
පෞරාණික වටිනාකමකින් යුත් බුද්ධ ප්‍රතිමාවක් අලෙවි කිරීමට උත්සහ කළ හිමිනමක් තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උස අඩි එකයි අඟල් 3ක් සහ බර කිලෝග්‍රෑම් 12 හමාරක් පමණ වන මෙම බුද්ධ ප්‍රතිමාව රුපියල් තුන් ලක්ෂ 50,000 කට අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාව, කුරුඳුවැව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් බව සඳහන්වේ.
සැකකාර හිමිනම අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana
0 comments:
Post a Comment