
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් වංචනික ලෙස මුදල් ලබා ගත් පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 9 ට ආසන්න මුදලක් වංචා කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මේ අතර විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේදී ද අත්අඩංගුවට ගෙන තිබේ..
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැඟින් වන ශරීර ඇප මත සහ රුපියල් 20,000 බැඟින් වන මුදල් ඇප මත මුදා හැර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් කියා සිටියේය. adaderana
0 comments:
Post a Comment