
ඉදිරි පළාත් පාලන මැතිවරණයට සන්ධාන ගතවී තරග කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ කිහිපයක් සමග මේ වන විට සාකච්ඡා පවත්වා ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ පවසයි.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ද ඊයේ(07) සාකච්ඡා පැවැත්වූ බව එම පක්ෂයේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.
මීට අමතරව ද්‍රවිඩ සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක් සමග ද සාකච්ඡා පැවැත්වූ බව ද ඔහු කියා සිටියේය.
කෙසේවෙතත් සිය පක්ෂයේ අවසන් තීරණය ලබන 14 වැනිදා රැස්වන පක්ෂ දේශපාලන මණ්ඩලය මගින් ගැනීමට නියමිත බව මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.adaderana.lk
0 comments:
Post a Comment