
පසුගිය ඉරිදා දින උගන්ඩාවේ කම්පාලා හි සිදුවූ බෝම්බ පිපිරීම් දෙකෙන් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇති බව කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ජයන්ත දිසානායක මහතා පවසයි. මෙසේ මියගොස් ඇත්තේ 49 හැවිරිදි රාම්රාජ් ක්‍රිෂ්ණා නම් පුද්ගලයෙකි. ඔහු කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, දෙදරු පියෙකු බවත් සඳහන්ය.
මෙම බෝම්බ පිපිරීම් වලින් පුද්ගලයින් 74 දෙනෙක් මියගොස් ඇති බව ද ජයන්ත දිසානායක මහතා සඳහන් කළේය. මෙම ප්‍රහාරය අල් කයිඩා සංවිධානය සමග ද සබඳතා පවත්වන සෝමාලියානු රජයට එරෙහිව සටන් වදින ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් සිදුකර ඇති බව සොයාගෙන ඇතැයි මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය. adaderana
0 comments:
Post a Comment