Saturday, July 24, 2010

නීති විරෝධීව සිටින ශ්‍රී ලාංකිකයින්ට පොදු සමාවක්


නීතිවිරෝධී ලෙස ලෙබනනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීම සඳහා පොදු සමාකාලයක් ලබාදී තිබේ. දැනට ක්‍රියාත්මක වන පොදු සමාකාලය ලබන ඔක්තෝබර් මස 31 වැනිදායින් අවසන් වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

අදාළ කාල සීමාව තුළ ලෙබනනයෙන් පිටවන ශ්‍රී ලාංකිකයින්ගෙන් කිසිදු මුදලක් අයකර නොගන්නා බවත්, ඔවුන්ට ‍එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගන්නා බව ද ලෙබනන රජය නිවේදනය කර ඇත. මේ වන විට ශ්‍රී ලාංකිකයින් එක් ලක්ෂ පනස් දහසක පමණ පිරිසක් ලෙබනනයේ රැකියාවල නිරතව සිටින බව ද සඳහන් වේ. adaerana

ස්වයං රැකියා ලාභීන්ටත් විශ්‍රාම වැටුප්


රාජ්‍ය ‍විශ්‍රාම වැටුපක් අහිමි සියලුම දෙනාට විශ්‍රාම වැටුපක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. ස්වයංරැකියාවන්හි නිරත වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාවට නැංවීමට යෝජිතය.

අවුරුදු 18 ත් 59 ත් අතර වයසේ පසුවන අදාළ වෘත්තිකයන්ට මෙම විශ්‍රාම වැටුප් හිමිකම් දායකත්වය ලැබිය හැකි බව සමාජ ආරක්ෂණ මණ්ඩලය පවසයි. එහෙත් ධීවර කර්මාන්තවල නිරත වෘත්තිකයන්ට මෙම දායකත්වය ලැබිය නොහැකි බව සමාජ ආරක්ෂණ මණ්ඩලය සඳහන්කරයි.

රූපලාවන්‍ය ශිල්පීන්, ත්‍රිරෝද රථ රියදුරන්, පෞද්ගලික බස්රියදුරන්, හස්ත කර්මාන්ත ශිල්පීන්, කුඩා කර්මාන්ත හිමියන්, තොග හා සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයින් ආදී වෘත්තිකයින්ට මෙහි දායකත්වය ලැබිය හැකි බව සඳහන් වේ. adaderana

ශ්‍රී ලංකාවට එරෙහි සීමන් තවදුරටත් රිමාන්ඩ්


ශ්‍රී ලංකා රජයට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක නිරත වී ජාතික ආරක්ෂාව පිළිබඳ පනත යටතේ අත්අඩංගුවට පත් තමිල්නාඩු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම නාන් තමිලර් ඉයක්කම් සංවිධානයේ නිර්මාතෘ සීමාන් අගෝස්තු මස 06 වන තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය තීන්දු කර තිබේ.

වේලු රිමාන්ඩ් භාරයේ තබා සිටි සීමන් නඩු විභාගය සඳහා අද දහවල් චෙන්නායි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් ශාන්තිනී විසින් මොහු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කර ඇති බව GTN පුවත් සේවය උපුටා දක්වයි.

ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වෙඩි තබන්නේනම් ඉන්දියාවේ ශ්‍රී ලාංකික කිසිවෙකුටත් වාසය කිරීමට ඉඩ නොතැබිය යුතුයි යන්න සඳහන් කරමින් ශ්‍රී ලංකා රජයට එරෙහිව උද්ඝෝෂණය කළ මොහු ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට ලැබුණු පැමිණිල්ලක් මත පසුගිය 12 වන දින අත්අඩංගුවට පත්විය.

එසේ වුවද චෙන්නායි අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාව ආවරණය කිරීම සඳහා සහභාගී වූ මාධ්‍යවේදීන් අමතා සීමන් කියා සිටියේ"තමිල්නාඩු ධීවරයින්ට අරක්ෂාව නෑ.ජාතික ආරක්ෂාව යටතේ මාව රඳවාගෙන තබාගැනීම සාධාරණද.."? යන්නයි.

"ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයින්ට වෙඩි තියනවා.ඒකට විරුද්ධ වුණාම මට උරුම හිරගෙයද..?අද වෙනතුරුත් මාව තනි කූඩුවක හිර කරලා.." සීමන් වැඩිදුරටත් සඳහන් කර තිබේ. adaderana

හොරෙන් ගස් කැපූ කළමනාකාරවරයාගේ වැඩ තහනම්


රාජ්‍ය දැව සංස්ථාවේ අම්පාර ප්‍රාදේශීය කළමනාකරුවෙකුගේ වැඩ තහනම් කර තිබේ. අම්පාර මහඔය , රඹුක්කන්ඔය ප්‍රදේශයේ සිදුවු දැව ජාවාරමකට සම්බන්ධ බවට අදාළ ප්‍රාදේශීය කළමනාකරුවාට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති එස්.අමරසිංහ මහතා පැවසීය.

ඒ අනුව ඔහුගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව සඳහන් කළ සභාපතිවරයා එම සිද්ධියට සම්බන්ධ බවට සැ‍ක‍ කෙරෙන තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ‍මීට පෙර පියවර ගත් බව ද කියා සිටියේය. සංස්ථා සභාපතිවරයා ලෙස තමාට හිමි බලතල යටතේ මෙම පියවර ගත් බව අමරසිංහ මහතා සඳහන් කළේය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන නිලධාරීන් විසින් මෙම දැව ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට සමත් වී තිබුණි. adaderana

ඩෙංගු වගකීම දිස්ත්‍රික් ලේකම්වරුන්ටයි


ඩෙංගු මර්දන කටයුතු විධිමත් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පවරා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ යටතේ දිස්ත්‍රික්ක තුළ ඩෙංගු මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මසකට වරක් පුළුල් සමාලෝචනයක් සිදුකෙරෙන බව එම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඩෙංගු මර්දනය පිළිබඳ වගකීම් පැවරීමේ විශේෂ සමුළුවක් අද කොළඹ දී පැවැත්වුණි. ඩෙංගු රෝගය මේ වන විට දිස්ත්‍රික් 15ක ව්‍යාප්ත වී ඇති බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එසේ වුව ද ඩෙංගු රෝගීන් සමස්තයක් වශයෙන් රටපුරාම වාර්තා වන බවය. adaderana

මගේ පුතා මැරුණේ පොලීසියෙන් ගුටිකාල නෙවෙයි


තමන්ගේ පුතාට පොලීසිය එළව එළවා පහරදුන්නත් එය එතරම් බලපෑමක් විය නොහැකි බවත්,‍එයින් වේදනාවක් ගෙන නොදුන් වග ඔහු කියා සිටි බවත් පහරකෑමට ලක්ව මිය ගිය සරසවි සිසුවාගේ මෑණියන් වන වයලට් මනතුංග මහත්මිය පවසයි.

තමන්ට වඩාත් රිදුණේ තමන්ගේම ශිෂ්‍යයෙකු විසින්ම දුන් පහරදීමකින් බවට ඔහු සඳහන් කළ බවත්,ඒ පිළිබඳ සිසුන් නිවරදි තොරතුරු දන්නා නමුත් මේ වන විට බිය නිසා නොකියන බවත් ඇය කියා සිටියේ අද නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹන්වල මහතා ඉදිරියේ ප්‍රකාශයක් කරමිනි.

මියගිය ශිෂ්‍යයා රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සුසන්ත අරුණබණ්ඩාර නැමති අයෙකි..

තම සිසුවකු මරා දැමීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද මාතර නගරයේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූ අතර ඒ සඳහා රුහුණු සරසවියේ විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ ද සහය ලැබුණු බව වාර්තා විය. adaderana

රට රැකියා පෙන්නා ලක්ෂ නවයකට විදලා


විදේශ රැකියා ල‍බාදෙන බව පවසමින් වංචනික ලෙස මුදල් ලබා ගත් පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 9 ට ආසන්න මුදලක් වංචා කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය‍ වෙත ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ අතර විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේදී ද අත්අඩංගුවට ගෙන තිබේ..

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැඟින් වන ශරීර ඇප මත සහ රුපියල් 20,000 බැඟින් වන මුදල් ඇප මත මුදා හැර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් කියා සිටියේය. adaderana

Sunday, July 18, 2010

කුණු දැමූ 200 ක් ඇප පිට නිදහස්


මහ මග කුණු දමායන්නන්ට එරෙහිව පාරිසරික පොලිස් ඒකකය සිය රාජකාරී කටයුතු ආරම්භ කර ඇති වග පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. නීති විරෝධී ලෙස කුණු දැමීමේ චෝදනාවට මේ වන විට 200 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව හෙතෙම කියා සිටියේය.

කොළඹ අපරාධ කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු 140 ක පමණ පිරිසක් මෙම විශේෂ පොලිස් ඒකකයට අනුයුක්තව සේවය කරන බවත්,එය සෘජුව ආරක්ෂක ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ සිදුවන බවත් වාර්තා වේ. 140 දෙනෙකුගෙන් යුතු මෙම ඒකකයේ පොලිස් නිලධාරීන් 12 දෙනා බැගින් කොළඹ හා ඒ අවට පොලිස් ස්ථානවලට අනුයුක්ත කර ඇති බවද සඳහන් වේ. adaderana

ඇඳුමක් වෙනුවෙන් රටේ ස්වාධීනත්වය පාවාදෙන්නේ නෑ


ඇඟලුම් කම්හලක මසන ඇඳුමක් වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ස්වෛරීභාවය හෝ ස්වාධීනත්වය පාවා නොදෙන බව තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. විවිධ හේතු දක්වමින් ඇතැම් රටවල් ශ්‍රි ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීම අත්හිටුවීම මගින් මෙරට ගමන වැළැක්විය නොහැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි කිරීමෙන් ශ්‍රි ලංකා ආණ්ඩුව අසරණ කිරීම බොහෝ රටවල අභිලාශය වී ඇති බව ද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. නාවලපිටිය ප්‍රදේශයේ නව ඇඟලුම් කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. adaderana

නැව් වලින් තෙල් පොම්ප කිරීම පැය 24 පුරා


නෞකාවල සිට තෙල් පොම්ප කිරීමේ කටයුතු දවසේ පැය 24 පුරා සිදුකිරීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ. එමගින් මසකට තෙල් සංස්ථාවට රුපියල් මිලියන 12ක ඉතිරියක් ලැබෙන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේය. පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා කාලය තුළ පමණක් නෞකා මගින් තෙල් පොම්ප කිරීමේ කටයුතු ‍මීට පෙර සිදුවු අතර මින් ඉදිරියට එය පැය 24 පුරාම සිදුකිරීමට නියමිතව ඇත.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් අනුව නාවික හමුදාවේ ආරක්ෂාව සහිතව මෙම තෙල් පොම්ප කිරීමේ කටයුතු සිදුවන බව ‍සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. නෞකාවලින් බොරතෙල් පොම්ප කිරීම සපුගස්කන්ද දක්වා ද පිරිපහදු තෙල් පොම්ප කිරීම කොළොන්නාව දක්වා ද ඒ අනුව සිදුකෙරෙනු ඇත. adaderana

තරංග කුළුදුල් ශතකය රැස් කරයි


මීට සුළු මොහොතකට පෙර තරංග පරණවිතාන සිය ප්‍රථම ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්ව තිබේ. ඒ මේ වනවිට ගාල්ලේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේදීය. adaderana

අවිගත් පිරිසක් අම්පාර නිවාස කිහිපයකට ගිනි තබලා


අම්පාර, පානම ශාස්ත්‍රවේලී ප්‍රදේශයේ පිහිටි නිවාස කිහිපයක් ගිනි තබා විනාශ කර තිබේ. ඊයේ රාත්‍රී නාඳුනන අවිගත් පිරිසක් ‍පැමිණ මෙම නිවෙස් වලට ගිනි තබා ඇති බව පොතුවිල් පොලිසිය සඳහන් කළේය. ගි‍න්නෙන් නිවාස 7ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.

පැමිණි පිරිස් සිදුකළ පහරදීම් හේතුවෙන් එම නිවාසවල සිටි පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා පානම ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය. සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.adaderana

අපරාධ රැසකට සැකපිට දෙදෙනෙක්ට මාංචු


සොරකම් කිරීම්, මං‍කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු කොස්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් කුලියාපිටිය සහ නාත්තන්ඩිය ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

සොරකම් කරන ලද ත්‍රී රෝද රථයක්, ජංගම දුරකථන, මුදල් හා රන්භාණ්ඩ තොගයක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොස්වත්ත පොලිසිය ඔවුන් සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව සදහන්ය. adaderana

සීමාන් හිරගෙට


ශ්‍රී ලංකාවට එරෙහිව ජනතාව කුපිත කරවන සුළු ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගත් දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයාට වසරක සිර දඬුවමක් ලබා දී තිබේ. සීමාන් නම් මෙම චිත්‍රපට අධ්‍යක්ෂවරයා එරට දෙමළ පක්ෂයක නිර්මාතෘවරයකු බව ද සඳහන්ය. පසුගිය 12 වනදා චෙන්නායි නුවර පැවති උද්ඝෝෂණයක දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශ සිදු කළ බවට චෙන්නායි පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව මොහු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සීමාන්ට ඉන්දීය ආරක්ෂණ පනත යටතේ නඩු පැවරූ අතර ඒ අනුව ඊයේ දිනයේ දී ඔහුට වසරක සිර දඬුවමක් ලබා දීමට නියෝග කර තිබේ. සීමාන්ගේ නීතීඥයින් විසින් ඇප ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. adaderana

උඩුදුම්බර ඩිපෝවේ රියදුරෙක් උපවාසයක


හසලක, උඩුදුම්බර ඩිපෝවට අයත් භූමියේ අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන ලෙස ඉල්ලා එම ඩිපෝවේ රියදුරෙකු උපවාසයක් ආරම්භ කර තිබේ. ඊයේ උදෑසන සිට උඩුදුම්බර ඩිපෝ කාර්යාලයේ වහලය මතට නැග ඔහු මෙම මාරාන්තික උපවාසය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පසුගිය 14 වන දා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා මෙම ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති අතර එහි දී එම අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියෝග කර තිබේ. එහෙත් නැවත එම භූමියේ අනවසර ඉදිකිරීම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ‍එයට විරෝධය පළ කරමින් හසලක උඩුදුම්බර ඩිපෝවේ සේවය කරන රියදුරෙකු වන ඩී. කේ නිමල් වීරබාහූ මහතා මෙම උපවාසය ආරම්භ කර තිබේ. adaderana

කියුබාවේ බී.ටී.අයි ලීටර දස දහසක් ලංකාවට


ඩෙංගු මර්දනය සදහා කියුබාවෙන් ආනයනය කරනු ලබන බී.ටී.අයි බැක්ටීරියාව ලීටර දස දහසක් එළඹෙන මාසයේ මෙරටට ගෙන්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ සදහා අවශ්‍ය සියලු සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බව සඳහන්ය.

එළඹෙන අගෝස්තු මාසයේ දෙවන සතිය වන විට එම බී.ටී.අයි බැක්ටීරියාව මෙරටට ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව එම බැක්ටීරියාව මධ්‍යම පළාතේ හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 3 ක පළමුව ඉසීමට කටයුතු යොදා තිබේ.

මේ අතර මෙරට නිෂ්පාදිත බී.ටී.අයි බැක්ටීරියාව ඉදිරි සතිය ඇතුළත වෙළඳපලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මීට අමතරව ඊයේ දිනයේ සිට ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ද ලබා දී තිබේ. adaderana

Tuesday, July 13, 2010

පේරාදෙණියේ සිසුන් එස්.බී.ට පිළිතුරු දෙයි


ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩ පිළිවෙලට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් අද දැවැන්ත විරෝධතාවයක නිරත විය. අද පෙරවරුවේ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සහ අමාත්‍ය මහින්දා නන්ද අළුත්ගමගේ යන මහත්වරුන් විශ්වවිද්‍යාලයේ විවෘත කිරීමක් සදහා පැමිණි අවස්ථාවේදී මෙම විරෝධතාව පවත්වා තිබේ.

කලා පීඨයේ පරිගණක විද්‍යාගාරයක් සහ නීති අංශය වීවෘත කිරීම සදහා මෙම අමාත්‍යවරුන් අද විශ්වවිද්‍යාලයට පැමිණ ඇත. කෙසේ වෙතත් මෙම පරිගණක විද්‍යාගාරය මීට මාස කිහිපයක පමණ සිට පරිහරණය කරන්නක් වන අතර, නීති අංශය සදහාද කිසිදු ආචාර්යවරයකු හෝ පත්කර නොමැති බවත් එම සිසුන්ට අදාල විෂය නිර්දේශය හෝ ලබාදී නොමැති බවත් සිසුන් පවසයි.

මෙම තත්වය යටතේ ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩ පිළිවෙලට සහ සිසු මර්දනයට එරෙහිව සිසුන් එම අමාත්‍යවරුන් ඉදිරියේ විශ්වවිද්‍යාලය තුල විරෝධතාවේ නිරතවී තිබේ. විරෝධතාව හේතුවෙන් අමාත්‍යවරුන් දෙදෙනා විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ලට ඇතුළුවී ඇති අතර එහිදී සිසුන් එම ගොඩනැගිල්ල පැය එක හමාරක පමණ කාලයක් වටකරගෙන විරෝධතාවයේ නිරතව ඇත. අවසානයේ අමාත්‍යවරුන් දෙදෙනා දැඩි රැකවල් මධ්‍යයේ විශ්වවිද්‍යාල භූමියෙන් පිටතට පැමිණි බව අප වාර්තාකරු lankatruth

ඩෙංගුවලින් මියයාම අමුතු දෙයක් නොවෙයි - හිටපු සෞඛ්‍ය ඇමති


ඩෙංගු රෝගය වැළදී පුද්ගලයකු මිය යාම "අමුතු අපූරු දෙයක් " නොවන බව හිටපු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී අදහස් දක්වමිනි. එහිදී නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසුවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ ඩෙංගු රෝගයෙන් දේශපාලන වාසි ලබා ගන්නා බවයි.

බදුල්ල, කොළඹ, හලාවත පමණක් නොව මහනුවර ප්‍රදේශවලත් මේවන විට ඩෙංගු රෝගය ව්‍යාප්තව ඇති බවත් රෝගය වැලදී පුද්ගලයකු මිය යාම සාමාන්‍ය දෙයක් පමණක් බවත් ඒ මහතා එහිදී ප්‍රකාශ කළේය.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුවද මෙම වසර තුළ පමණක් ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයන් 140 දෙනෙකු පමණ මියගොස් අති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මෙම වසර තුළ වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 20,000 ඉක්මවන බවද එම අංශය ප්‍රකාශ කරයි.

වසංගත රෝගවිද්‍යා අංශයට අනුව 2010 වසර තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹදිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යව 2,947කි. ගම්පහදිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,381ක් ද යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,374ක් ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,529 දෙනෙකුද වාර්තා .lankatruth

මෑණියනි, ඔබට නිවන් සුව.


විමල් වීරවංශ මහතාගේ මව වන අභාවප්‍රාප්ත සැමී නෝනා මහත්මිය වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙසේ අවසන් ගෞරව දැක්වීය. එම මහත්මියගේ දේහය තැන්පත් කර ඇත්තේ කොළඹ බුලර්ස් පෙදෙසේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේය. adaderana

බහරේන් ඇඟළුම් සේවිකා වර්ජනයට අවසන් තිත


බහරේන් හි ඇඟළුම් සමාගමක ශ්‍රී ලාංකික සේවිකාවන් පිරිසක් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් වී තිබේ. සේවිකාවන් 800 දෙනෙකු පමණ මෙම වර්ජනයට එක්ව සිටි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී එල්. කේ රුහුණගේ මහතා පැවසුවේය. කුවේට් තානාපති කාර්යාලයට අනුයුක්ත නිලධාරියෙකු බහරේන් වෙත ඊයේ දිනයේ පිටත් කර මෙම ගැටලුව පිළිබඳ දෙපාර්ශවය සමග සාකච්ඡා පැවැත්වූ බව රුහුණගේ මහතා සඳහන් කළේය.

ඒ අනුව මතුව තිබූ ගැටලුව සමථයකට පත් වී අද දිනයේ සිට එම සේවිකාවන් යළි සේවයට වාර්තා කර ඇති බව රුහුණගේ මහතා වැඩිදුරටත් පැවසුවේය. තම සේවා මුරයන්ට අදාළ ඉලක්ක සපුරාලීම සහ වැඩ පරීක්ෂකවරයෙකු පිළිබඳ මතු වූ ගැටලුවක් හේතුවෙන් අදාළ ශ්‍රී ලාංකික සේවිකාවන් වර්ජනය සිදුකළ බව සඳහන්ය. adaerana

උගන්ඩා බෝම්බ වලින් ලාංකිකයෙක් මියයයි


පසුගිය ඉරිදා දින උගන්ඩාවේ කම්පාලා හි සිදුවූ බෝම්බ පිපිරීම් දෙකෙන් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇති බව කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ජයන්ත දිසානායක මහතා පවසයි. මෙසේ මියගොස් ඇත්තේ 49 හැවිරිදි රාම්රාජ් ක්‍රිෂ්ණා නම් පුද්ගලයෙකි. ඔහු කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, දෙදරු පියෙකු බවත් සඳහන්ය.

මෙම බෝම්බ පිපිරීම් වලින් පුද්ගලයින් 74 දෙනෙක් මියගොස් ඇති බව ද ජයන්ත දිසානායක මහතා සඳහන් කළේය. මෙම ප්‍රහාරය අල් කයිඩා සංවිධානය සමග ද සබඳතා පවත්වන සෝමාලියානු රජයට එරෙහිව සටන් වදින ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් සිදුකර ඇති බව සොයාගෙන ඇතැයි මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය. adaderana

විධායක අගමැති ගැන සතුටුයි


විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුවට බලය පැවරෙන පාලන තන්ත්‍රයක් ගෙනඒමට රජය අවතීර්ණ වීම සතුටට කරුණක් බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය තිස්ස විතාරණ මහතා පවසයි. විධායක අගමැති ධුරයක් ගෙනඒමට රජය සාකච්ඡා පවත්වමින් තිබීම පිළිබඳ සතුටු වන බව ඔහු සඳහන් කළේය.

ඒකාධිපති පාලන තන්ත්‍රයක් වෙනුවෙන් රට අනාගතයේ දී අවතීර්ණ වීමට තිබූ අවස්ථාව මෙමගින් වැළකී යන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. කෙසේවුවත් එක්සත් ජාතික පක්ෂය සමග මෙන්ම වෙනත් දේශපාලන පක්ෂ සමග ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බව තිස්ස විතාරණ මහතා අවධාරණය කර සිටියි. adaerna

සනත් හා වාස් ගැනත් සලකා බලනවා


සනත් ජයසූරිය පමණක් නොව චමින්ද වාස් ද 2011 ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කරගැනීම සම්බන්ධයෙන් සලකාබලන බව ජාතික තේරීම්කාරක කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසයි. ඔවුන් පිළබඳව අවධානයෙන් සිටින බවත්, අවශ්‍යතාවයක් මතුවුවහොත් අනිවාර්යයෙන්ම ඔවුන් වෙත ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදෙන බව ද සභාපතිවරයා සඳහන් කරයි.

අද දෙරණ වෙත අදහස් දක්වමින් අරවින්ද ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය. තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් එම තීරණය බලපෑමක් නොවන බවත්, ඔවුන් වෙත පළමුව අවස්ථාව ලබාදෙන බවත් එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. adaderana

නිට්ටඹුව බස් වර්ජනය තවදුරටත්


නිට්ටඹුව පෞද්ගලික බස්රථ සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි. දුරගමන් බස්රථ සේවකයින් අවිධිමත් ආකාරයෙන් සිදුකරන ධාවන කටයුතුවලට විරෝධය පෑමක් වශයෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව නිට්ටඹුව -ගම්පහ, නිට්ටඹුව -කොළඹ සහ ගම්පහ -කොළඹ යන කෙටි දුර ගමන් සේවාවන්හි නිරත වන පෞද්ගලික බස්රථ සේවකයින් මෙම වර්ජනයට එක්ව සිටින බව සඳහන්ය. ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සමග මේ සම්බන්ධයෙන් ලබන 15 වැනිදා සාකච්ඡා කිරීමට නියමිත බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය. adaerana

මූන්ගේ නිවේදනයේ කමිටුවක් ගැන තිබුණේ නෑ


එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කී මූන් මහතා 2009 වසරේ මෙරට සිදු කළ සංචාරයෙන් අනතුරුව නිකුත් කෙරුණු ඒකාබද්ධ නිවේදනයේ උපදේශක කමිටුවක් පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බව රජය අවධාරණය කරයි. අදාළ ඒකාබද්ධ නිවේදනය පරිච්ජේද 11 කින් සමන්විත බව රජය පෙන්වා දෙයි.

ඊට අවතැන් වූවන් යළි පදිංචි කිරීම, කොටි ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කිරීම යන කරුණු පිළිබඳ එහි වැඩි අවධානයක් යොමු කර ඇති බව රජය පෙන්වා දෙයි. මානව හිමිකම් පිළිබඳ දැක්වෙන පරිච්ජේදයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් පියවර ගනු ඇති බව යැයි රජය වැඩිදුරටත් පවසයි.

ජාත්‍යන්තර මැදිහත් වීමක් පිළිබඳ අදාළ නිවේදනයේ සදහන් වන්නේ බිම්බෝම්බ ඉවත් කිරීමට අදාළව පමණක් බව ද රජය වැඩිදුරටත් නිවේදනය කරයි. බැන්කී මූන් මහතා විශේෂඥ කමිටුව පත් කරන ලද්දේ ඒකාබද්ධ නිවේදනයෙන් ඇතිකරගත් එකඟතාව අනුව බවට විවිධ පාර්ශව මීට පෙර චෝදනා කර තිබුණි. adaderana

ආණ්ඩුවේ උගුලට යූ.ඇන්.පී ත් අහුවෙලා


ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධන උගුලට යූ.ඇන්.පියත් අසුවී ඇති බව ජ.වි.පෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

රටේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාව අයත් වන්නේ රටේ පක්ෂ දෙකකට පමණක් නොවන බවත්,මේ වන විට ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින්නේ යූ.ඇන්.පිය සමග පමණක් බවත් හෙතෙම සඳහන් කරයි.

විනිවිද භාවයෙන් තොර මෙවැනි සාකච්ඡා දිගින් දිගටම පැවතී ඇති මුත් එමගින් රටට වැඩදායි යමක් සිදුවනවාට වඩා සිදුව ඇත්තේ අහිතකර දේවල් පමණක් බවත් එබැවින් මෙම සාකච්ඡා රටට අනතුරුදායක බව පමණක් කල්තියා අඟවා තැබීම යහපත් බවත් ඔහු කියා සිටියි.

ව්‍යවස්ථාවේ අර්බුදය ඇත්තේ පවත්නා විධායකය තුළ බවත්,ආණ්ඩුව සෘජුව ප්‍රකාශ කළ යුත්තේ පවත්නා විධායකය අහෝසි කරනවාද නැද්ද යන්න බවත් මේ වන විටත් ඒ පිළිබඳ ස්ථාවරයක් ප්‍රකාශයට පත්කර නැති බවත් ජ.වි.පෙ ලේකම්වරයා කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි.

17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද මේ වන විට යූ.ඇන්.පිය සමග සාකච්ඡා කරමින් සිටින බවට වාර්තා වන බවත්,එසේ වුව ද 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අලුත් අංගයක් නොවන බවත් එය දැනටමත් ව්‍යවස්ථාවේ අන්තර්ගත බැවින් කළ යුත්තේ එය ක්‍රියාත්මක කිරීම පමණක් බවත් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

ඡන්ද ක්‍රමය ගැන රජය සහ එජාපයේ කතාබහක්


මෙරට මැතිවරණ ක්‍රමය කෙසේ සකස් විය යුතු ද යන්න පිළිබඳව මූලික වටයේ සාකච්ඡාවක් එක්සත් ජාතික පක්ෂයේ සහ රජයේ පාර්ශවයේ නියෝජිතයින් අතර අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ව්‍යවස්ථා සංශෝධනයට අදාළ සාකච්ඡා වල පළමු පියවරක් ලෙස මෙරට පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳව අද දිනයේ සාකච්ඡා කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා සඳහන් කළේය.

අද පස්වරුවේ පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාව සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගාමිණි ජයවික්‍රම පෙරේරා, ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන් සහභාගී වීමට නියමිතය. රජය පාර්ශවයෙන් ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන යන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයින් කිහිප දෙනෙකු ද සහභාගි ‍වනු ඇත. adaerana

වීරවංශ,උපවාසය පවත්වා ඇත්තේ ජනාධිපතිට විරුද්ධවයි


ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජනාධිපතිට එරෙහිව අරලියගහ මන්දිරය ඉදිරිපස පවත්වන්නට නියමිතව තිබූ විරෝධතා ව්‍යාපාරයක් වැරැදීමකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට පවත්වා ඇති බව ප්‍ර.ජා.සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බෑන්කී මූන්ගේ විද්වත් කමිටුව ඉල්ලා අස්කර ගැනීමෙන් හෝ තමන්ගේ මරණයෙන් කෙලවර වන බවට වහසි බස් දොඩා ආරම්භ කළ උපවාසය පැය 56 ට පසු නවතා දැමුවේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිට බවත්,ඔහුගේ ඉල්ලීමට මේ වන විට කන්දී ඇත්තේ ජනාධිපතිවරයා පමණක් බවත් හෙතෙම කියා සිටියි.

වීරවංශ මහතාගේ ඉල්ලීම් වලට කන්දුන් ජනාධිපතිවරයා මේ වන විට යුද අපරාධ චෝදනා ගැන සොයන්නට ඇමතිවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා මෙයින් පෙනී යන්නේ මුලාරම්භයේ සිටම මෙම විරෝධතාවය ජනාධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක කළාදැයි සැකයක් පවතින බවය.

මෙම වි‍රෝධතාවය ට ප්‍රතිචාර වශයෙන් සිදුව ඇත්තේ මේ වන විට යුරෝපා සංගමයේ රටවල් 8 ක් ශ්‍රී ලංකාවේ විරෝධතාවන්ට අප්‍රසාදය පළ කොට එක්සත් ජාතීන්ගේ සම්මුති බිඳීම පිළිබඳ හේතු දක්වන ලෙස ඉල්ලා නිවේදනයක් නිකුත් කිරීම බවද ඔහු කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. adaerana

වෙඩි තැබීමකින් අයෙක් මරුට-තිදෙනෙකුට තුවාලයි


සේරුනුවර යුද හමුදා කඳවුර ආසන්නයේ මාර්ගයේ ආරක්ෂාවට සිටි හමුදා සෙබළෙකුගේ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ. මරුමුවට පත්වී ඇත්තේද හමුදා සෙබලෙකු බව සඳහන් වේ.

ඒ අනුව එම ස්ථානයේ සිටි තවත් හමුදා සෙබළුන් දෙදෙනෙකු සහ සිවිල් වැසියෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උභය මැදවල මහතා සඳහන් කරයි.

මෙම වෙඩි වැදීම කෙසේ සිදු වී ඇත් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව ද උභය මැදවල මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්,සැකකාර සෙබලා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් බ්‍රිගේඩියර් උභය මැදවල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.. adaerana

මහා භාණ්ඩාගාරයේ තවත් සුදු අලියෙක්


ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයට තවත් සුදු අලියෙක් පාත්වී ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව දූෂණ හා අක්‍රමිකතාවලින් පිරි ආයතනයක් බවට පත්වී ඇතැයි හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි.

අඩුමිලට ලබා ගන්නා තෙල් වැඩි මිලට විකිණීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කරන බවත්,සෑම ලීටරයකින්ම රු.55 ක් වැඩියෙන් උපයන බවත් එහෙව් ලාභයක් ලැබූවද පාඩු ලබන බව කියන්නට සිදුව ඇත්තේ ඒ තුළ සිදුවන අක්‍රමිකතා හේතුවෙන් බවත් මහ ලේකම්වරයා කියා සිටියේය.

පෙට්‍රල් වලට යකඩ මිශ්‍රවී ඇති බවටත්,ඩීසල් වලට වතුර මිශ්‍රවී ඇති බවටත් පසුගිය දිනවල වාර්තාවල පළවූ බව ද අත්තනායක මහතා කියා සිටියේය. adaerana