
සොරකම් කිරීම්, මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු කොස්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් කුලියාපිටිය සහ නාත්තන්ඩිය ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
සොරකම් කරන ලද ත්‍රී රෝද රථයක්, ජංගම දුරකථන, මුදල් හා රන්භාණ්ඩ තොගයක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොස්වත්ත පොලිසිය ඔවුන් සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව සදහන්ය. adaderana
0 comments:
Post a Comment