
මාතර නගරාධිපති උපුල් නිශාන්ත මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අද(30) උදෑසන තම ඉල්ලා අස්වීමේ ලිපිය අදාළ බලධාරීන් වෙත ලබාදුන් බව අද දෙරණ කළ විමසීමකදී උපුල් නිශාන්ත මහතා පැවසුවේය.
මීට කළින් තමා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කළ ද තමාට එරෙහිව පරීක්ෂණ කමිටුවක් ක්‍රියාත්මක වීම හේතුවෙන් එම තීරණය නොගත් බව උපුල් නිශාන්ත මහතා කියා සිටියි.
කෙසේ වෙතත් ඊයේ(29) වන විට අදාළ පරීක්ෂණ කොමිසමට තමා විසින් ලබාදීමට නියමිව තිබු ලිඛිත දේශනය ලබාදුන් බව ඔහු පවසයි.adaderana.lk
0 comments:
Post a Comment