතනයෙන් ඉවත්ව ගොස්‌ ඇත.
මේ සම්බන්ධයෙන් අශෝක තෝරදෙනිය මහතා මාධ්‍ය වෙත පවසා තිබුණේ ජනාධිපතිවරයා විසින් තමාට බාරදුන් තනතුර බාරගත් පරිදිම ඉල්ලා අස්‌වන ලෙස කළ ඉල්ලීමද පිළිගත් බවයි.
සුගිය ජනාධිපතිවරණයෙන් පසු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට දායකවූ බවට සැක පිට ඒ අශෝක ‍තෝරදෙණිය මහතාගෙන්ද ප්‍රශ්න කිරීමේ සූදානමක් පවතින බව අප වාර්තා කළේය.
ඊට අදාළ පුවත පහත පළවේ.
ආණ්ඩුවට හමුදාවම සැක පාටයි - තෝරදෙණියත් අත්අඩංගුවට ගැනීමට සැරසේ.truth

මහ මැතිවරණයට නම් දීම හෙටින් ඇරඹෙයි

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම හෙට ආරම්භ වේ.
නාමයෝජනා බාරගැනීම ලබන 26 වැනිදායින් අවසන් වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි. නාමයෝජනා බාරගැනීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22 කදී සිදුකිරීමට නියමිතව තිබේ.
මේ අතර නාමයෝජනා බාරගනු ලබන දිනවල විශේෂ ආරක්ෂක වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කාර්යාංශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පවසයි.
නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමේ අරමුණින් මෙම පියවර ගත් බව නවරත්න මහතා කියා සිටියි.
මේ යටතේ සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම පොලිස් මුරපොළවල් ක්‍රියාත්මක කරන බව ගාමිණී නවරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

ජ.වි.පෙ සීනුව හළා කුසලානයට ගොඩවෙයි


ජනතා විමුක්ති පෙරමුණ මෙවර මහ මැතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතුව"කුසලානය"ලකුණෙන් තරඟ කරන බව ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.
මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ලියා පදිංචි වී ඇති පක්ෂ ලැයිස්තුවේ කුසලානය ලකුණ වෙනුවෙන් සටහන්ව ඇත්තේ""ප්‍රජාත්න්‍රවාදී ජාතික සන්ධානය"යයි. තම පක්ෂය දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂය සමග මහ මැතිවරණය ට සන්ධාන ගතව තරඟ කරන්නට සාකච්ඡා කළද එකී සාකච්ඡා අසාර්ථක වූ හෙයින් මෙසේ වෙනම පක්ෂයකින් තරග කරන්නට තීරණය කළ බව අද දෙරණට ප්‍රකාශයක් කරමින් හෙතෙම කියා සිටියේය.
එහෙත් පොදු සන්ධානයක් වෙනුවෙන් තම පක්ෂයේ බලාපොරොත්තු තාමත් බිඳවැටී නැති බවද ඉදිරියේ වුව තාමත් එකී අවස්ථාව අත්හැරී නොමැති බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.adaderaa

රැකියා අහිමි වුවහොත් වගකීම ගන්නවා


ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදීම තාවකාලිකව නැවැත්වීම තුළින් කිසිවෙකුගේ රැකියා අහිමි නොවන බව අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
එවැනි රැකියා අහිමි වීමක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම රජය බාරගන්නා බව ඔහු පවසයි.
අද පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කෙසේවෙතත් මෙම බදු සහනය ලබාගැනීම සඳහා යුරෝපා සංගමය සමග සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

විල්පත්තු යළි විවෘත කරයි


විල්පත්තු ජාතික වනෝද්‍යානය මෙම මස අග දී සංචාරකයින් සඳහා යළි විවෘත කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
හෙක්ටයාර එක් ලක්ෂ 31,667 ක භූමි භාගයකින් යුත් මෙම වනො‍්ද්‍යානයේ මේ දිනවල වැඩිදියුණු කිරීමේ කටයුතු සිදුකරමින් පවතියි. මෙරට දී ‍දිවියන් පහසුවෙන්ම දැක බලාගැනීමට හැකි එකම ව‍නෝද්‍යානය වන්නේ ද විල්පත්තු වනෝද්‍යානයය.
මීට අමතරව අලි ඇතුන් ඇතුළු දුර්ලභ ගණයේ සතුන් විශාල සංඛ්‍යාවක්‍ මෙම වනෝද්‍යානයේ දී දැකබලා ගත හැකි බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මෙරට පැරණිතම ජාතික වනෝද්‍යානය වන විල්පත්තු ජාතික වනෝද්‍යානය 1905 දී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර 1938 දී ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබීය. adaderana

නන්දන ගුණතිලක කළුතර සංවිධායකධූරයට


තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය නන්දන ගුණතිලක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රක් සංවිධායකවරයා ලෙස පත්කර තිබේ.
නන්දන ගුණතිලක මහතා ද එළඹෙන මහ මැතිවරණය සඳහා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට නියමිතය.
නන්දන ගුණතිලක අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර පසුව විමල් වීරවංශ මන්ත්‍රීවරයා සමග එක්ව ජාතික නිදහස් පෙරමු‍ණ පිහිටුවා ගනිමින් ආණ්ඩුවට එක්විය. අනතුරුව ජාතික නිදහස් පෙරමුණෙන් ද ඉවත් වූ අතර මේ වන විට ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කරයි.adaderana

හෙළ උරුමය දිස්ත්‍රික්ක පහකින් තරග වදියි


ඉදිරි මැතිවරණය සඳහා ජාතික හෙළ උරුමය නිදහස් සන්ධානය යටතේ දිස්ත්‍රික්ක පහකින් තරඟ වදින බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පවසයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් පාඨලී චම්පික රණවක මහතාද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් අතුරලියේ රතන හිමියන්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් ශාන්ත ජයතිලක මහතාද, මහනුවර දිස්ත්‍රික්කයෙන් තුෂාර ස්වර්ණතිලක මහතාද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එම්.සී. ජයරත්න මහතාද, තරග වදින බව රතන හිමියන් සඳහන් කරයි. ජාතික ලැයිස්තුව යටතේ එල්ලාවල මේධානන්ද හිමියන් හා ඕමල්පේ සෝභිත හිමියන් ඉදිරිපත් වන බව ද එම හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණ තම දේශපාලන ගමනේ අවසානයට පැමිණ ඇති බවත්, ඔවුන් උද්ඝෝෂණ පවත්වමින් රට තුළ දේශපාලන ව්‍යාකූලතාවයක් ඇතිකිරීමට බලාපොරොත්තු වන බවත් රතන හිමි අවධාරණය කළේය. අතුරලියේ රතන හිමියන් ‍මෙම කරුණු සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. adaderana

මේ ව්‍යවසනය දැක පැරකුම් රජුත් අඬනවා


කෝටි ගණනින් මුදල් වියදම් කර "අපි වවමු- රට නගමු" යනුවෙන් පෝස්ටර්, බැනර් ප්‍රදර්ශනය කළ ද වත්මන් රජය පොළොන්නරුවේ ගොවීන්ට ලබාදෙන්නේද විදෙස් රටවලින් ගෙන්වන"පොන්නි"සහල් බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
එමෙන්ම මෙම ව්‍යවසනය දැක මහ පරාක්‍රමබාහු රජුගේ පිළිරුවෙන් පවා කදුළු වැටෙන බව ඒ මහතා කියා සිටියි. ප්‍රභාකරන් මියයන විට රුපියල් 62ට පැවති සීනි කිලෝව ජනාධිපතිවරණ සමයේදී රුපියල් 95ක් වූ බවත්, දැන් සීනී කිලෝව රුපියල් 105 පමණ දක්වා වැඩි වී ඇති බවත් කරුණාතිලක මහතා සඳහන් කරයි.
වසර විස්සක කාලයක් පුරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඛණ්ඩව ලබාදුන් ආරක්ෂාවද වත්මන් රජය කප්පාදු කර ඇති බව ද ඔහු අවධාරණය කරයි. ජනාධිපතිවරණයෙන් පසුව සුභ අනාගතයක් නිර්මාණය වී ඇත්තේ මැති ඇමතිවරුන්ට පමණක් බව ද, ඡන්ද 18 ලක්ෂයකින් ජනාධිපතිවරයා ජයග්‍රහණය කළ ද ජනතාව තුළ එතරම් සතුටක් දැකිය නොහැකි බව ද ඒ මහතා පවසයි. අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ගයන්ත කරුණාතිලක මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය. adaderana

ෆේරියල් නිදහස් පක්ෂයට එක්වෙයි


අද ෆේරියල් අෂ්රෆ් මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය "අද දෙරණ"ට සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍ය ධූරයකට පත්වූ ප්‍රථම මුස්ලිම් කාන්තාව ඇයයි. 2000 වර්ෂ‍යේදී ඇගේ සැමියා වූ හිටපු කැබිනටි අමාත්‍ය මොහොමඩ් අෂ්රෆ් මහතාගේ මරණයෙන් පසුව ඇය එසේ දේශපාලනයට අවතීර්ණ වූවාය.

ඝාතන සැකකරුවන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට


පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් දස දෙනෙකුට තුවාල සිදුකරන ලදැයි ‍චෝදනා එල්ල වූ සැකකරුවන් සිව්දෙනෙකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට පුත්තලම දිසා අධිකරණය නියෝග කළේය.
සුගිය ජනවාරි 16 වැනිදා පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපතිවරණ රැළියකට යමින් සිටි පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්ය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාරවී තිබේ.
අදාළ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස පුත්තලම දිසා විනිසුරුවරයා නි‍යෝග කළේය. එහෙත් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින් හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා ඔවුන් ඉදිරිපත් කළ නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව අදාළ හඳුනාගැනීමේ පෙරට්ටුව ලබන 24 වැනිදා පවත්වන ලෙස දිසා විනිසුරුවරයා නියෝග කර තිබේ.

ශ්‍රී ලාංකිකයෙකු ක්‍රෙඩිට් වංචාවකදී හසුවෙයි


ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කළ ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියානු පොලීසියේ මධ්‍යම අපරාධ අංශය විසින් පසුගිය බදාදා දින අත්අඩංගුවට ගෙන තිබේ.
සංජීව් කාන්ත් නම් මෙම ශ්‍රී ලාංකිකයා එම ක්‍රෙඩිට් පත් භාවිත කර ලැප්ටොප් යන්ත්‍රයක් හා පරිගණක උපාංග කිහිපයක් මිලදී ගැනීමට උත්සාහ කළ අවස්ථාවක ලද හෝඩුවාවක් අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. මධ්‍යම අපරාධ අංශයේ විශේෂ කණ්ඩායමක් විසින් සංජීව් කාන්ත්ව අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේ ඔහු සතුව ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් තුනක් තිබී ඇත.
අලපක්කම්හි පිහිටි සංජීව් කාන්ත්ගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ඩෙබිට් කාඩ්පත් 107ක් හා ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් 07ක් පමණ හමුවී ඇත. විවිධ රටවල පුද්ගලයින්ගේ නම් ඇතුළත් ක්‍රෙඩිට් කාඩ් මේ අතර තිබී ඇති බව ද අනාවරණය වී තිබේ. adaderana

හෙරොයින් සමග අත්අඩංගුවට


හෙරොයින් කිලෝග්‍රෑම් 28 ක් සමග පුද්ගලයෙකු කල්පිටිය පොලිසි‍ය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කල්පිටිය පොලිසියට ලැබුණු තොරතුරක් මත මුන්දලම, කිරියන්කල්ලිය, අක්කරවෙල්ලිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. නවීන පන්නයේ බෑගයක් තුළ මෙම හෙරොයින් තොගය අසුරා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බව ද කල්පිටිය පොලිසිය සඳහන් කරයි.
මෙතෙක් මෙරටින් ‍සොයා‍ගනු ලැබූ විශාලතම හෙරොයින් තොගය මෙය වන බව පොලිසිය ප්‍රකාශ කරයි. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මේ අතර හෙරොයින් ග්‍රෑම්ස් 938 ක් සමග දෝහාකටාර් සිට පැමිණි විදේශීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුව‍ට ගත් අදාළ සැකකරු පාකිස්තාන ජාතිකයෙකු බව පොලිසිය පවසයි. adaderana