Wednesday, April 7, 2010

ඇමරිකානු කාන්තාවක රැවටූ ශ්‍රී ලාංකිකයා හිරේ


අමෙරිකානු කාන්තාවකට මූල්‍ය වංචාවක් සිදුකළ ශ්‍රී ලාංකිකයෙකු අමෙරිකානු අධිකරණයක් මගින් සිරගත කර තිබේ.
45 වැනි වියේ පසුවන අශෝක පෙරේරා නම් මොහු 82 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු කාන්තාවකගෙන් ඩොලර් ලක්ෂ 3ක මුදලක් වංචා කර ඇති බව අනාවරණය වී ඇත.
අදාළ කාන්තාව සමග මිත්‍ර වී ඇය රවටමින් මුදල් වංචාවක් සිදුකර ඇති බව අධිකරණය හමුවේ සනාථ වීම හේතුවෙන් මෙම ශ්‍රී ලාංකිකයාට මෙලෙස සිරදඬුවම් නියම කෙරිණි.
නිවසක් මිලදී ගැනීමේ ‍අරමුණින් වයස්ගත කාන්තාව එක් රැස් කළ මුදල් නීති විරෝධී ලෙස ලබා ගත් බවට ද ශ්‍රී ලාංකිකයාට ‍එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
කෙ‍සේ වෙතත් අදාළ ශ්‍රී ලාංකිකයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ එම මුදල් ආපසු ලබා දීමේ අරමුණින් තමන් ණයට ගත් බවයි. adaderana

බෙදුම්වාදීන් තවදුරටත් ක්‍රියාත්මකයි


බෙදුම්වාදී ඇතැම් බලවේග තවදුරටත් රට තුළ ක්‍රියාත්මක වන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඇතැම් ජාතිවාදී දේශපාලන පක්ෂ , මානව හිමිකම් සංවිධාන සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙය ක්‍රියාත්මක වන බව ඔහු පවසයි.
දෙමළ ජනතාව නොමග යවමින් ඔවුන් තුළ යළිත් බෙදුම්වාදී හැඟීම් ඇති කිරීමට එම කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් සිටින බව ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියි.
රජය විසින් උතුරු වසන්තය , නැඟෙනහිර නවෝදය වැනි වැඩසටහන් හරහා දෙමළ ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කරමින් සිටි අවස්ථාවක පසුගිය ජනාධිපතිවරණ සමයේ දෙමළ ජනතාව යළි නොමග යැවීමට ඇතැම් දේශපාලන බලවේග උත්සාහ දැරූ බව හෙතෙම පෙන්වා දෙයි. adaderana

දෙවෙනි යුද අධිකරණය අප්‍රේල් 09 ට කල්යයි


ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා විභාග කිරීමට පත් කෙරුණු දෙවන යුධ අධිකරණය අප්‍රේල් 9 වැනිදා දක්වා කල් දමා තිබේ.
දෙවන යුධ අධිකරණය ප්‍රථම වරට ඊයේ රැස්වු අතර එය පස්වරු‍2.30 සිට පස්වරු 5 දක්වා පැවති බව යුධ හමුදා මූලස්ථානය නිවේදනය කරයි. යුධ හමුදා මිලදී ගැනීම් පටිපාටියට පටහැනි ලෙස සිදුකළ මිලදී ගැනීම් සම්බන්ධව එල්ල වී ඇති චෝදනා විභාග කිරීම සඳහා දෙවන යුධ අධිකරණය පත් කෙරුණි.
දෙවන යුද අධිකරණය ඊයේ රැස්වුයේ මේජර් ජෙනරාල් එම්.ජී.පීරිස්ගේ සභාපතීත්වයෙන් හා මේජර් ජෙනරාල් එස්.දවුලගල සහ මේජර් ජෙනරාල් එස්.හතුරුසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.
මාර්තු 16 වන දින රැස්වු ප්‍රථම යුධ අධිකරණය ඊයේ යළි රැස්වු අතර එය ලබන මැයි 5 වනදා දක්වා කල් තැබුණි. මේජර් ජෙනරාල් ඒ.එල්.ආර්.විජේතුංග සහ මේජර් ජෙනරාල් ඩි.ආර්.ඒ.බි.ජයතිලක යන මහත්වරුන් සාමාජිකත්වය දරන පළමු යුධ අධිකරණ‍යේ සභාපතීත්වය දරන්නේ මේජර් ජෙනරාල් එච්.එල්.වීරතුංග මහතා විසිනි.
යුධ අධිකරණ දෙකෙහිම විනිසුරු අධි නීතීඥ ලෙස රියර් අද්මිරාල් ජේ.එස්.ප්‍රනාන්දු මහතා කටයුතු කරයි. adaderana

සුරාවට තිත තබයි


හෙට සහ අනිද්දා යන දෙදින තුළ දිවයින පුරා සුරා සැල් වසා තැබීමට රජය තීරණය කර තිබේ. මහ මැතිවරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ. මීට අමතරව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 13 සහ 14 යන ‍දිනයන්හි සුරා සැල් වසා දැමීමට රජය තීරණය කර තිබේ. adaderana

සැඟ වූ පුපුරණ ද්‍රව්‍ය එළිබසියි


කොත්මලේ රම්බොඩවත්ත ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් සො‍යාගෙන තිබේ.
ඩෙටනේටර් දෙකක්, වෙඩි බෙහෙත් මිශ්‍ර කරන ලද වැලි ග්‍රෑම් 350ක් , රතිඤ්ඥා කරල් 18ක් , ප්‍රෙට්‍රල් අඩංගු විදුරු‍ බෝතල් දෙකක් , වයර් කැබිලි තොගයක් බැටරි 6ක් මෙසේ සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
වලාන දුෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මෙම ද්‍රව්‍ය සොයාගෙන ඇති බව සඳහන් වේ.
මැතිවරණ සමයේ කිසියම් කඩාකප්පල් ක්‍රියාවක් සිදුකිරීමේ අරමුණින් මෙම පුපුරණ ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
පොලිසිය පවසන පරිදි මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත. adaderana

මහ මැතිවරණය හෙටයි


7 වන පාර්ලිමේන්තු මැතිවරණය හෙට පැවැත්වීමට නියමිතය.. පාර්ලිමේන්තු මැතිවරණයට අදාල ඡන්ද විමසීම දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 11,098 කදී පැවැත්වේ.
මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 36ක් සහ ස්වාධීන කණ්ඩායම් 301ක් නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 7,620කි.
එම අපේක්ෂකයින් අතරින් පාර්ලිමේන්තු නියෝජනය සඳහා 196 දෙනෙක් තෝරා ගැනීමට නියමිතව ඇති අතර මැතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 14කට අධිකය..
හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම දිවයින පුරා පිහිටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1376ක දී සිදුකෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
6 වන පාර්ලිමේන්තුව පසුගිය පෙබරවාරි 9 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හැරුණි. adaderana

Sangeetha

ඉතිහාසයේ දූෂිතම පූර්ව මැතිවරණ ක්‍රියා සිදුවූ මැතිවරණය - NEM IHR


පූර්ව මැතිවරණයට අවධියට අදාල කිසි ම නීතියක් ක‍්‍රියාත්මක කිරීමට පොලීසිය හෝ මැතිවරණ දෙපාර්තමේන්තුව අපොහොසත් වූ මෑත ඉතිහාසයේ දූෂිත ම පූර්ව මැතිවරණ අවධිය 2010 පාර්ලිමේන්තු මැතිවරණයට අදාල පූර්ව මැතිවරණ අවධිය බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලයේ පවසයි. එම නිරීක්ෂණ ජාලය මේ බව පවසන්නේ පූර්ව මැතිවරණ ක්‍රියා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනය මෙසේය.

2010 මහ මැතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා මැතිවරණ දිස්ත‍්‍රික් 22 ම ආවරණය වන පරිදි නිරීක්‍ෂකයන් 3781 ක් පූර්ව මැතිවරණ ක‍්‍රියාවලිය තුළ යොදවා ඇති අතර පූර්ව මැතිවරණ සමයේ සහ පසුගිය 2010 ජනාධිපතිවරණ සමයේ සිදුවීම් බහුල ප‍්‍රදේශ ඇතුළත්ව මැතිවරණ දිනය සඳහා අමතර නිරීක්‍ෂකයන් 1750 ක් යොදවා ඇත. ඒ අනුව මැතිවරණය පැවැත්වෙන අප්‍රේල් 08 වන දින නිරීක්‍ෂකයන් 5531 ක් යෙදවීමට මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය කටයුතු යොදා ඇත.
පූර්ව මැතිවරණයට අවධියට අදාල කිසි ම නීතියක් ක‍්‍රියාත්මක කිරීමට පොලීසිය හෝ මැතිවරණ දෙපාර්තමේන්තුව අපොහොසත් වූ මෑත ඉතිහාසයේ දූෂිත ම පූර්ව මැතිවරණ අවධිය 2010 පාර්ලිමේන්තු මැතිවරණයට අදාල පූර්ව මැතිවරණ අවධිය බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලයේ අදහසයි.
මැතිවරණයට ඉදිරිපත් වී සිටින දේශපාලන පක්‍ෂවල අපේක්‍ෂකයන් අත්තනෝමතික ලෙස නීතිය සියතට ගෙන මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමත් එහිදී මැතිවරණ නීතිය පමණක් නොව සාමාන්‍ය නිතිය ද උල්ලංඝනය වීමත් නිරීක්‍ෂණය කළ හැකි විය.
මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යභාරය
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ කිසි ම ක‍්‍රියාමාර්ගයක් ගැනීමට මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව අසමත් වූ අතර මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද සියලූ උපදෙස්, උපමාන හුදෙක් ලියවිලිවලට පමණක් සීමා වූ මැතිවරණයක් විය. මැතිවරණය ක‍්‍රියාත්මක කිරීම සඳහා අදාල නිළධාරීන් පත් කිරීම සහ වරින් වර පක්‍ෂ ලේකම්වරු කැඳවා සාකච්ඡා කිරීම දක්වා මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යභාරය ලඝු වූ මැතිවරණයක් බවට මෙම මැතිවරණය පත් වීම කණගාටුදායක ම අත්දැකීම බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලයේ අදහසයි. 17 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු සාපේක්‍ෂ වශයෙන් කිසියම් බලතල හිමි මැතිවරණ කොමසාරිස්වරයා මෙම තත්ත්වයට පත් වූයේ ඇයි දැයි යන්න ගැඹුරින් සලකා බැලිය යුත්තකි.
දේශපාලන අධිකාරියට නතු වූ පොලීසිය
පූර්ව මැතිවරණ කාලය තුළ මැතිවරණ ප‍්‍රචාරක නීතිය තබා සාමාන්‍ය නීතිය පවා ක‍්‍රියාත්මක කිරීමට පොලීසිය අසමත් විය. නීතිවිරෝධී ප‍්‍රචාරක ද්‍රව්‍ය ඉවත් කරන අවසාන දිනය වරින් වර වෙනස් කළ පොලිස්පතිවරයාට අවසානයේ මැතිවරණ නීතිය ක‍්‍රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව අසමත් බව ප‍්‍රසිද්ධියේ පිළිගැනීමට සිදු විය. දේශපාලන අධිකාරියේ සෘජු බලපෑමට පොලීසිය අවනතව කටයුතු කරන බවට අදාල සිදුවීම් රැසක් වාර්තා වී ඇත. පොලිස් නිළධාරීන් දේශපාලන ප‍්‍රචාරක රැස්වීම් ඇමතූ අවස්ථා පවා වාර්තා වූ මැතිවරණයක් බවට 2010 මහ මැතිවරණය පත් වී ඇත. එසේ ම පොලීසියේ පක්‍ෂපාතී ක‍්‍රියාකලාපය විශේෂයෙන් කැපී පෙනිණි. විපක්‍ෂයට අයත් දේශපාලන පක්‍ෂ සාමාජිකයෙකු මැතිවරණ නීති කැඞීමක් හෝ යම් ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවකට සම්බන්ධ වූ විට කාර්යක්‍ෂමව ක‍්‍රියාත්මක වන පොලීසිය ආණ්ඩු පක්‍ෂයේ මැතිවරණ අපේක්‍ෂකයන් හා ආධාරකරුවන් ඉදිරියේ සිය රාජකාරී පක්‍ෂපාතීත්වය ප‍්‍රදර්ශනය කරන අයුරු නිරීක්‍ෂණය විය.

රජය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එකක් බවට පත් වීම.
විධායකයේ ප‍්‍රධානියාගේ සිට ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා දක්වා ආණ්ඩු පක්‍ෂයේ සියලූ ම දේශපාලනඥයන් විවෘතව ම රාජ්‍ය බලය, රාජ්‍ය දේපල ආණ්ඩු පක්‍ෂයේ මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් භාවිතා කරන බවට තොරතුරු වාර්තා වී ඇත. අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු විධායක නිළධාරීන් පවා මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල විවෘතව යෙදුනු අතර ඒ පිළිබඳව කිසිවෙකුට හෝ අභියෝග කළ නො හැකි බව ද ප‍්‍රකාශ විය.
රාජ්‍ය නිළධාරීන් විශාල වශයෙන් මැතිවරණ ප‍්‍රචාරයේ යෙදුනු අතර පාසල් ළමුන් පාසල් පැවැත්වෙන වේලාව තුළ මැතිවරණ ප‍්‍රචාරක පත‍්‍රිකා සකස් කිරීමට යොදාගත් අවස්ථා වාර්තා විය. විශේෂයෙන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, මිල්කෝ ආයතනය, මහවැලි සංවර්ධන අධිකාරිය, ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය, ක‍්‍රීඩා හා පොදු විනෝද කටයුතු අමාත්‍යංශය, පළාත් හා ප‍්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාල, කළාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලයේ ප‍්‍රාදේශීය කාර්යාල සහ නගර සභා යන අමාත්‍යංශ සහ ආයතනවල රාජ්‍ය නිළධාරීන් රාජකාරි වේලාව තුළ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල යෙදුනු බවට තොරතුරු වාර්තා වී ඇත. තව ද රාජ්‍ය ආයතන සතු වාහන, ගොඩනැගිලි හා අනෙකුත් සම්පත් මැතිවරණ කටයුතු සඳහා යොදාගෙන තිබිණි. එසේ ම රාජ්‍ය ආයතන තුළ මැතිවරණ අපේක්‍ෂකයන් සිය මැතිවරණ ප‍්‍රචාරක රැුළි පවා පවත්වා ඇති අතර ඒ පිළිබඳව බලධාරීන්ට පූර්ව දැනුවත් කිරීම් සිදු කළ ද මැතිවරණ කොමසාරිස්වරයා හෝ අදාල අමාත්‍යංශ ලේකම්වරුන් ඒවා වැලැක්වීමට පියවර ගෙන නො තිබිණි.
මැතිවරණ ප‍්‍රචාරක කටයුතු
මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට අදාලව කිසිම නීතියක් ක‍්‍රියාත්මක නොවී ය. අපේක්‍ෂකයන් කිහිපදෙනෙක් විසින් අති විශාල ධනස්කන්ධයක් යොදා මැතිවරණ ප‍්‍රචාරක වේදිකාව ආක‍්‍රමණය කර ඇති බව නිරීක්‍ෂණය කළ හැකි අතර ඇතැම් කලූ සල්ලි සුදු කිරීම සඳහා මැතිවරණ ප‍්‍රචාරණය උපයෝගී වූ බවට චෝදනා එල්ල වී ඇත. මැතිවරණ ප‍්‍රචාරක වියදම් සම්බන්ධයෙන් නීතිවල අවශ්‍යතාව දැඩිව අවධාරණය වූ මැතිවරයකි.
ප‍්‍රතිපත්ති පිළිබඳ සංවාදය වෙනුවට පුද්ගල ප‍්‍රතිරූපය ඉස්මතු වූ මැතිවරණයක්
2010 මැතිවරණය තුළ ප‍්‍රතිපත්තිමය කාරනා සම්බන්ධයෙන් ගැඹුරු සංවාදයක් ඇති නොවූ අතර ඇතැම් ස්ථානවල කුළවාදය, ජාතිවාදය සහ ආගම්වාදය ඉස්මතුව ප‍්‍රචාරක කටයුතු සිදු වූ බවට පැමිණිලි ලැබී ඇත. විශේෂයෙන් ම කොළඹ, මාතර, හම්බන්තොට, මහනුවර යන දිස්ත‍්‍රික්කවල කුළවාදය මුල්කර ගත් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදු වූ අතර නුවරඑළිය, දිගාමඩුල්ල, වන්නි, මඩකළපුව, පුත්තලම, කොළඹ, මහනුවර වැනි දිස්ත‍්‍රික්කවල ජාතිවාදය පදනම් වූ මැතිවරණ ව්‍යාපාරයක් දියත් විය.
මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා. lankatruth

දේශපාලනඥයින් මේ රට විනාශ කරනවා


දේශපාලනඥයින් මේ රට විනාශ කරමින් සිටින බවත්,කිසිවෙකුටත් මේ රට ගොඩනැඟීමට සැබෑ වුවමනාවක් නැති බවත් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසයි.
දැනට පවතින මැතිවරණ ක්‍රමයේ අඩු පාඩු රැසක් පැවතිය ද එය සංශෝධනය කිරීම සඳහා ද අද සිටින කිසිදු දේශපාලනඥයෙකුට වුවමනාවක් නොමැති බව ද හෙතෙම කියා සිටියේය.
ඉදිරි මහ මැතිරණයට පෙර තමන් කිසිදු ප්‍රවෘත්ති සාකච්ඡාවක් නොපවත්වන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පැවසීය.
එවැනි ප්‍රවෘත්ති සාකච්ඡා වලදී තමන් සිදුකරන ප්‍රකාශ වලට ඇතැම් මාධ්‍ය වැරදි අර්ථකථන ලබාදෙන අතර ඒවා නිවැරදි කිරීම සඳහා මැතිවරණයට පෙර තමන්ට කාලයක් නොලැබෙන බව මැතිවරණ‍ කොමසාරිස්වරයා සඳහන් කළේය.
මේ හේතුවෙන් මෙවර මැතිවරණයට පෙර ප්‍රවෘත්ති සාකච්ඡා නොපැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ ප්‍රතිඵල විකාශන කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන සමග අද පැවති සාකච්ඡාවකදී කොමසාරිස්වරයා අවධාරණය කළේය. adaderana

චෝදනා එල්ල කළ වෛද්‍යවරයාත් මැතිවරණයට


ශ්‍රී ලංකාවේ යුධ ගැටුම් පැවති කාල සීමාව තුළ සිවිල් ඝාතන සිදුවූ බවට චෝදනා කරමින් ලෝක අවධානයට ලක්වූ වෛද්‍යවරයෙකු වන 40 හැවිරිදි වීරකතිපිලෙයි ෂන්මුගරාජ් නම් පුද්ගලයා මෙවර මහ මැතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන ද්‍රවිඩ දේශපාලන පක්ෂයක් යටතේ තරග වදින බව වාර්තා වේ. වසර 30 ක් තිස්සේ පැවති යුධ ගැටුම් අවසන් වූ පසු මෙරට සංවර්ධනය කිරීම සඳහා හැකියාව ඇති එකම පුද්ගලයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත්, එම නිසා තමන් ඔහු වෙත සහය දැක්වීමට තීරණය කළ බවත් ෂන්මුගරාජ් පවසයි.
නැගෙනහිර වන්නි ප්‍රදේශයේ එල්. ටී. ටී. ඊ සංවිධානය හා ශ්‍රී ලංකා යුධ හමුදාව අතර යුධ ගැටුම් පැවති අවසන් මාස හතරක කාල සීමාව තුළ සාමාන්‍ය සිවිල් වැසියන් 7000ක පමණ ප්‍රමාණයකට හානි සිදුවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසීය. ඔවුන් එම සංඛ්‍යාත්මක තොරතුරු ඉදිරිපත් කළේ යුද්ධය පැවති ප්‍රදේශ වල සිටි වෛද්‍යවරුන් ඉදිරිපත් කළ තොරතුරු ඇසුරිනි. යුද්ධය පැවති අවසන් මාස කිහිපය තුළ 350 -400ත් අතර සිවිල් ජන සංඛ්‍යාවක් ඝාතනය වී ඇති බව මෙම වෛද්‍යවරුන් සඳහන් කර තිබුණි. ෂන්මුගරාජ් ඇතුළු අනෙකුත් වෛද්‍යවරුන් යුධ හමුදා රැඳවුම් භාරයේ සිටියදී ප්‍රකාශ කර තිබුණේ ඔවුන් එවැනි දත්ත ඉදිරිපත් කළේ ඔවුන්ට තර්ජන පැවති නිසා බවය. පසුව මෙම වෛද්‍යවරුන් පිරිස නිදහස් කළ අතර නැවත ඔවුන්ගේ රැකියා ද හිමිවිය.
වීරකතිපිලෙයි ෂන්මුගරාජ් යුද්ධය පැවති කාල සීමාව තුළ යුද්ධයෙන් තුවාල ලත් එල්. ටී. ටී. ඊ සාමාජිකයින් බොහෝ පිරිසකට ප්‍රතිකාර කර ඇත. එමෙන්ම ඔහු යුධමය සංවිධානයක්ව පැවති නමුත් දැනට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන ඒරෝස්(EROS) සංවිධානයේ මැතිවරණ අපේක්ෂකයෙකි.adaderana

ඊයේ මැරයා අද පොලිස් නිල ඇඳුමින්


ඊයේ (05) දහවල් ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා මාරාන්තික උපවාසයේ නියුතු භික්ෂූන් වහන්සේ ම්ලේච්ඡ ලෙස පැහැර ගැනීමට ලක් කළ සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින්ගෙන් කෙනෙකු හඳුනා ගැනීමට ලංකාටෲත් කැමරාකරුට හැකි විය. ඊයේ මාරාන්තික උපවාසයේ නියුතු දිනකට වඩා වැඩි කාලයක් නිරාහාරව, ශරීර ශක්තියෙන් පිරිහී සිටි ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඉතා නින්දිත ලෙස පැහැර ගරනීමට ලක් කළ මෙම පුද්ගලයා පොලිස් නිලධාරියෙකි.


ඊයේ දිනයේදී මැරයෙකු ආකාරයෙන් උපාවස කරමින් සිටි ස්වාමීන් වහන්සේ ම්ලේච්ඡ ලෙස පැහැරගැනීමට ලක් කළ මෙම පුද්ගලයා මෙසේ අද දින අප කැමරාවට හසු කර ගත් ආකාරයෙන්ම අනෙකුත් මැර පොලිස් නිලධාරීන් ද රටට හෙළි කිරීමට අප සූදානමින්.

අපේක්‍ෂකයන් ඡන්දය දෙන ආකාරය මාධ්‍යයට වාරණය කර ඇත්තේ රාජපක්ෂවරයෙකුගේ බලපෑමකින්


අපේක්‍ෂකයින් ඡන්දය පාවිච්චි කරන ආකාරය රූගත කිරීම හේ එහි ඡායාරූප ගැනීම මෙවර මැතිවරණයේ දී තහනම් කර ඇති බවත්, මෙම නීතිය තරයේ ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බවත් පසුගියදා මැතිවරණ කොමසාරිස්වරයා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. ‍මැතිවරණ කොමසාරිස්වරයා අදාල තීන්දුව ගෙන ඇත්තේ ආණ්ඩුවේ ඉහළ පුද්ගලයෙකුගේ බලපෑම නිසා බව වාර්තා වේ.
රාජපක්ෂ පවුලේ බලගතු පුද්ගලයෙකු වන මෙම තැනැත්තා මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව ඇතත් ඔහුට ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව නොමැතිවීම මෙයට හේතුව වී ඇත. මෙයට අමතරව මේ දිනවල ජනාධිපතිවරයා විසින් වැඩියෙන් වර්ණනා කරනු ලබන පංචායුධයක් පැළගත් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂයෙකුටද ඡන්දය නොමැති වීම මෙයට තවදුරටත් බලපා ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී මේ තැනැත්තා ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ඡන්දය නොමැති බවත්, ඒ හේතුවෙන් යම් හෙයකින් ජනරාල් දිනුව හොත් ඔහුට ජනාධිපතිවීමේ අවස්ථාව නොමැති බවත් මැතිවරණ දිනයේදී රාජ්‍ය මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම පැවසීය. නමුත් ජනාධිපතිවරණයේදී සේම මෙවර මහ මැතිවරණයේදීත් මෙම අපේක්ෂකයාට ඡන්දය නොමැති බැවින් අදාල රාජපක්ෂවරයාට ඇවටිලි කොට මැතිවරණ කොමසාරිස්වරයා ලවා අදාල නියෝගය කරවා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.adaderana

අප්‍රේල් 09 දා විශේෂ රජයේ නිවාඩුවක්


2010 මහ මැතිවරණයට පසු දින හෙවත් අප්‍රේල් 09 දා විශේෂ ර‍ජයේ හා බැංකු නිවාඩු ලෙස නම් කර ඇත. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ අමාත්‍යංශයේ ලේකම් ඩී.දිසානායක මහතා පැවසුවේ මැතිවරණයට අදාලව මෙම නිවාඩුව සිය අමාත්‍යංශය විසින් නිවේදනය කළ බවයි.lankatruth

දේශපාලන අරමුණු සදහා ආණ්ඩුව මට බොරු චෝදනා ඉදිරිපත් කරනවා - අනෝමා ෆොන්සේකා


දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සහ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරය කඩා කප්පල් කිරීමේ අරමුණින් ආණ්ඩුව තමාට බොරු චෝදනා ඉදිරිපත් කරමින් තිබෙන බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ අද පස්වරුවේ සිය නිවසේදී පැවැති හදිසි ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ෆොන්සේකා මහත්මිය මෙසේද පැවසීය.
මම සේවා වනිතා සභාපතිනිය ලෙස වැඩ කරන සමයේ කරපු "සෙනහස" නැමැති වැඩ සටහන සම්බන්ධයෙන් රජයේ මාධ්‍යවල විවේචනාත්මකව පලවී තිබුණා. එය හුදු මඩ ගැසීමේ චේතනාවෙන් ආණ්ඩුව කරන්නක් බව පැහැදිලියි. මම එම වැඩ සටහන පටන් ගත්තේ රණවිරු පවුල් සුභ සාධනය සදහා මෙම වැඩ සටහනේ ඉලක්කය වුණේ රණවිරු පවුල්වල උපතින්ම ආබාධිතවූ දරුවන් සුභ සාධනය. අපේ රටේ ආබාධිත දරුවන් සදහා පහසුකම් නැහැ. එනිසා මම හිතුවා මට හැකි පමණන් ඊට පිළියම් යෙදීමට. ඒ සදහා තමයි සෙනෙහස පාසල පටන් ගත්තේ.
ඒ හරහා රණවිරවන්ගේ ආබාධිත දරුවන් හදා වඩා ගැනීම සහ ඔවුන් නගා සිටුවීමට කටයුතු කළා. පාසලට ළමුන් තෝරගත්තේ පරීක්ෂණ කරලා. මම මෙම කාර්ය ඇරඹුවේ බොහොම සත් බාවයකින් නමුත් මට එම කාර්ය නිමාකරන්න බැරි වුණා. මට එම තනතුරින් ඉවත්වන්න සිදුවුණා. නමුත් තාමත් යුද හමුදාවට එය නිම කිරීමට බැරි වෙලා. දැන් ආණ්ඩුවේ දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සදහා මුදල් අක්‍රමිකතා ගැන කාතාකරනවා. මම අවධාරණය කරනවා අපි සියලුම ගනුදෙනු කළේ විනිවිද භාවයකින් යුක්තවයි. අපට චෝදන කරන උදවියට මම අභියෝග කරනවා එම චෝදනා ඔප්පු කරන ලෙස.
ආණ්ඩුව වංචා සිදුවූ වා යැයි කියන පැසැල් ගොඩ නැගිල්ල සෑදුවේ යුද හමුදා ඉංජිනේරු බලකායෙන්. වංචා සිදුවන නිසාම එය කොන්ත්‍රාත් දුන්නෙත් නැහැ. එනිසා මම ආණ්ඩුවට අභියෝග කරනවා දේශපාලන අරමුණු ‍මුදුන් පමුණුවා ගැනීම සදහා බොරු චෝදනා ඉදිරිපත් නොකර හැකි නම් එම චෝදනා ඔප්පුකර පෙන්වන්න.adaderana

අධිකරණ තීන්දුව නිසා පළමු යුධාධිකරණය අත්හිටුවයි


අභියාචනාධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇති බැවින් පළමු යුධාධිකරණය මැයි මස 05 වන දා වන තුරු අත්හිටුවීමට පළමු යුධාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර ඇත. අද උදේ මෙම යුධාධිකරණය රැස්වූ අතර, මෙහිදී යුධාධිකරණ විනිසුරුවන් විසින් ප්‍රකාශ කර ඇත්තේ යුධාධිකරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බැවින් මැය 05 වන දා වන තුරු මෙම පළමු යුධාධිකරණය අත්හිටුවන බවයි.
පසුගියදා ජනරාල් සරත් ‍ෆොන්සේකා මහතා විසින් මෙම යුධාධිකරණයට විරුද්ධව අභියාචනාධීකරණයේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කළ අතර, මෙම පෙත්සම විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ප්‍රකාශ කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් මැයි 05 වන දා නීරණයක් ගන්නා බවත්, එතෙක් ජනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් පවතින ආකාරයේ කිසිදු වෙනසකින් තොරව පැවතිය යුතු බවයි.
මෙම තින්දුවට අනුව අද රැස්වූ පළමු යුධාධිකරණයේ විනිසුරුවන් විසින් මෙම යුධාධිකරණය ලබන මැයි මස 05 වනදා වන තුරු අත්හිටවූ අතර, දෙවන යුධාධිකරණය අද දහවල් 2.30ට රැස්වීමට නියමිතය. lankatruth

පීලි පැන්න දුම්රියේ විමර්ශනය සී.අයි.ඩීයට


පීලි පැනීමට ලක්වු වව්නියාව රාත්‍රී තැපැල් දුම්රිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අදාල නිලධාරීන්ට දැනුම් දී තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී පි.පි.විජේසේකර මහතා පවසන පරිදි අදාළ දුම්රිය පීලි පැනීමට හේතුව දුම්රිය පීල්ලක් ගලවා තිබුණු බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
ඒ අනුව මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට තීරණය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.
ඊයේ රාත්‍රී 10ට කොළඹ කොටුව සිට වව්නියාව බලා පිටත් වු රාත්‍රී තැපැල් දුම්රිය අද අලුයම 2.30ට පමණ ගල්ගමුව සහ සෙනරත්ගම අතර ස්ථානයකදී පීලිපැනීමකට ලක්විය.
මෙහිදි තැපැල් මැදිරිය , තුන්වන පන්තියේ මැදිරියක් සහ දුම්රිය එන්ජිම පීලිපැන තිබේ. මේ හේතුවෙන් අදාල දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ගල්ගමුව දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. adaderana

බලවතුන් දෙබඩියි


මානව හිමිකම් සම්බන්ධ චෝදනා වලදී ඇතැම් බලවත් රටවල් අනුගමනය කරන්නේ දෙබිඩි පිලිවෙතක් බව රජයේ ආරක්ෂක ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මානව හිමිකම් කඩවීමක් සිදුවී ඇත්ද යන්න රටක විශාලත්වය මත තීරණය කළ නොහැකි බවයි. 2007 වසරේදී අමෙරිකානු සොල්දාදුවන් පිරිසක් විසින් ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේදී මාධ්‍යවේදීන් පිරිසක් ඉලක්ක කරමින් එල්ල කරන ලද ප්‍රහාරයක රූප රාමු අද විදෙස් මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ බලවත් යැයි කියා ගන්නා රටවල් එවැනි ප්‍රහාර සම්බන්ධයෙන් එක් ප්‍රතිපත්තියකුත් , ශ්‍රී ලංකාව වැනි රටකට වෙනත් ප්‍රතිපත්තියකුත් අනුගමනය කරන බවයි.
මේ හේතුවෙන් ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ප්‍රකාශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. adaderana

අමෙරිකාවේ සිවිල් ඝාතන හෙළිදරව්වක්


මෙයට වසර තුනකට පෙර ඉරාකයේ බෑග්ඩෑඩ් නගරයට අමෙරිකානු යුධ හමුදාවේ Apache හෙලිකොප්ටරයක් මගින් ප්‍රහාරයක් එල්ල කරන ආකාරය රූපගත කළ වීඩියෝ දර්ශනයක් WikiLeaks නම් වෙබ් අඩවිය මගින් අද දින ප්‍රසිද්ධියට පත්කර ති‍බේ. මෙම ප්‍රහාරයෙන් 12දෙනෙකු මරණයට පත්වූ බව ද සඳහන්ය.
2007 වසරේ ජූලි මාසයේදී අමෙරිකාව සිදුකළ මෙම ප්‍රහාරය රූපගත කර ඇත්තේ හෙලිකොප්ටරයේ සවි කරන ලද විශේෂිත කැමරාවක් මගිනි. මෙසේ මෙම රූපරාමු ප්‍රසිද්ධියට පත්කිරීමට දෙසතියකට පෙර අමෙරිකාව විසින් WikiLeaks වෙඩ් අඩවිය අමෙරිකානු ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ද ප්‍රකාශ කර තිබුණි. මිනිත්තු 18ක කාලයකින් යුක්ත කළු සුදු වර්ණ මෙම වීඩියෝ පටයෙහි සාමාන්‍ය සිවිල් වැසියන් කණ්ඩායමක් බෑග්ඩෑඩ් නගරයේ චතුරස්‍රයක් අබියස ඇවිදයමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ලකරන ආකාරය වීඩියෝ පටයෙහි ඇතුළත්ය. මෙම පිරිස අතර රොයිටර් පුවත් සේවයේ ඡායාරූප ශිල්පියෙකු වන 22 හැවිරිදි නමීර් නූර්- එල්ඩීන් සහ ඔහුගේ රියදුරු වන 40 හැවිරිදි සායිද් චමා ද වන බව පසුව හඳුනාගෙන ඇත. adaderana

විරැකියාව පහලදානවා


උගත් සහ බුද්ධිමත් තරුණ තරුණියන්ගේ විරැකියා අනුපාතය පහත හෙළීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ බුද්ධිමත් අයගේ විරැකියා අනුපාතය මේ වන විට සියයට 10 ක් වන බවයි.
පංචබල කේන්ද්‍රීය සංවර්ධනය ආරම්භ වීමත් සමග රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා හිමි වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙරට විරැකියා අනුපාතය සියයට 20 ක් වන බවට විරුද්ධ පක්ෂය ඉදිරිපත් කරන සංඛ්‍යා සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.. adaderana

Tuesday, April 6, 2010

අප්‍රේල් 09 නිවාඩුයි


අප්‍රේල් මස 09 වන දින රජයේ සහ බැංකු නිවාඩු දිනයක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඩී.දිසානායක මහතා සඳහන් කරයි. adaderana

හදිසිය හදිසියේ සම්මතයි


හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. එම යෝජනාවට පක්ෂව ජන්ද 58ක් ද විපක්ෂව ජන්ද 05ක් ද ඉදිරිපත් විය. ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය විපක්ෂව ජන්දය භාවිත කළ අතර එක්සත් ජාතික පෙරමුණේ සාමජිකයින් අද පාර්ලිමේන්තු වාරයට සහභාගි නොවීය. adaderana

ජනපති පාර්ලිමේන්තු සංකීර්ණයට යයි


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ ඇති වග අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. හදිසි නීතිය මසකින් යළි දීර්ඝ කර ගැනීමට අදාළ ඡන්දය විමසීමේ යෝජනාව සම්මත කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හදිසි සැසියක් අද කැඳවා ඇත.

එ.ජා.ප ආධාරකරුගේ වෙළඳසැලට ගිනි පූජාවක්


අනුරාධපුර , හොරොව්පතාන , කපුගොල්ලෑව ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී සාමාජිකයෙකුගේ වෙළඳසැලකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබේ.
අද අලුයම 3 ට පමණ මෙම ගිනි තැබීම සිදුව ඇති බවත් ගින්නේ රුපියල් ලක්ෂ 10 කට වැඩි හානියක් සිදු වී ඇති බවත් සඳහන් වේ.
මෙසේ ගිනි තබා ඇත්තේ පසුගිය පළාත්පාලන මැතිවරණයේ දී හොරොව්පතාන ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ෆාවුල් හමීඩ් ෆයිෂාර් මහාතට අයත් වෙළඳසැලකටය.
සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.. adaderana

පෙම්වතියගේ සැමියා මරා ජීවිතාන්තය දක්වා හිරේට


ශ්‍රී ලාංකිකයෙකුට ඩුබායි අධිකරණයක් මඟින් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කර තිබේ.
ඊට හේතු වී ඇත්තේ අදාළ තරුණයා ඩුබායි ජාතික සිය පෙම්වතියගේ ස්වාමීපුරුෂයා ඝාතනය කිරීමයි. පසුගිය පෙබරවාරී මාසයේ දී අදාළ තරුණිය සිය ස්වාමී පුරුෂයා සමඟ මහමඟ ගමන් ගනිමින් සිටිය දී එය දුටු ශ්‍රී ලාංකික තරුණයා එම පුරුෂයාට පිහියකින් ඇන පහර දී තිබේ.
පිහි ඇනුම් තුවාල හේතුවෙන් අදාළ පුරුෂයා මිය ගොස් ඇති බව වාර්තා වේ. නඩුව විභාග කිරීමේ දී ශ්‍රී ලාංකික තරුණයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ පුරුෂයා ඝාතනය කිරීමේ චේතනාවක් නොතිබූ අතර ඔහු සමඟ ගැටුමක් ඇති කර ගැනීමට පමණක් අවශ්‍ය වූ බවයි.කෙසේ වෙතත් නඩු විභාගය අවසානයේ ඩුබායි අධිකරණය මෙම 23 වැනි වියෙහි පසු වන ශ්‍රී ලාංකික තරුණයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට නියෝග කරන ලදී. adaderana

විජාතික බලවේගයන්ට ආවඩන්නන් පලවාහරිනවා


රට ගොඩනැඟීමට තරුණ දේශපාලනඥයින්ගෙන් ද රට මෙහෙයවීමට පරිණත දේශපාලනඥයින්ගෙන් ද සැදුම් ලත් ආණ්ඩුවක් තුළ මහින්ද චින්තන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ගමේ ආර්ථිකය සවිමත් කරන යුගයක් යළි මෙරට ඇති කරන බව ඔහු පවසයි.
ඊයේ පස්වරුවේ හම්බන්තොට , මිද්දෙණිය ප්‍රදේශයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනරැළියක් අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් ජනරැළිය ලෙස මෙය සංවිධානය කර තිබුණි.
විජාතික බලවේගයන්ට ආවඩන සියලු බලවේග රටින් පලවාහරින බව ද ජනාධිපතිවරයා මෙහි දී අවාධාරණය කළේය..adaderana

කපා කොටා මරා දමයි


බෙලිඅත්ත , විතාරන්දෙණිය ප්‍රදේශයේ කාන්තාවක් තියුණු අයුධයකින් පහර දී ඝාතනය කර තිබේ..
එම කාන්තාව සිය නිවසේ සිටිය දී අද අලුයම නාඳුනන පිරිසක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 35 ක් පමණ වයසැති විතාරන්දෙණිය ප්‍රදේශයේ ම කාන්තාවකි.
බෙලිඅත්ත පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.. adaderana

එකම පවුලේ තිදෙනෙක් මරුදකියි


උඩවලව , කොළඹගේආර ප්‍රදේශයේ එකම නිවසක පුද්ගලයින් තිදෙනකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනෙකු මෙසේ මිය ගොස් ඇති බව උඩවලව පොලිසිය පවසයි.
පියා නිවස තුළ ගෙළ වැළලා ගෙන සිටි අතර දියණියන් දෙදෙ‍නා නිවස තුළ තුවාල සහිතව සිටිය දී රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වී තිබේ..
මෙය ඝාතනයක් ද යන්න සැක පළ වී ඇති බව පොලිසිය පවසන අතර උඩවලව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි. adaderana

යුද අධිකරණය යළිත් කැඳවෙයි


හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද අධිකරණ නැවත කැඳවීම අද දිනයට යෙදී තිබේ.
අද පෙරවරුවේ පළමු යුද අධිකරණය රැස් වීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශ මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
එසේම දෙවන යුද අධිකරණය පස්වරුවේ රැස් වීමට නියමිත බවත්,දෙවන යුද අධිකරණයට නව විනිසුරු මඩුල්ලක් පත් කිරීමෙන් අනතුරුව රැස් වන පළමු අවස්ථාව මෙය බවත් සඳහන් වේ.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පසුගිය 16 වන දින පැවති පළමු යුද අධිකරණයට සිය නීතිඥයින් මාර්ගයෙන් ඉදිරිපත් වූ අතර එහිදී පැවති නඩු විභාගයෙන් පසු මීළඟ නඩු වාරය අප්‍රේල් මස 06 වන දින යළි කැඳවීමට යුද අධිකරණය විසින් තීරණය කෙරිණි.
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රධාන චෝදනා 05 ක් ‍යටතේ එදින යුධ අධිකරණයට ඉදිරිපත් කෙරුණි. -- ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ක්‍රියාත්මක දෙවන යුද අධිකරණය පැවැත්වුණේ පසුගිය 17 වනදාය.
යුද හමුදා සක්‍රිය සේවයේ සිටියදී හමුදා පනත උල්ලංඝණය කරමින් සිදුකළ බව කියන යුද හමුදා මිලදී ගැනීම් සම්බන්ධ චෝදනා වෙනුවෙන් දෙවන යුද අධිකරණය ක්‍රියාත්මක කෙරිණි.
පළමු යුදාධිකරණයේ කටයුතු කළ මේජර් ජෙනරාල්වරුන් තිදෙනාම දෙවන යුධ අධිකරණයේ සාමාජිකයින් ලෙස කටයුතු කර තිබිණි. --- එහෙත් අද දින පස්වරුවේ මෙම දෙවන යුධ අධිකරණය කැඳවීමට නියමිතව ඇති අතර එය විභාග කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් තිදෙනෙකු නම් කර ඇති බව යුද හමුදා මූලස්ථාන‍ය පවසා තිබිණි.
ඒ අනුව මේජර් ජෙනරාල් එම්.පී. පීරිස් එම යුද අධිකරණයේ සභාපතිවරයා ලෙස ද මේජර් ජෙනරාල් එස්.ඩබ්ලිව්.එල්. දවුලගල සහ මේජර් ජෙනරාල් එම්.හතුරුසිංහ අනෙකුත් විනිසුරුවරුන් දෙදෙනා ලෙස ද නම් කර තිබේ.
දෙවන යුධ අධිකර‍ණයේ අධිනීතීඥවරයා වශයෙන් රියාර් අද්මිරාල් ඩබ්ලිව්.ඩබ්ලිව්.ජේ.එස්. ප්‍රනාන්දු මහතා කටයුතු කරනු ලබයි.
සරත් ෆොන්සේකා මහතා, යුද හමුදා මිලදී ගැනීම් පටිපාටියට පටහැනි ලෙස සිදුකළ මිලදී ගැනීම් සම්බන්ධයෙන් විභාග කිරීම මෙම දෙවන යුද අධිකරණය මගින් සිදුකිරීමට නියමිතව ඇත. adaderana

ෆොන්සේකාගේ සෞඛ්‍ය තත්ත්වයෙහි වෙනසක් නෑ


අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆෝන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට කොළඹ ජාතික රෝහලේ උරස් රෝග අංශයේ විශේෂඥ වෛද්‍යවරයෙකු යෙදවූ බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බවට අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ප්‍රසිද්ධියේ කරනු ලබන ප්‍රකාශ සැලකිල්ලට ගනිමින් මෙසේ විශේෂඥ වෛද්‍යවරයෙකු යෙදවීමට තීරණය කර ඇත.
ඒ අනුව අද උදෑසන මෙම විශේෂඥ වෛද්‍යවරයා සමග ෆොන්සේකා මහතාට දෛනිකව ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරුන්ද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළ බව යුද හමුදා මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ෆොන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්ත්වයෙහි කිසිදු වෙනසක් සිදුවී නොමැති බව මෙම විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් දැනුම් දුන් බව ද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ෆොන්සේකා මහතා විසින් සාමාන්‍ය පරිදි භාවිතා කරනු ලබන ඖෂධ අඛණ්ඩව භාවිතා කළ හැකි බවට ද මෙහිදී උපදෙස් ලබා දී ඇතැයි සඳහන් වේ.
විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පරීක්ෂා කරවිය යුතු බවට අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ඉකුත් දා යුද හමුදාපතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා තිබිණි. adaderana

ද්විත්ව පහරේ තහංචිය ඉවතට


2011 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දිවිත්ව පහර ත්‍රී රෝද රථ අමතර කොටස් ගෙන්වීමට අදාළ තහනම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
කැබනට් අනුමැතිය ද සහිතව මෙම තීරණය පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ගත් බව පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය සඳහන් කරයි.
ඒකාබද්ධ ත්‍රීරෝධ රථ රියදුරන්ගේ සංවිධානය විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මේ අනුව අදාළ අමතර කොටස් 2013 ජනවාරි මස දක්වා ගෙන්වීමට හැකියාව ලැබෙන බවත්,එමගින් ත්‍රී රෝද රථ මගින් යැපෙන ලක්ෂ 30 ක් පමණ ජනතාවකට සහනය සැලසෙන බව සඳහන් වේ. adaderana