
අම්පාර, පානම ශාස්ත්‍රවේලී ප්‍රදේශයේ පිහිටි නිවාස කිහිපයක් ගිනි තබා විනාශ කර තිබේ. ඊයේ රාත්‍රී නාඳුනන අවිගත් පිරිසක් පැමිණ මෙම නිවෙස් වලට ගිනි තබා ඇති බව පොතුවිල් පොලිසිය සඳහන් කළේය. ගින්නෙන් නිවාස 7ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.
පැමිණි පිරිස් සිදුකළ පහරදීම් හේතුවෙන් එම නිවාසවල සිටි පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා පානම ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය. සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.adaderana
0 comments:
Post a Comment