
අද පෙරවරුවේ ක්‍රියාත්මක කරන ලද මහනුවර නගරයෙහි නව රථ වාහන සැලැස්ම තාවකාලික ඉවත් කිරිමට තීරණය කර තිබේ. මීට හේතු වී ඇත්තේ නව සැලැස්ම තුළින් කලින් පැවතියාටත් වඩා වාහන තදබදයක් නගරය තුළ ඇති වීමයි.
මධ්‍යම පළත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පැවසුවේ මේ හේතුවෙන් නව රථ වාහන සැලැස්ම ඉවත් කිරීමට තීරණය කළ බවයි. මෙම නව රථ වාහන සැලැස්ම හඳුන්වා දෙනු ලැබීම තුළින් ඇති වූ ගැටලු හඳුනා ගැනීමට හැකි වූ බවත් එම ගැටලු සඳහා විසඳුම් ලබා දී නැවත මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය. adaderana
0 comments:
Post a Comment