Thursday, January 13, 2011

කොස්ගම රිය අනතුරින් හය දෙනෙක් මරුට: හත් දෙනෙකුට තුවාල


කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේදී අද අලුයම 3.50 ට පමණ වු රිය අනතුරකින් පුද්ගලයෝ 6 දෙනෙක් ජිවිතක්ෂයට පත් වුහ. අනතුරින් තුවාල ලැබු 7දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

පොලීසිය පැවසුවේ, වලස්මුල්ල සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර වී ඇති බවය.

අවිස්සාවේල්ල රෝහල් පොලීසිය සදහන් කළේ, බරපතල තත්ත්වයේ පසු වු තුවාලකරුවන් දෙදෙනෙකු ජාතික රෝහලට මාරු කර යැවු බවය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කුරුවිට පැරඩයිස් වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් 6 දෙනෙකි. මියගිය අය අතර ආබාධිත සෙබළකුද වේ.

අනතුරෙන් වෑන් රථයේ සිටි සියලු දෙනා තුවාල ලැබුහ

මැතිවරණය කල් දැමීම පිළිබඳව තවම අදහසක් නැහැ. ජනපති කියයි.


පවතින අයහපත් කාලගුණය හමුවේ පළාත් පාලන මැතිවරණය කල්දැමීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රකාශ කළා. අද (13) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ, මේ වසරේදී සංවර්ධන ඉලක්ක ජය ගැනීම සහ ජාතීන් අතර ඇති වූ වෛරීය තුවාලය සුව කිරීම තම අරමුණ බවයි. දෙමළ ජාතික සන්ධානය සහ රජය..

ආර්ථික අර්බුදයක් ළඟ ළඟම. අපිට මොකද වෙන්නෙ ?




World Bank sees 2008 risks for global economy

ආර්ථික වර්ධනය මන්දගාමී වීමත් ආහාර මිල ගණන් ඉහළ නැගීමත් නිසා 2008 වසරේදී ලෝක ආර්ථිකය මුහුණ දුන් අඳුරු යුගයට නැවත වතාවක් ලෝකය ඇද වැටීමේ අවධානමක් ඇතැයි ලෝක බැංකුව අනතුරු හඟවයි.

මේ පිළිබඳව වාර්තා කරමින් ප්‍රංශ පුවත් සේවය පවසා තිබෙන්නේ 2009 ඇතිවූ ලෝක ආර්ථික අවපාතය යම් දුරකට සමනය වෙමින් ගිය වසරේදී ලෝක ආර්ථිකය ප්‍රගතියක් පෙන්නුම් කළද මේ වසරේදී ලෝක ආර්ථික වර්ධනය අඩුවනු ඇති බවට බැංකුව පුරෝකතනය කර තිබෙන බවයි.

මේ අනුව, ගිය වසරේදී සියයට 3.9 කින් වර්ධනය වූ ගෝලීය ආර්ථිකය මේ වසරේදී සියයට 3.3 ක් දක්වා පහත වැටෙනු ඇති බව සඳහන්ය.

මෙහිදී, ආර්ථිකයන් පණ ලබමින් සිටින හා සංවර්ධනය වෙමින් පවතින රටවල මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 6.0 ක් පමණ වනු ඇති බවත් එය ගිය වසරේදී සියයට 7.0 ක මට්ටමක තිබුණු බවත් ලෝක බැංකුව සඳහන් කර ඇත.

මේ අතර, වැඩි ආදායම් ලබන රටවල ගිය වසරේ ආර්ථික වර්ධනය සියයට 2.8 ක් පමණ වුවද එම වර්ධනයද සියයට 2.4 ක මට්ටමකට අඩුවෙනු ඇති බවට පුරෝකතනය කර තිබේ.

එසේම, ලෝක බැංකුව පෙන්වා දී තිබෙන්නේ 2012 වසරේදී ලෝක ආර්ථික වර්ධනය සියයට 3.6 ක් පමණ වනු ඇති බවත් මෙහිදී ඉහළ ආදායම් ලබන රටවල් සියයට 2.7 කද සංවර්ධනය වෙමින් පවතින රටවල් සියයට 6.1 කද වර්ධනයක් ලබනු ඇති බවයි.

අවාසනාවකට මෙන් මෙම ආර්ථික වර්ධනය ලෝකයේ පවතින විරැකියාව ඇතුළු ආර්ථික ගැටලු සමනය කිරීමට ප්‍රමාණවත් නොවන බවත් අවධාරණය කර ඇත.

යූරෝ මුදල් කළාපයේ රටවල ඇතිවී තිබෙන ආර්ථික අර්බුදත් ලෝකයේ ආහාර මිල, ඛනිජ තෙල් මිල ගණන්වල ඇතිවී තිබෙන විශාල වර්ධනයත් ලෝක ආර්ථිකය අර්බුදයක් අභිමුවට රැගෙන විත් තිබෙන බව වාර්තාවේ.

2008 වසරේදී ලෝක ආහාර මිල ගණන් ඉහළ ගිය තත්ත්වය හා සමානම සාධක මේ වනවිට ඇතිවී තිබෙන බවත් එම වසරේ මූල්‍ය අර්බුදය ඇතිවීමට පෙර සිදුවූයේ ආහාර මිල ගණන්වල මිල ඉහළ යාම බවත් ලෝක බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු වන Hans Timmer පවසා තිබේ.

2008 වසරේ ජූලි මාසයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 147 ක් දක්වා ඉහළ ගිය අතර එය මේ වනවිට ඩොලර් 92 ක පමණ මට්ටමක ඇත.

මේ අතර, 2011 වසරේදී සියයට 8.5 කද, 2012 දී සියයට 9.0 කද, 2013 දී සියයට 9.5 කද ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට ලංකාව ඉලක්ක තබාගෙන සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරන්නේ 2010 වසරේදී ලංකාව සියයට 08 ක ආර්ථික වර්ධනයක් ළඟාකර ගත් බවයි.

පාසල් සිසුවියක මරා දැමූ පුද්ගලයෙකුට මරණ දඬුවම නියමවෙයි


මිනී මැරුම් චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට බදුල්ල මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

ලුණුගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකුට බදුල්ල මහාධිකරණ විනිසුරු මතුරට පී වික්‍රමසිංහ මහත්මිය මෙලෙස මරණ දඩුවම නියම කර ඇත.

2007 වසරේ අගෝස්තු මාස 20 වැනි දින ලුණුගල, කළුගහතැන්න ප්‍රදේශයේ දී පාසල් ශිෂ්‍යාවක ඝාතනය කිරීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක වන අදාළ ශිෂ්‍යාව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා යමින් සිටිය දී ඝාතනයට ලක්ව ඇත.

විත්තිකරුට එරෙහිව ලැබුණු සාක්ෂි සලකා බැලූ බදුල්ල මහාධිකරණ විනිසුරුවරිය ඔහුට මරණ දඬුවම නියම කරනු ලැබීය.

Saturday, January 8, 2011

Wedding

රට ගැන සිතද්දී දේශපාලනය අමතක කළ යුතුයි


රටක් ගැන සිතා කටයුතු කරන විට දේශපාලනය අමතක කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රජය ප්‍රතිපත්තියක් වශයෙන් රාජ්‍ය දේපළ පෞද්ගලීකරණයට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

අරලිය ගහ මන්දිරයේ දී අද(08) පැවති ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සඳහා ISO තත්ත්ව සහතික සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක‍ට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

රාජ්‍ය‍ සේවය දියාරු කරහැරීමේ පටු දේශපාලන අභිප්‍රායන් එක්සත් ජාතික පක්ෂ රජයන් තුළ පැවතිය ද වත්මන් රජය රාජ්‍ය සේවය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.adaderana.lk

ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියේ දී ඉහළම මිල මහේලට


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම වටිනාකමක් හිමිකරගැනීමට මහේල ජයවර්ධන සමත්ව තිබේ.

ඒ අයි පී එල් කෝචි කණ්ඩායම වෙනුවෙනි. ඒ අනුව ඔහු අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී අමෙරිකා‍නු ඩොලර් මිලියන 1 .5 ට අලෙවි වී ඇති බව සඳහන්ය.

මීට අමතරව ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම සඳහා කුමාර් සංගක්කාරට එම ක්‍රීඩක වෙන්දේසියේ දී ලැබී ඇති වටිනාකම ‍අමෙරිකානු ඩොලර් හත් ලක්ෂයකි.

තවද තිලකරත්න ඩිල්ෂාන් අමෙරිකානු ඩොලර් හය ලක්ෂ 50,000 ට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් අලෙවි වී තිබේ.

අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය ක්‍රීඩක ගෞතම් ගාම්භීර් වාර්තාගත වටිනාකමකින් යුතුව අලෙවි වී ඇති ක්‍රීඩකයා වේ. ඔහුට ලැබී ඇති වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2 . 4කි.adaderana.lk

මැතිවරණය එකවර නොපැවැත්වීමට හේතුව අර්ජුනගේ ඉල්ලීමයි


පළාත් පාලන මැතිවරණය එකවර නොපැවැත්වීමට ප්‍රධාන වශයෙන් හේතුවූයේ අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා විසින් සිදුකළ ඉල්ලීම බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මෙම කරුණ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවයන් විවිධ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය කිසිදු බාධාවකින් තොරව ජයග්‍රහණය කිරීමට රජයට හැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අද(08) පෙරවරුවේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැදැක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව විමල් වීරවංශ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.adaderana.lk

සබරගමු සරසවියේ පළමු වසර සඳුදා ඇරඹෙයි


සබරගමුව විශ්ව විද්‍යාලයේ තාවකාලික වසා දමා තිබූ පීඨ ලබන සඳුදා(10) සිට යළි විවෘත කරන බව එම විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය එම්. එච්. එස් ප්‍රියනාත් මහතා පවසයි.

ව්‍යවහාරික විද්‍යා පීඨය හැර සෙසු පීඨ පළමු වසර සිසුන්ට පමණක් ලබන සඳුදා විවෘත කිරීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.

නවක වදය ලබාදීමේ සිද්ධියක් මුල්කරගනිමින් පසුගිය ජනවාරි පළමු වැනි දින සිට සබරගමුව විශ්ව විද්‍යාලයේ සියලු පීඨ තාවකාලිකව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පියවර ගනු ලැබීය.

ප්‍රථම වසර සිසුන් හැර අනෙකුත් වසර වල සිසුන් සඳහා අධ්‍යයන කටයුතු පසුව ආරම්භ කරන බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන බවත් විශ්ව විද්‍යාලයේ පීඨ යළි විවෘත කිරිම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්ය එම්. එච්. එස්. ප්‍රියනාත් මහතා සඳහන් කළේය. adaderana.lk

මැතිවරණය ගැන අවසන් තීරණය පක්ෂ දේශපාලන මණ්ඩලය සතුයි


ඉදිරි පළාත් පාලන මැතිවරණයට සන්ධාන ගතවී තරග කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ කිහිපයක් සමග මේ වන විට සාකච්ඡා පවත්වා ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ පවසයි.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ද ඊයේ(07) සාකච්ඡා පැවැත්වූ බව එම පක්ෂයේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

මීට අමතරව ද්‍රවිඩ සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක් සමග ද සාකච්ඡා පැවැත්වූ බව ද ඔහු කියා සිටියේය.

කෙසේවෙතත් සිය පක්ෂයේ අවසන් තීරණය ලබන 14 වැනිදා රැස්වන පක්ෂ දේශපාලන මණ්ඩලය මගින් ගැනීමට නියමිත බව මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.adaderana.lk

මාතර - කතරගම පාරේ රිය අනතුරකින් 20 දෙනෙකුට තුවාලයි


මාතර - කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම, කිවුල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද(08) පෙරවරුවේ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරනු ලැබීය.

මාතර සිට නුවරඑළිය බලා ගමන් ගත් බස්රථයක්, තිස්සමහාරාමයේ සිට මාතර බලා ගමන් ගත් බස්රථයක මෙලෙස ගැටී ඇති බව සඳහන්ය.

අනතුරින් තුවාල ලැබූවන් හම්බන්තොට හා තංගල්ල රෝහල්වලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූවන් අතර අනතුරට ලක්වූ බස් ‍රථවල රියදුරන් දෙදෙනා සහ උපකාරක පන්ති සඳහා යමින් සිටි ළමුන් කිහිපදෙනෙකු ද වන බව වාර්තා වේ.adaderana.lk

විදේශ ගතවීමට අවශ්‍ය මූලික තොරතුරු 1919 අංකයෙන්


රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ දුරකථන අංකය වන 1919 මගින් විදේශ ගතවීමට අවශ්‍ය මූලික තොරතුරු ලබාගත හැකි බව වි‍දේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මහජනතාවට වඩාත් සමීප වීමත්, විදේශ ‍රැකි‍යා සම්බන්ධ‍ මහජනතාව තුළ පවතින ගැටලු නිරාකරණය කරගැනීමටත් මෙමගින් හැකිවන බව එම කාර්යාංශයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළේය.

ඊයේ(07) දි‍නයේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ මෙහෙයුම් මැදිරි‍යේ වි‍ශේෂ චාරිකාවක නිරත වෙමින් සභාපතිවරයා මෙම අදහස් පළ කළේය.

මෙමගින් විදේශ රැකියා නියෝජිත ආයතන පිළිබඳව සියලු විස්තර ද ලබාගත හැකි බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කිංස්ලි රණවක මහතා කියා සිටියේය.adaderana.lk

Monday, January 3, 2011

ශ්‍රී ලංකාවේ අලුත්ම ලෝක වාර්තාව පොල් පිටරටින් ගෙන්වීමයි


ශ්‍රී ලංකාව පිහිටුවා ඇති නවතම ලෝක වාර්තාව පොල් පිටරටින් ගෙන්වීම බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙරට දෙවන පරාක්‍රමබාහු රජ සමයේ දී පොල් වගා කර පිටරටට යැවූ බවට වාර්තා තිබෙන බව ඔහු පෙන්වාදෙයි.

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ අද(03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වීරයා ද්‍රෝහියා කර ද්‍රෝහියා වීරයා බවට පත් කිරීමෙන් ද ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබා ඇති බව එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

සරත් ෆොන්සේකා මහතා සිර ගත කොට කේ පී නිදහස් කිරීම මෙම ලෝක වාර්තාව බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙරට සෞඛ්‍යය ආසියාවේ හොඳම සෞඛ්‍යය කිරීමට වැඩ කළ යුතුයි


මෙරට සෞඛ්‍යය සේවාව ආසියාවේ හොඳම සෞඛ්‍යය සේවාව බවට පත් කිරීම සඳහා සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩල කැපවීමෙන් ක්‍රියා කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අග්නිදිග ආසියාවේ හොඳම සෞඛ්‍ය සේවාව පවත්නා රට ලෙස ශ්‍රී ලංකාව මේ වන විටත් නම් දරා ඇති බව ඔහු පෙන්වාදෙයි.

නව වසර සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ‍යේ රාජකාරී කටයුතු අරඹමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

සෞඛ්‍යය සේවාව ‍රාජකාරියට පමණක් සීමා නොකර උතුම් සේවාවක් ලෙස පවත්වාගෙන යාම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ යුතුකම බව ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

සංවර්ධනයත් අපේ අතේ-විනාශයත් අපේ අතේ


රටක් සංවර්ධනය කරා යන්නේත්, විනාශය කරා යන්නේත්, ඒ රටේ දේශපාලනඥයන් විසින් ගන්නා තීන්දු තීරණ නිසා බවත්, ඒවා මොන පාටින් සිදුවෙනවාද? යන්න වැදගත් නොවන බවත්, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අද (03) පෙරවරුවේ නව වසරේ රාජකාරී ආරම්භ කිරීමට ප‍්‍රථම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය අමතා හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේය.

යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියා කළ යුත්තේ ප‍්‍රශ්න හා ගැටලු වෙනුවෙන් නොව විසදුම් වෙනුවෙන් බවත්, ජනාධිපතිතුමා විසින් පවරන ලද වගකීම ඉටු කිරීම සඳහා වේගවත් ගමනක් යා යුතු බවත් අලහප්පෙරුම මහතා පෙන්වාදුන්නේය.

එකී වේගවත් ගමන යාමේදී යන වාහනයේ මලකඩ කාපු, කැරකෙන්නේ නැති ඇණ මුරිච්චි කිසිවක් පෙනෙන්නට නොමැති බවත්, එසේ පෙනෙන්නට ඇත්නම් පෙනෙන පළමු පැයේදීම ඒවා ඉවත් කරන බවත්, අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

යෞවන කටයුතු අමත්‍යාංශය පිහිටුවා වසර 32 ක් හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පිහිටුවා වසර 16 ක් ගතවී තිබෙන බව පැවසූ අලහප්පෙරුම මහතා, එදා මෙදාතුර අමාත්‍යාංශය ආමන්ත‍්‍රණය කර ඇත්තේ සමස්ථ යෞවනයන්ගෙන් 3% ට පමණ සුළු ප්‍රතිශතයකට පමණක් බවද ප‍්‍රකාශ කළේය.

සෑම වසරකම ජනවාරි මාසයේ පළමු ශ්‍රේණිය සඳහා 3,30,000 ක් බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාට බාර දෙන බවත්, එයින් 21,000 ක් සෑම වසරකම දෙසැම්බර් මාසයේ එස්.බී. දිසානායක අමාත්‍යතුමා බාරගන්නා බවත්, ඉතිරි 3,09,000 වගකීම තමා මත පැවරෙන බවත් අලහප්පෙරුම අමාත්‍යවරයා සඳහන් කළේය.

එයින් පසුගිය වසරේ සිය වගකීම ඉටුකිරීමට අමාත්‍යාංශයට හැකි වී තිබෙන්නේ 68,000 ක් පමණක් වෙනුවෙන් බව සිහිපත් කළ අමාත්‍යවරයා 2011 වසරේ සිය වගකීම ලක්ෂයක් දක්වා ඉටු කිරීමට කැපවී ක‍්‍රියා කළ යුතු බවද, ප‍්‍රකාශ කළේය.

ගිය වසරේ අමාත්‍යාංශය විසින් එක් ළමයෙකු වෙනුවෙන් රු. 1,21,421/= වැය කර තිබූ අතර, මේ වසරේ ලක්ෂයක් පුහුණු කළහොත් එම මුදල රු. 85,000/= දක්වා අඩු කර ගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. adaderana.lk

පිටිදූවේ සිරිධම්ම හිමියන් රට හැර යයි


ජනප‍්‍රිය ධර්ම දේශක හිමි නමක් වන පිටිදූවේ සිරිධම්ම හිමියන් තමන්ට තවදුරටත් ලංකාවේ වාසය කරන්නට කැමැත්තක් නැති බව හිතවතුන්ට දන්වා මින් දින 10 කට පමණ පෙර ලංකාව අතහැර ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට වැඩම කොට ඇතැයි වාර්තා වේ.
මේ වනවිට සිරිධම්ම හිමියන් වැඩවාසය කළ දෙහිවල, බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමය වෙනත් හිමිනමක් යටතේ පාලනය වන අතර පිටිදූවේ හිමියන් අතින් කෙරුණු ශාසනික හා සමාජ කටයුතු රැසක්ම අවුල් සහගතව අතරමග නතර වී ඇත.

කොළඹ පෞද්. බැංකුවක මිලියන 10ක් ඉතාලියේ ඒ.ටී.එම්. යන්ත්‍රයකින් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට


ජන.03- කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් මිලියන 10ක පමණ මුදලක් වංචාකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිසිය පැවසුවේ වැල්ලවත්ත ප්‍රදේශයේ බැංකු ශාඛාවක ගිණුම් කිහිපයකට අදාළ මුදල් එලෙස සොරාගෙන ඇති බවය.

අදාළ ශාඛාවේ ඒ.ටී.එම්. යන්ත්‍රය භාවිත කර ඉතා සුක්ෂම අයුරින් එම ගිණුම්වලට අදාළ තොරතුරු සොරාගෙන තිබේ.

එම මුදල් සොරාගෙන ඇත්තේ ඉතාලියේ පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රයකින් බවද පොලිසිය ප්‍රකාශ කළේය.

සිද්ධියට විදේශිකයින් කිහිප දෙනෙකුද සම්බන්ධ බවට තොරතුරු හෙලි වී තිබේ.

බැංකු ශාඛාවේ පිහිටි ආරක්ෂිත කැමරාවලින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු හදුනාගෙන තිබෙන අතර පොලිසිය ප්‍රකාශ කළේ දැනට සිදුකළ පරීක්ෂණවලදි හෙලිවු තොරතුරු මත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවය.

ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද බැංකු කාඩ්පත් 58 ක් පිස්තෝලයක් ඇතුළු උපකරණ රැසක් සොයාගෙන තිබේ

පොලිස් අත්අඩංගුවට පත් නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර නිදහස් කෙරේ. 03-01-2011


අද (03) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට පත්වූ නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මීට සුළු මොහොතකට පෙර නිදහස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි සඳහන් කළා. දෙපාර්ශවය අතර ඇති වූ එකඟතාවයක් මත මෙසේ ගැටලූව නිරාකරණය කර ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ. සිය පිස්තෝලයෙන් ත‍්‍රිරෝද රථ රියැදුරෙකුට වෙඩි තැබීමට උත්සාහ කළ බවට වූ පැමිණිල්ලක් මත නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර අද (03) පෙරවරුවේ වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තා.

Thursday, December 30, 2010

Sri lankan student killed in usa


Road Cam In Colombo

කඩිනමින් සංවර්ධනය විය යුතු අංශ වලට ප්‍රමුඛත්වය දිය යුතුයි


කඩිනමින් සංවර්ධනය විය යුතු අංශ හෝ ස්ථාන නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අදාළ සංවර්ධන කටයුතු සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නිසිකලට ලබාදීමට ඊට සම්බන්ධ ආයතන කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා‍ පෙන්වා දෙයි.

මාතර නව නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ අද(30) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

මාතර නව රෝහල් සංකීර්ණය ඉදිකිරීම, ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග පුළුල් කිරීම, නිල්වලා ගංඟා නිම්නය සංවර්ධනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වී තිබේ.adaerana.lk

ඩෙංගු රෝගයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළට


2009 වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් එක් දහස් අටසිය විසි හය දෙනෙකු වාර්තා වු අතර ඉන් 21 දෙනෙකු මියගොස් ඇති බව අ‍මාත්‍යවරයා පෙන්වා දෙයි.

එහෙත් මේ වසරේ නොවැම්බර් මාසයේදී වාර්තා වු ඩෙංගු රෝගීන් ගණන 645ක් වන අතර මියගොස් ඇත්තේ තිදෙනෙකු පමණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වසරේ දෙසැම්බර් මාසය තුළ ඩෙංගු රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති අතර පසුගිය වසරේ එම මාසය තුළ වාර්තා වු මරණ සංඛ්‍යාව පනහකි. adaderana.lk

මාතර නගරාධිපති ඉල්ලා අස්වෙයි


මාතර නගරාධිපති උපුල් නිශාන්ත මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද(30) උදෑසන තම ඉල්ලා අස්වීමේ ලිපිය අදාළ බලධාරීන්‍ වෙත ලබාදුන් බව අද දෙරණ කළ විමසීමකදී උපුල් නිශාන්ත මහතා පැවසුවේය.

මීට කළින් තමා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කළ ද තමාට එරෙහිව පරීක්ෂණ කමිටුවක් ක්‍රියාත්මක වීම හේතුවෙන් එම තීරණය නොගත් බව උපුල් නිශාන්ත මහතා කියා සිටියි.

කෙසේ වෙතත් ඊයේ(29) වන විට අදාළ පරීක්ෂණ කොමිසමට තමා විසින් ලබාදීමට නියමිව තිබු ලිඛිත දේශනය ලබාදුන් බව ඔහු පවසයි.adaderana.lk

රාජ්‍ය‍ සේවක වැටුප් 5% න් ඉහළ නගියි


ලබන ජනවාරි පළමු වැනිදා සිට සෑම රාජ්‍ය‍ සේවකයෙකුගේම වැටුප 5% න් ඉහළ දැමීමට සහ රුපියල් 600ක ජීවන වියදම් දීමනාවක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

මීට අදාළ චක්‍රලේඛය රජයේ සෑම ආයතන ප්‍රධානියෙකු වෙතම යොමු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලැබීය.adadera.lk

විද්වත් කමිටුවට වීසා දීමට සූදානම් -නමුත් සාක්ෂි දීමට පමණයි


ශ්‍රී ලංකාවේ සිවිල් යුද ගැටුම් පැවති කාල සීමාව තුළි සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම සම්බන්ධව උපදෙස් ලබාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මූන් මහතා විසින් පත්කරන ලද ත්‍රිපුද්ගල විද්වත් කමිටුවට වීසා ලබා‍දීමට සූදානම් බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

නමුත් අදාළ කමිටුව ශ්‍රී ලංකාවෙහි විමර්ශන කටයුතු සිදුකිරීමට විරුද්ධ බවත්, උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කමිටුව වෙත ඔවුන් සාක්ෂි ලබාදීමට පැමිණෙන්නේ නම් පමණක් එම කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා ලබාදෙන බව ද ඔහු සඳහන් කර ඇත.

අද(30) රජයේ ප්‍රවෘත්ති ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළ කළේය.adaderana.lk

ප්‍රවාහන ගැටලු වලට විසඳුම් දෙන්න ගමින් ගමට යයි


ප්‍රවාහන ක්ෂේත්‍රයේ ජනතාව මුහුණ පා ඇති ගැටලු පිළිබඳ ගමින් ගමට ගොස් ජනතාව මුණ ගැසෙමින් ඒවාට විසඳුම් ලබාදීමේ නව වැඩපිළිවෙලක් ප්‍රවාහන අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ සංකල්පයකට අනූව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇති බව අමාත්‍යාංශය සඳහන් කරනු ලැබීය.

පාසල් සිසුන්, රජයේ සේවකයින් මෙන්ම එදිනෙදා මහමග ගමන් ගන්නා ජනතාව ප්‍රවාහනය සම්බන්ධව විවිධ ගැටලු වලට මුහුණපාන බවට හඳුනාගෙන ඇත.

බොහෝ බස් ඩිපෝ කළමනාකරුවන් කළමනාකරණය පිළිබඳ දක්වන අඩු සැලකිල්ල මෙවැනි ගැටලු බොහෝමයකට හේතුවී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.adaderana.lk

කැන්සාස්හි වෙඩි තැබුමකින් මෙරට ශිෂ්‍යයෙක් මියයයි


අමෙරිකාවේ කැන්සාස් නගරයේ පිරවුම්හලක් මංකොල්ලකෑමට තැත්කළ මංකොල්ලකරුවන්ගේ වෙඩි පහරකට ලක්ව එරට අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු මරණයට පත්ව ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ 25 හැවිරිදි සුජේන්ද්‍ර අමරසිංහම් නැමති එම පිරවුම්හලෙහි ලිපිකරුවෙකු ලෙස සේවය කළ තරුණයෙකි.

මෙම සිදුවීමෙන් මිනිත්තු 20ට පමණ පසු එම පිරවුම්හලට පැමිණි පාරිභොගියකු විසින් තුවාලකරු දැක අදාළ සිද්ධිය පිළිබඳව පොලීසියට දැනුම් දී තිබේ.

තුවාල ලැබූ ශිෂ්‍යයා රෝහලට ඇතුළු කිරීමෙන් පසු මරණයට පත්ව ඇති බව ද සඳහන්ය.

සිද්ධිය සිදුවී මිනිත්තු කිහිපයට පසු එම ස්ථානයට පාරිභෝගියකු පැමිණ ඇති අතර ඔහු තුවාල ලබා සිටි සුජේන්ද්‍ර රෝහලකට ඇතුළු කිරීමට හෝ පොලීසිය වෙත දැනුම් දීමට උත්සාහ නොකර පිරවුම්හලෙන් මුදල්ද සොරකම් කරගෙන අදාළ ස්ථානයෙන් පලා ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමේ සිද්ධියට සැකකරන පුද්ගලයාගේ හා මුදල් රැගෙන පලා ගිය පාරිභෝගිකයාගේ ඡායාරූප පිරවුම්හලෙහි නිරීක්ෂණ පද්ධතිය හරහා හඳුනාගැනීමට පොලීසියය හැකියාව ලැබී තිබේ

වෙඩි තැබූ පුද්ගලයා විසින් පිරවුම්හලෙහි වූ භාණ්ඩ කිහිපයක් රැගෙන පලාගොස් ඇති අතර මුදල් සොරාගෙන ගොස් නොමැති බව ද සඳහන්ය.

සිද්ධියෙන් මරණයට පත්වූ සුජේන්ද්‍ර අමරසිංහම් කැනාස් නගරයේ මිෂුෂුරි විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳව අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර මාස 3 ක පමණ කාලයට සිට එම පිරවුම්හලෙහි සේවය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.adaderana.lk

ලංකා, ශ්‍රී ලංකාට මාරුවෙයි


"සිලෝන්" යන නමින් ඇරඹෙන සියලුම රජයේ ආයතනවල නාමයන් වෙනස් කිරීමට රජය තීරණය කර තිබේ.

ඊයේ(29) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණයට එළඹි බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය.

තවමත් සිලෝන් යන නම භාවිත වීම නොගැළපෙන බවත්, ජාත්‍යන්තර සම්මේලන වලදී පවා මේ වනවිට අපේ රට හඳුන්වනු ලබන්නේ ශ්‍රී ලංකාව ලෙස බවත් ඒ පිළිබඳව අද දෙරණට අදහස් දැක්වු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා සඳහන් කළේය.

එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් ආරම්භ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

සිලොන් යන නාමය භාවිත වන අවස්ථා හා ආයතන පිළිබඳව හඳුනාගෙන එය ශ්‍රී ලංකා ලෙස වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කියා සිටියේය.adaderana.lk

වව්නියාව බන්ධනාගාර සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක්


වව්නියාව බන්ධනාගාර රැඳවියන් අතර ඇතිවු නොසන්සුන්තාව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වී. ආර්. ද සිල්වා මහතා පවසයි.

ඊයේ පස්වරුවේ රැඳවියන් දෙපිරිසක් අතර දැඩි නොසන්සුන්තාවයක් ඇතිවු බව ඔහු සඳහන් කළේය.

බන්ධනාගාර නිලධාරීන්ගේ හා පොලිසියේ මැදිහත් වීමෙන් තත්ත්වය පාලනය කළ බව ද වී. ආර්. ද සිල්වා මහතා පෙන්වා දෙයි.

අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යැවු රැඳවියෙකු වහා ගෙන්වන ලෙස බල කරමින් රැඳවියන් පිරිසක් මෙසේ කලහාකාරී ලෙස හැසිරුණු බව ඔහු සඳහන් කළේය.

අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යැවු අදාළ රැඳවියා කිසිදු හේතුවක් මත යළි වව්නියාව බන්ධනාගාරයට ඇතුළත් නොකරන බව වී. ආර්. ද සිල්වා මහතා පැවසුවේය.

ළමා අපචාරයකට සම්බන්ධ බවට චෝදනා මත මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ නියමය පරිදි වව්නියාව බන්ධනාගාරයට ඇතුළත් කෙ‍රුණු පූජකවරයෙක් සම්බන්ධයෙන් බන්ධනාගාර රැඳවියන් දෙපිරිසක් අතර මෙම ගැටුමේ මූලාරම්භය පසුගියදා ඇතිවිය.

ගැටුමෙන් තුවාල ලැබු රැඳවියන් දෙදෙනෙකු රෝහල්ගත කෙරුණු අතර එම සිද්ධියට මුල් වු ප්‍රධාන රැඳවියෙකු අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යැවීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගනු ලැබීය.adaderana.lk

දුම්රිය පැමිණිලි, තොරතුරු හා යෝජනා සඳහා අමතන්න


දුම්රිය තුළ හෝ දුම්රිය පරිශ්‍රයන් ‍තුළ හදිසි අවශ්‍යතාවන් සඳහා මඟීන්ට තොරතුරු දැන ගැනීමට සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට හදිසි දුරකථන අංකයන් කිහිපයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

අද(30) සිට එම දුරකථන අංකයන් පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුවේ සැලසුම් කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

හදිසි දැනුම්දීමක් සඳහා 011 -3135202 දරන අංකයෙන් ප්‍රධාන දුම්රිය පාලක කාර්යාලයද, දුම්රියක් පිළිබඳව තොරතුරු විමසීමට 011 -2434215 දරන දුරකථන අංකයෙන් කොළඹ -කොටුව දුම්රිය ස්ථානයේ විමසීම් අංශය ද ඇමතිය හැකි බව ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම නව අදහස් හා යෝජනා ඇත්නම් ඒවා 071 4393102 දරන අංකයෙන් සැලසුම් අධ්‍යක්ෂටද, ආරක්ෂක කටයුතු සම්බන්ධව යම්කිසි පැමිණිල්ලක් ඇත්නම් පැය 24 පුරාම ක්‍රියාත්මක වන ආරක්ෂක මෙහෙයුම් කාර්යාලයේ 011 -2347988 දරන දුරකථන අංකයට ද ඇමතිය හැකිය.adaderana.lk